දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි. ව්‍යාජ කඳ රතු පැහැතිය‍. ව්‍යාජ කඳ මීටර් 2.5-3 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. කඳ විශාල ලෙස මහත් නොවේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය රතු පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. අඩු පැල ප්‍රමාණයක් හට ගනී. කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය. ‌මෙම ප්‍රභේද‌යේ ‌මුවෙන් අවසාන ඇවරිය බේරුණු පසු කෙසෙල් මුහය එතැන් සිට ඍජුව පොළොව දෙසට වර්ධනය වේ. කෙසෙල් කැන පැසුණු පසු බැලූවිට ගෙඩි සියල්ලම එක් දෙසකට හැරවී ඇති බව පෙනේ. කෙසෙල් ‌ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකි අතර කෙසෙල් කැන සිලින්ඩරාකාර හැඩයක් ගනී. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය‍. කැනක බර කිලෝග්‍රෑම් 14 ක් පමණ වේ. තෙත් කලාපයේ සාර්ඵකව වගා කළහැකිය. මෙම කෙසෙල් ප්‍රභේදය පැනමා රෝගය සඳහා ප‍්‍රතිරෝධීතාවය පෙන්වයි. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි ඉහළ වටිනාකමක් පවතී. මෙම කෙසෙල් පුභේදය 2010 වසරේදී නිර්දේශ කෙරුණු අතර වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. එබැවින් මෙම කෙසෙල් ප්‍රභේදය රැක ගැනීම අපගේ යුතුකමකි.

"https://si.wikipedia.org/w/index.php?title=සුවඳැල්&oldid=492641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි