"අම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
11 පේළිය:
===සිටු අම්බලම්===
ප්‍රභූන් උදෙසා ඉදිකරන ලද අම්බලම්.
 
===අම්බලමක් ඉදිකිරීමේදී ස්ථානය තෝරාගැනීම===
අම්බලමක් ඉදිකිරීමේදී, අම්බලම භාවිත කරන්නන්ගේ උපරිම පහසුව ඇතිවන පරිදි සුදුසු ස්ථානයක එය නිර්මාණය කෙරුණි. බොහෝවිට ගමන් මාර්ගයේ වූ ළිඳක්‌ අසල, දොලක්‌ අසල, කඹුරක්‌ අසල ආදී වශයෙන් අම්බලම් ඉදිවිය. නමුත් විහාරස්‌ථාන ආශ්‍රිතව අම්බලම් ඉදිවීම ඉතා අවම වූවේ, අම්බලමේ කාර්යය පන්සලේ බණ මඩුවෙන් ඉටුවූ නිසායි.<ref>{{cite web|last=|first=|title=අම්බලම|url=http://www.divaina.com/2012/02/26/nimna04.html|newspaper=දිවයින|date=2012/02/26}}</ref>
 
හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්‍රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක් වර්තමානයේදී පවා මෙරට දැකගත හැකිවෙයි. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව සඳහන් වෙයි.
"https://si.wikipedia.org/wiki/අම්බලම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි