මෙම කෙසෙල් ප්‍රභේදය වතුපාළු ලෙසද හඳුන්වයි. දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි. ව්‍යාජ කඳ කොළ පැහැතිය‍. ව්‍යාජ කඳ මීටර් 3-4.5 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. පත්‍ර පාද වල දුඹුරු පාටට හුරු කළු පාට සළකුණු ඇත. කඳ විශාල ලෙස මහත් නොවේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍ර නටුවේ දම්පාට දාරයක් ඇත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. කෙසෙල් මුහය දම් පාටය. ‌කොළපු වල පැහැදිලි නාරටි ඇත. කෙසෙල් ‌ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. කෙසෙල් කැන තරමක් කෝණයකට තිරස්ව පිහිටා ඇත. මෙම කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකිය. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ නටුව දම් පාටට හුරු කොළ පාටය. කැනක බර කි.ග්‍රෑම් 15-18 ක් පමණ වේ. ගෙඩිය හරස්කඩකට කැපූ විට ත්‍රිකෝණාකාරය. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි ඉහළ වටිනාකමක් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=පූවාළු&oldid=492645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි