සේඛර් කම්මුලා

(ශේඛර් කම්මුලා වෙතින් යළි-යොමු කරන ලදි)

කුමාර් ශේඛර් කම්මුලා යනු පද්මරාඕ නගර්හි ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, තිරරචකයකු සහ නිෂ්පාදකරවයෙකි. ඔහු මූලික වශයෙන්ම තෙලිඟු සිනමාව සම්බන්ධයෙන් කටයුතු කරයි.[1][2]

සේඛර් කම්මුලා
දේශීය නම
కుమార్ శేఖర్ కమ్ముల
රැකියාවචිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකයකු, තිරරචකයකු
සක්‍රීය වසර1999–වර්තමානය

වෘත්තිය සංස්කරණය

කම්මුලා සිය අධ්‍යක්ෂක ප්‍රවේශය සනිටුහන් කළේ ස්වාධීන චිත්‍රපටයක් වූ ඩොලර් ඩ්‍රීම්ස් (2000) තුළිනි. විචාරක පැසසුමට පත් මේ වෙනුවෙන් ඔහු අධ්‍යක්ෂකගේ හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි කරගත්තේ ය. මෙම චිත්‍රපටය ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී තිරගත විය.[3] ඔහු සිය නිර්මාණ සඳහා ෆිල්ම්ෆෙයාර් දකුණු සම්මාන දෙකක් සහ ප්‍රාන්ත නන්දි සම්මාන හයක් හිමි කරගත්තේ ය.[4] 2011 කෑන්ස් චිත්‍රපට උළෙල තුළ ඉන්දියානු සිනමාව නියෝජනය කළ අධ්‍යක්ෂකවරයකු ලෙස ද සේඛර් සැලකේ.[5]

 
Sekhar Kammula in Cinivaram, Ravindra Bharathi, Hyderabad

ඔහුගේ දෙවන චිත්‍රපටය වූ ආනන්ද් 2004 වර්ෂයේ බ්ලොක්බස්ටරයක් විය. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ ගෝදාවරී ද විචාරක පැසසුම් ලද සාර්ථක චිත්‍රපටයක් විය. 2007 සැප්තැම්බර් 28 දින මුදාහැරි හැපි ඩේස් චිත්‍රපටය ද දැවැන්ත සාර්ථකත්වයක් ලද්දේ ය. මෙය දෙමළ ‍සහ කන්නඩ භාෂාවලින් ප්‍රතිනිර්මාණය විය. 2010 වර්ෂයේ මුදාහැරුණු දෙමළ ප්‍රභේදය සඳහා ඔහු රචනයෙන් දායක විය. අනතුරුව ඔහු ලීඩර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, 2010 පෙබරවාරි 19 දින මුදාහැරුණු මෙය ද යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. 2016දී සේඛර් කම්මුලා සිය බොලිවුඩ් ආගමනය නිවේදනය කළේ සල්මන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයක් පිළිබඳ පවසමිනි.[6]

ඔහු 2012 ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වූ කහානි තෙලිඟු බසින් ප්‍රතිනිර්මාණය කළේ අනාමිකා ලෙස ය. මෙහි විද්‍යා බාලන්ගේ චරිතය නිරූපණය කළේ නයන්තාරා විසිනි. සේඛර් කම්මුලා සිය ප්‍රථම හින්දි චිත්‍රපටය ලෙස හැපි ඩේස් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය අධ්‍යක්ෂණය කිරීමට නියමිත ය. මෙහි හින්දි ප්‍රභේදය නිෂ්පාදනය කරන්නේ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ශේඛර් කපූර් විසිනි. මෙම චිත්‍රපටයේ නවක නළු නිළියන් රැසක්ම දැකගත හැකි වනු ඇත. මෙහි තිරරචනය මුම්බායි පසුබිම් කරගත් රචක නිඛිල් මහාජාන් විසින් සිදුකිරීමට නියමිත ය.[7] මේ වනවිට ශේඛර් කම්මුලාගේ ෆිදා චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබමින් තිරගත වේ. මෙය දින 10ක් ඇතුළත් කොටි 50කට අධික ආදායමක් උපයාගත්තේ ය. දිල් රාජුගේ නිෂ්පාදනයක් වන එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ වරුන් තේජ් සහ සායි පල්ලවී විසිනි.[8]

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය භාෂාව දායකත්වය කෙසේද යන වග සටහන්
රචක අධ්‍යක්ෂක නිෂ්පාදක
2000 ඩොලර් ඩ්‍රීම්ස් ඉංග්‍රීසි, තෙලිඟු      
2004 ආනන්ද් තෙලිඟු       නර්තන රචකයා ලෙස ද
2006 ගෝදාවරී තෙලිඟු      
2007 හැපි ඩේස් තෙලිඟු       නර්තන රචකයා ලෙස ද
2008 අවාකෛ බිරියානි තෙලිඟු      
2010 ලීඩර් තෙලිඟු      
2012 ලයිෆ් ඊස් බියුටිෆුල් තෙලිඟු      
2014 මුකුන්දා තෙලිඟු       පසුබිම් නිරූපණය
අනාමිකා තෙලිඟු, දෙමළ       තිරරචනය ද
2017 ෆිදා තෙලිඟු      

සම්මාන සංස්කරණය

ජාතික චිත්‍රපට සම්මාන

නන්දි සම්මාන

ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ

වෙනත් සම්මාන

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Sangeetha Devi, Dundoo (12 August 2012). "Life & Style : Return to innocence". The Hindu. සම්ප්‍රවේශය 18 September 2012.
  2. "Sekhar Kammula supports Samantha". The Times of India. 15 January 2017. සම්ප්‍රවේශය 11 March 2017.
  3. "47th National Film Awards" (PDF). Directorate of Film Festivals. සම්ප්‍රවේශය 13 March 2012.
  4. "Kammula". 15 January 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 September 2012.
  5. Prashanth Bhat (12 May 2011). "Sekhar Kammula at Cannes". The Times of India. 4 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 September 2012.
  6. "Sekhar Kammula made BollyWood Entry with Salman Khan". 25cineframes.com. සම්ප්‍රවේශය 30 April 2014.
  7. Sarah Salvadore (22 May 2011). "Shekar calling Sekhar – Times of India". Articles.timesofindia.indiatimes.com. 3 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 September 2012.
  8. "Varun Tej and Sai Pallavi's next film is titled 'Fidaa' - Times of India". The Times of India. සම්ප්‍රවේශය 2016-10-23.
  9. "Happy Days". සම්ප්‍රවේශය 18 September 2012.[permanent dead link]

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සේඛර්_කම්මුලා&oldid=593868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි