ව්‍යාජ කඳ දීප්තිමත් කොළ පැහැතිය‍. ප්‍රදේශය අනුව ව්‍යාජ කඳ මීටර් 2-4 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. විශාල පැල ප්‍රමාණයක් හට ගනී. කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය. කෙසෙල් ‌ගෙඩියේ මදය රසවත්ය, පිටි රහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකි අතර කෙසෙල් කැන සිලින්ඩරාකාර හැඩයක් ගනී. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය‍. කැනක බර කි.ග්‍රෑම් 15-20 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=සීනි_කෙසෙල්&oldid=492632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි