ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු, එය පරිදී රාජ්‍යයක් හෝ වෙනත් සංවිධානයක් හෝ පාලනය කිරීම සිදුකෙරෙන, මූලික සිද්ධාන්තයන් හෝ ප්‍රතිෂ්ඨාපිත පූර්වාදර්ශයන් හෝ ගොන්නකි. [1] මෙම නීති එක්ව සදන්නේ, එනම් සංස්ථාපනය කරන්නේ, මෙම ස්ථිතිය කුමක්ද යන්නයි. මෙම මූලධර්ම, තනි එකතුවක් ලෙස හෝ නීති ලේඛන මාලාවක් ලෙස හෝ ලේඛනගත කල විට, එම ලේඛන විසින් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිරූපණය කෙරෙතැයි කිව හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පොදු නිර්වචනයක් නොමැති අතර විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත.

ඉතිහාසයසංස්කරණය

නූතන ලෝකයේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සලකනුයේ 1787 දී කෙටුම්පත් කරන ලද ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1789 දී ප්‍ර‍ංශය ද පසුව යුරෝපයේ බොහෝ රටවල් ද ලිඛිත ව්‍යවස්ථා සම්පාදනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු යම් රාජ්‍යයක පාලන ව්‍යුහයත් එම ව්‍යුහයට අයත් කාර්යභාරයත් එය ක්‍රියාවට නංවන ආකාරයත් සඳහන් නීත්‍යනුකූල බලයක් ලත් උත්තරීතර ලියවිල්ල බව පැවසිය හැකිය.

විවිධ මතසංස්කරණය

බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ඒ.වී.ඩයිසි දක්වන ආකාරයට රාජ්‍යය ස්වාධිපති බලය බෙදාහැරීම විදහා දක්වන සියලුම ආකාරයේ සෘජු හා වක්‍ර නීති අඩංගු ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.සර් අයිවෝ ජෙනිංගස් දක්වනුයේ ආණ්ඩුවේ ප්‍රධාන අවයව වන ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය සංයුක්ත වන ආකාරය ඒවා සතු බලතල ඒවා ක්‍රියාත්මක වන ආකාරය එම අවයව හා පුරවැසියන් අතර පවතින සම්බන්ධයේ ස්වරූපය පිළිබඳව අදාල වන මූලික සිද්ධාන්ත දැක්වෙන ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවයි.

නීතියේ ආධිපත්‍යය සම්බන්ධව යම් ක්‍රමාණුකූල අදහසක් පළමුවරට නූතන යුගය තුළ ඉදිරිපත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික නීතිවේදියකු වන මහාචාර්ය ඒ. වී. ඩයිසි විසිනි. ඔහු විසින් ලියන ලද  law of the constitution නැමතී කෘතියේ මේ පිළිබඳ ගැඹුරින් විග්‍රහ කරනු ලබයි. එය සංක්ෂිප්ත ව පහත පරිදි ගොනු කර දැක්විය හැකිය. ඒ අනුව

  1. රාජ්‍ය පාලනය ක්‍රියාවට නැංවිය යුත්තේ සාමාන්‍ය නීතිය පදනම් කර කරගෙනය
  2. නීතිය ඉදිරියේ සියලු දෙනාම එක සමාන වේ
  3. පුරවැසියන්ට සිය අයිතිවාසිකම් හිමිව තිබෙන්නේ නීති මගින් නොව සහජයෙන් සහ සමාජ සම්මතයෙනි.රාජ්‍යය මගින් පනවන නීති මගින් කළ යුත්තේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කොට පවත්වාගෙන යාමයි

මෙම මතවාදය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්,

  1. ආණ්ඩුකරණයට සම්බන්ධ පුද්ගලයින් එනම් පාලකයින් නීතියට යටත් විය යුතු අතර ඔවුන් සිටිනුයේ නීතියට ඉහළින් නොවේ.
  2. නීති පැනවීමට හා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සතු බලය විසින් පුරවැසි නිදහස උල්ලංඝනය නොකරන බව සහතික කිරීම සඳහා ඒවා සංවාදයට ලක් කළ යුතුය
  3. පුරවැසියන් හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම වදහිංසා පැමිණවීම සිරභාරයට පත් කිරීම ඔවුන්ගේ නිදහස සීමා කිරීම යන ප්‍ර‍තිඵල අත් වන පරිදි නීතිය අවභාවිතා කිරීමෙන් වැළකීමට වගබලාගත යුතුය
  4. රාජ්‍ය සතුව ඇති අධිකාරී බලය හා එහි  සීමාවන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති වල සහ අධිකරණ වල ලබා ගත් තීන්දුවල ප්‍රකාශිතව සඳහන් විය යුතුය
  5. විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් ස්වාධීනව කටයුතු කරන අධිකරණයක් ස්ථාපනය විය යුතුය

ඩයිසි ට අනුව නීතියේ ආධිපත්‍යයේ ඉතාම වැදගත්ම කොන්දේසිය වූයේ නීතිය ඉදිරියේ සියළු දෙනා ම එක සමාන වීම හා නීතිය සර්ව සාධාරණත්වය හා සමාන අයිතීන් සියල්ලන්ටම එක සමාන අයුරින් ලැබිය යුතුය යන්නයි.

ශ්‍රී ලංකාවසංස්කරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට 1833 දී හඳුන්වා දුන් අතර 1910,1920,1924,1931හා 1948 ආදී ලෙස  ලෙස නිදහසට පෙර යුගයේ වරින්වර ව්‍යවස්ථා හඳුන්වා දී ඇත. නිදහසින් පසුව ප්‍රථම සුජාත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලෙස 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුනාගත හැකිය. වර්තමානයේ දී ක්‍රියාත්මක වනුයේ 1978 දී සකස් කළ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහි අමරිකානු ආණ්ඩු ක්‍රමයේත් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේත් ලක්ෂණ බහුලව දැකිය හැකි අතර වඩාත් සමීප වනුයේ ප්‍රංශ ආණ්ඩු ක්‍රමයට වේ.

ආශ්‍රිතසංස්කරණය

  1. නිව් ඔක්ස්ෆර්ඩ් ඇමරිකන් ඩික්ෂනරි, දෙවන සංස්., එරීන් මැක්කීන් (සංස්කාරක), පිටු 2051, මැයි 2005, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ISBN 0-19-517077-6.