භාෂා පවුල
භාෂා පවුලක් යනු කිසියම් පොදු පූර්වජ භාෂාවකින් පැවත ඒම හේතුවෙන් ඥාතීත්වයක් දරන, භාෂා කාණ්ඩයකි. මෙම පොදු භාෂාව, මූල භාෂාව ලෙසින් හඳුන්වයි. මෙම මූල භාෂාවෙන් පැවත එන භාෂාවන් දුහිතෲ භාෂා ලෙසින් හඳුන්වයි. මෙම දුහිතෲ භාෂා සෑම විටම සමාන නොවේ.
Ethnologue වෙබ් අඩවියට අනුව, ලෝකයේ සජීවී මානව භාෂා 7,168 පමණ ඇති අතර, ඒවා විවිධ භාෂා පවුල් 142 කට වර්ග කර ඇත.[1][2] සජීවි භාෂා ලෙස හඳුන්වන්නේ එක් පුද්ගලයෙකුගේ හෝ මාතෘ හෝ පීතෘ භාෂාව ලෙස පවතින භාෂාවන් ය. ලෝකයේ ජනගහනයෙන් වැඩි දෙනෙකු කතා කරනු ලබන භාෂා අයත් භාෂා පවුල වන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුල වේ. එය සමස්ත ජනගහනයෙන් 40% වැඩි දෙනෙකුගේ භාෂා නියෝජනය කරන අතර මෙම භාෂා පවුලට අයත් භාෂා යුරෝපයේ සිට දකුණු ආසියාව දක්වා වපසරියක ව්‍යාප්තව පවතියි.
ලයිල් කෑම්ප්බෙල් (2019) නැමැති භාෂා විශාරධයාට අනුව හුදෙකලා භාෂා ද ඇතුළු ව ස්වාධීන භාෂා පවුල් 406 ක් දක්නට ලැබේ.
සටහන්සංස්කරණය
- ↑ Ethnologue වෙබ් අඩවියේ "How many languages are there in the world?" නැමැති වෙබ් පිටුවෙන් 2023 අප්‍රේල් මස 9 වන දින උපුටා ගන්නා ලදි. "7,168 languages are in use today."
- ↑ Ethnologue වෙබ් අඩවියේ "What are the largest language families?" නැමැති වෙබ් පිටුවෙන් 2023 අප්‍රේල් මස 9 වන දින උපුටා ගන්නා ලදි. "Of the 142 different language families, these six stand out as the major language families of the world."