කෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකා

ප්‍රභේද නාමය විස්තරය
අංගවීර
  • දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි.
  • ව්‍යාජ කඳ(මීටර් 2-3) රතු පැහැතිය‍. පත්‍ර කඳ කොළ පැහැතිය‍. ව්‍යාජ කඳ මීටර් 2-3 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.2-1 උස්ව වැඩේ. කඳ විශාල ලෙස මහත් නොවේ. පත්‍ර නටුවේ දම් පාට දාරයක් ඇත. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය රතු පැහැතිය‍.
  • මෙම කෙසෙල් ප්‍රභේදය කැන හටගන්නේ කෙසෙල් මුවකින් නොවේ.
  • මෙම කෙසෙල් කැනක ඇවරි 1 -3 ක්, කැනක ගෙඩි 1 -35 ක් පමණ ලබාගත හැකිය. මෙම කෙසෙල් ගෙඩිවක් සාමාන්‍යයෙන් සෙ.මී. 38 - 45 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 15 - 20 පමණ වේ.
  • මෙම කෙසෙල් ප්‍රභේදයේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.
අළු කෙසෙල්
අළු මුන්දන්
ආනමාලු
  • ප්‍රභේදය තරමක් දුර්ලභය.
  • ව්‍යාජ කඳ(මීටර් 4-7) කොළ පැහැතිය‍. පත්‍ර නටුව පිටතට වක් වී ඇත.
  • කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකිය.
  • මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට ගෙඩි කොළ පැහැතිය‍, කහ පැහැයට නොහැරේ.
ඇට මුරු
ඇටි කෙහෙල්
  • දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි.
  • ව්‍යාජ කඳ කොළ පැහැති ව්‍යාජ ක‌‌ඳේ(මීටර් 3-3.2) රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත. ව්‍යාජ කඳ උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ.
  • කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය. කෙසෙල් ‌ගෙඩියේ බීජ ඇත.
  • මෙම කෙසෙල් ප්‍රභේදයේ ඉහළ ඖෂධීය වටිනාකමක් පවතී.
ඇම්බන්
  • ව්‍යාජ කඳ කොළ පැහැතිය‍.එහි රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත.
  • කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකිය. ගෙඩියක් සෙ.මී. 16 - 18 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 1.4 - 1.6 පමණ වේ.
  • කැනක බර කි.ග්‍රෑම් 15-18 ක් පමණ වේ.
ඇඹුල් කෙසෙල්
  • ව්‍යාජ කඳ රතු පැහැතිය‍.
  • ව්‍යාජ කඳ මීටර් 3-6 උස් වන අතර කෙසෙල් කැනක ඇවරි 7 -13 ක් ලබාගත හැකි ය.
  • කැනක බර කි.ග්‍රෑම් 18-25 ක් පමණ වේ.
  • පැනමා රෝගය සඳහා ප‍්‍රතිරෝධීතාවය ඇත.
කණ්ඩුල
  • චතුර්ගුණ දෙමුහුම් ප්‍රභේදයකි. මෙය පළතුරක් හා එළවළු වශයෙන් භාවිතා කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි.
  • ව්‍යාජ කඳ(මීටර් 2.5-3) කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය.
  • කෙසෙල් කැනක ඇවරි 7-10 ක් ලබාගත හැකිය. කැනක බර කි.ග්‍රෑම් 25-30 ක් පමණ වේ.
  • නියඟය,සුළඟ,කෙසෙල් ඉරි වෛරස් රෝගයට මරොත්තු දේ.
  • නිසරු හා ආන්තික ඉඩම් වලද හොඳින් වගා කළ හැකිය.
  • 2002 වසරේදී නිර්දේශ කරන ලදී.
  • සියලු කෘෂි දේශගුණික කලාප සඳහා සුදුසුයි.
කන්නන් නොරු
  • දැඩි අව් රශ්මියට ප්‍රිය නොකරන අතර රත් කෙසෙල් ගෙඩි මෙන්ම වේ.
  • අමු කෙසෙල් කැන තද කොළ පැහැය ගන්නා අතර ඉදුණු පසු එහි පැහැය කහ පැහැයෙන් යුක්තය.
කළු පූවාළු
කිනල/දිය මුන්දන්
කිරි සුවඳැල්
ගෝන ඇඹුල්
නේත්‍රම්පලම්
පූවාළු
  • වතුපාළු ලෙසද හඳුන්වයි. දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි.
  • ව්‍යාජ කඳ(මීටර් 3-4.5) කොළ පැහැතිය‍.
  • කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකිය.
  • කැනක බර කි.ග්‍රෑම් 15-18 ක් පමණ වේ.
පේර කෙහෙල්
බිම් කෙසෙල්
  • සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ. ඩ්වෝෆ් කැවෙන්ඩි‍ෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි.
  • ව්‍යාජ කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය.
  • කෙසෙල් කැනක ඇවරි 10-12 ක් ලබාගත හැකිය.
  • කැනක බර කි.ග්‍රෑම් 20 ක් පමණ වේ.
  • වද පීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
මර්ත මාළු
මැටි කිතල
  • දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි.
  • ව්‍යාජ කඳ(මීටර් 3-4.5) කොළ පැහැතිය‍.එහි රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත. *කැනක බර කි.ග්‍රෑම් 14 ක් පමණ වේ.
  • පිසීම සඳහා පමණක් යොදා ගනී.
මුරු මුන්දන්
මුව තුනි කෙහෙල්
රට හොඹුරවලු
රතඹලා
රත් ආනමාලු
රත් ‌කෙසෙල්
  • මෙම ප්‍රභේදය දැඩි අව් රශ්මියට ප්‍රිය නොකරන අතර කෙසෙල් කඳ හා පිති තරමක් රත් පැහැයට හුරුය.
  • අමු කෙසෙල් කැන රතු, කොළ හා කළු පැහැය ගන්නා අතර ඉදුණු පසු එහි පැහැය තරමක් දිලිසෙන රතු පැහැයෙන් යුක්තය.
රන්කෙසෙල්/රතඹලා
රබර් කෙහෙල්
  • මෙය වතුපාලු කෙසෙල් හෝ සීනි කෙසෙල් ලෙස හඳුන්වනවා.
  • වගාවට ඉතා පහසු, ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉතා අඩු කෙසෙල් වර්ගයක් ලෙසින් මෙය වගාකරුවන් අතර ජනප්‍රියයි.
වල් සුවඳැල්
සීනි කෙසෙල්
  • ව්‍යාජ කඳ(මීටර් 2-4) දීප්තිමත් කොළ පැහැතිය‍.
  • විශාල පැල ප්‍රමාණයක් හට ගනී.
  • කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකි අතර කැනක බර කි.ග්‍රෑම් 15-20 ක් පමණ වේ.
සුවඳැල්
  • දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි. වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.
  • ව්‍යාජ කඳ(මීටර් 2.5-3) රතු පැහැතිය‍.
  • අඩු පැල ප්‍රමාණයක් හට ගනී.
  • කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැක. කැනක බර කිලෝග්‍රෑම් 14 ක් පමණ වේ.
  • තෙත් කලාපයේ සාර්ඵකව වගා කළහැකිය.
  • මෙම කෙසෙල් ප්‍රභේදය පැනමා රෝගය සඳහා ප‍්‍රතිරෝධීතාවය පෙන්වයි.