AA005 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A5 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පේරාදෙණිය සහ චෙන්කලඩි යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

A5 මාර්ගය නුවරඑළියදී

මාර්ගය ගැලි ඔය, ගම්පොල, පුස්සැල්ලාව, නුවරඑළිය, කැප්පටිපොල, වැලිමඩ, හාලි ඇල, බදුල්ල, පස්සර, ලුණුගල, බිබිලේ, පදියතලාව, මහ ඔය, තම්පලන්චෝලේ සහ කරදියනාරු යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°00′34″N 80°44′03″E / 7.009451°N 80.734084°E / 7.009451; 80.734084