නවීන විද්‍යාව

අධ්‍යයනය හා දැනුම

විශ්වය පිළිබඳ පරික්‍ෂාකර බැලිය හැකි, විස්තර කිිරීම් සහ අනාවැකි පලකල හැකි ආකාරයේ වන්නාවූ දැණුම බිහිකරණ සහ සංවිධිත කරණ සහ ක්‍රමවත් කර්තව්‍යය නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව නම්වේ. විද්‍යාව යනු භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හා තාරකා විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර වල එකතුවකි.

විශ්වයේ පරිමාණයන් විද්‍යාවේ ශාඛා වලට අනුරූපණය කර ඇති අන්දම.

නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි.

විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම්,

  • ඔප්පු කරනලද විද්‍යාව
  • උපකල්පන විද්‍යාව

විද්‍යාත්මක උපකරන උපයෝගි කරගෙන පරියේෂණ මගින් ඔප්පුකරගත් දෑ පලමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පනයන් පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමටද හැක, අසත්‍ය වීමටද හැක. උදාහරණයක් මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පුකල දෙයකි එය පලමු වර්ගයට අයත්වේ. මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම ඔප්පුකල දෙයක් නොවේ විශ්වයේ බිහිවීම පිලිබදව පැවසීමේදී. ආරම්භයේ නෙබියුලා “Nebulae” යයි පවසන ආකාරයේ පැවතී වස්තුව පිපිරීම නිසා තරු බිහිවු බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවු බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවු බවත්, පවසන ලදී. පසුව මෙය සම්පුර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්යයා ඇති නොවු බවත් සුර්යයාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහා අනිකුත් ග්‍රහ වස්තුන් සියල්ල එකවිට ඇතිවු බව පවසන ලදී. මෑතක් වනතුරු පැවසුවේ ″විශ්වය සදාකල් පැවතුනු බවත් ඉදිරියටත් එසේම සදාකල් පවතින බවත්ය″ මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නමින් හැදින්විය. පසුව එය ප්‍රතික්‍ෂේප කොට මහා පිපිරුම් වාදය “Big bang theory” ඉදිරිපත් කරන ලදී. මේ වනතුරු මෙම වාදයන් ඔප්පුකොට නැත. මේවා උපකල්පනයන් පමණි. මෙය දෙවනි වර්ගයට අයත්වේ.

විද්‍යාවේ ඉතිහාසය

සංස්කරණය

විද්‍යාව යන යෙදුම

සංස්කරණය

Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ

=සයන්ස් යන යෙදුම

සංස්කරණය

විද්‍යාත්මක ක්‍රමය

සංස්කරණය

විද්‍යාත්මක ක්‍රමය (හෙවත් නවීන විද්‍යාත්මක ක්‍රමය) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම වල එකතුවයි.[1] ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි.[2][3] විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.

විද්‍යාවේ දර්ශනය

සංස්කරණය
 
Velocity-distribution data of a gas of rubidium atoms, confirming the discovery of a new phase of matter, the Bose–Einstein condensate.

විද්‍යාත්මක ප්‍රජාව

සංස්කරණය

ක්ෂේත්‍ර

සංස්කරණය
 
The Meissner effect causes a magnet to levitate above a superconductor
 
Louis XIV visiting the Académie des sciences in 1671.

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ Goldhaber & Nieto 2010, p. 940
  2. ^ "[4] Rules for the study of natural philosophy", Newton transl 1999, pp. 794–6, after Book 3, The System of the World.
  3. ^ Oxford English Dictionary – entry for scientific.

ආශ්‍රිත ලිපි

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
Find more information on Science by searching Wikipedia's sister projects:

  Dictionary definitions from Wiktionary
  Textbooks from Wikibooks
  Quotations from Wikiquote
  Source texts from Wikisource
  Images and media from Commons
  News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=නවීන_විද්‍යාව&oldid=455702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි