චතුර්ගුණ දෙමුහුම් ප්‍රභේදයකි. මෙය පළතුරක් හා එළවළු වශයෙන් භාවිතා කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි. ව්‍යාජ කඳ කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය. ව්‍යාජ කඳ මීටර් 2.5-3 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. කඳ විශාල ලෙස මහත් වේ. පත්‍ර නටුව පිටතට වක් වී ඇත. ඉක්මනින් පීදිම සිදුවේ. කඳ ඉතා ශක්තිමත්ය. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. කෙසෙල් මුහය තද දම් පාටය. කෙසෙල් ‌ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 7-10 ක් ලබාගත හැකිය. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය‍. කැනක බර කි.ග්‍රෑම් 25-30 ක් පමණ වේ. නියඟය,සුළඟ,කෙසෙල් ඉරි වෛරස්  රෝගයට මරොත්තු දේ. මෙම ප්‍රභේදය නිසරු හා ආන්තික ඉඩම් වලද හොඳින් වගා කළ හැකිය. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි ඉහළ වටිනාකමක් පවතී. මෙම කෙසෙල් පුභේදය 2002 වසරේදී නිර්දේශ කරන ලදී. සියලු කෘෂි දේශගුණික කලාප සඳහා සුදුසුයි.

"https://si.wikipedia.org/w/index.php?title=කණ්ඩුල&oldid=492640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි