සුසෑන් බර්නර්ට්

ඉන්දියානු නිළිය

සුසෑන් බර්නර්ට් යනු ප්‍රධාන වශයෙන්ම විවිධ භාෂාවලින් යුත් ඉන්දියානු චිත්‍රපටවල රංගනයේ යෙදන ජර්මනියේ උපන් නිළියකි.[1][2][3][4] ඇය No Problem, Honeymoon Travels Pvt. Ltd. වැනි චිත්‍රපටවල සහ 7 RCR සහ ඒක් හසාරොන් මේන් මේරි බෙහ්නා හේ වැනි රූපවාහිනී කතාමාලා සඳහා සිය රංගන දායකත්වය සපයා ඇත.[5][6][7][8][9][10] ඇය ප්‍රංශ, ඉතාලි, ස්පාඤ්ඤ සහ හින්දි භාෂා කථා කරන්නී ය.[11][12][13] මීට අමතරව ඇය කලර්ස් ටීවී නාළිකාවේ ඓතිහාසික කතාමාලාවක් වන චක්‍රවර්තින් අශෝක සම්රාට් කතාමාලාවේ ද චරිත නිරූපණය කළ අතර ඒ හේතුවෙන් ඇය පැසසුමට ලක් විය.[14][15] එසේම ඇය ස්ටාර් ප්ලස් නාළිකාවේ කතාමාලාවක් වන යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ කතාමාලාවට ද සිය දායකත්වය සැපයූවා ය.[16][17]

සුසෑන් බර්නර්ට්
බර්නර්ට් කැමරාව දෙස බලා සිටියි.
සුසෑන් බර්නර්ට් Love Recipeහි ශ්‍රව්‍ය නිකුතුවේ දී
උපත26 සැප්තැම්බර් 1982 (1982-09-26) (වයස 41)
රැකියාවනිළිය
සක්‍රීය වසර2004–වර්තමානය
කලත්‍රයා(යන්)අඛිල් මිෂ්රා (2009–වර්තමානය)

මුල්කාලීන දිවිය සහ වෘත්තිය සංස්කරණය

බර්නර්ට් පැවතෙන්නේ ජර්මනියේ ඩෙට්මෝල්ඩ් ප්‍රදේශයෙනි. ඇගේ මව වන මොනිකා සහ පිවා මිචෙල් ජර්මනියේ ලින්ඩෝ ප්‍රදේශයේ දිවි ගෙවයි. 16වන වියේ දී ඇය තුන්-අවුරුදු රංගන පාඨමාලාවක් හැදෑරූවා ය.[18] ඇය ජර්මනියේ බර්ලින්හි හෙයඩ්‍ලට් ඩයල් යටතේ රංගනය ඉගෙන ගත්තා ය. ඇය පුහුණු බැලේ නර්තන ශිල්පිනියක ද වේ. මීට අමතරව ඇය ඇමරිකානු නිෂ්පාදිකාවක සහ නිළියක වන සුසෑන් බැට්සන් යටතේ බර්ලිනයේ දී පාඨමාලාවක් ද හදාරා ඇත. 2003දී සුසෑන් ඉන්දියානු චිත්‍රපට නිර්මාණකරුවකු වූ අනන්ත් දුසේජාගේ Destined Hearts චිත්‍රපටයේ රංගනයේ යෙදුණා ය. මෙය සම්පූර්ණයෙන්ම රූගත කෙරුණේ ඩුබායිහි ය.[19] මෙම චිත්‍රපටය මෙතෙක් මුදාහැර නොමැත.[20] 2005දී ඇය මුම්බායි වෙත පැමිණියා ය. බර්නර්ට් ප්‍රථම වරට ඉන්දියාවේ අවධානයට පාත්‍ර වූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ කසෞතී සින්දගී කේ තුළ ‘ඩොරිස් බජාජ්’ ලෙස ඇය නිරූපණය කළ විදේශික ලේලියගේ චරිතය හේතුවෙනි.[19][21] ඇය බෙංගාලි සහ මරාථි චිත්‍රපට මෙන්ම රූපවාහිනී කතාමාලා කිහිපයක් සඳහා ද දායක වී තිබේ.[22][23] බර්නර්ට්, ටයිටෑන් වෙළඳ දැන්වීමක ආමිර් ඛාන් සමග පෙනී සිට ඇත.[24] ඇය සිය සැමියා වන අඛිල් සමගින් විජේතා නම් රඟහල් සමූහයක් පවත්වාගෙන යන්නී ය. 'අටිති දේවෝ භාව්' නම් කෙටි චිත්‍රපටයේ රංගනයේ යෙදමින් ඇය ජායිපූර් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායක වූවා ය.[25][26]

පෞද්ගලික දිවිය සංස්කරණය

2009 පෙබරවාරි 3 දින සිවිල් අධිකරණයක දී බර්නර්ට් නළුවකු වන අඛිල් මිෂ්රා සමග විවාහ වූවා ය.[27] 2011 සැප්තැම්බර් 30 දින ඔවුහු සම්ප්‍රදායික වතාවත් අනුව නැවත වරක් විවාහ වූහ.[28][29][30] ඇය ඔහු සමග ක්‍රම් චිත්‍රපටයේ සහ දූර්දශන් නාළිකාවේ කතාමාලාවක් වූ මේරා දිල් දෙවානා තුළ කටයුතු කොට තිබිණි.[31] ඇය ඉන්දියානු සම්භව පුද්ගලයෝ කාඩ්පතක් (PIO කාඩ්පත) උසුලයි.

මානවවාදී කටයුතු සංස්කරණය

බර්නර්ට් ඉන්දියාව මූලික කරගත් සමාජ සේවා සංවිධානයක් වන සුලබ් ඉන්ටර්නැෂනල් සමග සම්බන්ධ වූ අතර, එක්සත් ජාතීන් වෙනුවෙන් චිත්‍රපටයක් ද රූගත කොට තිබේ.[තහවුරු කර නොමැත]

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. tadka in Marathi movies, http://lite.epaper.timesofindia.com/mobile.aspx?article=yes&pageid=23&sectid=edid=&edlabel=TOIPU&mydateHid=17-09-2011&pubname=&edname=&articleid=Ar02301&publabel=Foreign, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25 
  2. celebrates his Cannes victory
  3. Foreign exchange
  4. http://timesofindia.indiatimes.com/tech/suzanne-bernerts-birthday-special/Queen-Helena-turns-a-year-older/photostory/49102792.cms
  5. "Suzanne Bernert bags a film". The Times of India. 2013-09-16. සම්ප්‍රවේශය 2014-02-22.
  6. The only thing real about Claudia are her boobs
  7. I am not a reincarnation of Lord Ganesha, says Claudia Ciesla
  8. German actor Suzanne Bernert said Claudia Ciesla has no right to play with Indian religious sentiments.
  9. Meet the only gori bahu on TV!
  10. Suzanne Bernert approached to enter Bigg Boss
  11. "Suzanne Bernert in Shaitan!!!". The Times of India. 2013-03-12. සම්ප්‍රවේශය 2014-02-22.
  12. "I thought industrywallahs were ego-centric: Suzanne - The Times of India". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.
  13. සංරක්ෂිත පිටපත, http://ipaper.all-in.de/download/vorschau/weiler/2012-08-25_tageszeitung.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25 
  14. "I am leaving 'Chakravartin Ashoka Samrat' with a heavy heart, says Queen Helena aka Suzanne Bernert". The Times of India. සම්ප්‍රවේශය 13 September 2016.
  15. "Suzanne Bernert and Sumit Kaul revel in their fashion glory". The Times of India. සම්ප්‍රවේශය 13 September 2016.
  16. "Yeh Rishta Kya Kehlata Hai is a big leap for me, says Suzanne Bernert".
  17. "Yeh Rishta Kya Kehlata Hai's Akshara aka Hina Khan is very professional: Suzanne Bernett".
  18. Hungama, Bollywood. "German actress to star in Honeymoon Travels Pvt. Ltd". Bollywood Hungama. සම්ප්‍රවේශය 2016-04-17.
  19. 19.0 19.1 German lady finds Indian link through telly, http://www.hindustantimes.com/news-feed/nm17/german-lady-finds-indian-link-through-telly/article1-152291.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25 
  20. It's homecoming for Suzanne
  21. "It's homecoming for Suzanne". dna (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2016-04-17.
  22. "Suzanne Bernert bags Kalay Tasmay Namah". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.
  23. "German actor does the lavani". mid-day. සම්ප්‍රවේශය 2016-04-17.
  24. "German actress confess- to be successful in Bollywood you need Khan's to pull you along!". topnews.in. සම්ප්‍රවේශය 2016-04-17.
  25. German actress shoots a film on Indian tourism, http://mobilepaper.timesofindia.com/mobile.aspx?article=yes&pageid=19&sectid=edid%3D&edlabel=TOIJ&mydateHid=04-12-2012&pubname=Times+of+India+-+Jaipur&edname&articleid=Ar01901&publabel=TOI, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25 
  26. "German actress to woo tourists in Rajasthan". dailybhaskar. සම්ප්‍රවේශය 2016-04-17.
  27. The German bahu
  28. "Suzanne-Akhil to tie the knot again!". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.
  29. "Actor Suzanne Bernert is all set to have a traditional wedding ceremony on September 30. Suzanne, who's already married to Akhil Mishra (the librarian in "3 Idiots"), will be going for the pheres on the insistence of her father, who'll be coming down from Germany to attend the ceremony". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.
  30. "Is success related to failed marriage?". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.
  31. "Actress forgoes chance to star alongside Richard Gere for local commitment". The Times of India. 2013-12-11. සම්ප්‍රවේශය 2014-02-22.
  32. "Love Recipe". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.
  33. "Foreign hand at Tollywood". www.telegraphindia.com. සම්ප්‍රවේශය 2016-04-17.
  34. Kamble, Hridesh (2008-05-02), Pranali: The Tradition, http://www.imdb.com/title/tt1228744/, ප්‍රතිෂ්ඨාපනය 2016-04-17 
  35. "Mahurat of Marathi film 'Thann Than Gopal' graced by Akshay Kumar". deccanchronicle.com/. සම්ප්‍රවේශය 2016-04-17.
  36. Hungama, Bollywood. "Akshay Kumar at the Mahurat of Marathi film 'Thann Than Gopal'". www.bollywoodhungama.com. සම්ප්‍රවේශය 2016-04-17.
  37. "This is how Chakravartin Ashoka Samrat's characters look like in real life!".
  38. "German actress to star in Ashoka". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.
  39. "Suzanne Bernert &Narendra Jha in Samvidhaan". The Times of India. සම්ප්‍රවේශය 2014-02-22.
  40. "Suzanne Bernert to play Sonia Gandhi". The Times of India. සම්ප්‍රවේශය 2014-02-22.
  41. InpaperMagazine, From (2014-02-09). "Playing Sonia Gandhi". www.dawn.com. සම්ප්‍රවේශය 2016-04-17.
  42. "Saloni Daini returns, joins Suzanne Bernert for CID". The Times of India. සම්ප්‍රවේශය 2016-04-17.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සුසෑන්_බර්නර්ට්&oldid=593843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි