ග්‍රීසියේ ජනාධිපතිවරයා

කථා ව්‍යවහාරයෙන් ග්‍රීසියේ ජනාධිපතිවරයා ලෙසින් හැඳින්වෙන,හෙලනික ජනරජයේ ජනාධිපතිවරයා (ග්‍රීක: Πρόεδρος της Ελληνικής Δημοκρατίας) යනු, ග්‍රීසියේ රාජ්‍ය නායකයා වෙයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේ හෙලනික පාර්ලිමේන්තුව විසින් වන අතර, 1986 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව, ඔහුගේ භූමිකාව බොහෝ ලෙසින් චාරිත්‍රානුකූල වෙයි. 1975දී ග්‍රීසියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් විධිමත් ලෙසින් මෙම නිල ධූරය සංස්ථාපනය කරන ලද මුත්, 1924–35 අතර පැවති දෙවන හෙලනික ජනරජය සහ 1973–74 අතරතුර ග්‍රීක හමුදාමය ජුන්ටාව විසින් සංස්ථාපනය කෙරුණු ජනරජය තුල, එහි පූර්වාංගයන් පැවතිණි. 2005 වසරෙහි සිට වර්තමාන තනතුරුධාරියා වන්නේ කරලෝස් පපූලිස් වන අතර, තනතුරෙහි ඔහුගේ දෙවන අනුගාමී ධුර කාලය හොබවයි.

හෙලනික පාර්ලිමේන්තුව ජනාධිපති
Πρόεδρος της Ελληνικής Δημοκρατίας
ජනාධිපති ලාංඡනය
තනතුර ධාරී
කරලෝස් පපූලිස්

12 මාර්තු 2005 සිට
ශෛලීයඅති ගරු
නිවහන ජනාධිපති මන්දිරය, ඇතන්ස්
පත් කරන්නාහෙලනික පාර්ලිමේන්තුව
ධූර කාල ප්‍රමාණයවසර පහයි
එක්වරක් යළි පත් කල හැකි
සමාරම්භක දරන්නාමිහායිල් ස්ටසිනපූලෝස්
18 දෙසැම්බර් 1974
සංස්ථාපනයග්‍රීසියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
වැටුප138,732 [1]
වෙබ් අඩවියhttp://www.presidency.gr/

2015 පෙබරවාරි 18 දිනදී, ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස් හට පක්ෂව ඡන්ද 233 ක් ලබා දුන් ග්‍රීක පාර්ලිමේන්තුව විසින්, ග්‍රීසියේ නව ජනාධිපතිවරයා වශයෙන් ඔහු තෝරා පත් කර ගත් අතර, 2015 මාර්තු 13 දිනදී කරලෝස් පපූලිස්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිත වෙයි. [2]

බලතල සංස්කරණය

ජනාධිපතිවරයා, ග්‍රීක සන්නද්ධ හමුදාවන්හී නාමමාත්‍රික සේනාධිපතිවරයා වන අතර, රටෙහි පූර්වතා අනුපිළිවෙළෙහි පළමු ස්ථානය දරයි. 1974 වසරෙහි ග්‍රීක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතින් ලියැවිලි වල දැක්වෙන පරිදී සැලකිය යුතු බලතල ඔහු වෙත පවරා තිබුනද, ව්‍යවහාරයෙහිදී ජනාධිපතිවරයා විසින් චාරිත්‍රානුකූල භූමිකාවක් ගන්නා ලදි; ග්‍රීක රජයේ සක්‍රීය ප්‍රධාන විධායකයා වූයේ ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා වන අතර ඔහු රටෙහි ප්‍රධාන දේශපාලන පුද්ගලයා විය. ජනාධිපතිවරයාගේ නිල භූමිකාව හා ඔහු විසින් සිය බලතල තථ්‍ය ලෙසින් ව්‍යවහාරය කල ආකාරය, එකම එක් තලයකට ගෙන ඒම, 1986 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධනය විසින් සිදු කෙරුණු අතර, එය විසින් ඔහුගේ නිල බල තල අඩු කෙරිණි.

මැතිවරණය සංස්කරණය

ග්‍රීක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 32වන වගන්තිය ප්‍රකාර, වසර-පහක ධූර කාලයක් සඳහා හෙලනික පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු වන්නේ, තනතුරුධාරියාගේ නිල කාලය ඉකුත්වීමට අවම වහයෙන් එක් මසකට පෙර පැවැත්විය යුතු විශේෂ සැසියකදීය. ඡන්ද විමසීම පියවර දෙකකින් සිදු වන අතර, එක එකක උපරිම වශයෙන් ඡන්ද විමසීම් තුනක් සිදු වන්නේ ඒවා අතර කාල පරතරය දින පහක් නොඉක්මවන පරිදීය. [3]

පළමු සහ දෙවන වට සඳහා, 300-මන්ත්‍රී සංඛ්‍යාවකින් සැදි මණ්ඩලය වෙතින් 200 ක සුපිරිබහුතරයක් අවශ්‍ය වන අතර, තුන්වැන්නේදී මෙය 180 දක්වා පහත වැටෙයි. තුන්වන ඡන්ද විමසීමෙහිදී හෝ තේරී-පත්වීම සිදු නොවුනහොත්, පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබ, දින දහයක් ඇතුලත හදිසි මැතිවරණයක් කැඳවනු ලැබේ. නව පාර්ලිමේන්තුව යළි රැස්වීමෙන් පසුව, දෙවන පියවර ඇරඹෙන අතර, සතරවන ඡන්ද වටයෙහිදී අවශ්‍ය වන බහුතරය ඡන්ද 180 වන අතර පස්වන වටයෙහිදී ඡන්ද 151 ක සරල බහුතරයක් අවශ්‍ය වෙයි. සයවන හා අවසන් වටය තරග වදිනු ලබන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතර වන අතර තීරණය ගැනෙනුයේ සාපේක්ෂ බහුතරය සැලකිල්ලට ගැනීමෙනි. [3]

ධුරය භාරගැනීමේ දිවුරුම සංස්කරණය

නිලය භාර ගැනුමට පෙර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඉදිරියෙහි දිවුරුමක් කියවා ප්‍රකාශ කිරීම අවශ්‍ය වෙයි:

"ශුද්ධවූ, එකම ස්වභාවය ඇති සහ නෙබෙදිය හැකි ත්‍රිත්වයේ නාමයෙන් මම දිවුරා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති ආරක්ෂා කිරීමටත්, ඒවායේ විශ්වාසි පිළිපැදීම සහතික කිරීමටද, රටෙහි ජාතික නිදහස හා භෞමික ඒකාග්‍රතාවය ආරක්ෂා කිරීමටත්, ග්‍රීකයන්ගේ අයිතිවාසිකම් සහ නිදහස රැකීමටත් සහ ග්‍රීක ජනතාවගේ සාමාන්‍ය අභිරුචීන් සහ දියුණුව ඉෂ්ට කිරීමටත්ය."[3]

නිල නිවහන සංස්කරණය

 
ඇතන්ස්හී ජනාධිපති මන්දිරය

ග්‍රීසියේ ජනාධිපතිවරණයේ නිල නිවහන වන්නේ ජනාධිපති මන්දිරය වන අතර, එය මධ්‍යම ඇතන්ස්හී පෙරදී නව රාජකීය මාලිගය වෙයි.

ඉතිහාසය සංස්කරණය

1974 දී වර්තමාන තෙවන හෙලනික ජනරජය (ග්‍රීක: Γʹ Ελληνική Δημοκρατία) සංස්ථාපනය කෙරුණේ මේටපොලයිට්ෆසි යුගයෙහිදී, 1967 අප්‍රේල් 21 දි වූ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය සිට ග්‍රීසිය පාලනය කල කර්නල්වරුන්ගේ පාලන අවධිය අවසන් වූ විටය.

හමුදාමය ජුන්ටාවෙහි එවකට නායකයා සහ බලයෙන් පහකරන ලද දෙවන කොන්ස්ටන්ටයින් රජු වෙනුවට උපරාජයා වශයෙන් ක්‍රියා කල ජෝර්යියෝස් පපඩපූලෝස් විසින්, 1973 ජූනි 1 දිනදී ග්‍රීක රාජාණ්ඩුව අහෝසි කොට, තමා ජනරජයේ ජනාධිපති වශයෙන් ප්‍රකාශයට පත් කලේය. 1973 ජූලි 29 දිනදී රංගකරණය කෙරුණු ජනමත විචාරණයක් විසින් පාලන ක්‍රම වෙනස සනාථ කෙරුණු අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අනුමැතිය ලබාදී, ජනාධිපතිමය ජනරජයක් සංස්ථාපනය කෙරිණි. පාලිත ප්‍රජාතන්ත්‍රීකරණය සඳහාවූ මෙම උත්සාහය ව්‍යර්ථ වූයේ බ්‍රිගේඩියර් දිමිත්‍රියෝස් ඉවානීලිස් විසින් 1973 නොවැම්බරයේදී පපඩපූලෝස් බලයෙන් පහ කිරීම නිසාය. ජනරජය සහ එහි ආයතන, ආකෘතික වශයෙන් පවත්වා ගෙන ගියද, හමුදාමය ජුන්ටාවෙහි මුහුණත ලෙසින් පමණක් ඒවා ක්‍රියා කලහ. ජනරජයේ ජනාධිපති වශයෙන්, ලුතිනන් ජනරාල් ෆෙඩොන් ජිජිකීස් පත් කෙරුණද, බලතල පැවතුනේ ඉවානීලිස් අතෙහි වූ අතර, ඔහු විසින් තිරයෙන් පසුපස පාලනය ගෙන යන ලදි.

1974 අගෝස්තු මාසයේදී, ජුන්ටාව බිඳවැටීමත් කොන්ස්තන්දීනුස් කැරමන්ලීස් යටතේ සිවිල් පාලනයට යළි සම්ප්‍රාප්ත වීමත් හා සමගම, හමුදා පාලන තන්ත්‍රයෙහි නීතිමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කර්තව්‍යයන් අවලංගු බවට සැලතෙන බව ප්‍රකාශ කෙරුණු අතර, 1974 දෙසැම්බර් 8 දිනදී නව ජනමත විචාරණයක් පවත්වනු ලැබ එය මගින් රාජාණ්ඩුව අවසානයේදී අහෝසි කෙරිණි. අන්තරවාරයෙහිදී, ජනාධිපතිවරයා ලෙසින් ජිජිකීස් නිලය දැරීය. ජනමතවිචාරණයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙසින්, පළමු තෝරා පත් කර ගත් ජනාධිපතිවරයාවූ, මිහායෙල් ස්තසිනෝපුලොස් පත් විය.

1975 ජූනි 11 දිනදී නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක්, ප්‍රසිද්ධ කෙරුණු අතර, එය විසින් ප්‍රකාශයට පත් කෙරුණේ, ග්‍රීසිය ජනාධිපතිමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් (හෝ ජනරජයක්ග්‍රීක δημοκρατία යන්න දෙයාකාරයටම පරිවර්තනය කල හැක). 1985, 2001, සහ 2008 වසරන්හිදී සංශෝධනය කෙරුණු මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වර්තමානයෙහිද බලාත්මක වෙයි.

තුන්වන ජනරජයෙහි ජනාධිපතිවරුන් ලැයිස්තුව සංස්කරණය

ජනාධිපතිවරයා ධුර කාලසීමාව දේශපාලන පක්ෂය
# රූපය නම ධූරය භාරගැනීම ධූරය හැරයෑම කාලසීමාව
  
1
  මිහායෙල් ස්තසිනෝපුලොස්
Μιχαήλ Στασινόπουλος
(1903–2002)
18 දෙසැම්බර් 1974 19 ජූලි 1975 වර්ෂ &-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1.0000000, දින &0000000000000213.000000213 නිර්-දේශපාලනික
ලේඛක සහ ජූරිසභික, රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි හිටපු සභාපති. නිව් ඩිමොක්‍රසි පක්ෂය වෙතින් සහය ලැබ, 1974 නොවැම්බර් 17 මැතිවරණය සහ 1974 දෙසැම්බර් 8 ජනමත විචාරණය වෙතින් ග්‍රීක රාජාණ්ඩුව නියත වශයෙන් අහෝසි කිරීමට පසුව, එහි ප්‍රතිඵලයක් ලෙසින් බිහිවූ එන්ඩී-ප්‍රමුඛ පාර්ලිමේන්තුව විසින්, ඔහු නිතරගයෙන් තේරී පත් වූයේ පළමු ඡන්ද විමසුමෙන්ම ඡන්ද 206 ක් ලබමිනි.
  
2
  කොන්සටන්ටීනුස් ට්සාට්සුස්
Κωνσταντίνος Τσάτσος
(1899–1987)
19 ජූලි 1975 10 මැයි 1980 වර්ෂ &0000000000000004.0000004, දින &0000000000000296.000000296 නිව් ඩිමොක්‍රසි
ජූරි සභික සහ නැෂනල් රැඩිකල් යූනියන් සහ නිව් ඩිමොක්‍රසි සමගින් බහුවිධ කැබිනට් අමාත්‍ය. 1974 පාර්ලිමේන්තුව විසින්, පනායෝතිස් කැනලෝපුලොස් ට එරෙහිව මුල් වටයේදීම ඡන්ද 210 ක් පිරිනමා තෝරා පත් කර ගන්නා ලදි.
  
3
  කොන්ස්තන්තීනුස් කරමන්ලීස්
Κωνσταντίνος Γ. Καραμανλής
(1907–1998)
10 මැයි 1980 10 මාර්තු 1985
(ඉල්ලා අස් විය)
වර්ෂ &0000000000000004.0000004, දින &0000000000000304.000000304 නිව් ඩිමොක්‍රසි
1955–63 අතරතුර නැෂනල් රැඩිකල් යූනියන් නායක ලෙසින් අගමැති හා යළිත් 1974 සිට නිව් ඩිමොක්‍රසි නායක ලෙසින් අගමැති. එන්ඩී, කේඕඩීඅයිඑස් ඕ සහ කේකේඊ ඉන්ටීරියර් වෙතින් සහය ලැබ, සුළු පක්ෂ වලින් ඉදිරිපත් කර තුබූ වෙනත් අපේක්ෂකයන් සත් දෙනෙකුට එරෙහිව, එන්ඩී-ප්‍රමුඛ 1977 පාර්ලිමේන්තුව විසින් තුන්වන ඡන්ද වටයෙහිදී ඡන්ද 183 ක් ලබා දී තෝරා පත් කර ගන්නා ලදි. ඔහුගේ ධූර කාලය නිමා වීමට පෙර, ඉල්ලා අස් වූයේ, අන්ද්‍රෙයාස් පපන්ද්‍රොයෝ සමග ඇති කර ගත් විරසක බව සහ 1985 වසරෙහි ඔහුගේ දෙවන වාරයකට සහය නොදීමට පීඒඑස්ඕකේ ගත් තීරණය නිසාත්ය.
  
  යොවානිස් අලෙවරාස්
Ιωάννης Αλευράς
(1912–1995)
10 මාර්තු 1985 29 මාර්තු 1985 වර්ෂ &-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1.0000000, දින &0000000000000020.00000020 පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය
පීඒඑස්ඕකේ මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායක, කරමන්ලීස් ගේ අකල් ඉල්ලා අස් වීම නිසා ඔහු අදේශනය කෙරිණි.
  
4
  කිරිස්තෝස් සර්තතයිකිස්
Χρήστος Σαρτζετάκης (1929– )
29 මාර්තු 1985 5 මැයි 1990 වර්ෂ &0000000000000005.0000005, දින &0000000000000037.00000037 නිර්-දේශපාලනික
ජූරි සභිකයෙක් වන අතර ලැම්බ්‍රාකිස් ඝාතනය පිළිබඳව ඔහුගේ භූමිකාව නිසා ජනප්‍රියය . පීඒඑස්ඕකේ සහ කේකේඊ වෙතින් සහයෝගය ලැබූ ඔහු, පීඒඕඑස්කේ-ප්‍රමුඛ 1981 පාර්ලිමේන්තුව විසින් නිතරගයෙන් තෝරා පත් කර ගනු ලැබුවේ, තුන්වන ඡන්ද විමසීමෙහිදී ඡන්ද 180 ලබා දෙමිනි.
  
(3)
  කොන්ස්තන්තීනුස් කරමන්ලීස්
Κωνσταντίνος Γ. Καραμανλής
(1907–1998)
5 මැයි 1990 10 මාර්තු 1995 වර්ෂ &0000000000000004.0000004, දින &0000000000000310.000000310 නිව් ඩිමොක්‍රසි
1989 නොවැම්බර් පාර්ලිමේන්තුව විසින් ඡන්ද වට තුනකින් අනතුරුව ජනාධිපතිවරයෙක් තෝරා ගැනුමට අපොහොසත් වූයේ, තනතුරුධාරි කිරිස්තෝස් සර්තතයිකිස් සහ යොවානිස් අලෙවරාස් අතර පීඒඑස්ඕකේ ඡන්ද බෙදී යාම නිසා වන අතර, මෙහි ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ හදිසි මැතිවරණයක් පැවැත්වීමයි. පළමු ඡන්ද වට තුන ඇතුලතදී, කරමන්ලීස් විසින් තමන් අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොකල මුත්, මැතිවරණයෙන් පසුව නිව් ඩිමොක්‍රසි විසින් එසේ සිදු කෙරිණි. නව 1990 පාර්ලිමේන්තුව විසින් ඔහු තෝරා පත් කර ගනු ලැබුවේ, පීඒඑස්ඕකේ-අනුග්‍රහය ලැබූ යොවානිස් අලෙවරාස් සහ el ( කොන්ස්තන්තීනුස් ඩෙස්පොතෝපුලොස්) (සිනස්පිෂ්මෝෂ්) ට එරෙහිව පස්වන ඡන්ද වටයෙහිදී ඡන්ද 153 ක් ලබා දෙමිනි.
  
5
  කොන්ස්තන්තීනුස් ස්ටෙෆනොපුලෝස්
Κωνσταντίνος Στεφανόπουλος
(1926– )
10 මාර්තු 1995 12 මාර්තු 2005 වර්ෂ &0000000000000010.00000010, දින &0000000000000002.0000002 ස්වාධීන
නැෂනල් රැඩිකල් යූනියන් සහ නිව් ඩිමොක්‍රසි මන්ත්‍රීවරයා සහ කැබිනට් අමාත්‍යවරයා, 1985 වසරෙන් පසුව කැඩී වෙන්වූ ඩිමොක්‍රටික් රිනුවල් පක්ෂයෙහි නායකයා. පීඒඑස්ඕකේ සහ පොලිටිකල් ස්ප්‍රිං වෙතින් ලද සහය උපකාරයෙන්, එන්ඩී අපේක්ෂක el (අතනාසියුස් සල්දාරිස්) ට එරෙහිව, තුන්වන ඡන්ද වටයෙහිදී ඡන්ද 181 ක් ලබාදී, පීඒඑස්ඕකේ-ප්‍රමුඛ 1993 පාර්ලිමේන්තුව විසින්, ඔහු තෝරා පත් කර ගන්නා ලදි. පීඒඑස්ඕකේ-ප්‍රමුඛ 1996 පාර්ලිමේන්තුව විසින්,ඔහුගේ 2000 වසරෙහිදී යළි-පත්වීම සිදුවූයේ පීඒඑස්ඕකේ සහ එන්ඩී හවුල් අපේක්ෂකයෙක් ලෙසින්, සිනස්පිෂ්මෝෂ් පක්ෂයේ ලෙයොනීදස් කීර්කොස් ට එරෙහිව තරග කරමිනි.

ආශ්‍රිත සංස්කරණය

  1. Κούρεμα 50% στο μισθό του Προέδρου της Δημοκρατίας (ග්‍රීක බසින්). protothema.gr. 14 සැප්තැම්බර් 2012.
  2. "Πρόεδρος της Δημοκρατίας με 233 ψήφους ο Προκόπης Παυλόπουλος" (ග්‍රීක බසින්). in.gr. 18 පෙබරවාරි 2015. http://news.in.gr/greece/article/?aid=1231386727. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 පෙබරවාරි 2015. 
  3. 3.0 3.1 3.2 "ප්‍රසිඩන්ට්: ඉලෙක්ෂන් ඔෆ් ද ප්‍රසිඩන්ට්". ප්‍රසිඩන්සි ඔෆ් ද හෙලනික් රිපබ්ලික්. සම්ප්‍රවේශය 17 පෙබරවාරි 2015.