සාකච්ඡාව:නවීන විද්‍යාව

සයන්ස් යන්න විද්‍යාව ලෙස වෙනස් විය යුතුය. පරිශීලක:බිඟුවා 01:38, 20 ජනවාරි 2010

විද්‍යාව යන වචනය පිලිබඳ විද්වතුන් වෙනස් මත දරයි.
මහාචාර්ය නලින්ද සිල්වා, අලවත්තාගොඩ ප්‍රේමදාස, සහ බොහෝ සිංහල වියතුන් කියනුයේ විද්‍යාව යන බෞද්ධ වචනය සයන්ස් වෙනුවට යොදාගැනීම එම වචනය අපයෝජනය කිරීමක් බවයි.සිංහල විකිපීඩියාව හැකි සෑම විටම එම අපයෝජනය කිරීමෙන් වැලකීමට උත්සාහ දරන සම්ප්‍රදායක් අනුගමනය කරයි.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 202.129.233.242 (සාකච්ඡාවදායකත්ව) විසින් 22:30, 20 ජනවාරි 2010‎ හිදී එක් කර ඇත

බොහෝ සිංහල භාෂා වියතුන් අතරින් මහාචාර්ය්‍ය ජේ. බී. දිසානායක මහතා වැනි පිලිගත් භාෂා විෂාරදයින්ගේ මතයන්ද සලකා බලන්නේනම් එය සිංහල විකිපීඩියාවේ ඉදිරි ගමන පහසු කරන්නක් වනු ඇතැයි ද, හැකිතාක් මත බේද වලින් තොරව කටයුතු කිරීමේ ප්‍රවේසම් සහගත පියවරක් වනු ඇතැයි ද සිතමි.

"වහරනු සෙරෙන් සපයා" යැය් කව් සිලුමිණ කතුතුමාද පෙන්වා දි තිබෙනවා නොවේද?

--raju (talk) 15:06, 14 දෙසැම්බර් 2014 (යූටීසී)Reply

ඉංග්‍රීසි භාෂාවෙන් science යන්න සිංහල භාෂාවෙන් විද්‍යාව යන්න වේ.--Buddhikadissanayake (talk) 18:49, 25 ජනවාරි 2015 (යූටීසී)Reply

Move Request: නවීන විද්‍යාව → විද්‍යාව සංස්කරණය

ලිපි මාතෘකා යෙදීමෙදී ඉහළම ප්‍රමුඛත්වය දිය යුත්තේ වැඩියෙන්ම භාවිත වන වචනයටයි. විද්‍යාව යනුවෙන් ගූගල් සෙවුමක් කරොත් ලැබෙන ප්‍රතිඵල සියල්ලක්ම පාහේ Science ගැන වේ. ලිපියේ තිබෙන පරිදි විද්‍යාව යන්නෙහි "නියම අර්ථය" විකෘති වෙලා හෝ මොකක් වෙලා උනත්, සාමන්‍ය ජනතාව 'විද්‍යාව' කියල සාමාන්‍යයෙන් හඳුන්වන දෙයටයි මුල් තැන දිය යුත්තේ. විකිපීඩියා පරිශීලකයන් බහුතරය සාමාන්‍ය ජනයා මිසක් මහාචාර්‍යවරු නොවෙයි.

ගූගල් සෙවුම් ප්‍රතිඵල සංස්කරණය

  1. "විද්‍යාව" - ප්‍රතිඵල 1,510,000 යි. එහි පළමු පිටුවේ විකිපීඩියා ලිපිය හැර අනිත් සෑම ප්‍රතිඵලයක්ම වගේ ඇත්තේ Science ගැනයි.
  2. "බටහිර විද්‍යාව" - ප්‍රතිඵල 7,660 යි.
  3. "නවීන විද්‍යාව" - ප්‍රතිඵල 8,270 යි.

විද්‍යාව යන බෞද්ධ සහ හින්දු සංකල්ප වෙන වෙනම ඒවාට අයිති ලිපිවල පැහැදිලි කර ඇත.

--Ben MacTavish (talk) 11:51, 6 ජනවාරි 2022 (යූටීසී)Reply

මම දන්න තරමින් ගූගල් සෙවීම ඉංග්‍රීසි විකිපීඩියාවේදි වත් ප්‍රමුඛත්වය දී සලකන්නේ නෑ; එහෙම නේද? Lee (talk) 12:24, 6 ජනවාරි 2022 (යූටීසී)Reply
ඒක දැම්මේ ඒ ඒ වචනවල භාවිතය පෙන්නන්නයි. 'විද්‍යාව' කියන එකෙන් බහුතරයක් දෙනා අදහස් කරන්නේ මේ ලිපියෙ තියෙන "නවීන විද්‍යාව" ගැන නෙවෙයිද? Ben MacTavish (talk) 13:08, 6 ජනවාරි 2022 (යූටීසී)Reply
Return to "නවීන විද්‍යාව" page.