පාකිස්ථානය

දකුණු ආසියාවේ පිහිටි රටක්
(පකිස්තානය වෙතින් යළි-යොමු කරන ලදි)

පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය

Islāmī Jumhūrī-ye Pākistān
පාකිස්ථානය හී ධජය
ධජය
{{{coat_alt}}}
State Emblem
'උද්යෝග පාඨය: 'اتحاد، تنظيم، يقين مُحکم
Ittehad, Tanzeem, Yaqeen-e-Muhkam  (Urdu)
"Unity, Discipline and Faith"
ජාතික ගීය: 
"Qaumī Tarāna"
පාකිස්ථානය හි පිහිටීම
අගනුවරඉස්ලාමාබාද්
විශාලතම නගරයකරච්චිය
නිල භාෂාව(න්)උර්දු (ජාතික)
ඉංග්‍රීසි
ප්‍රාදේශීය භාෂාපංජාබි, පෂ්ටෝ, සින්ධි, සෙරයිකි and බලොචි
ජාති නාම(ය)පකිස්තානු
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජය
• Founder
මොහොමඩ් අලි ජින්නා
මම්නූන් හුසේන් (PPP)
imran khan (PPP)
Iftikhar Chaudhry
Farooq Naek (PPP)
Fahmida Mirza (PPP)
ව්‍යවස්ථාදායකයMajlis-e-Shoora
Senate
National Assembly
Formation
23 March 1940
from the United Kingdom
• Declared
14 August 1947
23 March 1956
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
796,095 km2 (307,374 sq mi) (36th)
• ජලය (%)
3.1
ජනගහණය
• 1998 ජන සංගණනය
132,352,279[1]
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$451.972 billionඋපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි
• ඒක පුද්ගල
$2,713උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$177.901 billionඋපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි
• ඒක පුද්ගල
$1,067උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි
ගිනි (2005)31.2
මධ්‍යම
ව්‍යවහාර මුදලපාකිස්ථාන රුපියල් (Rs.) (PKR)
වේලා කලාපයUTC+5 (PST)
• ගිම්හාන (DST)
UTC+6 (PDT)
රිය ධාවන මං තීරුවleft[2]
ඇමතුම් කේතය92
ISO 3166 codePK
අන්තර්ජාල TLD.pk

ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.

පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.


National symbols of Pakistan (Official)
National animal Markhor.jpg
National bird Keklik.jpg
National tree Pedrengo cedro nel parco Frizzoni.jpg
National flower Jasminum officinale.JPG
National heritage animal Snow Leopard 13.jpg
National heritage bird Vándorsólyom.JPG
National aquatic marine mammal Platanista gangetica.jpg
National reptile Persiancrocodile.jpg
National amphibian Bufo stomaticus04.jpg
National fruit Chaunsa.JPG
National mosque Shah Faisal Mosque (Islamabad, Pakistan).jpg
National mausoleum
National river Indus river from karakouram highway.jpg
National mountain K2, Mount Godwin Austen, Chogori, Savage Mountain.jpg

ආශ්‍රිතසංස්කරණය

  1. "Area, Population, Density and Urban/Rural Proportion by Administrative Units". Population Census Organization, Government of Pakistan. සම්ප්‍රවේශය 2008-02-13.
  2. Loureiro, Miguel (28 July 2005). "Driving — the good, the bad and the ugly". Daily Times. Pakistan. 30 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 January 2010.
  3. "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. {{cite web}}: Unknown parameter |access date= ignored (|access-date= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=පාකිස්ථානය&oldid=515558" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි