බලාපුවඩුගේ අජන්තා වින්ස්ලෝ මෙන්ඩිස් (උපත මොරටුවෙහිදී, 1985 මාර්තු 11 දිනදී) යනු ශ්‍රීලාංකීක ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

අජන්ත මෙන්ඩිස්
ගොනුව:Ajantha-Mendis.jpeg
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම Balapuwaduge Ajantha Winslow Mendis
උස 5 අඩි 11 අඟල් (1.80 m)
පන්දුවට පහර දීමේ ශෛලිය දකුණත්
පක්දු යැවීමේ ශෛලිය Right-arm off spin, leg spin
භූමිකාව Bowler
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම ශ්‍රීලංකාව
ටෙස්ට් මංගලාවතරණය (වරම 109) 23 July 2008 සඳහා ඉන්දියාවට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය 8 March 2013 සඳහා Bangladeshට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap 134) 10 April 2008 v West Indies
අවසාන එදිජා තරගය 10 December 2014 v England
එදිජා කමිස අංකය. 40
Domestic team information
වසර කණ්ඩායම
2007–present Wayamba
2006–present Sri Lanka Army
2011 Somerset
2008–2009 Kolkata Knight Riders
2012–present Nagenahira Nagas
2013 Pune Warriors
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය Test ODI FC LA
තරග 17 65 55 121
රැස්කල ලකුණු ගණන 164 111 1,046 576
පිතිකරණයේ සාමාන්‍යය 14.90 6.52 15.84 14.04
100s/50s 0/1 0/0 1/3 0/2
වැඩිම ලකුණු ගණන 78 15* 101 71*
පන්දු යැවීම් 4,251 3,095 11,143 5,775
කඩුලු 64 109 268 228
පන්දු වැවීමේ සාමාන්‍යය 34.20 20.82 21.73 17.84
ඉනිමකදී කඩුලු 5 3 3 16 5
තරගයකදී කඩුලු 10 1 n/a 3 n/a
හොඳම පන්දු යැවීම 6/117 6/13 7/37 7/23
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 2/– 9/– 20/– 23/–
මූලාශ්‍රය: CricketArchive: http://www.espncricinfo.com/srilanka/content/player/268739.html, 3 December 2013
Ajantha Mendis
උපත11 March 1985 –
Moratuwa
පක්ෂපාතීත්වයශ්‍රී ලංකාව Sri Lanka
සේවාව/ශාඛාවSri Lanka Army
සේවා කාලය2005 –
නිලයSecond Lieutenant
ඒකකයSri Lanka Artillery

දකුණු-අත් ලැසි-මද වේග පන්දු යවන්නෙකු ලෙස වර්ගීකරණයට ලක් වුවද, අජන්තා මෙන්ඩිස් යනු ගුග්ලි, පිට-බිඳුම් (ඕෆ් බ්‍රේක්), උඩු-දඟ (ටොප් ස්පින්), ලැසි-ඉපිලුම් (ෆ්ලිපර්ස්) සහ පා-බිඳුම් (ලෙග් බ්‍රේක්) යන පන්දු යැවීම් ශෛලීන් මිශ්‍රණයක් උපයෝගී කරගන්නා දඟ පන්දු යවන්නෙකි. ඔහු සතුව ඇති පන්දු එවීමේ ශෛලීන් සමුදාය හමුවේ පිතිකරුවන් වික්ෂිප්තව අන්දමන්දව ඔහුගේ නිත්‍ය පන්දු එවීම කුමක්දැයි තෝරාබේරා ගැනුමට නොහැකිව අවිනිශ්චිතව ලතැවුනු අවස්ථා එමටය. මෙන්ඩිස්, 2007-08 ක්‍රීඩා වාරයෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා වඩාත් ඵලදායී කඩුළු දවා ගන්නා වූ අතර, 10.56ක සාමාන්‍යයක් ඇතිව හා කඩුළු දවා ගැනීමේ සීඝ්‍රතාවය 31 ක් සහිතව කඩුළු 46ක් තරග හයකදී හිමි කර ගත්තේය.

හමුදා ජීවිතය සංස්කරණය

සාමාන්‍ය සෙබෙලකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අැතුලත් වීමෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමට සමත්විය. ඉන්පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රභල පන්දු යවන්නෙකු වශෙයන් දැක්වූ වාර්තාගත දක්ෂතා හේතුවෙන් යුද්ධ හමුදාව තුල කොමිෂන් ලත් නිලධාරියෙකු ලෙස උසස්වීම් ලද අතර, වර්තමානයේ ලුතිතන්වරයෙකු වශයෙන් ඔහුගෙ සේවය යුද හමුදාව වෙත ලබාදෙයි.

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අජන්ත_මෙන්ඩිස්&oldid=591203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි