ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්‍රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි.[7]දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ.

නයන්තාරා
නයන්තාරා 2014 වසරේ පැවැත්වුණු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී
උපත
ඩයනා මරියම් කුරියන්

18 නොවැම්බර් 1984 (1984-11-18) (වයස 39)[1][2][3]
ජාතිකත්වයඉන්දියානු
රැකියාව
  • නිළියක්
  • නිරූපිකාවක්
සක්‍රීය වසර2003–වර්තමානය
සම්මානකලෛමාමණි[6]

නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ මනස්සිනක්කරේ තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට පිවිසියේ අයියා (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙලිඟු සිනමාවට පිවිසියේ ලක්ෂ්මි (2006) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපට ද්විත්වයම සාර්ථක විය. අනතුරුව ඇය චන්ද්‍රමුඛී (2005), ඩුබායි සීනු (2007), තුලසි (2007), බිල්ලා (2007), යාරඩි නී මොහිනී (2008), ආදවන් (2009), අදූර්ස් (2010), සිංහා (2010), බොස් එංගිරා භාස්කරන් (2010), ශ්‍රී රාම රාජ්‍යම් (2011), රාජා රාණි (2013), ආරම්බම් (2013), තනි ඔරුවන් (2015), මායා (2015), නානුම් රෞඩි දාන් (2015), බාබු බංගාරම් (2016) සහ ඉරු මුගන් (2016 වැනි ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ හා තෙලිඟු චිත්‍රපට ගණනාවකට දායක වූයේ අනුෂ්කා ෂෙට්ටිගෙන් පසු දකුණු ඉන්දියාවේ වැඩිම ආදායමක් ලබන නිළිය බවට පත්වෙමිනි.

2010දී ඇය සිය කන්නඩ චිත්‍රපට ආගමනය සනිටුහන් කළේ කන්නඩ-තෙලිඟු දිවීභාෂා චිත්‍රපටයක් වන සුපර් තුළිනි.[8] මෙය මෙතෙක් ඇගේ එකම කන්නඩ චිත්‍රපටය වේ. ශ්‍රී රාම රාජ්‍යම් චිත්‍රපටයේ (2011) සීතා ලෙස ඇගේ රංගනය නිසා ඇයට හොඳම තෙලිඟු නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය සහ හොඳම නිළිය සඳහා නන්දි සම්මානය හිමි විය. රාජා රාණි (2013) සහ නානුම් රෞඩි දාන් (2015) චිත්‍රපට සඳහා ඇයට හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. කෝචි ටයිම්ස් පුවත්පත විසින් ඇයව "2014 වර්ෂයේ වඩාත් ප්‍රියමනාප නිළියන් 15 දෙනාගේ ලැයිස්තුව"ට ඇතුළත් කරන ලදී.[9] පුතිය නියාමම් (2016) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය 2017දී හොඳම මලයාලම් නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගත්තේ ඇගේ මව්භාෂාවෙන් ලද ප්‍රථම ෆිල්ම්ෆෙයාර් සම්මානය ලෙසයි. රාජා රාණි චිත්‍රපටයට හා දෙමළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක් ලෙස ඇය තමිල්නාඩු රජයේ සම්මානය හිමිකර ගත්තාය. Forbes India Celebrity 100 (2018) ලැයිස්තුවට ඇතුළත් වූ පළමු දකුණු ඉන්දීය නිළිය වූයේ ඇයයි. ඒ ඇයගේ ඉන්දියානු රුපියල් කෝටි 15.17ක් ඉපැයීම වෙනුවෙනි.

මුල්කාලීන දිවිය

කේරළයේ තිරුවල්ලහී කොඩියට්ටු වංශයෙන් පැවත එන මලයාලි කතෝලික [10] දෙමව්පියන් වන කුරියන් කොඩියට්ටුට හා ඔමානා කුරියන්ට දාව ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරුහී දී නයන්තාරා උපත ලැබුවා ය. ඇයට වඩා අවුරුදු 9ක් වැඩිමල් ඇගේ සහෝදරයා වන ලේනු කුරියන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙයි. නයන්තාරාගේ පියා ගුවන් හමුදා නිලධාරියෙකු වු බැවින් නයන්තාරාට අධ්‍යාපනය ලබන්නට සිදු වූයේ උතුරු ඉන්දියාවෙයි. [11]ඇය ගුජරාටයේ ජම්නගර්හී දී හා දිල්ලියේදී මූලික පාසල් අධ්‍යාපනය ලැබුවා ය. පසුව තිරුවල්ලහී [12] [13] Balikamadom Girls Higher Secondary Schoolහී දී ද්විතීයික අධ්‍යාපනය හදාරා තිරුවල්ලහී Marthoma Collegeහී දී ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිය අවසන් කළා ය. [14]

වෘත්තීය

මලයාලම් සිනමාවට ආගමනය (2003 - 2004)

උපාධිය හදාරමින් සිටින අතරතුර දී ඇය අර්ධ කාලීන රැකියාවක් වශයෙන් නිරූපිකාවක් ලෙස ද කටයුතු කළා ය. ඇයගේ යම් නිරූපනය කිරීම් දැකීමෙන් පසු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සත්‍යන් අන්තික්කඩ් ඇයව ඔහුගේ චිත්‍රපටයක් වන "මනසින්නක්කරේ" (2003) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරා ගත්තේ ය. ඒ ඇයගේ සිනමා ආගමනයයි. එම චිත්‍රපටය සඳහා ඇය රංගනයෙන් දායක වූවත් ඇය රංගන කෙරෙහි ඇල්මක් නොදක්වන බවද,[15] එම චිත්‍රපටයෙන් ම ඇය රඟපෑම නවතන බව කීවද, එම චිත්‍රපටය ඉහළ ආදයම් ලැබූ චිත්‍රපටයක් බවට පත්වූ බැවින් ඇය චිත්‍රපටයන් රඟපෑමට භාර ගැනීම ආරම්භ කළා ය. 2004 වසරේ තිරගත වූ ශාජි කෛලාස්ගේ "නාට්ටුරාජාවු" චිත්‍රපටයට සහ ෆාzසිල්ගේ Psychological thriller චිත්‍රපටයක් වන "විශ්මයතුම්බදු" චිත්‍රපටයට[16][17] ද ඇය රංගනයෙන් දායක වූවා ය. එම චිත්‍රපටයේ ඇගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ද ලක් විය. එමෙන් ම "තස්කර වීරන්" සහ "රප්පකල්" චිත්‍රපටවලට ද රංගනයෙන් දායක් වූවා ය.

දමිළ හා තෙළිඟු සිනමාවට ආගමනය (2005 -2007)

2005 වර්ෂයේ දී දමිළ සිනමාව[18] වෙත පියමන් කළ ඇය තම කුළුඳුල් චිත්‍රපටිය ලෙස තෝරාගත්තේ සරත් කුමාර්ගේ චිත්‍රපටියක් වන "අයියා" චිත්‍රපටියයි.[19][20] එහි අධ්‍යක්ෂක හරීය. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇයට ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයක් වන "චන්ද්‍රමුඛී"[21] හී රඟපෑමට අවස්ථාව හිමි වේ. ඇයව එම චිත්‍රපටය සඳහා නිර්දේශ කරන ලද්දේ චන්ද්‍රමුඛී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ බිරිඳයි.[22] ඒ ඇය මනසින්නක්කරේ චිත්‍රපටය තුළින් දුටු නයන්තාරාගෙ රංගන කුසලතාවය හේතුවෙනි. චන්ද්‍රමුඛී චිත්‍රපටය පුරා දින 800ක් ඔස්සේ සිනමාහල්වල තිරගත කරන ලදි.[23] අනතුරුව ඇය ඒ.ආර්.මුරුගදාස්ගේ "ගජිනි" චිත්‍රපටයේ සහය නිළිය ලෙස රඟපෑවා ය. අනතුරුව ඇය අධ්‍යක්ෂක පෙරරාසුගේ "සිවකාසි" චිත්‍රපටයේ ගීතයකට පමණක් නර්තනයෙන් දායක වූවා ය.[24]

2006 වසරේ නයන්තාරාගේ පළමුවෙන්ම තිරගත වූ චිත්‍රපටය වූයේ "කල්වනින් කාදලී" චිත්‍රපටයයි.[25] අනතුරුව ඇය තෙළිඟු සිනමාවට පා තැබුවා ය. ඒ "ලක්ෂ්මි " චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය රඟපෑ "බෝස්, අයි ලව් යූ" නම් තෙළිඟු චිත්‍රපටය තිරගත විය. අනතුරුව සමකාලීන ලෙස දීපවාලි සමයේ "වල්ලවන්"[26], "තලෛමගන්"[27] සහ ""[28] [29] යන චිත්‍රපට තුනම තිරගත විය. චිත්‍රපට තුන, තුන් ආකාරයකට විචාරකයන්ගේ පැසසුමට ලක් විය.[30] වල්ලවන් තුළ ඇය තමන්ට වඩා බාල තරුණයෙකුට පෙම්බැඳීන විශ්ව විද්‍යාල ආචාර්‍යවරියකගේ චරිතය හෙබවිය. ඊ චිත්‍රපටය තුළ ඇයගේ චරිතය වූයේ සමාජ ශාලාවක නර්තනයේ යෙදී ජීවත් වන තරුණියකගේ චරිතයකි. තලෛමගන් තුළ ඇය වාර්තාකාරිනියකගේ චරිතය රඟපෑවා ය. [31] [32]

ජනතා පිළිගැනීම සහ පුළුල් සාර්ථකත්වය (2007 - 2011)

විශ්නුවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද "බිල්ලා"[33] (2007) චිත්‍රපටය තුළින් නයන්තාරා නැවතත් ජනතා ආකර්ෂණය ලබා ගත්තා ය. මෙම චිත්‍රපටය 1980දී තිරගත වූ බිල්ලා නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන අතර එය මුදල් ඉපැයීම අතින් අතිසාර්ථක විය.[34] මෙහි නයන්තාරාගේ සාෂා චරිතයට විචාරකයන්ගේ ඉහළ ප්‍රතිචාර හිමි විය. මේ චිත්‍රපටය වෙනුවෙන් ඇයට විජෙයි සම්මාන උළෙලහී දී ප්‍රියතම නිළියට හිමි සම්මානය ද හිමි විය. 2008 වසරේ දී නයන්තාරා රඟපෑ චිත්‍රපට පහක් තිරගත වූ අතර එයින් හතරක් ම දමිළ චිත්‍රපට විය. එයින් ප්‍රථමයෙන් තිරගත වූයේ "යාරඩී නී මෝහිනී" නම් චිත්‍රපටයයි.[35] [36] ඇය නැවත වරක් විජෙයි සම්මාන උළෙලහී දී ප්‍රියතම නිළියට හිමි සම්මානය[37] මේ චිත්‍රපටය වෙනුවෙන් හිමි කරගත් අතර 56වන දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලහී දී හොඳම නිළිය සම්මානයට ද නිර්දේශ වූවා ය. එම වසරේ තිරගත වූ ඇයගේ අනෙක් චිත්‍රපට වන්නේ "කුසෙලාන්" (මෙම චිත්‍රපටය "කතනයකුඩු" නමින් තෙළිඟු බසින් ද තිරගත විය), "සත්‍යම්" (මෙම චිත්‍රපටය "සෙලියුට්" නමින් තෙළිඟු බසින් ද තිරගත විය) සහ "ඒගන්" යන චිත්‍රපට තුනයි. කුසෙලාන් චිත්‍රපටයට ඇය දායක වූයේ ආරාධිත රඟපෑමක් ලෙස ඇයගේ නමින්ම ය. 2009 වසරේ දී ඇය රංගනයෙන් දායක වූ "විල්ලු (2009 චිත්‍රපටය) ", "අන්ජනේයුලු" සහ"ආදවන්" යන චිත්‍රපට තිරගත විය.

2010 වසරේ දී ඇය ප්‍රධන නිළිය වශයෙන් රඟපෑ භාෂා 4ක චිත්‍රපට පහක් ම ආදායම අතින් අතිසාර්ථක විය.[38][39] ඒවා නම් "අධූර්ස්" (තෙළිඟු), "බොඩිගාර්ඩ්" (මලයාලම්), "සිම්හා" (තෙළිඟු), "බෝස් එන්ගිර බාස්කරන්" (දමිළ) සහ "සුපර්" (කන්නඩ/තෙළිඟු) යන චිත්‍රපටයි. ඇය බොඩිගාර්ඩ් හී රංගනය වෙනුවෙන් ඒශියානෙට් සම්මාන උළෙලහී දී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇයගේ සිම්හා චිත්‍රපටය එම වසරේ ඉහළ ආදායම් ලාභී චිත්‍රපට අතරට එක් වූ අතර, බෝස් එන්ගිර බාස්කරන් චිත්‍රපටයට ද සුබවාදී ප්‍රතිචාර හිමි වූ අතර ආදායම් අතින් ද සාර්ථක විය.[40][41] [42] ඇයගේ කන්නඩ සිනමා ආගමනය උපේන්ද්‍රාගේ සුපර් චිත්‍රපටය තුළින් සිදු වූ අතර එහි ඇගේ රංගනයට විචාරකයන්ගේ හොඳ ප්‍රතිචාර හිමි විය.[43][44] ඇයගේ එම චිත්‍රපට තුන වෙනුවෙන් ඇයව ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මාන සඳහා ද නිර්දේශ විය.[45][46][47] එමෙන්ම විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාර හිමි වූ ශ්‍යාමප්‍රසාද්ගේ "ඉලෙක්ට්‍රා" චිත්‍රපටය සඳහා ද ඇය රංගනයෙන් දායක විය. එම චිත්‍රපටය සඳහා හිමි වූ විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාරවල වටිනාකම තවත් වැඩි වූයේ එය ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival of India)හී දී ප්‍රදර්ශනය වීමෙනි.[48] එමෙන් ම මෙම චිත්‍රපටය ඩුබායි අන්තර්ජාතික සිනමා උළෙල (Dubai International Film Festival)හී දී ද ප්‍රදර්ශනය කරන ලදි.[49] ඇය සීතාගේ චරිතය රඟ දක්වමින් රංගනයෙන් දායක වූ බාබූගේ "ශ්‍රී රාම් රාජ්‍යම්" චිත්‍රපටය 2011 වසරේ ඇය විසින් රඟ පෑ එකම චිත්‍රපටය විය. එම චිත්‍රපටය සඳහා ද නයන්තාරාට විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාර හිමි විය.[50][51] ශ්‍රී රාම රාජ්‍යම් සඳහා ඇයට නාන්දි සම්මාන උළෙලහී දී හොඳම නිළියට හිමි සම්මානය ද, ෆිල්ම් එයාර් සම්මාන උළෙලේ දී හොඳම තෙළිඟු නිළියට හිමි සම්මනය ද හිමි විය. ශ්‍රී රාම රාජ්‍යම් චිත්‍රපටය ඇයට වඩා වැදගත් වන්නේ එය මෙතෙක් ඇයට වැඩිම සම්මාන ප්‍රමාණයක් ගෙන දුන් චිත්‍රපටය නිසා ය.[52] මෙම චිත්‍රපටය සමග ඇය යම් කාලයක් සිනමාවෙන් ඈත් වී සිටියා ය. ඒ ඇයගේ විවාහය සම්න්ධ ව සිදු වූ ගැටළු නිසා ය.

නැවත පැමිණීම සහ සිනමාව තුළ ඇයගේ තත්ත්වය (2012 - වර්තමානය)

නයන්තාරාගේ නැවත ආගමනය[53] සිදු වූයේ මාස 11ට පසුව ක්‍රිෂ්ගේ "ක්‍රිෂ්නම් වන්දේ ජගද්ගුරුම්" (2012) නම් චිත්‍රපටය ඔස්සේ ය. එහි ඇය පත්‍රකලාවේදිනියකගේ චරිතයක් රඟපෑවා ය.[54] 2013 වසරේ ඇය අට්ලීගේ "රාජා රාණි" චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර ඒ සඳහා ඇයට ෆිල්ම් ෆෙයාර් හා විජෙයි සම්මාන උළෙලහී දී හොඳම නිළියට හිමි සම්මාන හිමි විය. 2013 වසරේ තිරගත වූ විශ්නුවර්ධන්ගේ "ආරම්භම්" චිත්‍රපටයේ[55] හා රාජා රාණි චිත්‍රපටයේ නයන්තාරාගේ රංගනය පිළිබඳ ව විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාර[56][57] ලැබිණි. මෙම චිත්‍රපට දෙක ම වාණිජ වශයෙන් අති සාර්ථක වූ අතර 2013 වසරේ ඉහළ ආදායම් ලාභී දමිළ චිත්‍රපට අතරට ද එක් විය.

ප්‍රධාන නිළියක් ලෙස නැගී ආ නයන්තාරා, දකුණු ඉන්දීය සිනමාවේ දුර්ලභ ව පැවති චිත්‍රපට ගණයක් වන කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙසට යොමු වූවා ය. ඒ හින්දි චිත්‍රපටයක් වූ "කහානී" චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස ගොඩනැගුණු ශේඛර් කම්මුලාගේ ද්වීභාෂික චිත්‍රපටය වූ "අනාමිකා"හී තම නැති වූ ස්වාමිපුරුෂයා සොයා හයිද්‍රාබාද් වෙත පැමිණෙන තරුණියකගේ චරිතයට පණ පොවමිනි. ඇයගේ මීළඟ කාන්තා-කේන්ද්‍රිත සංත්‍රාස චිත්‍රපටය වන " මායා" චිත්‍රපටය ද ආදායම් අතින් සාර්ථක විය. මෙම චිත්‍රපට දෙක ද විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක් විය.[58][59][60]

නැවතත් නයන්තාරා ක්‍රියාදාම හා ප්‍රහසන චිත්‍රපට දෙසට හැරුණා ය. ඒ 2015 වසරේ තිරගත වූ "බාස්කර් ද රාස්කල්" හා "තනි ඔරුවන්" චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙමිනි. ඉක්බිතිව ඇය විග්නේෂ් ශිවන්ගේ කළු ප්‍රහසන චිත්‍රපටය වන "නානුම් රෞඩි දාන්" චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය.[61] ඒ බිහිරි තරුණියකගේ චරිතයක් රඟ දක්වමිනි. එම චිත්‍රපටයේ රංගනය ඇයට ඇයගේ දෙවන ෆිල්ම් ෆෙයාර් හොඳම දමිළ නිළියට හිමි සම්මානය ගෙන දීමට සමත් විය.[62][63]

2016 වසරේ දී ඇය "පුදිය නියාමම්" නම් මලයාලම් චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය.[64] එම චිත්‍රපටය සඳහා ඇයට ෆිල්ම් ෆෙයාර් හොඳම මලයාලම් නිළියට හිමි සම්මානය ලැබුණු අතර එය ඇයගේ මලයාලම් චිත්‍රපටයකට හිමි වූ පළමු සම්මානයයි. අනතුරුව ඇය "තිරුනාල්" චිත්‍රපටය තුළින් ග්‍රාමීය පාසලක ගුරුතුමියකගේ චරිතයට ද, ආදායම් අතින් අතිසාර්ථක වූ "ඉරු මුගන්" චිත්‍රපටය තුළ ද, "කාශ්මෝරා" චිත්‍රපටය තුළ ෆැන්ටසි රාජධානියක රැජිණකගේ චරිතයට ද රංගනයෙන් දායක වූවා ය. නයන්තාරා 2017 වසරේ දී කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙකකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා ය. ඒ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයක් වන "ඩෝරා" චිත්‍රපටයට හා සමාජීය දෘෂ්‍යකාව්‍යක් වන "අරම්" චිත්‍රපටයටයි. අරම් චිත්‍රපටය සඳහා නයන්තාරාට නැවතත් ෆිල්ම් ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මානය හිමි විය.

2018 වසරේ දී ඇය විසින් නැවතත් කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙකක් රඟ දැක්වූවා ය. ඒ නෙල්සන් දිලීප්කුමාර්ගේ කළු ප්‍රහසන චිත්‍රපටයක් වන "කෝලමාවු කෝකිලා" හා Crime thriller චිත්‍රපටයක් වන "ඉමෛකා නොඩිගල්" යන චිත්‍රපට ද්විත්වයෙයි. 2019 වසරේ ඇය විසින් රඟපෑ "විස්වාසම්", "ඓරා" "මිස්ටර් ලෝකල්", "කොලෛයුදීර් කාලම්", "Love Action Drama", "ස්‍යේ රා නරසිම්හා රෙඩ්ඩි" හා "බිගිල්" යන චිත්‍රපට තිරගත වී ඇත. ඒවායින් බිගිල්, Love Action Drama හා විශ්වාසම් යන චිත්‍රපට ආදායම් අතින් අති සාර්ථක විය.

2020 වසරේ ජනවාරි 9 වන දින ඇය විසින් සුපර්ස්ටාර් රජිනිකාන්ත් සමග රඟපෑ "දර්බාර්" චිත්‍රපටය තිරගත විය. එමෙන් ම නයන්තාරාගේ "නෙට්‍රිකන්" හා "මූකුත්ති අම්මාන්" යන චිත්‍රපට රූගත කෙරෙමින් පවතී.

සම්මාන

හඬකැවීම් සංස්කරණය

2010 වසරේ තිරගතවූ "ඉලෙක්ට්‍රා" මලයාලම් සිනමාපටය සඳහා නයන්තාරා විසින් පලමු වතාවට තම චරිතය සඳහා හඬ දායකත්වය ලබා දුන්නාය. එයින් පසුව තෙලිඟු සිනමාපටයක් වන "ක්‍රිශ්නම් වන්දේ ජගද්ගුරුම්", මලයාලම් චිත්‍රපටයක් වන "පුදිය නියාමම්" සහ "ඉරු මුගන්" ,"නානුම් රෞඩි දාන්", "ඩෝරා" සහ "කෝලමාවු කෝකිලා"[65] යන දමිල සිනමාපට සඳහාත් ඇය විසින් තම චරිතය වෙනුවෙන් හඬකැවීම් සඳහා දායක වූවාය.[66]

පුද්ගලික ජීවිතය සංස්කරණය

නයන්තාර ඉපදුනේත් හැදීවැඩුනේත් සිරියානු ක්‍රිස්තියානි භක්තිකයෙකු ලෙසය. [67] නමුත් දෙදහස් එකොලහ වසරේ අගෝස්තු මස හත්වනදා චෙන්නායිහි ආර්‍ය සමාජ් කෝවිලෙහිදි ඇය විසින් හින්දු ධර්මය වැලඳ ගන්නා ලදී. [68] ඇය විසින් හින්දු ආගම වැලඳ ගැනීමේදී සිදු කල යුතු සියලුම චාරිත්‍ර සම්පූර්න කල අතර එයින් පසුව හින්දු ආගම වැලඳගත් බව තහවුරු කරමින් ඇයට සහතික පත්‍රයක් නිකුත් කර ඇත. එමෙන්ම එතැන් සිට නයන්තාරා යන නාමය ඇය විසින් නිල වශයෙන් භාවිතා කිරිමද ආරම්භ කරන ලදී.[69]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Sri Birthday Special: Nayanthara Turns 28. Rediff.com (19 November 2012). Retrieved 2012-04-10.
  2. Happy birthday Nayantara. indiatoday.com (5 December 2008). Retrieved 2012-04-10.
  3. Birthday Special Nayantara rediff.com (18 November 2014)
  4. "Nayanthara in Sandalwood now". The Times of India. 17 January 2010.
  5. Chat Transcript of Nayanthara. Sify.com (10 March 2008). Retrieved 2012-04-10.
  6. "70 artists get Kalaimamamani awards". The Hindu. 25 February 2009. සම්ප්‍රවේශය 6 April 2015.
  7. "'Malayalis should be proud of Nayanthara'". TOI. 29 November 2015. සම්ප්‍රවේශය 22 March 2016.
  8. "Upendra's Super remake rights in great demand". 19 January 2011. සම්ප්‍රවේශය 16 August 2016.
  9. TNN (17 April 2015). "Kochi Times 15 Most Desirable Women in 2014". The Times of India. සම්ප්‍රවේශය 2 June 2015.
  10. http://malayalam.filmibeat.com/features/birth-day-special-unknown-facts-about-nayanthara-025918.html
  11. http://sify.com/movies/tamil/interview.php?id=13682609&cid=2408
  12. http://www.telegraphindia.com/1060514/asp/look/story_6217361.asp
  13. http://www.indiaglitz.com/channels/tamil/interview/6240.html
  14. http://specials.rediff.com/movies/2005/jan/13south6.htm
  15. http://specials.rediff.com/movies/2005/jan/13south5.htm
  16. http://www.sify.com/movies/vismayathumbathu-review-malayalam-13451688.html
  17. සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/malayalam/review/7049.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  18. http://www.sify.com/movies/nayantara-is-the-new-flavour-of-kollywood-news-tamil-kkfvDojbjgf.html?ref=false
  19. http://www.behindwoods.com/features/Reviews/reviews1/ayya_review.html
  20. සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/1973/tamil/ayya/393/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  21. http://specials.rediff.com/movies/2005/jan/13south1.htm
  22. http://specials.rediff.com/movies/2006/oct/12slid3.htm
  23. http://www.behindwoods.com/tamil-movie-news/june-07-02/11-06-07-rajini.html
  24. http://www.sify.com/movies/nayan-s-item-number-news-tamil-kkfv12ejggg.html?ref=false
  25. http://www.indiaglitz.com/channels/tamil/review/7547.html
  26. http://www.sify.com/movies/vallavan-review-tamil-14317167.html
  27. http://www.sify.com/movies/thalaimagan-review-tamil-14319175.html
  28. http://www.rediff.com/movies/2006/oct/23e.htm
  29. http://www.indiaglitz.com/channels/tamil/review/7785.html
  30. http://www.sify.com/movies/e-review-tamil-14315542.html
  31. සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/2804/tamil/thalaimagan/919/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  32. සංරක්ෂිත පිටපත, http://www.hindu.com/fr/2006/10/27/stories/2006102700030200.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  33. සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/4506/tamil/billa/1436/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  34. http://sify.com/movies/billa-hits-a-century-news-tamil-kkftJhhddhe.html
  35. http://www.behindwoods.com/tamil-movie-reviews/reviews-1/yaaradi-nee-mohini-review.html
  36. http://www.sify.com/movies/yaaradi-nee-mohini-review-tamil-14638571.html
  37. http://www.indiaglitz.com/channels/tamil/article/47587.html
  38. සංරක්ෂිත පිටපත, http://articles.timesofindia.indiatimes.com/2010-12-20/news-interviews/28222815_1_films-southern-languages-boss-engira-baskaran, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  39. http://www.sify.com/movies/people-now-trust-my-abilities-nayanthara-news-tamil-kmikivhgjhj.html?scategory=tamil
  40. http://www.behindwoods.com/tamil-movie-reviews/reviews-2/boss-engira-baskaran-movie-review.html
  41. http://www.sify.com/movies/boss-engira-bhaskaran-review-tamil-14956349.html
  42. http://www.indiaglitz.com/channels/tamil/review/11695.html
  43. http://www.sify.com/movies/super-a-revolutionary-concept-review-kannada-14959267.html
  44. http://timesofindia.indiatimes.com/entertainment/regional/kannada/movie-reviews/Super/movie-review/7042116.cms
  45. සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/telugu/article/67255.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  46. සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/tamil/article/67252.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  47. සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/kannada/article/67258.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10 
  48. http://www.pib.nic.in/newsite/PrintRelease.aspx?relid=67541
  49. http://www.emirates247.com/entertainment/films-music/dubai-premiere-for-manisha-koirala-s-elektra-2010-11-14-1.317224
  50. http://www.rediff.com/movies/review/review-sri-ramarajyam/20111117.htm
  51. http://www.sify.com/movies/sri-ramarajyam-review-review-telugu-14983681.html
  52. https://web.archive.org/web/20120711232630/http://www.ifilmish.com/sita-devotes-her-award-to-rama/
  53. http://www.sify.com/movies/nayanthara-is-back-with-a-bang-news-tamil-md2nCsiiedb.html
  54. http://www.sify.com/movies/krishnam-vande-jagadgurum-review-review-telugu-15014177.html
  55. http://www.rediff.com/movies/review/review-aarambam-is-a-delight-for-ajith-fans-south/20131101.htm
  56. http://www.sify.com/movies/raja-rani-review-tamil-pcmbbzfhhhfii.html
  57. http://www.behindwoods.com/tamil-movies/raja-rani/raja-rani-review.html
  58. http://www.sify.com/movies/nee-enge-en-anbe-review-tamil-pcmbpjffafgjb.html
  59. http://www.rediff.com/movies/report/review-nee-enge-en-anbe-is-no-kahaani/20140502.htm
  60. http://www.sify.com/movies/maya-review-tamil-pjrrVfaahbigf.html
  61. http://www.sify.com/movies/naanum-rowdy-dhaan-review--pkvrJajfiggeg.html
  62. http://www.indiaglitz.com/lady-superstar-nayanthara-three-consecutive-hits-thani-oruvan-maya-naanum-rowdy-dhaan-tamil-news-145225.html
  63. http://www.indiaglitz.com/actress-nayanthara-birthday-special-article-tamil-news-146997.html
  64. http://www.ibtimes.co.in/puthiya-niyamam-review-nayantara-mammootty-starrer-urges-women-speak-out-against-social-evils-666854
  65. https://mobile.twitter.com/rameshlaus/status/1030763211904020480. html
  66. http://www.sify.com/movies/nayanthara-plays-pavalakodi-completes-dubbing-for-dora-news-tamil-qmxlzNaafjbdf.html
  67. http://www.telegraphindia.com/1060514/asp/look/story_6217361.asp
  68. http://www.behindwoods.com/tamil-movie-news-1/aug-11-02/nayanthara-prabhu-deva-08-08-11.html
  69. http://www.behindwoods.com/tamil-movie-news-1/aug-11-02/nayanthara-prabhu-deva-08-08-11.html

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නයන්තාරා&oldid=601538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි