2010 බංග්ලාදේශ තුන්කොන් තරඟාවලිය යනු 2010 ජනවාරි 4 සිට 2010 ජනවාරි 13 දක්වා බංග්ලාදේශයේ පැවති අයිඩියා කුසලානය සඳහා වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරඟාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ ජාතික කණ්ඩායම් සහභාගී විය.[1] 2010 ජනවාරි 13 වැනිදා පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.
ඉන්දියාව විසින් මෙම තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරග සඳහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විවේක ගැනීම සඳහා තරගාවලියෙන් ඉවත් විය.[2] 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට තෙන්ඩුල්කාර් වෙනුවට රෝහිත් ෂර්මා කැඳවා ඇත. වේග පන්දු යවන්නන් වන ඉෂාන්ත් ෂර්මා සහ ප්‍රවීන් කුමාර් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රීසාන්ත් සහ අශෝක් දින්ඩා ද දඟ පන්දු යවන ක්‍රීඩක ප්රග්යාන් ඕජා වෙනුවට අමිත් මිශ්රා ද කැඳවා තිබේ.[2]
සනත් ජයසූරිය, චාමර කපුගෙදර, ලසිත් මාලිංග , අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකාව සිය කණ්ඩායමේ විවිධ වෙනස්කම් සිදු කළේය.[3] කෙසේ වෙතත්, තිලකරත්න ඩිල්ෂාන් බංග්ලාදේශය සමඟ පැවති පළමු තරඟයේදී ඉකිලි ආබාධයකට ලක් වූ අතර ඔහුට තරඟාවලියේ පිට පිට තරඟ දෙක අහිමි විය.[4] ආබාධවලට ලක්වූ සෙසු ක්‍රීඩකයින් වූයේ පුහුණුවීම් අතරතුර මාපටැඟිල්ල කැඩී ගිය චාමර සිල්වා සහ තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැති දෙවැනි තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වූ මුතුමුදලිගේ පුෂ්පකුමාරයි. සංචිතයේ රික්තය පිරවීම සඳහා ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල් සහ මහේල උඩවත්ත කණ්ඩායමට ගෙන ආවේය.[5]
දණහිසේ ආබාධයෙන් සුවය ලැබීමට අපොහොසත් වූ ඔවුන්ගේ වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆි මොර්ටාසා නොමැතිව බංග්ලාදේශය තරඟාවලියට පිවිසියේය. බංග්ලාදේශ සංචිතයට හිටපු ICL ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ආරම්භක පිතිකරු ෂරියාර් නෆීස් සහ පිතිකරු අෆ්තාබ් අහමඩ් ද ඇතුළත් විය.[6] තරගාවලිය ආරම්භ වීමට මොහොතකට පෙර බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක නස්මුල් හොසේන් ආබාධයකට ලක්වීම හේතුවෙන් තුන්කොන් තරගාවලියෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට ෂහාදත් හොසේන් සංචිතයට ඇතුළත් කර තිබේ. [7]
ඉන්දියාව
|
ශ්‍රී ලංකාව
|
බංග්ලාදේශය
|
- මහේන්ද්‍ර සිං දෝනි (නා සහ කරැ)
- විරේන්ද්‍ර ෂෙවාග් (උප)
- ගෞතම් ගාම්භීර්
- විරාත් කෝලි
- සුරේෂ් රයිනා
- රෝහිත් ෂර්මා
- රවීන්ද්‍ර ජඩේජා
- හර්බජන් සිං
- සහීර් ඛාන්
- අශිෂ් නේරා
- යුවරාජ් සිං
- සුදීප් ත්‍යාගි
- දිනේෂ් කාර්තික්
- ශ්‍රීසාන්ත්
- අශෝක් දින්ඩා
- අමිත් මිශ්රා
|
- කුමාර සංගක්කාර (නා සහ කරැ)
- තිලකරත්න ඩිල්ෂාන් (උප)
- උපුල් තරංග
- තිලාන් සමරවීර
- තිළිණ කණ්ඩම්බි
- චාමර සිල්වා
- ලහිරු තිරිමාන්න
- තිසර පෙරේරා
- මුතුමුදලිගේ පුෂ්පකුමාර
- මාලිංග බණ්ඩාර
- සුරාජ් රන්දිව්
- තිලාන් තුෂාර
- සුරංග ලක්මාල්
- නුවන් කුලසේකර
- චානක වෙලගෙදර
|
- මුෂ්ෆිකර් රහීම් (නා සහ කරැ)
- ෂකීබ් අල් හසන් (උප)
- මොහොමඩ් අෂ්රෆුල්
- අබ්දුර් රසාක්
- තමීම් ඉක්බාල්
- සයිඩ් රාසෙල්
- රකිබුල් හසන්
- මහමුදුල්ලාහ්
- ෂහාදත් හොසේන්
- නයීම් ඉස්ලාම්
- ඉම්රුල් කයිස්
- රුබෙල් හොසේන්
- ෂෆියුල් ඉස්ලාම්
- ෂාරියාර් නෆීස්
- අෆ්තාබ් අහමඩ්
|
ස්ථා
|
කණ්ඩායම
|
ත
|
ජ
|
ප
|
විනැ
|
සම
|
ප්‍රසාද
|
ශුලවේ
|
ලබාගත්
|
ලබාදුන්
|
1
|
ඉන්දියාව
|
4
|
3
|
1
|
0
|
0
|
13
|
+0.753
|
1039 (ඕවර 173.1)
|
1039 (ඕවර 194.1)
|
2
|
ශ්‍රී ලංකාව
|
4
|
3
|
1
|
0
|
0
|
12
|
-0.051
|
1009 (ඕවර 181.5)
|
1002 (ඕවර 182.4)
|
3
|
බංග්ලාදේශය
|
4
|
0
|
4
|
0
|
0
|
0
|
-0.684
|
1052 (ඕවර 200.0)
|
1059 (ඕවර 178.1)
|
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, බංග්ලාදේශය 0.
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ෂෆියුල් ඉස්ලාම් ඔහුගේ මංගල එදිජා ක්‍රීඩා කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, ඉන්දියාව 0.
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ළහිරු තිරිමාන්න ඔහුගේ මංගල එදිජා තරගයට සහභාගි විය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, බංග්ලාදේශය 0.
- බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- බංග්ලාදේශය ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව ඔවුන්ගේ ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව 296ක් රැස් කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, බංග්ලාදේශය 0
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- උපුල් තරංග සහ මහේල ජයවර්ධන ගේ ආරම්භක ලකුණු 215 සම්බන්ධතාව එදිජා තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා 3 වැනි ඉහළම සබඳතාව සහ ඕනම කඩුල්ලකට 4 වැනි ඉහළම සම්බන්ධතාව වේ.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 5, ශ්‍රී ලංකාව 0.
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, බංග්ලාදේශය 0.
- ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- විරේන්ද්‍ර සෙවාග් එක්දින ලකුණු 7000 ඉක්මවූ හයවැනි ඉන්දීය පිතිකරුවා බවට පත්විය.
වැඩිම කඩුලු (ඉහළම 5)
ක්‍රීඩකයා
|
කණ්ඩායම
|
තරග
|
ඕවර
|
නිලකුණු
|
ලකුණු
|
කඩුලු
|
හොදම
|
සාමාන්‍ය
|
ඉකොන්
|
ප්‍ර.වේ.
|
ක 4
|
ක 5
|
චානක වෙලගෙදර
|
ශ්‍රී ලංකාව
|
4
|
33.4
|
2
|
209
|
8
|
5/66
|
26.12
|
6.20
|
25.2
|
0
|
1
|
නුවන් කුලසේකර
|
ශ්‍රී ලංකාව
|
3
|
30.0
|
2
|
142
|
7
|
4/48
|
20.28
|
4.73
|
25.7
|
1
|
0
|
තිසර පෙරේරා
|
ශ්‍රී ලංකාව
|
4
|
29.2
|
1
|
140
|
6
|
2/27
|
23.33
|
4.77
|
29.3
|
0
|
0
|
හර්බජන් සිං
|
ඉන්දියාව
|
3
|
29.0
|
1
|
144
|
6
|
3/47
|
24.00
|
4.96
|
29.0
|
0
|
0
|
සුරාජ් රන්දිව්
|
ශ්‍රී ලංකාව
|
5
|
45.0
|
1
|
193
|
5
|
2/40
|
38.60 කි
|
4.28
|
54.0
|
0
|
0
|
මූලාශ්‍රය: Cricinfo.com
|
- NEO Cricket (සජීවී) - ඉන්දියාව, හොංකොං, ජපානය, තායිවානය, කොරියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය
- Doordarshan (සජීවී) - ඉන්දියාවේ තරඟ පමණි
- Zee Sports (සජීවී) - ඇමරිකා එක්සත් ජනපදය
- Commonwealth Broadcasting Network (සජීවී) - කැනඩාව
- Fox Sports (සජීවී) - Australia
- Sky Sports (සජීවී) - එක්සත් රාජධානිය
- Supersport (සජීවී) – දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ සිම්බාබ්වේ
- Eurosport (සජීවී) - යුරෝපය
- StarHub (ගෙවීම් දර්ශන) - මැලේසියාව සහ සිංගප්පූරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග