නාගපූෂණී අම්මාන් කෝවිල

නෛනතිව් නාගපූෂණී අම්මාන් කෝවිල (දෙමළ: நயினாதீவு நாகபூசணி அம்மன் கோயில், තේරුම: නෛනවතිව් - නාගදීපය; නාගපූෂණී - නාගයන් ආභරණ ලෙස පැළඳ සිටින දේවිය) යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ නාගදීප දිවයිනෙහි පිහිටි හින්දු සිද්ධස්ථානයක් වේ. කෙසේ නමුදු වර්ථමානයේ කෝවිලෙහි දැකගත හැකි ඉදිකිරීම්, මෑත කාලීනව සිදුකල ඒවා වේ.

නාගපූෂණී අම්මාන් කෝවිල
Nagapooshani Amman Temple
නාගපූෂණී අම්මාන් කෝවිල Nagapooshani Amman Temple is located in Sri Lanka
නාගපූෂණී අම්මාන් කෝවිල Nagapooshani Amman Temple
නාගපූෂණී අම්මාන් කෝවිල
Nagapooshani Amman Temple
Location in Sri Lanka
ඛණ්ඩාංක:9°37′8.6″N 79°46′27.4″E / 9.619056°N 79.774278°E / 9.619056; 79.774278ඛණ්ඩාංක: 9°37′8.6″N 79°46′27.4″E / 9.619056°N 79.774278°E / 9.619056; 79.774278
පිහිටීම
රට:ශ්‍රී ලංකාව
ප්‍රාන්තය:උතුරු පළාත
දිස්ත්‍රික්කය:යාපනය දිස්ත්‍රික්කය
පිහිටීම:නාගදීපය
.ගෘහනිර්මාණ ශිල්පය සහ සංස්කෘතිය
ගෘහනිර්මාණ ශිල්ප ශෛලීයයන්:ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පය
Inscriptions:පළමුවන පරාක්‍රමබාහු රජ

මෙය නාගපූෂනි හෝ භුවනේශ්වරී ලෙස හඳුන්වන මහාදේවියගේ ස්වරූපය සහ මෙහි නයිනාර් ලෙස නම් කර ඇති ඇගේ ස්වාමියා වන ශිව වෙනුවෙන් කැප කර ඇත. 9 වන සියවසේ හින්දු දාර්ශනිකයෙකු වූ ආදි ශංකරාචාර්ය විසින් තම ශක්ති පීත ස්තෝත්‍රය තුළ ප්‍රමුඛතම ශක්ති පීඨ 64 න් එකක් ලෙස එය හඳුනා ගැනීම සහ බ්‍රහ්මාණ්ඩ පුරාණයේ සඳහන් කිරීම නිසා මෙම දේවස්ථානය කීර්තියට පත්ව ඇත. මෙහි පාර්වතී දේවියගේ පෙර ජන්මය වන සතීගේ සළඹ පවතින බවට විශ්වාස කෙරේ. කෝවිල සංකීර්ණයේ අඩි 20-25 අතර උසකින් යුත් ගෝපුර හතරක් (දොරටු කුළුණු) ඇත, උසම එක වන්නේ නැගෙනහිර රාජ රාජ ගෝපුරය අඩි 108 ක් උසින් ඉහළට ය. මෙම කෝවීල දෙමළ ජනතාව සඳහා සැලකිය යුතු සංකේතයක් වන අතර, මණිමේකලායි සහ කුණ්ඩලකේසි වැනි දෙමළ සාහිත්‍යයේ පුරාතනයේ සිටම සඳහන් කර ඇත.[තහවුරු කර නොමැත] 1620 දී පෘතුගීසීන් විසින් පෞරාණික ව්‍යුහය විනාශ කිරීමෙන් පසු වර්තමාන ව්‍යුහය 1720 සිට 1790 දක්වා කාලය තුළ ඉදිකරන ලද්දකි. දෙමළ මාසය වන ආනි (ජූනි/ජූලි) තුළ සමරනු ලබන වාර්ෂික දින 16 මහෝස්තවම් (තිරුවිසා) උත්සවය - වන්දනාකරුවන් 100,000 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කරයි. අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම විහාරස්ථානයේ මූර්ති 10,000 ක් පමණ ඇතැයි ගණන් බලා ඇත.[තහවුරු කර නොමැත]

පුරාවෘත්තය සංස්කරණය

ගෞතම මුනිවරයාගේ ශාපයෙන් මිදීම පතා ඉන්ද්‍ර දෙවියන් විසින් නාගපූෂණී අම්මන් කෝවිල ආරම්භ කරන ලදැයි විශ්වාස කෙරේ. ඉන්ද්‍ර, මුනිවරයාගේ වේශයෙන් ගෞතමගේ භාර්යාව වූ අහල්‍යාව වසඟ කළේය. සෘෂිවරයා ඉන්ද්‍රගේ සිරුරේ යෝනි සලකුණු දහසක් ඇති වන ලෙස ශාප කළේය. නින්දාවට මුහුණ දීමට නොහැකි වූ ඔහු නාගදීපයට පිටුවහල් විය. එහිදී ඔහු බුවනේශ්වරී දෙවඟනගේ මූලස්ථාන මූර්තිය නිර්මාණය කර, අභිෂේක කර වන්දනාමාන කළේ, ඔහුගේ පව්වලට සමාව අයැදීමට බව විශ්වාස කෙරේ. සතුටු වූ දේවිය ඔහුගේ සිරුරේ සලකුණු ඇස් බවට පරිවර්තනය කළාය. ඉන්පසු ඇය "ඉන්ද්‍රාක්ෂි" යන නම ගත්තාය.

තවත් පුරාවෘත්තයක සඳහන් වන්නේ, ශතවර්ෂ ගණනාවකට පසු, භුවනේශ්වරී වන්දනාව සඳහා නාගයෙක් (නාග) නෙළුම් මලක් කටේ තබාගෙන අසල පිහිටි පුලියන්තිව් දූපතේ සිට නනෛනතිව් දෙසට මුහුද හරහා පිහිනමින් සිටි බවයි. රාජාලියෙකු නාගයා දැක ඌට පහර දී මරා දැමීමට උත්සාහ කළේය. නෛනතිව් වෙරළේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් මුහුදේ ගලක් වටා නාගයා තුවාල වූ අතර (දෙමළ භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ; පාම්භු සූත්‍රිය කල් "සර්පයා තුවාල වූ පර්වතය") රාජාලියා ඊට මදක් දුරින් වෙනත් පර්වතයක් මත සිටගෙන සිටියේය. (ගරුඩන් කල් "රාජාලියාගේ පර්වතය") චෝල රාජ්‍යයේ වෙළෙන්දෙකු වූ භුවනේශ්වරීගේ බැතිමතෙක් පුරාණ නාග අධිරාජ්‍ය සමඟ වෙළඳාම් කිරීම සඳහා පෝක් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් සිටියදී රාජාලියා සහ නාගයා පර්වත මත සිටිනු දුටුවේය. ඔහු රාජාලියාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ නාගයාට හානියක් නොවන පරිදි ඌට යාමට ඉඩ දෙන ලෙසයි. රාජාලියා නෛනතිව් දූපතේ භුවනේශ්වරී දේවිය වෙනුවෙන් අලංකාර දේවාලයක් ඉදිකරන ලෙසත්, නාගපූෂනී අම්මාන්ගේ ස්වරූපයෙන් ඇයගේ නමස්කාරය ප්‍රචාරය කළ යුතු බවටත් රාජාලියා එක් කොන්දේසියකට එකඟ විය. ඔහු එකඟ වී ඒ අනුව අලංකාර දේවස්ථානයක් ඉදි කළේය.

ශක්ති පීත සංස්කරණය

සතී ශිව දෙවියන් සමඟ විවාහ වූයේ ඔහුගේ පියා වන දක්‍ෂගේ අකමැත්තෙනි. දක්ෂ මහා යාගයක් (පූජාවක්) සංවිධානය කළේය, කෙසේ වෙතත් සති සහ ශිව හට ආරාධනා කළේ නැත. ශිවගේ අකමැත්තෙන් වුවද, සති අනාරාධිතව දක්ෂගේ යාගයට ගියේය. දක්ෂ ශිව දෙවියන්ට අපහාස කළ අතර නින්දා අපහාස දරාගත නොහැකි වූ සති අග්නි හෝමයෙන් සිය දිවි නසා ගත්තාය. ශිව කෝපයට පත් වූ අතර, යාගය පැවති ස්ථානයේ විනාශයක් සිදු කළ දරුණු ස්වරූපයන් දෙකක් වන විරභද්‍ර සහ භද්‍රකාලි නිර්මාණය කළේය.

කෝපයට පත් ශිව සතිගේ පිළිස්සුණු ශරීරය ඔහුගේ උරහිස් මත තබාගෙන බියකරු හා විස්මය දනවන තාණ්ඩව නර්තනය ඉදිරිපත් කළේය. මෙම නර්තනය අතරතුර, ඇගේ සිරුර කැඩී ගොස් කෑලි පොළොවේ විවිධ ස්ථානවල වැටී ඇත. තවත් අනුවාදයකට අනුව, ශිව සතිගේ සිරුර ඔහුගේ උරහිස මත තබා ශෝකයෙන් උමතු වී ලෝකය පුරා දිව ගියේය. විෂ්ණු, ඔහුගේ සුදර්ශන චක්‍රය භාවිතා කර සතිගේ මෘත දේහය කපා දැමූ අතර, ඉන් පසුව ශිව ඔහුගේ සමබරතාවය නැවත ලබා ගත්තේය. එම අනුවාද දෙකෙහිම සඳහන් වන්නේ සතිගේ සිරුර කැබලි 64කට කැබලි වී විවිධ ස්ථානවල පොළොව මත පතිත වූ බවයි. ශක්ති පිත නමින් හැඳින්වෙන මෙම පූජනීය ස්ථාන 64 දෙවඟනගේ විවිධ ස්වරූපවලින් යුත් දේවාල ඇති අතර දේවිය ප්‍රමුඛ ලෙස වන්දනාවට පාත්‍ර වන​​ ශක්ත නිකායේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇත. නයිනතිව් නාගපූෂනී අම්මාන් කෝවිල සතිගේ සිලම්බු (සළඹ) වැටී ඇති බව විශ්වාස කෙරේ.අතීතයේ සිටම ශක්ති වන්දනාවේදී සළඹට ඉමහත් වැදගත්කමක් ලබා දී ඇත.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය