"ඉතාලි භාෂාව" හෙවත් ලිංගුවා ඉතාලියානා යනු ඉන්‍දු-යුරෝපීය භාෂා පවුලේ රොමාන්සීය භාෂාවකි (Romance language). ඉතාලි භාෂාව, බොහෝ සෙයින් ලතින් භාෂාවට කිට්ටු ම භාෂා වන සාඩීනියානු සහ වල්ගර් ලතින් භාෂා ඔස්සේ සම්භවය වී ඇත. ඉතාලි භාෂාව, ස්විට්සර්ලන්තයේ සහ ඉතාලියේ මෙන්ම ශාන්ත මරිනෝ(San Marino) සහ වතිකානුවේ ද නිල භාෂාව වන අතර බටහිර ඉස්ට්‍රියාවේ (ක්‍රොඒෂියාව සහ ස්ලොවේනියාව) තුළ නිල සුළුතර තත්‍වයක් එයට ඇත. එය කලින් ඇල්බේනියාව, මෝල්ටාව, මොනාකෝ, මොන්ටිනිග්‍රෝ (කොටෝර්), ග්‍රීසිය (අයෝනියන් දූපත් සහ ඩොඩෙකැනීස්) යන රටවල ද නිල භාෂාවක් ව පැවතී ඇත. තවද ඉතාලි භාෂාව කලින් ඉතාලියේ නැගෙනහිර අප්‍රිකානු සහ ඉතාලියේ උතුරු අප්‍රිකානු ප්‍රදේශවල නිල භාෂාවක් වූ අතර විවිධ අංශවලින් එය තවමත් එම ප්‍රදේශවල වැදගත් කාර්‍ය්‍යභාරයක් ඉටු කරයි. ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විශාල විදේශික ප්‍රජාවන් ද ඉතාලි භාෂාව කතා කරයි. ඉතාලි භාෂාව බොස්නියාවේ සහ හර්සගොවීනාව සහ රුමේනියාවේ කලාපීය හෝ සුළුතර භාෂා සඳහා වන යුරෝපීය ප්‍රඥප්තිය මගින් ආවරණය වන භාෂාවන් යටතේ ඇතුළත් කර ඇත. ඉතාලි භාෂාව කතා කරන බොහෝ දෙනෙක් ඉතාලි බස එහි සම්මත ස්වරූපයෙන් හෝ කලාපීය ප්‍රභේදවලින් කථා කරති.
ඉතාලි යනු ප්‍රධාන යුරෝපීය භාෂාවක් වන අතර එය යුරෝපයේ ආරක්‍ෂාව සහ සහයෝගීතා සංවිධානයේ (the Organization for Security and Co-operation in Europe) නිල භාෂාවක් වන අතර යුරෝපීය කවුන්සිලයේ වැඩ කරන භාෂාව (working language) කි. ඉතාලි බස, කථිකයන් මිලියන 67 ක් (යුරෝපා සංගම් ජනගහනයෙන් 15%) යුරෝපීය සංගමයේ වැඩිපුරම කතා කරන දෙවන මව් භාෂාව වන අතර එය දෙවන භාෂාවක් ලෙස යුරෝපා සංගම් පුරවැසියන් මිලියන 13.4 ක් (3%) කතා කරයි. යුරෝපා සංගම් නොවන යුරෝපීය රටවල (ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව සහ එක්සත් රාජධානිය වැනි) සහ වෙනත් මහාද්වීපවල ඉතාලි කථිකයන් ඇතුළුව මුළු කථිකයින් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 85 කි. රෝමානු කතෝලික ධූරාවලියෙහි භාෂාමය (පොදු භාෂාව) මෙන්ම මෝල්ටාවේ ස්වෛරී මිලිටරි නියෝගයේ නිල භාෂාව ලෙස සේවය කරන ශුද්ධාසනයේ ප්‍රධාන වැඩ කරන භාෂාව ඉතාලි වේ. සංගීත පාරිභාෂිතය හා ඔපෙරා භාවිතය නිසා ඉතාලි, සංගීතයේ භාෂාව ලෙස හැඳින්වේ. සංගීතය ගැන සඳහන් කරන බොහෝ ඉතාලි වචන ලොව පුරා විවිධ භාෂාවලට ගෙන ඇති අතර ඒවා ජාත්‍යන්තර වචන බවට පත්ව ඇත. කලාව සහ ආහාර හා සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපල තුළ ද එහි බලපෑම පුළුල් ය. ඉතාලිය එක්සත් වීමෙන් පසු ඉතාලි භාෂාව රජය විසින් සම්මත කරන ලදී. මීට පෙර ටස්කන් මත පදනම් වූ සාහිත්‍ය භාෂාවක් වූ ෆ්ලොරෙන්ටයින් සමාජයේ ඉහළ පංතියේ අය කතා කළහ. එහි වර්‍ධනය අනෙකුත් ඉතාලි භාෂාවන්ගෙන් ද, සුළු වශයෙන් පශ්චාත්-රෝම ආක්‍රමණිකයන්ගේ ජර්මානු භාෂාවලින් ද බලපෑම් ඇති කළේය. ස්වකීය මුතුන් මිත්තෙකු වන ලතින් භාෂාවෙන් උගත් වචන ඉතාලි භාෂාවට ඇතුළත් කිරීම ලිඛිත භාෂාව, විද්‍යාත්මක පාරිභාෂිතය සහ පල්ලියේ පූජනීය භාෂාවේ බලපෑම තුළින් ඉතාලි බස ස්වයංපෝෂිත විය. මධ්‍යකාලීන යුගයේ හා නූතන යුගයේ මුල් භාගය වන විට ඉතාලියානුවන් ලතින් භාෂා සාක්‍ෂරතාවයෙන් පෙළෙන අතර එම නිසා ඔවුන් පහසුවෙන් ලතින් වචන ලිවීමට හා අවසානයේ කථාවට යොදා ගත්හ. අනෙකුත් බොහෝ රොමාන්සීය භාෂාවන් මෙන් නොව, ඉතාලි කෙටි හා දිගු ව්‍යාංජනාක්‍ෂර අතර ලතින් භාෂාවෙහි වෙනස රඳවා ගනී. ඉතාලි වචන රිද්මයානුකූලව භාවිතා කිරීම අතිශයින්ම පහසු කරවන සාධකයක් වන ස්වදේශීය ඉතාලි වචන සියල්ලම පාහේ ස්වර වලින් අවසන් වේ.

Italian
italiano, lingua italiana
උච්චාරණය[itaˈljaːno]
ස්වදේශික වන්නේItaly, Switzerland (Ticino and southern Canton of Graubünden), San Marino, Vatican City, Slovenian Istria (Slovenia), Istria County (Croatia)
කලාපයItaly, Ticino and southern Graubünden, Slovenian Littoral, western Istria
ජන වර්ගයItalians
ස්වදේශික හසුරුවන්නන්
69 million native speakers in the EU[1] (c.2012)[2]
90 million total speakers
L2 speakers: 24 million
Latin (Italian alphabet)
Italian Braille
Italiano segnato "(Signed Italian)"[3]
italiano segnato esatto "(Signed Exact Italian)"[4]
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
4 countries

 Italy
 San Marino
  Switzerland
  Vatican City

2 regions
ස්ලෝවේනියා Slovenian Istria (Slovenia)
 Istria County (Croatia)

Organisations
 European Union
OSCE logo.svg OSCE
 Sovereign Military Order of Malta
හඳුනාගත් සුළුතර
භාෂාවක් වන ජාතිය
යාමනය කරනු ලබන්නේAccademia della Crusca (de facto)
භාෂා කේත
ISO 639-1it
ISO 639-2ita
ISO 639-3ita
ග්ලොටෝලොග්ital1282[7]
ලින්ග්වාස්ෆියර්51-AAA-q
Map Italophone World.png
     Main language

     Former official language, now secondary

     Large Italian-speaking communities
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.


මූලාශ්‍රසංස්කරණය

  1. "Eurobarometer – Europeans and their languages" (PDF). (485 KB), February 2006
  2. Italian at Ethnologue (18th ed., 2015)
  3. "Centro documentazione per l'integrazione". Cdila.it. Retrieved 2015-10-22.
  4. "Centro documentazione per l'integrazione". Cdila.it. Retrieved 2015-10-22.
  5. http://ec.europa.eu/public_opinion/archives/ebs/ebs_243_en.pdf
  6. Monaco IQ (English language), referencing Chapter One of Files and Reports&InfoSujet=General Population Census 2008&6Gb|2008 census (gouv.mc not an English source) Archived 27 September 2011 at the Wayback Machine.
  7. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Italian". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/ital1282. 
"https://si.wikipedia.org/w/index.php?title=ඉතාලි_භාෂාව&oldid=482912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි