2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය

(2018 ශ්‍රී ලංකා ව්‍යවස්ථා අර්බුදය වෙතින් යළි-යොමු කරන ලදි)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට තනතුරුධාරී රනිල් වික්‍රමසිංහ මහතා විධිමත් ලෙසින් තනතුරෙන් පහකිරීමට පෙර, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසින් 2018 ඔක්තොම්බර් 26 දිනදී පත්කිරීමත් සමගම එකවිට අගමැතිවරුන් දෙදෙනෙකු තනතුරු දැරීමෙහි තත්ත්වයක් උද්ගත වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් ශ්‍රී ලංකාවෙහි ඇරඹිණි. වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් මෙම පත්කිරීම නීතිවිරෝධි ලෙසින් දුටු අතර, එබැවින් ඉල්ලා අස්වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරිණි. [3]

2018 ශ්‍රී ලාංකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය
ශ්‍රී ලංකාවෙහි සිවිල් යුද්ධයෙහි අනිටු විපාකය සහ ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015 හි කොටසකි
දිනය26 ඔක්තොම්බර් 2018 – 16 දෙසැම්බර් 2018
(7 weeks and 2 days)
ස්ථානයශ්‍රී ලංකාව
හේතූන්
  • 2015 ජාතික එක්සත් රජය විසුරුවාහැරීම
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙසින් පත් කිරීම
  • තනතුරුධාරී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරෙන් පහකිරීම
  • පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සහ විසුරුවාහැරීම
ක්‍රමඋද්ඝෝෂණ, අධිවාස, මහා වැඩවර්ජන
තත්ත්වයරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසින් යළි-පත් කිරීමත් සමගම නිම විය
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ පත්කිරීම
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් පහ කිරීම
  • ජනාධිපති සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව අත්හිටුවීම
  • තනතුරෙන් පහකිරීම පිළිනොගත් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය තුල රැඳී සිටීම
  • නව කැබිනට් මණ්ඩලය පත්කිරීම
  • කැබිනට් තනතුරු සඳහා අල්ලස් ලබාදුන්/ගත් බවට චෝදනා
  • පාර්ලිමේන්තුව විසුරුවාහැරි ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කිරීම
  • පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ජනාධිපතිවරයාගේ ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවයි.
  • රජය විසින් රජයේ මුදල් වියදම් කිරීම අත්හිටුවමින් පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරයි
  • රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් සහ අනෙකුත් අමාත්‍යවරුන් ඔවුන්ගේ තනතුරු වල ක්‍රියාකිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි
  • ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධි ක්‍රියාවක් බව නිර්ණය කරන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙහි ජනාධිපතිවරයාගේ නියෝගය ප්‍රතිගමනය කරයි
  • අග්‍රාමාත්‍යවරයාගේ තනතුර ක්‍රියාත්මක වීම පරිසීමාකරමින් අභියාචනාධිකරණය කල නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරයි
  • අග්‍රාමාත්‍ය තනතුරට අයිතිවාසිකම් කීම නීතිවිරෝධි බව මහින්ද රාජපක්ෂ පිළිගනියි
  • රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා තනතුරෙහි පුනස්ථාපනය කෙරෙයි
සිවිල් ගැටුමට අදාල පාර්ශව
ප්‍රධන පුද්ගලයෝ
අපාතිකයෝ
මරණ(ය)1[1][2]
තුවාල ලද3[1]
අත්අඩංගුවට ගැනීම්2[2]

සිරිසේන මහතාගේ මෙම හදිසි තීරණය විසින් "රට තුල දේශපාලනමය ව්‍යාකූල තත්ත්වයක්" ඇතිකිරීමට පදනම සකස් වූ අතර, ජාත්‍යන්තර විවේචනය ඔහු වෙත එල්ලවුණි. [4][2][5] වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවෙහි බහුතරයක්, සහ විපක්ෂයෙහි පක්ෂ විසින් ඔහුගේ ඉවත් කිරීම සහ රාජපක්ෂ මහතාගේ පත්කිරීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල අතර, සිරිසේන මහතාගේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට කියා සිටියහ. [6][7] පාර්ලිමේන්තුවෙහි බහුතරය තවමත් ඔහු සතු බවට හිමිකම් පල කර සිටි වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙහි කථානායක කරු ජයසූරිය වෙතින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසටය. [8] පාර්ලිමේන්තුව යළි-කැඳවන ලෙසට ඉදිරිපත්වූ සියළු ඉල්ලීම් නොසලකා හැරි සිරිසේන මහතා, ඔක්තොම්බර් 27 දිනදී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම තුලින්, එහි රැස්වීම් පැවැත්වීම නොවැම්බර් 16 වන දින තෙක් පමා කර ලීය. [9] රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සහිතව නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට ගත් වෑයමක් ව්‍යර්ථ වීමෙන් අනතුරුව, නොවැම්බර් 9 දිනදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිරිසේන මහතා උත්සාහ දැරීය. මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එජාප යෝජනා කල අතර ඉන් ඉක්බිතිව 2018 දෙසැම්බර මස දක්වා සිරිසේන මහතාගේ මෙම විසුරුවාහැරීමෙහි නියෝගය අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉනික්බිතිව තීරණය කලේ එම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. [10][11]

පසුබිම

සංස්කරණය

සිදුවීම් කාලරේඛාව

සංස්කරණය

අගමැතිවරුන් දෙදෙනා

සංස්කරණය

පාර්ලි‌‌මේන්තුව යළි රැස්වීම

සංස්කරණය
කථානායක කරූ ජයසූරිය

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ මැතිවරණය

සංස්කරණය
 
2018 නොවැම්බර් 9 සිකුරාදා දිනදී ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව විසුරුවාහරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිදු කල ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි

සංස්කරණය
 
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය


පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සංස්කරණය

2018 දෙසැම්බර් 13 දිනදී, පාර්ලිමේන්තුවෙහි වාර කාලය නිමවීමට මාස 20 කට ඉහතදී එය විසුරුවාහැරීමට ජනාධිපති සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරණි. පූර්ණ (විනිසුරුවන්-සත් දෙනෙකුගෙන් සමන්විත) විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කලේ එහි වාර කාලය වසර සතර-හමාරක් වීමට පළමුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සිදු කල නොහැකි බවයි. අධිකරණය තව දුරටත් පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් කැඳවීම නීතිවිරෝධී බවයි. [7]

ප්‍රචන්ඩත්වය

සංස්කරණය

ඔක්තොම්බර් 28 වන ඉරුදින දී, බලයෙන් ඉවත් කෙරුණු අමාත්‍යවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් විසින් විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීම නිසා එක් අයෙකු මරණයට පත් විය. [1]

  1. ^ a b c අතාස්, ඉක්බාල්; ජෝර්ජ්, ස්ටීව්. "ශ්‍රී ලංකා කන්ස්ටියුෂනල් ක්‍රයිසිස් ටර්න්ස් වයලන්ට්". සීඑන්එන්. 31 ඔක්තොම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 ඔක්තොම්බර් 2018.
  2. ^ a b c "ශ්‍රී ලංකා ක්‍රයිසිස්: ෆියර්ස් ඔෆ් අ 'බ්ලඩ්බාත්' ඉන් පවර් ස්ට්‍රගල්". බීබීසී. 30 ඔක්තොම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 ඔක්තොම්බර් 2018.
  3. ^ මෙයික්ස්ලර්, එලි. "ශ්‍රී ලංකන් ස්ට්‍රෝංමන්ස් රිටර්න් ස්පාක්ස් 'කන්ස්ටිට්‍යුෂනල් ක්‍රයිසිස්'". ටයිම්. සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2018.
  4. ^ අනීස්, ෂිහාර්. "ශ්‍රී ලංකා පීඑම්, 44 එක්ස්-එම්පීස් ඩිෆෙක්ට් ප්‍රොම් පාටි ලෙඩ් බයි ප්‍රසිඩන්ට් අහෙඩ් ඔෆ් ඉලෙක්ෂන්". චැනල් නිවුස්ඒෂියා. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2018.
  5. ^ රෂීඩ්, සහීනා. "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් ප්‍රයිම් මිනිස්ටර්, අපොයින්ට්ස් රාජපක්ෂ". අල් ජසීරා. 31 ඔක්තොම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 ඔක්තොම්බර් 2018.
  6. ^ "ද ටේල් ඔෆ් ටූ ප්‍රයිම් මිනිස්ටර්ස්". ද සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2018.
  7. ^ a b "ශ්‍රී ලංකාස් සුප්‍රීම් කෝට් ඕවර්ටර්න්ස් සැකිං ඔෆ් පාර්ලිමන්ට්". aljazeera.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2018.
  8. ^ "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් පීඑම්, ප්ලන්ජර්ස් කන්ට්‍රි ඉන්ටු ක්‍රයිසිස්". 28 ඔක්තොම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 ඔක්තොම්බර් 2018.
  9. ^ "පාර්ලිමන්ට් ප්‍රොරෝග්ඩ්". 28 ඔක්තොම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 ඔක්තොම්බර් 2018.
  10. ^ "සන්ඩේ ටයිම්ස් – යූඑන්පී ටු චැලෙන්ජ් ප්‍රසිඩන්ට්ස් ගැසට් ටු ඩිසෝල්ව් පාර්ලිමන්ට් ඔන් මන්ඩේ". sundaytimes.lk.
  11. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; sc stays නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි