ස්වීටි ෂෙට්ටි (උපත 7 නොවැම්බර් 1981), හෙවත් අනුෂ්කා ෂෙට්ටි යන වේදිකා නාමයෙන් ප්‍රකට වී ඇත්තේ තෙලිඟු සහ දෙමළ චිත්‍රපටවල ප්‍රමුඛව රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකි.

අනුෂ්කා ෂෙට්ටි
අනුෂ්කා ෂෙට්ටි ඉන්දියාවේ මුම්බායිහි බාහුබලි 2: ද කන්ක්ලූෂන් (2016) චිත්‍රපටයේපළමු දැක්ම අවස්ථාවේ දී.
උපත
ස්වීටි ෂෙට්ටි[1]

7 නොවැම්බර් 1981 (1981-11-07) (වයස 42)[2]
නිවහනහයිදරාබාද්, තෙලංගානා, ඉන්දියාව[3]
අධ්‍යාපනයBCA
රැකියාවනිළියක, නිරූපිකාවක, හිටපු යෝගා ගුරුවරියක
සක්‍රීය වසර2005–වර්තමානය
උස1.7 m (5 ft 7 in)
සම්මානකලෛමාමණි, නන්දි සම්මානය
ආගමහින්දු ආගම

ඇය සිය රංගන වෘත්තිය ඇරඹූයේ 2005 තෙලිඟු චිත්‍රපටයක් වූ සුපර් චිත්‍රපටය ඔස්සේ ය. ඇය විසින් වික්‍රමර්කුඩු (2006), අරුන්දතී (2009), වේඩම් (2010), රුද්‍රමාදේවී (2015) සහ බාහුබලි: ද බිගිනිං (2015) යන සුප්‍රකට තෙලිඟු චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. ඉහළ නිෂ්පාදන අයවැයකින් යුත් නිර්මාණ මාලාවකට දායක වීමෙන් පසු, ඇය තෙලිඟු සිනමාවේ ප්‍රමුඛ නිළියන්ගෙන් අයකු ලෙස සිය නාමය සනිටුහන් කරගත්තා ය.[4] ඇය විචාරක පැසසුමට පාත්‍ර වූයේ අරුන්දතී (2009) චිත්‍රපටයේ අරුන්දතී චරිතය,[5] වේඩම් (2010) හි සරෝජා චරිතය[6] සහ රුද්‍රමාදේවී රැජිනගේ චරිතය නිරූපණය හේතුවෙනි. මේ හේතුවෙන් ඇයට ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනකුත්, නන්දි සම්මානයකුත් සහ සිනේමා සම්මාන තුනකුත් හිමි කරගැනීමට හැකි විය. 2010 දශකයේ, අනුෂ්කා දෙමළ සිනමාවේ ද සාර්ථකත්වයට පත්වූයේ ක්‍රියාදාම චිත්‍රපට වූ සිංගම් (2010),[4] හා එහි දෙවන කොටස වූ සිංගම් II (2013) සහ යෙන්නෛ අරින්දාල් (2015) යන චිත්‍රලටවල රංගනය නිසා ය. මෙම චිත්‍රපට ත්‍රිත්වයම ඉහළ ආර්ථික සාර්ථකත්වයක් හිමි කරගත් අතර, වානම් (2011), දෙයිව තිරුමගල් (2011) සහ ඉන්ජි ඉදුප්පළගි (2015) චිත්‍රපටවල ඇගේ රංගනය විචාරක පැසසුමට ලක් විය.

ඇයව "2015 හයිදරාබාද්හි වඩාත්ම මනහර කාන්තාව" ලෙස නම්කෙරිණි.[7]

මුල්කාලීන දිවිය සංස්කරණය

කර්ණාටක ප්‍රාන්තයේ මැංගලෝරයේ උපන් අනුෂ්කා, බෙල්ලිපාඩි උරමාලු ගුතු පවුලෙන් පැවත එන තුල්වා ජාතික කාන්තාවකි.[8] ඇගේ දෙමව්පියන් වූයේ ප්‍රෆූලා සහ ඒ. එන්. විට්ටල් ෂෙට්ටි ය.[8] ගුණරංජන් ෂෙට්ටි සහ සායි රමේෂ් ෂෙට්ටි යනුවෙන් ඇයට සහෝදරයන් දෙදෙනකු වේ. මින් රමේෂ් ෂෙට්ටි රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරයෙකි.[8] අනුෂ්කා ඇගේ පාසල් අධ්‍යාපනය බැංගලෝ‍රයේ හදාළ අතර, පරිගණක යෙදුම් උපාධිය හදාළේ බැංගලෝරයේ මවුන්ට් කාර්මල් කොලීජියේ ය. ඇය භාරත් ඨාකූර් යටතේ යෝගා උපදේශිකාවක ලෙස පුහුණුවූවා ය.[9]

චිත්‍රපට වෘත්තිය සංස්කරණය

ප්‍රවිෂ්ඨය සහ තෙලිඟු සිනමාවේ කීර්තියට පත් වීම: 2005-2008 සංස්කරණය

අනුෂ්කා ඇගේ රංගන දිවිය ආරම්භ කළේ පූරි ජගන්නාත්ගේ 2005 තෙලිඟු චිත්‍රපටයක් වූ සුපර් චිත්‍රපටය ඔස්සේ ය. මෙහි ඇය අක්කිනේනි නාගාර්ජුනා සහ අයේෂා ටාකියා සමග චරිත නිරූපණයෙන් දායක වූවා ය. IndiaGlitz පැවසූයේ "අයේෂා සහ අනුෂ්කා යන යුවතියන් දෙපළ විස්මිත සහ මෝස්තරකාරී බවයි. ඔවුන්ගේ කෝණයෙන් සහ වක්‍රයන් පැහැදිළිවම ඔබව මෝහනයට පත් කරවයි. ඔවුන්ගේ රංගනය නම්? හොඳ ය. ඔවුන්ගේ මෙම චිත්‍රපටයේ සිටින්නේ ද ඒ වෙනුවෙනි."[10] මීට අමතරව Sify පැවසූයේ "අයේෂා සහ අනුෂ්කා යන සරාගී තරුණියන් ඔවුන්ගේ සිරුරේ සුන්දරත්වය මැනවින් ප්‍රදර්ශනය කරති."[11] එම වර්ෂයේම, මහා නන්දි චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ ශ්‍රීහාරි සහ සුමන්ත් සමග ය. IndiaGlitz පැවසූයේ, "අනුෂ්කා මනහර ලෙස දිස්වේ" නමුත් වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ, "පිටපත ගෙත්තම් කොට තිබුණත්, එහි නූල් ඇදී ඇති සෙයක් දිස්වේ."[12] Sify පැවසූයේ "පළමු අර්ධයේ දී මෙය ප්‍රාණවත් ස්වරූපයකින් යුතු බව පෙනුණත්, එහි පසු භාගය විකෘත සහ නොසැලකිලිමත් ස්වභාවයක් ගන්නා බවයි." එසේම, "වාසුගේ කැමරාවට ස්තුති වන්නට අනුෂ්කාව කුල්මත් අයුරින් දිස්වන අතර, එය චිත්‍රපටය වෙනුවෙන් විශාල දියුණුවකි."[13]

2006දී, ඇය චිත්‍රපට හතරක් සඳහා දායක වූ අතර, ඉන් පළමුවැන්න එස්. එස්. රාජමෞලිගේ වික්‍රමාර්කුඩු චිත්‍රපටයයි. මෙහි ඇය සමග රවි තේජා චරිත නිරූපණය කළේ ය. මෙම චිත්‍රපටය ආර්ථික අතින් අතිශය සාර්ථකත්වයට පත්වූ අතර, මේ හේතුවෙන් ඇය තෙලංගානා සහ ආන්ධ්‍රා ප්‍රදේශ් තුළ ජනප්‍රියත්වයට පත් විය.[14][15] Nowrunning.comහි කිෂෝර් පැවසූයේ "චිත්‍රපටයේ උච්චතම අවස්ථා නම්, රවීතේජාගේ නිකැළැල් රංගනයත්, අනුෂ්කාගේ මාධුර්යයත් ය. නළුවකු සතුව පැවතිය යුතු සියලු අංගයන් රවිතේජා විසින් ඇතුළත් කොට ඇති අතර, කාන්තාවකට පැවතිය යුතු සියලුම වස්තූන් අනුෂ්කා සතු ය."[16] එසේම Sify පවසා තිබුණේ අනුෂ්කා "ප්‍රත්‍යක්ෂයෙන්ම උසස්" බව ය.[17]

ඇය ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ ඊළඟ චිත්‍රපටය අස්ත්‍රම් නැමැති චිත්‍රපටයකි. මෙය 1999 හින්දි චිත්‍රපටයක් වූ සර්ෆරෝෂ්හි ප්‍රතිනිර්මාණයකි. ඉන් අනතුරුව ඇය දෙමළ චිත්‍රපට ක්ෂේත්‍රයේ සිය ආගමනය සනිටුහන් කරමින් සුන්දර් සී. විසින් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ රෙන්ඩුහි චරිත නිරූපණය කළා ය. මෙහි ඇය ආර්. මාධවන් සමග චරිත නිරූපණයේ නියැළුණා ය. පසුව එම වර්ෂයේම, ඇය සුපිරු තරුවක් වූ චිරන්ජීවී සමග ඒ. ආර්. මුරුගාදෝස්‍ගේ තෙලිඟු චිත්‍රපටයක් වූ ස්ටාලින් චිත්‍රපටයේ විශේෂ නිරූපණයක් සිදුකළා ය.

2007 වර්ෂයේ ඇගේ ප්‍රථම නිර්මාණය වූයේ ලක්ෂ්‍යම් චිත්‍රපටයයි. මෙය ආර්ථික අතින් සාර්ථකත්වයට පත් විය. අනතුරුව ඇය රාඝවා ලෝරන්ස්ගේ ඩොන් චිත්‍රපටයේ චරිත නිරූපණය කළේ නාගාර්ජුනා සමග ය. මෙය ද බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත විය.[18] 2008දී ඇය චිත්‍රපට හයකට දායක වී තිබේ. එම වසරේ පළමු නිකුතුව වූ ඔක්කා මගාදුහි ඇය ප්‍රධාන කාන්තා චරිත තුනෙන් එකක් නිරූපණය කළා ය. ඔක්කා මගාදුහි ඇය සමග රංගනයේ යෙදුණේ නන්දමුරි බාලක්‍රිෂ්ණා නම් නළුවායි. ඇගේ අනුයාත චිත්‍රපට වූ ස්වාගතම්හි ජගපති බාබු සහ භූමිකා චෞලා සමගත්, බලදුර් චිත්‍රපටයේ රවී තේජා සමගත් ඇය චරිත නිරූපණය කළ නමුත්, ඒවාට එතරම් යහපත් ප්‍රතිචාර හිමිනොවී ය.[19][20] අනතුරුව ඇය ගෝපිචන්ද් සමග චරිත නිරූපණයේ නියැළුණු සෞර්යම් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත විය.

විචාරක පිළිගැනීම සහ බොක්ස් ඔෆීස් සාර්ථකත්වය: 2009-2010 සංස්කරණය

2009දී, අනුෂ්කා පළමු වරට අතිශයින් ජනප්‍රිය ෆැන්ටසි චිත්‍රපටයක් වූ අරුන්දතී චිත්‍රපටයේ රැඟුවා ය. වීරවරියක වටා කේන්ද්‍රගත වූ මෙම චිත්‍රපටයේ ඇය පළමුවරට ද්විත්ව චරිත නිරූපණයක් සිදුකළා ය.[4] මෙය විචාරකයන්ගේ පැසසුමට ලක්වූ අතර, ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් විය. එම චිත්‍රපටයේ අනුෂ්කාගේ රංගන ප්‍රතිභාව විචාරකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. Idlebrainහි ජීවි ඇය පිළිබඳ රචනා කළේ ඇයගේ "සරලව ද්විත්ව චරිත විස්මය දනවන බවත්" සහ ඇය "අවිවාදයෙන්ම විශිෂ්ට අයුරින් සියුම් ලෙස ඇගේ චරිතය නිරූපණය කළ බවයි".[21] නමුත් Rediff පවසා ඇත්තේ "දිදුළන් සහ ත්‍රාසජනක අයුරින් චරිත නිරූපණය කරන බවත්" සහ අරුන්දතී යනු "සම්පූර්ණයෙන්ම අනුෂ්කාගේම චිත්‍රපටයක් බවත් ය".[22] Sify සඳහන් කළේ ඇය "ඇගේ උපරිමයෙන් යුතු මහා ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කළ බවයි".[23] මේ නිසා ඇයට නන්දි විශේෂ ජූරියේ සම්මානය[24] සහ ෆිල්ම්ෆෙයාර් හොඳම නිළි සම්මානය හිමි කරගැනීමට හැකි විය.[25] ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ බිල්ලා චිත්‍රපටයයි. මෙය එම නාමයම ඇති 2007 දෙමළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙම චිත්‍රපටය මිශ්‍ර ප්‍රතිචාර හිමි කරගත් අතර, Rediff පැවසූයේ "අනුෂ්කාට සුපිරි ලාලිත්‍යයකින් හෙබි දේහයක් ඇති බවත්" එසේවුව ද, "මෙහි ඇයට සිදු කිරීමට එතරම් දෙයක් නොතිබිණි".[26] නමුත් Sify පවසා ඇත්තේ "අනුෂ්කා ඇගේ උනන්දුව සහ මෝහනීය ස්වභාවය මැනවින් නිරූපණය කරන අතර ඇය සම්පූර්ණ සාධාරණත්වයක් ඉටු කොට තිබේ".[27] 2009 වර්ෂයේ ඇගේ අවසන් නිකුතුව වූයේ ඇගේ දෙවන දෙමළ චිත්‍රපටය වූ වේට්ටෛකාරන් නැමැති ක්‍රියාදාම චිත්‍රපටයයි. මෙහි ඇය විජයි සමග රංගනයේ යෙදෙන අතර, මෙම චිත්‍රපටයට එතරම් යහපත් ප්‍රතිචාර හිමි වූයේ නැත. Rediff පැවසූයේ, "අනුෂ්කා අරුන්දතී තුළින් ලද සාර්ථකත්වය නිසා නැවුම් ලෙස පැමිණිය ද, නැවත වරක් රූමත් හිස් තරුණියකගේ තත්ත්වයට ඇද වැටී ඇති සෙයකි."[28] Sify පවසන්නේ, "අනුෂ්කාට මෙහි සිදු කරන්නට එතරම් දෙයක් නොමැත. එනිසා ඇය අපගේ නෙත නොගැටේ."[29]

2010 වර්ෂයේ ඇගේ නිර්මාණ මාලාවක්ම නිකුත් විය. ක්‍රිෂ්ගේ විචාරක ඇගයුමට ලක්වූ චිත්‍රපටයක් වූ වේඩම් තුළ ඇය විසින් නිරූපණය කළේ ගණිකාවකගේ චරිතයකි.[6] මෙහි ඇගේ රංගන ප්‍රතිභාව උදෙසා ඇය හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තා ය. මෙය ඇගේ දෙවන ෆිල්ම්ෆයාර් සම්මානයයි.[30] ඇගේ ඊළඟ තෙලිඟු චිත්‍රපටය වූ පංචාක්ෂරි චිත්‍රපට‍ය ද වීර කාන්තා චරිතයක් පාදක කරගැනුණක් වන අතර, එහි ද ඇය ද්විත්ව චරිත නිරූපණය කළා ය.[6] ඉන් පසුව ඇය ඛලේජා නැමැති හාස්‍යොත්පාදක ක්‍රියාදාම චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ මහේෂ් බාබු සමග ය. මීට අමතරව ඇය නාගවල්ලි සහ රාගදා යන තෙලිඟු චිත්‍රපට සඳහා දායක වූවා ය. මින් නාගවල්ලි කන්නඩ චිත්‍රපටයක් වූ අප්තරාක්ෂකහි තෙලිඟ ප්‍රතිනිර්මාණය වූ අතර එහි ඇය විසින් සුප්‍රකට චන්ද්‍රමුඛී චරිතය නිරූපණය කරන ලදී. මීට අමතරව ඇය කේඩි සහ තකිට තකිට යන චිත්‍රපටවල විශේෂ නිරූපණයන් සිදුකළා ය. කෙසේනමුත්, 2010 වර්ෂයේ නිකුත් වූ ඉහත චිත්‍රපට කිසිවකට ආර්ථික සාර්ථකත්වයක් හිමි කරගත නොහැකි විය.[6] 2010 වර්ෂයේ මුදාහැරුණු ‍ඇගේ එකම දෙමළ චිත්‍රපටය වූ සිංගම් නැමැති පොලිස් චිත්‍රපටයේ ඇය සහ සූරියා ප්‍රධාන චරිත නිරූපණය කළහ. මෙය ආර්ථික අතින් අතිශය සාර්ථකත්වයට පත් විය. Sify සටහන් කොට තිබුණේ, "අනුෂ්කා එහි සිටින්නේ ගීත සහ අලංකාරය සඳහා පමණක් වුවත්, ඇය විශිෂ්ට කාර්යයක් ඉටු කොට ඇත" යනුවෙනි.[31] Rediffහි පවිත්‍රා ශ්‍රීනිවාසන් පැවසූයේ, "වාසනාවට, අනුෂ්කා මසුරු ඇඳුම්වලට වඩා ඉහළ යමක් සිදු කොට ඇත. (‍ඇය එය හොඳන් සිදු කරයි) ඇය යටහත්ව ප්‍රේමයේ යෙදෙන නමුත්, ඇය සහ සූර්යා චෙන්නායිහි දුෂ්ටයන් සමග අරගලවලට මැදිවන විට ඇයට එය අමතක වන බැව් පෙනේ."[32]

සාර්ථකත්වය: 2011–2016 සංස්කරණය

වේඩම් චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයම එහි දෙමළ ප්‍රතිනිර්මාණය වූ වානම් (2011) හි ද රඟපෑමට ඇයට සිදු විය. මෙය විචාරක පැසසුමට ලක් විය. ද හින්දු පුවත්පතේ මාලතී රංගරාජන් පවසා ඇත්තේ "අනුෂ්කාගේ චරිතය නීර්භීතභාවය සහ ධෛර්යය අතින් සලකුණු වී ඇති බවයි—නළු දෑස්වලින් තාත්විකව සතුට, අසරණභාවය, ශෝකය සහ තරහව ප්‍රකාශ වන බවත් ය."[33] Sifyහි විචාරකයෙක් රචනා කොට තිබුණේ, "අනුෂ්කා සැබෑම වාණිජමය අභිසරුලියක මෙන්ම විශිෂ්ට අයුරින් ජීවමාන-ආකාරයේ රංගනයේ නියැළෙයි."[34] අනතුරුව ඇය ඒ. රඑල්. විජයිගේ දෙයිව තිරුමගල් සඳහා දායක වූවා ය. මේ සඳහා පාදක වී ඇත්තේ ක්‍රිෂ්ණා (වික්‍රම්) නැමැති බුද්ධිමය ආබාධිත පියකු සහ ඔහුගේ නීලා නම් දියණියගේ කථා පුවතයි. විචාරක පැසස්‍රමට පත් මෙම චිත්‍රපටය ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් විය. මෙහි ඇය විසින් නිරූපණය කළ අනුරාධා නම් අධිනීතිඥවරියගේ චරිතය ද ප්‍රශංසාවට ලක් විය.[35] වන්ඉන්ඩියා සඳහන් කොට තිබුණේ, "චිත්‍රපටයේ අනුෂ්කා ෂෙට්ටිගේ චරිතය ව්‍යාජ අලංකරණයෙන් තොරව රංගන ප්‍රතිභාව විදහා දැක්වීමට ලත් හොඳ අවස්ථාවකි".[36] මේ සඳහා ඇයට දෙමළ ප්‍රවර්ගය උදෙසා වන පළමු ෆිල්ම්ෆෙයාර් නිර්දේශය හිමි විය. ඇයව ප්‍රියතම වීරවරිය සඳහා විජේ සම්මානය සඳහා ද නිර්දේශ විය.

 
අනුෂ්කා ෂෙට්ටි

2012දී, අනුෂ්කා ඒ. එල්. විජයි සහ Aවික්‍රම් සමග යළි දායකත්වය සැපයූයේ තාණ්ඩවම් නැමැති ක්‍රියාදාම චිත්‍රපටයටයි. මාලතී රංගරාජන් පවසා තිබුණේ "වික්‍රම් සහ අනුෂ්කා අතර ඇති ප්‍රේම වෘත්තාන්තය තාණ්ඩවම්හි සුවිශේෂී අංගයක් බවයි."[37] පසුව ඇය අක්කිනේනි නාගාර්ජුනා සමග ෆැන්ටසි චිත්‍රපටයක් වූ ධාමරුකම්හි රැඟුවා ය. වසර දෙකකට පසු නිකුත් වූ ඇගේ පළමු තෙලිඟු චිත්‍රපටය මෙයයි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියාහි කාර්තික් පසුපුලේති පැවසූයේ අනුෂ්කාහට "ඇගේ රංගන ප්‍රතිභාව හේතුවෙන් මෙහි සිදු කිරීමට ඇත්තේ සුළ්‍ර කර්තව්‍යයක් බවත්, ඇය ඇගේ චරිතය මැනවින් නිරූපණය කරන බවත් ය".[38] Rediffහි රාධිකා රාජමණි පැවසූයේ "අනුෂ්කා සෞම්‍ය අයුරින් පෙනේ. නාග් සහ අනුෂ්කා හට තිරයේ මනා රසායනයක් ඇත".[39] Oneindia පැවසූයේ, "අනුෂ්කා ෂෙට්ටි හට රංගනයට ඇත්තේ අඩු අවකාශයකි. නමුත් ඇය ගීත දර්ශනවල ඔබව මවිතයට පත් කරවයි. "[40]

2013 වර්ෂයේ ඇගේ පළමු නිකුතුව වූයේ ඇලෙක්ස් පාණ්ඩියන් නැමැති ක්‍රියාදාම-මසාලා චිත්‍රපටයයි. මෙය සුරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අතර, කාර්ති මෙහි සම චරිත නිරූපණයෙන් දායක වේ.[41] මෙම චිත්‍රපටය විචාරක සහ ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් වූයේ නැත.[42] දෙවන දෙවන නිකුතුව වූයේ කොරාතලා සිවාගේ මිර්චි චිත්‍රපටයයි. මෙහි ඇය ප්‍රභාස් සමග රංගනයේ නියැළුණා ය. අයිඩ්ල්බ්‍රේන් පැවසූයේ, "නරක ගම්බද සුන්දරියක ලෙස අනුෂ්කා මැනවින් රංගනයේ යෙදෙන අතර, හඬකැවුම ද විශිෂ්ට අයුරින් සිදුකොට ඇත. මෑතකාලීන ඇගේ චිත්‍රපට අතුරින් හොඳම චරිතය වෙන්නේලා බැව් පෙනේ".[43] Rediff රචනා කොට තිබුණේ, "අනුෂ්කා උද්යෝගීමත් අතර, චිත්‍රපටය කෙරෙහි උනන්දුව ඉහළ නැංවීමට සමත් වන්නී ය".[44] Sify රචනා කළේ, "අනුෂ්කා රූමත්ව දිස්වන අතර, ඇය ජවනිකා ප්‍රබෝධමත් කරයි. එසේම ඇය සහ ප්‍රභාස් අතර ඇති රසායනය අගය කොට ඇත".[45] අනතුරුව ඇය සිංගම් (2010) චිත්‍රපටයේ දෙවැන්න වූ සිංගම් IIහි රංග‍නයේ යෙදුණා ය. සයිෆි පැවසූයේ, "අනුෂ්කා විඩාපත් වී ඇති සෙයකි. ඇයට මෙහි සිදු කිරීමට කිසිවක් නොමැත. ඇයට සිදු කරන්නට ඇත්තේ සූරියා සමග ගීත ද්විත්වයක පෙනී සිටීම පමණි"[46] නමුත් ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පැවසූයේ, "අනුෂ්කා කාව්‍යාගේ චරිතය නිරූපණය කළ ද, ඇයට පසුපස අසුනක් හිමිව ඇති සෙයකි."[47]

අනුෂ්කාගේ ඊළඟ නිකුතුව වූ‍යේ සෙල්වරාඝවන් ෆැන්ටසි ත්‍රාසජනක චිත්‍රපටයක් වූ ඉරණ්ඩාම් උලගම් ය. මෙහි ආර්යා සමග චරිත නිරූපණයේ යෙදුණු අතර,[48] සිය රංගන දිවියේ තෙවන වරටත් ද්විත්ව චරිත නිරූපණයක් සිදුකළා ය. මෙහි අනුෂ්කා විසින් නිරූපණය කළේ රම්‍යා නැමැති වෛද්‍යවරියකගේ චරිතයක් සහ සමාන්තර ලොවක ජීවත් වන අධ්‍යාත්මික බලයක් ඇති වර්ණා නැමැති රණකාමී ස්ත්‍රියකගේ චරිතයකි. රෙඩිෆ් රචනා කොට ඇත්තේ, "අනුෂ්කා ආර්යා සමග සමාන ලෙස තිර අවකාශය හුවමාරු කරගන්නවා පමණක් නොව ඇය සුවිශේෂී චරිතයක් ද නිරූපණය කරන්නී ය. කථාව ඇය වටා ගෙතී යන අතර, ඇය ප්‍රශංසාත්මක අයුරින් එය නිරූපණය කරයි".[49] Behindwoods ලියන්නේ, "ලැජ්ජාශීලි රම්‍යා වෛද්‍යවරිය සහ නිර්භීත වර්ණා රණකාමිණිය. තුළ අනුෂ්කා සරල අයුරින් හැඟීම් සහ උපක්‍රම හැකි උපරිම වශයෙන් යොදවන්නී ය. ඇගේ රංගනය කථාවේ ඉතිරි කොටස හැඩගැන්වීමට උපකාරයක් වී ඇති සෙයක් පෙනේ".[50] ඇගේ මෑතකාලීනම නිකුතුවක් වූ ලිංගා නැමැති දෙමළ චිත්‍රපටය තුළ ඇය සහ රජිනිකාන්ත් රංගනයේ යෙදුණහ. මෙය 2014 දෙසැම්බර් මස මුදාහැරිණි.[51] ඇය සහ රජිනිකාත්ත්ගේ ලිංගා චිත්‍රපටය මිශ්‍ර ප්‍රතිචාර හිමි කරගත්තේ ය.[52][53][54][55][56][57][58]

2015දී, ඇය සහ අජිත් කුමාර් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ යෙන්නෛ අරින්දාල් චිත්‍රපටය යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය.[59][60] 015 වර්ෂයේ ඇගේ දෙවන නිකුතුව වූයේ බාහුබලි චිත්‍රපටයේ ප්‍රථම කොටසයි. එස්. එස්. රාජමෞලිගේ නිර්මාණයක් වූ මෙය ඉන්දියානු චිත්‍රපට කර්මාන්‍තයේ වැඩිම ආදායමක් හිමි කරගත් චිත්‍රපට අතුරින් එකක් බවට පත් විය. ද හින්දු පුවත්පත පවසා තිබුණේ, අනුෂ්කා ෂෙට්ටි එවැනි චරිතයක් නිරූපණය කිරීමට ධෛර්යවත් බවත්, ඇය ඇගේ බලවත් ඇස්වලින් හැඟීම් මැනවින් නිරූපණය කරන බවත් ය. 2015 වර්ෂයේ ඇගේ තෙවන නිකුතුව වූයේ ගුණසේඛර්ගේ ද්වීභාෂා චිත්‍රපටයක් වූ රුද්‍රමාදේවී චිත්‍රපටයයි. මෙහි ඇය විසින් කාකාතීය රාජවංශයේ රැජිනක වූ රුද්‍රමා දේවීගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙහි සෙසු චරිත රානා දග්ගුබාති සහ අල්ලු අර්ජුන් විසින් නිරූපණය කරන ලදී.[61] AP හෙරල්ඩ් රචනා කොට තිබුණේ, "අනුෂ්කා ෂෙට්ටි අතිශයින්ම විශ්වසනීත අතර, ගෞරවනීය රාජකීය කාන්තාවකගේ චරිතයකට ඇය මැනවින් ගැළපේ. මෙහි ද්විත්ව චරිතයක් තිබේ. ඥාති 'රුද්‍රදේව' සහ බලවත් 'රුද්‍රමාදේවී' චරිත විශිෂ්ට ය. ඇය අලංකෘත අයුරින් මෙම චරිත ද්විත්වය නිරූපණය කරන අතර, එම චරිත ද්විත්වයටම විශ්වසනීයත්වය ලබා දෙයි."[62] 2015 වර්ෂයේ ඇගේ අවසන් නිකුතුව වූයේ සයිස් සීරෝ චිත්‍රපටයයි. මෙහි ඇය ප්‍රමාණයෙන් විශාල කාන්තාවකගේ චරිතය රඟපෑවා ය.

2017: අත්හදා බැලීම් චරිත සහ ඉදිරි ව්‍යාපෘති සංස්කරණය

2017 වර්ෂයේ නිකුත් වූ ඇගේ පළමු චිත්‍රපටය වූයේ Si3 චිත්‍රපටයයි. මෙහි ඇය සිය රංගන දිවියේ තෙවන වතාවටත් සූර්යා සමග යුග රංගනයේ නියැළුණා ය.[63] ෆිල්මිබීට් පැවසූයේ, අනුෂ්කා ෂෙට්ටි පෙර ප්‍රභේද දෙකෙහි ඇය නිරූපණය කළ චරිත යළි නිරූපණයේ නියැළෙන බව ය.

ඇගේ ඊළඟ නිකුතුව වූයේ ඕම් නමෝ වෙන්කටේසයා චිත්‍රපටයයි. මෙහි ඇය ක්‍රිෂ්ණම්මා නැමැති ප්‍රබන්ධ චරිතයක් නිරූපණය කළා ය.

නිර්මාණ දායකත්වය සංස්කරණය

නිළියක ලෙස
වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සහන්
2005 සුපර් සාෂා තෙලිඟු
මහා නන්දි නන්දිනී තෙලිඟු
2006 වික්‍රමර්කුඩු නීරාජා ගෝස්වාමි තෙලිඟු
අස්ත්‍රම් අනූෂා තෙලිඟු
රෙන්ඩු ජෝති දෙමළ
ස්ටාලින් ඇය ලෙසම තෙලිඟු "I Wanna Spider Man" ගීතයේ විශේෂ නිරූපණය
2007 ලක්ෂ්‍යම් ඉන්දු තෙලිඟු
ඩොන් ප්‍රියා තෙලිඟු
2008 ඔක්ක මගාදු භාවනී තෙලිඟු
ස්වාගතම් ශෛලු තෙලිඟු
බලදූර් භානුමතී තෙලිඟු
සෞර්යම් ස්වේතා තෙලිඟු
චින්තකායල රවි සුනීතා තෙලිඟු
කිං ඇය ලෙසම තෙලිඟු "නුව්වු රෙඩි නේනු රෙඩි" ගීතයේ විශේෂ නිරූපණය
2009 අරුන්දතී අරුන්දතී / ජේජම්මා තෙලිඟු ද්විත්ව චරිත
බිල්ලා මායා තෙලිඟු
වේට්ටෛකාරන් සුශීලා දෙමළ
2010 කේඩි ඇය ලෙසම තෙලිඟු "කේඩිගාඩු" ගීතයේ විශේෂ නිරූපණය
සිංගම් කාව්‍යා මහාලිංගම් දෙමළ
වේඩම් ස‍රෝජා තෙලිඟු
පංචාක්ෂරි පංචක්ෂරී / හනී තෙලිඟු
ඛලේජා සුබ්බලක්ෂ්මි තෙලිඟු
තකිට තකිට ඇය ලෙසම තෙලිඟු පසුබිම් නිරූපණය
නාගවල්ලි චන්ද්‍රමුඛී තෙලිඟු
රාගදා ශිරිෂා තෙලිඟු
2011 වානම් ස‍රෝජා දෙමළ
දෙයිව තිරුමගල් අනුරාධා රගුනාතන් දෙමළ
2012 සගුනි අනුෂ්කා දෙමළ පසුබිම් නිරූපණය
තාණ්ඩවම් මීනාක්ෂි දෙමළ
ධාමරුකම් මහේෂ්වරී තෙලිඟු
2013 ඇලෙක්ස් පාණ්ඩියන් දිව්‍යා දෙමළ
මිර්චි වෙන්නේලා තෙලිඟු
සිංගම් II කාව්‍යා මහාලිංගම් දෙමළ
ඉරණ්ඩාම් උලගම් රම්‍යා/වර්ණා දෙමළ
2014 ලිංගා ලක්ෂ්මී දෙමළ
2015 යෙන්නෛ අරින්දාල් තේන්මොළි දෙමළ
බාහුබලි: ද බිගිනිං දේවසේනා තෙලිඟු
දෙමළ
රුද්‍රමාදේවී රුද්‍රමා දේවි තෙලිඟු
සයිස් සීරෝ ස්වීටි තෙලිඟු
ඉන්ජි ඉඩුප්පළගි දෙමළ
2016 සොග්ගදේ චින්නි නයනා ක්‍රිෂ්ණ කුමාරි තෙලිඟු පසුබිම් නිරූපණය
ඌපිරි නන්දිනී තෙලිඟු පසුබිම් නිරූපණය
තෝළා දෙමළ
2017 Si3 කාව්‍යා දුරෛ සිංගම් දෙමළ
ඕම් නමෝ වෙන්කටේසයා ක්‍රිෂ්ණම්මා තෙලිඟු
බාහුබලි: ද කන්ක්ලූෂන් දේවසේනා තෙලිඟු පශ්චාත්-නිෂ්පාදන,
2017 අප්‍රේල් 28 දින මුදාහැරීමට නියමිත ය.
දෙමළ
භග්මතී TBA තෙලිඟු රූගත කෙරෙමින් පවතියි.[64][65]

සම්මාන සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Sweety is a boring person, that’s why I become Anushka for my fans: Anushka Shetty"
  2. "'Baahubali' actress Anushka Shetty celebrates her 34th birthday!"
  3. "Anushka ‘settled’ in Hyderabad"
  4. 4.0 4.1 4.2 "Top Telugu actresses of 2009 - Rediff.com Movies". Movies.rediff.com. 2009-12-29. සම්ප්‍රවේශය 2011-06-18.
  5. "Meet super-talented Anushka Shetty! - Rediff.com Movies". Movies.rediff.com. 2010-05-31. සම්ප්‍රවේශය 2011-06-18.
  6. 6.0 6.1 6.2 6.3 "Top Telugu Actresses of 2010 - Rediff.com Movies". Rediff.com. 2010-12-20. සම්ප්‍රවේශය 2011-06-18.
  7. "Most Desirable Woman of 2015: Anushka Shetty"
  8. 8.0 8.1 8.2 Vinobha KT (24 December 2011). "Household Kola draws Tulu belle to Bellipady". The Times of India. 20 May 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 January 2012.
  9. http://www.rediff.com/movies/slide-show/slide-show-1-south-interview-with-anushka-shetty/20100531.htm
  10. http://www.indiaglitz.com/channels/telugu/review/7584.html
  11. http://www.sify.com/movies/super-review-telugu-13904525.html
  12. http://www.indiaglitz.com/channels/telugu/review/7731.html
  13. http://www.sify.com/movies/mahanandi-review-telugu-14026821.html
  14. "Anushka interview — chitchat — Telugu film actress". Idlebrain.com. 21 June 2007. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  15. "top 10 commercial hits in Telugu for yar 2006 - telugu cinema news". Idlebrain.com. 27 December 2006. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  16. සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/3014/telugu/vikramarkudu/763/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01 
  17. http://www.sify.com/movies/vikramarkudu-review-telugu-14236373.html
  18. "top 10 films in 2007 at box office- telugu cinema news". Idlebrain.com. 28 December 2007. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  19. "News : Heroines of the year: Anushka, Trisha". Telugucinema.com. සම්ප්‍රවේශය 17 December 2011.
  20. "A.P Box-office 2008". TeluguCinema.Com. 27 December 2008. සම්ප්‍රවේශය 17 December 2011.
  21. "Arundhati review — Telugu cinema Review — Anushka, Sonu Sood". Idlebrain.com. 16 January 2009. සම්ප්‍රවේශය 17 December 2011.
  22. "Review: Arundhati". Rediff.com. සම්ප්‍රවේශය 17 December 2011.
  23. "Movie Review:Arundhati". Sify.com. සම්ප්‍රවේශය 17 December 2011.
  24. http://www.idlebrain.com/news/2000march20/nandiawards2009.html
  25. "Filmfare Awards winners - The Times of India". The Times Of India. 9 August 2010.
  26. http://www.rediff.com/movies/review/billa-is-all-style-no-substance/20090406.htm
  27. http://www.sify.com/movies/billa-review-telugu-14878557.html
  28. http://movies.rediff.com/report/2009/dec/18/south-tamil-movie-review-vettaikkaran.htm
  29. http://www.sify.com/movies/vettaikaran-review-review-tamil-14924110.html
  30. "Filmfare Awards winners - The Times of India". The Times Of India.
  31. http://www.sify.com/movies/singam-review-review-tamil-14943277.html
  32. http://movies.rediff.com/report/2010/may/28/south-tamil-review-singam.htm
  33. "Stars stomp the sky -- Vaanam". The Hindu. Chennai, India. 1 May 2011. 3 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 November 2017.
  34. "Movie review: Vaanam". Sify. සම්ප්‍රවේශය 24 November 2012.
  35. Rangarajan, Malathi (16 July 2011). "Deiva Thirumagal: a sensitive poem on celluloid". Chennai, India: The Hindu. සම්ප්‍රවේශය 24 November 2012.
  36. සංරක්ෂිත පිටපත, http://entertainment.oneindia.in/tamil/reviews/2011/deiva-thirumagal-review-150711-aid0017.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01 
  37. Rangarajan, Malathi (29 September 2012). "Thaandavam: Fiery dance of the righteous". Chennai, India: The Hindu. සම්ප්‍රවේශය 24 November 2012.
  38. "Dhamarukam Movie review". Times of India. 23 November 2012. සම්ප්‍රවේශය 24 November 2012.
  39. http://www.rediff.com/movies/review/south-review-damarukam/20121123.htm
  40. සංරක්ෂිත පිටපත, http://entertainment.oneindia.in/telugu/reviews/2012/damarukam-movie-review-101388.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01 
  41. "Karthi-Anushka starrer starts rolling!". Sify.com. සම්ප්‍රවේශය 17 December 2011.
  42. http://www.firstpost.com/bollywood/unlike-bollywood-kollywood-learns-to-make-money-without-stars-924623.html
  43. "Archived copy". 9 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-06-06. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link) movie archive mirchi.html
  44. "Archived copy". 15 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-15. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link) movies report south-review-mirchi-has-an-overdose-of-violence.html
  45. http://www.sify.com/movies/mirchi-review-review-telugu-15019932.html
  46. http://www.sify.com/movies/singam-2-review-tamil-15033352.html
  47. "Singam 2 - The Times of India". The Times Of India.
  48. "Anushka says she is part of a Selva film". Sify.com. සම්ප්‍රවේශය 17 December 2011.
  49. http://www.rediff.com/movies/report/review-irandam-ulagam-is-a-mystical-love-story/20131122.htm
  50. http://www.behindwoods.com/tamil-movies/irandam-ulagam/irandam-ulagam-review.html
  51. http://timesofindia.indiatimes.com/entertainment/tamil/movies/news-interviews/Rajinis-Lingaa-launched/articleshow/34523007.cms
  52. "Lingaa". The Times of India. 12 December 2014. Retrieved 13 December 2014.      
  53. "Lingaa review". Behindwoods. 12 December 2014. Retrieved 12 December 2014.      
  54. http://www.rediff.com/movies/report/review-lingaa-is-buffoonery-at-its-most-old-school/20141212.htm
  55. http://www.sify.com/movies/lingaa-review-tamil-15058734.html
  56. සංරක්ෂිත පිටපත, http://www.hindustantimes.com/entertainment/reviews/lingaa-review-rajinikanth-s-new-film-is-political-to-the-core/article1-1295871.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01 
  57. Filmibeat.Com, Retrieved 26 December 2014
  58. CNN-IBN ibnlive.in.com, Retrieved 15 January 2015, http://ibnlive.in.com/news/lingaa-review-because-two-rajinikanths-are-always-better-than-one/517835-8-68.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01 
  59. "‘I am dying to work with Ajith again’". Bangaloremirror.
  60. Nicy V.P (16 February 2015). "Yennai Arindhaal got Positive reviews from critics and audience alike". The International Business Times.
  61. "Anushka to do a Tamil-Telugu period film?". Times of India. 6 October 2012. 9 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 November 2012.
  62. http://www.apherald.com/Movies/Reviews/58220/Rudhramadevi-(Rudramadevi)-Telugu-Movie-Review-Rating/
  63. http://timesofindia.indiatimes.com/entertainment/tamil/movie-reviews/si3/movie-review/57059210.cms
  64. "Bhagmati is a modern-day thriller; not a period drama based on the Hyderabad queen: Anushka"
  65. "Anushka Shetty sheds 18 kilos for her upcoming film"

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:NandiSpecialJuryAward සැකිල්ල:CineMAABestActress

"https://si.wikipedia.org/w/index.php?title=අනුෂ්කා_ෂෙට්ටි&oldid=591242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි