භුවනේශ්වරී (සංස්කෘත: भुवनेश्वरी, IAST: Bhuvaneśvarī) යනුවෙන් හැඳින්වෙන්නේ දස මහාවිද්‍යාවන් අතර සිව්වැන්නිය මෙන්ම මහාදේවියගේ අග්‍රගණ්‍ය ස්වරූපයන්ගෙන් එකකි. විශ්වයට ආකරයක් දුන් භුවනේශ්වරී දේවිය ආදි පරාශක්තිය ලෙසින් දේවී භාගවත පුරාණය තුළ දක්වා ඇත..

භුවනේශ්වරී
මහාදේවියගේ අග්‍රගණ්‍ය ස්වරූපය, සර්වබලධාරි දෙවඟන
දේවනාගරීभुवनेश्वरी
සංස්කෘත පරිවර්තනයBhuvaneśvarī
අනුබැඳිය
වාසභවනයචින්තාමණීග්‍රහ, මණිද්වීපය
මන්ත්‍රය
  • භුවනේෂී මහාමායා සූර්‍යාමන්ඩලාරූපිනී II නමානී වරධාම් සූද්ධාම් කාමාඛ්‍යාරූපිනී ශිවා II
  • උද්‍යදිනද්‍යුතිමින්දුකිරීටාං තුඞ්ගකුචාං නයනත්‍රයයුක්තාම් II ස්මේරමුඛීං වරදාඞ්කුශපාශාභීතිකරාං ප්‍රභජේ භුවනේශ්වරීම් II
ආයුධයපාශ, අංකුශ
වල්ලභයාත්‍රයම්බක|භුවනේශ්වර මහාදේව
පාඨ ග්‍රන්ථදේවී භාගවත පුරාණ
උත්සවභුවනේශ්වරී ජයන්තී, නවරාත්‍රී, ආඩිපුරම්

නිරුක්තිය

බුවනේශ්වරී යන වචනය බුවන ඊශ්වරී යන වචනවල සංයෝගයකි. එයි අරුත වන්නේ "ලෝකයට අධිපති දෙවඟන" හෝ "විශ්වයට අධිපති දෙවඟන" යන්නයි.

උපාඛ්‍යාන

කල්ප ආරම්භයේ දී බ්‍රහ්මා, විෂ්ණු හා රුද්‍ර ඔවුන් සහ ඔවුන්ගේ අරමුණ කුමක්ද සිටි දැන සිටියේ නැත. මේ අවස්ථාවේදී දිව්‍ය විමානයක් ඔවුන් ඉදිරියේ පෙනී සිටි අතර, ස්වර්ගීය හඬක් ඔවුන් රථයට නැඟීමට යොමු කළේය. ත්‍රිදේවයන් විමානයට ගොඩ වූ විට ඔවුන්ව සුධා සමුද්‍ර අමෘත සාගරයකින් සහ වනාන්තරවලින් වට වූ අද්භූත ස්ථානයකට රැගෙන ගියේය. එය විශ්වයේ සර්වබලධාරී දෙවඟනගේ ස්ථානය වන මණිද්වීපයයි. ඔවුන් විමානයෙන් බැස යන විට, ත්‍රිදේවයන් ස්ත්‍රීන් බවට පරිවර්තනය වීය, ඔවුන් පුදුමයට පත් විය. ඔවුන් දිවයින ගවේෂණය කරන විට, ප්‍රාකාර දහ නවයකින් ආරක්ෂා වූ සහ දරුණු භෛරවයන්, මාත්‍රිකාවන්, ක්ෂේත්‍රපාල සහ දික්පාලයන් විසින් ආරක්ෂා කරන ලද අධිරාජ්‍ය නගරයක් ඔවුන්ට හමු විය. ඔවුන් නගරයට ඇතුළු වූ විට එහි සමෘද්ධිය සහ ඉහළ යන යටිතල පහසුකම් ගැන විස්මයට පත් වූ අතර අවසානයේ ද්වීපයේ මධ්‍යයේ පිහිටා ඇති, යෝගිනියන් විසින් ආරක්ෂා කරන ලද චින්තාමණිග්‍රහය නම් අධිරාජ්‍ය මාලිගය වෙත ළඟා වූහ. ඔවුන් මාලිගාවට ඇතුළු වූ විට ඔවුන් දුටුවේ සියලු විශ්වයන්හි අධිරාජිනිය වන භුවනෙශ්වරි දේවිය ය.

ඇගේ ශරීරය රත් පැහැ විය. ඇය ඇස් තුනකින්, අත් සතරකින්, ගෙතූ හිසකෙස් සහ ආභරණවලින් සැරසී සිටියාය. ඇය නෙළුම් මල් මාලයක් පැළඳ සිටි අතර ඇගේ සිරුර රතු සඳුන් තලපයකින් ආලේප කර ඇත. ඇය වම් අතින් පාශයක් සහ අංකුශයක් අල්ලාගෙන සිටි අතර ඇගේ දකුණු දෑතින් අභය සහ වරද මුද්‍රා විදහා දැක්වීය. ඇය ආභරණවලින් සැරසී සිටි අතර ලාංඡනය ලෙස අඩ සඳ සහිත ඔටුන්නක් පැළඳ සිටියාය. බොහෝ යෝගිනියන් විසින් ඇයට සේවය කරන ලදී, ඇතැමෙක් චාමර සලමින්, ඇතැමෙක් කැඩපතක් අල්ලාගෙන, ඇතැමෙක් කපුරු රස ගැන්වූ දැහැත් පූජා කළහ, සමහරු මී පැණි, ගිතෙල්, සෝම පානය සහ පොල් වතුර මිශ්‍ර කර සාදන ලද පානයක් පිරිනැමූහ. ඇතැමෙක් බුවනේශ්වරී දේවියගේ හිසකෙස් සැරසීමටද, ඇතැමෙක් වේශ නිරූපණ කිරීමටද, ඇතැමුන් කාර්යබහුලව මල්මාලා දමමින්ද, ඇතැමුන් දේවියට සංග්‍රහ කිරීමට ගායනයෙන් සහ නර්ථනයේ යෙදෙමින් සිටියහ. දේවිය නිරන්තරයෙන් වැඩ සිටින්නේ භුවනේශ්වර මහාදේවගේ වම් උකුල මතයි. මහා විශ්වය නිර්මාණය කිරීමට පෙර, භගවතී දේවිය ඇගේ ශරීරය කොටස් දෙකකට වෙන් කොට දකුණු කොටසින් බුවනේශ්වර මහාදේව නිර්මාණය කළාය.

ත්‍රිදේවයන් ඔවුන් හා සමාන ත්‍රිදේවයන් සමඟින් අනන්ත විශ්වයන් ප්‍රමාණයක්, බුවනේශ්වරී දේවියගේ පාද පද්මයේ නිය තුළින් දුටුවේය. සමහරක් බ්‍රහ්ම විසින් නිර්මාණය කරන ලද අතර, සමහරක් විෂ්ණු  විසින් පවත්වා ගෙන යන අතර අනෙක් ඒවා රුද්‍ර  විසින් විනාශ කරනු ලැබේ.

බුවනේශ්වරී  ත්‍රිදේවයන් ට ඇගේ ශ්‍රේෂ්ඨත්වයෙන් පහදා දුන්නාය. භුවනේශ්වර බ්‍රහ්මන් වන අතර බුවනේශ්වරී බ්‍රහ්මශක්ති වේ. ඒවා එකිනෙකට වෙනස් ලෙස පෙනුනද, දෙකම එකිනෙකාගේ ස්වභාවයයි. ත්‍ර්‍යම්භක ආදිපුරුෂ වන අතර බුවනේශ්වරී මූල ප්‍රක්‍රිති වේ. ත්‍රයම්භක හට ඔහුගේ ත්‍රි ගුණ ලීලාව ඉටු කිරීමට උපකාර කිරීම සඳහා, බුවනේශ්වරී දේවිය ඔහුගේ ආකාර තුනක් නිර්මාණය කෙරූ අතර එනම් බ්‍රහ්ම, විෂ්ණු සහ රුද්‍ර ය. මේ අනුව, ත්‍රිදේවයන් යනු ත්‍ර්‍යම්භකගේ ස්වරූපයන් ය. ඉන්පසු භුවනේශ්වරී ඔවුන්ට ශක්තීන් ලබා දුන්නාය. පළමුව සරස්වතී බ්‍රහ්ම වෙතයි. තව දුරටත් දේවි පැවසුවේ. "බ්‍රහ්මා, මේ සරස්වතී ගන්න, ඇය ඔබේ සහකාරිය වනු ඇත. ඇගේ ශක්තියෙන් නව විශ්වයක් නිර්මාණය කරන්න." ඉන්පසු ඇය ලක්ෂ්මී දේවිය විෂ්ණු හට ලබා දී “ලක්ෂ්මී ඔබේ සදාකාලික භාර්යාව වන අතර ඔබේ ස්වරූපයන් සමඟ පැමිණෙනු ඇත” යැයි පැවසීමෙන් පසුවය. "රුද්‍ර, මෙම සුන්දර මහාකාලි ගන්න. ඇය විශ්ව සංහාරයේදි ඔබට සහය වනු ඇත. ඉන්පසු ත්‍රිදේවයන් තම තමන්ගේ ස්ථාන කරා පිටත් විය.

පංච ප්‍රකෘතිය

ප්‍රකෘති යනු "ඕනෑම දෙයක, මුල් හෝ ප්‍රාථමික ද්‍රව්‍යයක මුල් ස්වභාවය, ස්වභාවික ස්වරූපය හෝ තත්ත්වයයි. හින්දු ආගමේ ප්‍රකෘති සංකල්පය තරයේ සඳහන් වේ. බ්‍රහ්ම වෛවර්ත පුරාණය, දේවී භාගවත පුරාණය ආදි ග්‍රන්ථයන්ට අනුව හින්දු දෙවඟනන් පස් දෙනෙකු ප්‍රකෘතියේ ස්ත්‍රී පුද්ගල නිරූපණයන් ලෙස සැලකේ.[1][2] දේවී භාගවත පුරාණයට අනුව මෙම පංච ප්‍රකෘතීන් ප්‍රකට වන්නේ මූලප්‍රකෘතිය හෙවත් භුවනේශ්වරී දේවියගෙනි. එම පංච ප්‍රකෘතීන් වන්නේ:

  1. දුර්ගා
  2. ලක්ෂ්මී
  3. සරස්වතී
  4. සාවිත්‍රී
  5. රාධා

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

  1. Smith, John D. (1988). "Ludo Rocher: The Purā as. (A History of Indian Literature. Vol. ii, fasc. 3.) [vii], 282 pp. Wiesbaden: Otto Harrassowitz, 1986. DM 120". Bulletin of the School of Oriental and African Studies. 51 (2): 355. ISSN 0041-977X.
  2. Chaturvedi, B. K. (1900). "Prakriti Khanda". Brahmavaivarta Purana (ඉංග්‍රීසි බසින්). Diamond Pocket Books Pvt Ltd. ISBN 978-93-5296-763-6.

වැඩිදුර කියවීමට

  • Tantric Yoga and the Wisdom Goddesses: David Frawley
  • Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley
"https://si.wikipedia.org/w/index.php?title=භුවනේශ්වරී&oldid=517870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි