ඉතාලි රාජධානිය
ඉතාලි රාජධානිය (ඉතාලි: Regno d'Italia) යනු, 1861දී, සාර්ඩිනියාවේ දෙවන වික්ටර් එම්මැනුවෙල් රජු, ඉතාලියේ රජ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා සමගම ප්‍රතිස්ථාපිත රාජ්‍යයකි. එහි නෛතික පූර්වගාමී රාජ්‍යය වන් සාර්ඩීනියා රාජධානියේ බලපෑම මත, ඉතාලියේ එක්සත් කිරීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම රාජ්‍යය ප්‍රතිස්ථාපනය කෙරිණි. 1946දී ඉතාලියානුවන් විසින් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මනාපය පළ කරන තෙක් මෙය පැවතිණි.
ප්‍රශියාව හා සමග සන්ධානගතවූ ඉතාලිය, 1866දී ඔස්ට්‍රියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය: මෙහෙයුම අසාර්ථක වුවද, බිස්මාර්ක්ගේ ජයග්‍රහණය හා සමගම, එය වෙත වෙනිතෝ ප්‍රදේශය හිමි විය. ඉතාලි හමුදා 1870දී රෝමයට ඇතුළුවූ අතර, වසර එක්දහසකට වඩා වැඩි කාලයක් පැවති පාප් වහන්සේගේ ලොකායත්ත බලය කෙළවර විය. ඔවුනොවුන්ගේ යටත්විජිතමය ව්‍යාප්තියන් පිළිබඳ ප්‍රංශය හා සමග ඇතිව තිබූ දැඩි අසම්මතීන් නිසාවෙන්, ජර්මනිය සහ ඔස්ට්‍රියාව-හංගේරියාව හා සමගින් ත්‍රිත්ව සන්ධානයකට එළඹෙන ලෙසින් 1882දී බිස්මාර්ක් සිදු කල යෝජනාව ඉතාලිය විසින් පිළිගන්නා ලදි. කෙසේවෙතත්, බර්ලිනය හා සමග සම්බන්ධතාවය ඉතා සුහදව පැවතියද, වියනා හා සමගින් සන්ධානය හුදු නාමමාත්‍රික ස්වභාවයක් ගත්තේ, ට්‍රෙන්ටීනෝ සහ ට්‍රියේස්ටා යන ඉතාලියානු භූමිප්‍රදේශ ඒ අවස්ථාව වන විටද ඔස්ට්‍රියා-හන්ගේරියානු පාලනය යටතේ පැවති නිසාය. එබැවින්, පළමු ලෝක යුද්ධයෙහි මිත්‍ර හමුදා පාර්ශවය හා එක් වන ලෙස බ්‍රිතාන්‍යය 1915දී ආරාධනා කළ විට, ඉතාලිය විසින් එය පිළිගනු ලැබුනේ, ඉතාලි මධ්‍යස්ථභාවයට හුවමාරුවක් වශයෙන් වියනාහී පොරොන්දු යෝජනාවට වඩා, ඉතාලි සහභාගිත්වය වෙනුවෙන් ලෙසින් බටහිර මිත්‍ර පාක්ෂිකයන් විසින් පොරොන්දු වූ භූමිප්‍රදේශමය හානිපූරණය (ඔස්ට්‍රියා-හන්ගේරියාව වෙතින් බැර කරමින්) වඩාත් ත්‍යාගශීලී වූ බැවිනි. යුද්ධයේදී ජයග්‍රහණය හා සමගින් ඉතාලිය සඳහා ජාතීන්ගේ සංගමයෙහි මන්ත්‍රණ සභාවේ ස්ථීර සාමාජිකත්වය හිමි විය.
"ෆැසිස්ට්වාදී ඉතාලිය" යනු, ඒකාධිපති නායකයා ලෙසින් බෙනීටෝ මුසොලීනි ක්‍රියා කළ සහ ජාතික ෆැසිස්ට්වාදී පක්ෂයෙහි පාලනය පැවැති 1922 සිට 1943 දක්වා කාලසීමාව වෙයි. ෆැසිස්ට්වාදීන් විසින් එකාධිපති පාලනය යොදවමින්, දේශපාලනමය සහ බුද්ධිමය විපක්ෂය මැඬ පවත්වන ලද අතර, ආර්ථික නවීකරණය, සාම්ප්‍රදායික සමාජ සාරධර්ම, සහ කතෝලික සභාව හා සමගින් යළි මිතුරුවීමක් යන දේ වෙත අනුබල දැක්වූහ. "ෆැසිස්ට්වාදී රාජ්‍යය සාපේක්ෂ වශයෙන් විභින්න අවිධීන් කිහිපයක් පසු කළේය," යැයි පෙයින් පවසයි (1996). පළමු අවධිය 1923–25 වූයේ නාමික වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දිගටම පවත්වා ගෙන යෑම වුවත්, "නෛතිකව සංවිධානාත්මක විධායක ඒකාධිපතිත්වයක්" හා සමගය. ඉන්පසු පැමිණියේ දෙවන අවධියයි, "1925 සිට දක්වා1929ෆැසිස්ට්වාදී ඒකාධිපතිත්වය නිසි ලෙසින් ගොඩනැගීම වෙයි." තුන්වන අවධිය, එතරම් ක්‍රියාකාරිත්වයක් නොමැතිව, 1929–34 විය. 1935–40, පැවැති සතරවන අවධියෙහි ලාක්ෂණික ගුණාංග වූයේ කලහකාරී විදේශ ප්‍රතිපත්තියක්, ඉතාලි සෝමාලිලන්තය සහ එරිට්‍රයාව වෙත සිට දියත් කෙරුණු, ඉතියෝපියාවේ යුද්ධ කටයුතු,[2] ජාතීන්ගේ සංගමයේ සම්බාධක සමග ඝට්ටන, වර්ධනය වන ආර්ථික ස්වයං-පෝෂණය, සහ අඩ-නාසිකරණය වූහ. එහි ව්‍යසන සහ පරාජයන් හා සමග යුද්ධය (1940–43) පස්වන අවධිය වූ අතර, ජර්මානු හික්මවීම යටතේ පැවති අධෝ සලෝ පාලනතන්ත්‍රය අවසන් අවධිය (1943–45) විය.[3]
දෙවන ලෝක යුද්ධයෙහිදී, 1943 වසර දක්වා, ඉතාලිය, නාසි ජර්මනිය සමගින් මිත්‍රව සිටියේය. මුසොලීනි බලයෙන් පහ කොට, මිත්‍ර පාර්ශව ආක්‍රමණිකයන් යටතේ පැවති ප්‍රදේශ (රෝමයෙන් දකුණෙහි) වල ෆැසිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිත්වය මැඩලීමෙන් පසුව එය පැති මාරුකොට මිත්‍ර පාර්ශවය හා එක් විය. ඒ වන විටද මුසොලීනි සහ ඔහුගේ පක්ෂපාතී ෆැසිස්ට්වාදීන් විසින් නායකත්වය සැපයුනු, "ඉතාලි සමාජවාදී ජනරජය" යන නම දැරූ නාසි ජර්මනියේ රූකඩ රාජ්‍යයක් වූ උතුරුදිග ඉතාලියේ අවශිෂ්ට ෆැසිස්ට්වාදී රාජ්‍යය, මිත්‍ර හමුදාවන්ට එරෙහි සටන්කිරීම දිගටම කරගෙන ගියේය. යුද්ධය නිමාවූ විගසින් පාහේ, සිවිල් සමාජයේ අතෘප්තිය නිසාම ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ජනමතවිචාරණය, 1946 පැවැත්වුනේ, ඉතාලිය රාජාණ්ඩුවක් වශයෙන් දිගටම පවත්වාගෙන යා යුතුද නැතිනම් ජනරජයක් විය යුතුද යන්න තීරණය කිරීමටය. ඉතාලි ජාතිකයෝ තීරණය කළේ රාජාණ්ඩුව අතහැර ඉතාලි ජනරජයක් පිහිටුවීමට වන අතර, වර්තමානයේ වුව ඉතාලියේ ආණ්ඩුක්‍රමය එය වෙයි.
බල ප්‍රදේශය
සංස්කරණයවර්තමාන ඉතාලිය සතුව පවතින සමස්ත බල ප්‍රදේශය සඳහාම ඉතාලි රාජධානියද හිමිකම් පෑය.
සටහන්
සංස්කරණය- ^ Italy 1922–1943 nationalanthems.info
- ^ ඇන්ඩ්‍රියා එල්. ෂැන්ටන්, එඩ්වඩ් රැම්සමි, පීටර් ජේ. සේබෝල්ට් (2012). "කල්චරල් සෝෂියලජි ඔෆ් ද මිඩ්ල් ඊස්ට්, ඒෂියා, ඇන්ඩ් ඇෆ්රිකා: ඇන් එන්සයික්ලොෆීඩියා". p. 308. සම්ප්‍රවේශය 2014-04-06.
{{cite web}}
: CS1 maint: multiple names: authors list (link) - ^ ස්ටැන්ලි ජී. පෙයින්, අ හිස්ට්‍රි ඔෆ් ෆැසිසිසම්, 1914–1945 (1996) පි 212