ශ්‍රී ලංකාවේ රබර් වගාව

රබර් වගාව

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය 1876 ​​දී ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ "Hevea brasiliensis" හෙවත් රබර් පැළ 1,919ක් සිටුවීමෙන් ආරම්භ විය.[1] 1890 දී රබර් යටතේ ඇති මුළු වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර් 50ක් පමණ වූ අතර 1900 ගණන්වල මුල් භාගයේදී එය හෙක්ටයාර් 10,000ක්} පමණ දක්වා වැඩි විය. කෙසේ වෙතත්, රබර් යටතේ ඇති සම්පූර්ණ වගාබිම් ප්‍රමාණය පසුව අඩු වූ අතර වර්තමානයේ එය හෙක්ටයාර් 120,000ක් පමණ වේ. රබර් මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ක පමණ දායකත්වයක් සපයයි.[2] ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් 2018 දී ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 දී 82,600,000 kg (182,100,000 lb) පමණ රබර් නිෂ්පාදනය කර ඇත.[3]

දකුණු පළාතේ රබර් වගාව
ශ්‍රී ලංකාවේ රබර් අස්වැන්න නෙළන කාන්තාවක්, ඇ. 1920


රබර් වගාවට අවශ්‍ය සාධක

සංස්කරණය

රබර් ගසක නිරෝගිමත් වර්ධනය සඳහා බොහෝ සාධක බලපානු ලබයි. ඒ අතරින් පස උෂ්ණත්‍වය හා වර්ෂාපතනය යන්න ඉතා වැදගත් වේ. රබර් ගසක් නිරෝගිමත් වර්ධනයට සෙල්සියස් අංශක 27 පමණ උෂ්ණත්‍වයක් ද ‍මිලි මීටර් 2000 වඩා වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ද හොඳින් තෙතමනය රඳා පවතින ලැටරයිට් හෝ ලැටරයිට් වර්ගයේ කබොක් පසද අවශ්‍යවේ. එලෙසම නියුට්ට්‍රිජන්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් හා සෝඩියම් යන පෝෂක කොටස් වැදගත් තැනක් ගනී. මෙම පෝෂක කොටස් නිසි පරිදි රබර් ගසකට ලබාගත නොහැකි වුවහොත් රබර් ගස කුඩා වීම, කොළ කුඩා වීම හා කොළ හටලන්නා ප්‍රමාණය අඩු වීම, කොළ කහ පාටින් හෝ කහපාටට හැරුණු කොළ පැහැයෙන් දිස් වීම, කොළ අනිසි ලෙස හැලීයාම, නිසි රබර් කිරි ඵලදාවක් ලබාගත නොහැකි වීම, රබර් කොළයේ අග දුඹුරු පැහැ ගැනීම වැනි රෝගී තත්ත්‍වයන්ට ලක් වේ.


රබර් වගාවට වැල‍ඳෙන රෝග

සංස්කරණය

Whiteroot Disease

 
Whiteroot Disease

රබර් ගස් මුල් අවදියේ දී පැළයේ මුල ප්‍රදේශය සුදු පැහැවී ඇත්නම් හා පුස් බැදීම් වලට ලක්වී ඇත්නම් එය Whiteroot රෝගය ලෙස හඳුනාගත හැකිය. වියලි කලාපයට වඩා තෙත් කලාපයේ දක්නට ලැබෙන මෙම රෝගය වර්ධයත් සමග රබර් ගස මරණයට පත් වේ.

Corynespora Leaf Spot Disease

 
Corynespora Leaf Spot Disease

මෙහි දී රබර් කොළයේ විවිධ ස්ථානවල දුඹුරු පැහැයට හුරු ලප හටගන්නා අතර පසු කාලීනව කොළය ගසෙන් හැලී යයි. කලුතර, කැළණිය, රත්නපුර ප්‍රදේශවල මෙම තත්වය බහුලව දැක ගත හැක.

Oidium Leaf Disease

 
Oidium Leaf Disease

මෙම රෝගී තත්ත්‍වය නිසා රබර් කොළයේ දෙපැත්තේමත්, රබර් මල් වලත් සුදු පැහැයට හුරු ලප මතුවේ. රෝගී තත්ත්‍වය වර්ධනයත් සමග මෙම තත්ත්‍වය රබර් ගසේ රිකිලි හා කුඩා අතු වලට ද වැලදී ගසේ වර්ධනය බාල කරයි.

Pink Disease

 
Pink Disease

වයස අවුරුදු 3-7 පමණ වයසේ වර්ධන අවදිය පවතින රබර් පැල සඳහා මෙම රෝගය විශාල වශයෙන් බලපායී. රබර් ගසේ කඳේ සුදු පැහැයට හුරු මකුලු දැළක් වැනි විශාල ලප ඇතිවන අතර ඉන් රබර් කිරි වෑස්සිමක් ද දක්නට ලැබේ.

Phytophthora Disease

 
Phytophthora Disease

මෙම රෝගී තත්ත්‍වය රබර් ගසේ ගෙඩියට, නාරටි වලට හා කඳේ පොත්තට බලපෑම් කරයි. මෙහි දී රබර් ගසේ පොත්ත කුණු වී යාම ,රබර් ගසේ කොළ අනවශ්‍ය පරිදී වැටීමට ලක්වීම සිදු වී රෝගී තත්ත්‍වය වර්ධනත් සමග රබර් ගස මරණයට වුව ද පත් විය හැක.

අතුරු බෝග වගාව

සංස්කරණය

අතුරු බෝග වගාව ලෙස සලකනු ලබන්නේ එකම වගා භුමියේ බෝග වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වගා කිරීමයි. අතුරු බෝග වගාව තුලින් රබර් වගා කරුවන්ට බොහෝ වාසි අත්පත් කර ගත හැක. රබර් වගාවේ දී අතුරු බෝග ලෙස පහත සඳහන් බෝග වගා කළ හැක.

 
අතුරු බෝග වගාවන්
  • තේ
  • කුරුඳු
  • වැනිලා
  • කෙසෙල්
  • උක්
  • කොකොවා
  • අන්නාසි
  • කරඳ මුංගු
  • පැෂන්පෘට්
  • පැඟිරි
  • බුලත්
  • දැව


රබර් නිෂ්පාදන ක්‍රියාවලිය

සංස්කරණය

රබර් බීජ වලින් ලබා ගන්නා රබර් පැල වගාවට සූදානම් කොට ඇති භුමියේ සිටුවා ගස වැඩෙන පරිදි පොහොර දමමින් හා වල් පැල මර්ධනය කරමින් නිසි ලෙස නඩත්තු කළ යුතුය. වසර 7 ගතවන තුරු රබර් ගස කිරි කැපීම සඳහා සුදුසු නොවේ. ගස රබර් ගසක කිරි කැපීම සඳහා කැපුම් දැමීමට සුදුසු වනුයේ එම රබර් ගසේ බද්ධ සන්ධියේ ඉහලම ස්ථානයේ සිට සෙ'මි'120(අඟල් 48)ඉහලින් වටය සෙ.මි.50(අඟල් 20) පමණ වූ විටය. මෙසේ කැපුම් දැමීමෙන් පසු රබර් ගස් වලින් ලබා ගන්නා කිරි පොල් කටු ආධාරයෙන් එකතුකොට රබර් නිෂ්පාදනාගාර වෙත යවනු ලැබේ. රබර් කිරි කපන අවස්ථාව් කිරි කැපුම්කරනු ලබන ස්ථානයේ වියලී ඇති පට්ට ගලවා ගන්නා අතර එය ඔට්ටපාලු ලෙස හඳුන්වනු ලැබේ. රබර් නිෂ්පාදනාගාරයේදී විවිධ ක්‍රියාවලීන්ට රබර් කිරි ලක් කොට පහත සඳහන් නිමවුම් ලබාගනී. රබර් නිෂ්පාදන සඳහා සීට් රබර්, ක්‍රෙප් රබර්, පේල් ක්‍රෙප්, ෂෝල් ක්‍රෙප් වැනි දෑ උදාහරණ වේ.


ශ්‍රී ලංකාවේ රබර් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක

සංස්කරණය
රබර් ඉඩම් බෙදා හැරීම (හෙක්ටයාර)[3][4]
දිස්ත්‍රික්කය 2014 2010 1992 1982
කොළඹ 6,466 6,320 10,084 10,317
ගම්පහ 3,289 3,835 4,840 3,364
කළුතර 24,195 28,765 41,237 47,632
මහ නුවර 1,643 1,854 2,079 2,127
මාතලේ 1,190 4,005 2,530 6,637
නුවරඑළිය 27 6 224
ගාල්ල 4,356 5,982 11,234 14,637
මාතර 3,101 4,005 5,299 6,637
හම්බන්තොට 210 155 23 67
කුරුණෑගල 3,244 3,018 3,229 3,290
පුත්තලම 17 193
බදුල්ල 1,601 1,626 340 969
මොණරාගල 5,876 4,805 1,539 2,192
රත්නපුර 22,065 26,605 29,926 29,329
කෑගල්ල 34,453 37,165 45,794 45,919


රබර් කර්මාන්තය හා සම්බන්ධ ආයතන හා සංවිධාන

සංස්කරණය
  • ශ්‍රී ලංකා රබර් නිපයුම් කරුවන්ගේ හා අපනයන කරුවන්ගේ සංගමය. ඩ්(Sri Lanka Association of manufacturers and Exporters of

Rubber Products (SLAMERP))

  • කොළඹ රබර් වෙලඳන්ගේ සංගමය.( Colombo Rubber Traders Association (CRTA))
  • වැවිලිකරුවන්ගේ සංගමය. (Planters Association (PA))
  • රබර් පර්යේෂණ ආයතනය.(The Rubber Research institution)
  • රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුව.(Rubber Development Department)
  • SME රබර් නිපයුම්කරුවන්ගේ සංගමය.(The SME Rubber Manufacturers Association)
  • කර්මාන්ත තාක්‍ෂණික ආයතනය.(Industrial Technology Institute)
  • කර්මාන්ත සංවර්ධන මණ්ඩලය .(Industrial Development Board)


ශ්‍රී ලංකාවේ ප්‍රධාන රබර් ගැනුම්කරුවෝ හා ඔවුන්ගේ වැදගත්කම මත ශ්‍රේණි ගත කිරීම

සංස්කරණය
රට 2000 2001 2002 2003 2004 ප්‍රමුකතාවය
ඇමරිකා එක්සත් ජනපදය 66.69 52.93 54.92 68.52 84.87 1
ජර්මනිය 16.43 16.78 17.74 25.89 30.07 2
එක්සත් රාජධානිය 17.42 11.95 13.41 17.28 23.43 3
ප්‍රංශය 19.48 16.07 14.79 16.47 17.94 4
ඉතාලිය 16.74 16.39 14.12 15.75 17.71 5
බෙල්ජියම 18.85 12.05 10.76 9.64 11.83 6
ස්වීඩනය 4.37 4.94 6.83 8.79 11.15 7
කැනඩාව 5.42 7.27 6.99 7.16 8.46 8
නෙදර්ලන්තය 5.09 3.15 4.21 5.37 7.21 9
ඉන්දියාව 0.71 0.61 1.89 3.97 7.07 10


අනෙකුත් රටවල්

සංස්කරණය
  • පාකිස්ථානය
  • බංගලාදේශය
  • ඉරානය
  • ජපානය
  • කොරියාව
  • ‍ සිංගප්පූරුව
  • මෙක්සිකෝව
  • නැගෙනහිර යුරෝපීය රටවල්


රබර් කර්මාන්තය හා ආර්ථිකය

සංස්කරණය

අපනයනය කරනු ලබන කෘෂි අපනයන භෝග වලින් ප්‍රධාන තැනක් ගත් බෝගයකි. රබර් හා ඒ අශ්‍රිත නිපයුම් විදේශ රටවල අපනයනය කිරීම තුලින් විදේශ විනිමය ලංකාවට ලැබේ.

වර්ශය ස්වභාවික රබර්

(ඇ.ඩො. මිලියන) [5]

සම්පූර්ණ අපනයනය

(ඇ.ඩො. මිලියන)

2000 25.5 220
2001 15 205
2002 19.6 214
2003 34.7 275
2004 54.5 353
2005 43 414
2006 86.6 507
2007 96.5 587
2008 110 652
2009 85.6 487
2010 151 722
2011 193 1070
2012 115 938
2013 68.4 947
2014 44.9 907
2015 29 728
2016 33.4 768
2017 43.2 824
2018 39.5 794
2019 890
2020 786

පසු කාලීනව රබර් කර්මාන්තය සමග විශාල රැකියා අවස්ථා වතු කර ජනතාවට හා ග්‍රාමීය ජනතාවට ලැබිණ. දැනට ගත් කළ 20,000 ක් පමණ රැකියා අවස්ථා රබර් කර්මාන්තය වටා බැඳී පවතී. මෙම රැකී රක්‍ෂා කිරි කැපීමේ සිට අපනයනය දක්වා ක්‍රියාවලිය තුලින් බිහි වී ඇත.එමෙන්ම මෑත කාලීන රබර් නිපයුම් සඳහා පැවති ආකර්ෂණීය මිල ගණන් තත්ත්‍වය හේතුවෙන් කුඩා හා විශාල වතු හිමියන්ට විශාල ආදායමක් අත්කර ගතහැකි විය. රබර් වගාව හේතුවෙන් රටේ පැවති රැකී රක්‍ෂා ප්‍රශ්නයට යම් විසඳුමක් වූ අතර රටේ ආර්ථිකයට හා ආදායම් විෂමතාවය අඩු කිරීමට එය ඉවහල් විය.


රබර් කර්මාන්තය මුහුණ පා ඇති ගැටලු

සංස්කරණය
  • දැනට ග්‍රී ලංකාවේ රබර් වගාව මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කෘතිම රබර් නිසා ස්වාභාවික රබර් වලට ඇතිවන තරඟයයි. ලෝකයේ වර්තමාන රබර් පරිභෝජනය ගත් විට ඉන් 69% පමණ කෘතිම රබර් වලින් යුක්ත වේ.
  • එමෙන්ම රබර් වගාව තුලින් සරිලන අස්වැන්නක් නොලැබීම.
  • රබර් වගාව සඳහා ප්‍රයෝජනයට ගත හැකි වතු බිම් ප්‍රමාණය කුඩා වීම.
  • බොහෝ කුඩා රබර් වැවිලිකරුවන් ඔවුන්ගේ බෝග වගාව රබර් වල සිට තේ දක්වා විවිධාංගීකරණය කර තිබේ.ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ තේ දලු කිලෝවක් සඳහා ගෙවන මිල ස්වාභාවික රබර් සඳහා ගෙවන මිලට වඩා ආකර්ෂණය වීම හා රබර් වගාවට සා‍පේක්‍ෂව තේ වගාවට අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය අඩුවීම.
  • රබර් සඳහා සාධාරණ මිලක් නොලැබීම හා මිල නිතර නිතර වෙනස් වීමට භාජනය වීම.
  • රබර් අපනයන තීරුබදු වලට යටත් වීම.
  • රබර් වගාවට වැලදෙන රෝග ප්‍රමාණය විශාල වීම.
  • රබර් වගාවට අවශ්‍ය උපකරණ මිලට ගැනීමේ අපහසුව.
  • නිෂ්පාදන පිරිවැය අධික විම.
  • බොහෝ විට රබර් වගාවේ යෙදී සිටිනුයේ ගැමියන් වන අතර ඔවුන් තුල ප්‍රමාණවත් දැනුමක් හා පුහුණුවක් රබර් වගාව සම්බන්ධයෙන් නොපැවතීම.


පින්තූර ගැලරිය

සංස්කරණය


මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Natural Rubber and Rubber Based Products from Sri Lanka – EDB Sri Lanka". www.srilankabusiness.com. සම්ප්‍රවේශය 2021-02-19.
  2. ^ "The elasticity of truth: Will Sri Lanka's rubber industry bounce back? | Daily FT". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 2021-02-19.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. ^ a b "Statistics". www.rrisl.gov.lk. සම්ප්‍රවේශය 2021-02-19.
  4. ^ Department of Census and Statistics (1994). Survey on Agriculture Crops and Lives stock 1992/93. Rubber Development Department.
  5. ^ "The Atlas of Economic Complexity by @HarvardGrwthLab". atlas.cid.harvard.edu (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-03-04.