ප්‍රධාන මෙනුව විවෘත කරන්න

ශිව ( /ˈʃivə/ ; සංස්කෘත : शिव, Śiva) හින්දු ආගමේ එක් ප්‍රධාන දෙවිවරුන් ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන ශෛව ආගම තුළ ඔහු ශ්‍රේෂ්ඨතම දෙවියන් ලෙස හැඳින්වේෙ.

ශිව
උත්තරීතර ආත්මය; භාවනාවට, කලාවට, යෝගවලට, නර්ථනයට අධිපති ; නපුර නසන ශ්‍රේෂ්ඨ විනාශකරු; දෙවියන්ට අධිපති
Shiva cropped.jpg
මුරුදේෂ්වර් හී ඇති පද්ම ආසනයෙන් සිටින ශිව දෙවියන්ගේ ප්‍රතිමාව
දේවනගරිशिव
සංස්කෘත පරිවර්තනයŚiva
අනුබැඳියපරම බ්‍රහ්ම (ශෛව ආගම), ත්‍රී මූර්තිය,පරම ආත්මය, ඊශ්වර, දේව
වාසභවනයකෛලාශ භවන
මන්ත්‍රයඕම් නමහ් ශිවාය
ආයුධයපශුපඨාස්ත්‍ර, ත්‍රිශූලය, පරශු-පොරව, පිනක දුන්න
සංකේතශිව ලිංගය
පෞද්ගලික තොරතුරු
වල්ලභයාසතී, පාර්වතී (ආදිපරාශක්ති)
දරුවන්ගනේශ සහ කාර්තිකේයා
ප්‍රාදේශීය: ශ්‍රස්ටා, අශෝක සුන්දරී
වාහනයනන්දි (වෘෂභයා)
උත්සවශ්‍රාවන, මහා ශිව රාත්‍රී

බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. ශෛව සම්ප්‍රදායට අනුව ශිව විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්‍රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය හෝ දේවි ශ්‍රේෂ්ඨ ලෙස විස්තර කර ඇති නමුත් ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී ඇත.

ශෛව ආගමට අනුව, ශිව විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම සහ විශ්වයේ පරම ආත්මය වේ. ශිව දෙවියන්ගේ කරුණාවන්ත කම මෙන්ම භයානක කම ගැන ද බොහොමයක් කතාන්දර තිබේ. ගුණවත් අංශ ගැන සැලකීමේදී, ඔහු සර්වඥාන ලෙස විස්තර කර ඇත. යෝගි වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ කාර්තිකේය වේ. ඔහුගේ දරුණු පැතිවලින් ඔහු නිරන්තරයෙන්ම දුෂ්ටාත්මයන් දුරු කරයි. ශිව යනු යෝගා, භාවනාව සහ කලාව යන දේවල් වලට අධිපති දෙවියා ලෙස සලකනු ලබන නිසා අධියෝගී ශිව ලෙස ද හඳුන්වයි.

ශිව දෙවියන්ගේ ගෙළ වටා නාගයෙකු සිටින අතර අඩ සඳ හිසේ පළඳී, ශුද්ධ වූ ගංගා නම් ගඟ ඔහුගේ හිස කෙස් අතරින් ආරම්භ වේ. තුන්වන ඇසක් ඔහුගේ නළල මත පිහිටා ඇත. ත්‍රිශුලය ඔහුගේ ආයුධය වේ.

පටුන

ව්‍යවහාරය සහ වෙනත් නම්සංස්කරණය

ශිව පරබ්‍රහ්ම නම් වූ බ්‍රහ්ම ලෙස ද හැඳින්වේ. දමිළ භාෂාවෙන් ශිවන් හැර වෙනත් නම් වලින් ශිව දෙවියන්ව හඳුන්වයි, එනම් නටරාජ (ශිව දෙවියන්ගේ නර්ථන ස්වරූපය) රුද්‍ර (ශිව දෙවියන්ගේ කෝපී ස්වරූපය) සහ ධක්ශිණමූර්ති (ශිව දෙවියන්ගේ යෝගී ස්වරූපය). මීට අමතරව ශිව ලිංගයට වන්දනාමාන කිරීම දක්නට ලැබේ. මොනිර් මොනිර්-විලියම්ස් පෙන්වා දෙන ආකාරයට සංස්කෘත වචනය "ශිව " (දේවනාගරී : शिव , ශිවා හෝ සිවා ලෙස පරිවර්තනය කර තිබේ) යන්නෙන් අදහස් කරන්නේ "සුභදායක, කරුණාවන්ත, දයාවන්ත, කාරුණික, හිතවත්, මිත්‍රශීලී" බවයි. ජනප්‍රවාදයන්ට අනුව අර්ථ නිරූපණය කල විට ශිව යනු "සියලු දේ තුල පවතින්නා යන්නයි" සහ "කරුණාවේ මූර්තිය" යන්න ද අරුත් අතර වේ.

ඇතැම් කතුවරුන් මෙම නාමය දෙමළෙන් "රතු" යන අර්ථය ඇති " සිවප්පු " යන වචනයෙන් සිවප්පු , ශිවා සූර්යයා සමග බැඳී ඇති බව (සිවන්, "රක්ත වර්ණය ඇත්තා" දෙමළ භාෂාවෙන්) සහ රුද්‍ර බබුරු (දුඹුරු හෝ රතු) ඍග්වේද තුල ද දක්වා ඇත. මීට අමතරව විෂ්ණු සහස්‍රනාම තුල දැක්වෙනුයේ "ශිව" නාමයට විවිධ අර්ථ ඇති බවයි "පවිත්‍ර ඇත්තා" හා "ප්‍රක්ති, රජස්, තමස් යන ගුණාංග තුනෙහි බලපෑමට හසුනොවන්නා".

ශිව දෙවියන්ව විශ්වනාථ (විශ්වයේ ස්වාමියා) ලෙසද, මහාදේව, මහන්ඬෝ, මහසු, මහේෂ, මහේෂ්වර, ශංකර, ශම්භූ, රුද්‍ර, හර, ත්‍රිලෝචන, දේවේන්ද්‍ර (දෙවියන්ගේ ප්‍රධානියා) නීලකාන්ත, ශුභාංකර, ත්‍රිලෝකිනාථ (තුන් ලොවෙහි ස්වාමියා), සහ ගර්නේශ්වර් (දයානුකම්පාවේ ස්වාමියා). ශෛව ආගමිකයන් විසින් ශිව දෙවියන් වෙනුවෙන් ඉහළම ගෞරවය පිණිස "මහාදේව" සහ "පරමේශ්වර" ලෙසද හඳුන්වනු ලබයි.

සහස්‍රනාම යනු දෙවියෙකුගේ විවිධ පැතිකඩ ඔස්සේ ගුණාංග සඳහන් නම් දහසක් එක් කොට සැකසූ මධ්‍යකාලීන ඉන්දියානු පාඨයන්ය ශිව දෙවියන් වෙනුවෙන් සැකසූ විවිධ සහස්‍රනාම ඇතුලත් කොටස් අටක් දක්නට ලැබේ. මහා භාරතයෙහි 13 වන පොතෙහි (අනුශාසනපර්වන්') එවැනි එක් ලැයිස්තුවක් දක්වා ඇත. ශිව දෙවියන් වෙනුවෙන් සැකසූ දශ සහස්‍රනාම (10,000 නම්) ද ඇති බව මහාන්‍යාස යෙහි දැක ගත හැක.

හින්දු ආගම තුළ පිහිටීමසංස්කරණය

ශෛවවාදයසංස්කරණය

 
බැංගලෝරයේ පිහිටි ශිව දෙවියන්ගේ ප්‍රතිමාව

ශෛව වාදය යනු හින්දු ආගමේ ප්‍රධාන නිකාය වලින් එකක් වන අතර, අනෙක් අය වෛශ්ණව වාදයද, ශක්ති වාදය සහ ස්මාර්තා සම්ප්‍රදායට අයත් වේ. ශෛවාස් යනුවෙන් හැඳින්වෙන ශෛවවාදයේ අනුගාමිකයෝ, ශිව දෙවියන් උත්තරීතරම දෙවියන් ලෙස ප්‍රකාශ කරති. ශෛවාස් නිකාය විශ්වාස කරන්නේ ශිව සියල්ලටම සහ සියල්ලටම මැවුම්කරුවා, පරමාධිපතියා, විනාශකාරියා, හෙළිදරව් කරන්නා සහ සියල්ලේම අධිපති බවය.

ශෛව දේව ධර්මය පුළුල් ලෙස කාණ්ඩ දෙකකට බෙදනු ලැබේ: වේදයන් හි සඳහන් ශිව-රුද්‍ර ආභාෂයෙන් යුක්ත ප්‍රචලිත දේව ධර්මය සහ තන්ත්‍ර ලිපි වල සඳහන් ශිව සහ ශක්ති සම්බන්ධ ගුප්ත දේව ධර්මය.

ත්‍රන්ත්‍රික ශිව සම්ප්‍රදාය ශිවට සම්බන්ධ වේද ග්‍රන්ථ නොසලකා හැර ඇති අතර, ප්‍රායෝගිකව ක්ෂේත්‍ර ගණනාවක් පුරුදු විය. උදාහරණයක් ලෙස ඓතිහාසික වාර්තාවන්ට අනුව තන්ත්‍රික් කපලිකා (වචනයෙන් "මිනිස් හිස්කබල්") හෙවත් හිස් කබල් පැළඳ සිටි ශිව හා ශක්ති ලෙස හිඳිමින් හිස් කබළ් තුල තබා, මස් අනුභවය, මත්පැන් බීම සහ ලිංගිකත්වය චාරිත්‍රානුකූල කොටසක් ලෙස අදහා ඇත. කාශ්මීර ශෛවවාදය තුළ ගුප්ත සම්ප්‍රදාය කර්ම සහ ත්‍රියික උප සම්ප්‍රදාය දෙකකට බෙදී ඇත. කර්ම උප සම්ප්‍රදායේ ශිවා සහ කාළි දෙපළ වටා ගෙතුනු ගුප්ත චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි අවධානය යොමු විය. ත්‍රියික උප සම්ප්‍රදාය ශිව සම්බන්ධ ස්වයං විමුක්තියේ හඹා යාමේ දී යොමු වූ ජීවන රටාවට අවධානය යොමු වී ඇත.

යෝගසංස්කරණය

 
"නටරාජා මුර්තිය" මෙයින් පිළිබිඹු වන්නේ ශිව දෙවියන් කෝප වී තාන්ඩව නර්තනයේ යෙදීමයි.

ශිව දෙවියන් ශ්‍රේෂ්ඨතම යෝගී වරයා ලෙස සලකනු ලැබේ. එමෙන්ම ශිව දෙවියන් යෝගීන්ට අධිපති වන අතර සෘෂිවරුන්ට යෝගා ගුරුවරයා වේ.

ත්‍රීමූර්තියසංස්කරණය

thumb|"ශිව ලිංගය" මෙයින් ශිව සහ ශක්ති පිළිබිඹු කරයි.|alt= ත්‍රී මූර්තිය යනු මැවීම, නඩත්තු කිරීම හා විනාශය පිළිබඳ හින්දු ධර්මයේ සංකල්පයකි. විශ්වය නිර්මාණය කරන ලද්දේ බ්‍රහ්ම විසිනි එය ආරක්ෂා කරනුයේ විෂ්ණු වන අතර ශිව විනාශකාරන්නා හෝ පරිවර්ථනය කරන්නාය. මෙම දෙවිවරුන් ත්‍රිත්වය "හින්දු ත්‍රීමූර්තිය" ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත්, හින්දු ආගමේ පුරාණ හා මධ්‍යතන යුගයේ ලිපි වල බොහොමයක් විවිධාකාර දෙවිවරුන් හා දේවතාවියන්ගෙන් සමන්විත වූ අතර, ඉන් සමහරක් තුළ ශිව දෙවියන් ඇතුළත් නොවේ.

ජනප්‍රවාද හා හින්දු සංස්කෘතියසංස්කරණය

ශිව ලිංගයසංස්කරණය

ශිව ලිංගයේ ඉහල කොටස පරාශිව ලෙසත් යට කොටස පරාශක්ති ලෙසත් ශෛව ආගමේ පෙන්වා දෙයි. ශිව දෙවියන් වෙනුවෙන් ශිව ලිංගයට පුද පූජා පැවැත්වීම බොහෝ අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර එය අදටත් දක්නට ලැබේ.

අවතාරසංස්කරණය

ශිව දෙවියන්ගේ අවතාර සම්බන්ධව විෂ්ණු දෙවියන්ගේ දශඅවතාර මෙන් පැහැදිලි තොරතුරු නොමැති නමුත් සමහර පොත් වල එවැනි අවතාර සම්බන්ධව සඳහන්ව ඇත. හනුමාන්, සෘෂි දුර්වාශ හා ආදි ශංකරා එවැනි අවතාර ලෙස දක්වා ඇත.තවද හින්දු ආග‍මේ පවසන ආකාරයට බුදු රදුන්ද ශිව‍ගේ එක් අවතාරයක් බව පැව‍සේ.

ආගමික උත්සවසංස්කරණය

මහා ශිව රාත්‍රීසංස්කරණය

සෑම චන්ද්‍ර මාසයකම 13 වන රාත්‍රිය එනම් 14 වන දිනය ශිවරාත්‍රී දිනයක් ලෙස සැලකෙන අතර සෑම වසරකම ශීත සෘතුව අවසානයේ ගිම්හාන සෘතුව ආරම්භයට පෙර (පෙබරවාරි/මාර්තු) යෙදෙන ශිව රාත්‍රී දිනය මහා ශිව රාත්‍රී දිනය ලෙස සලකනු ලැබේ. මෙම උත්සවය ශිව දෙවියන් ලෝකයේ අන්ධකාරය හා මෝහය දුරු කිරීම සිහිපත් කොට පවත්වනු ලැබේ.

ශ්‍රාවන මාසයසංස්කරණය

හින්දු දින දර්ශණයට අනුව ඉන්දියානු ජාතික දින දර්ශණයෙන් පස් වන මාසය ශ්‍රාවන මාසය ලෙස හඳුන්වනු ලබයි. මෙම මාසය තුල පවිත්‍රෝපාන වැනි ශිව දෙවියන් වෙනුවෙන් පවත්වන උත්සව මෙන්ම ශ්‍රී ක්‍රිෂ්ණා සම්බන්ධ උත්සව ද පවත්වයි.

මහා මෘතුංජයසංස්කරණය

 
අර්ධනාරීශ්වර

හින්දු ජනයාගේ විශ්වාසයන්ට අනුව ශිව දෙවියන්ගේ මහා මෘතෘංජය මන්ත්‍රයට මරණය පවා ජය ගත හැකි හැකි බව කියැවේ.

"ඕම් ත්‍රයම්භකම් යජාමහේ

සුගන්ධිම් පුෂ්ඨි වර්ධණම්

උරුවාරුක ඉවබන්ධනාත්

මෘත්‍රයෝර් මුක්ශී යමා මෘතාත්"

අර්ධනාරීශ්වරසංස්කරණය

අර්ධනාරීශ්වර ස්වරූපය ශිව දෙවියන්ගෙන් අර්ධයක් හා ශක්ති (උමා/පාර්වතී) දේවියගෙන් අර්ධයක් විදහා දැක්වා ඇති අතර මෙහි අරුත ලෙස පෙන්වා දෙන්නේ ශිව සහ ශක්ති දෙදෙනාගේ ආදරණීය බැඳීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ශිව&oldid=432304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි