විකිපීඩියා:මකාදැමීමේ ක්‍රියාවලිය

(විකිපීඩියා:XFD වෙතින් යළි-යොමු කරන ලදි)

මකාදැමීමේ ක්‍රියාවලිය යනු පිටුවක් මකා දැමීමට හෝ එය තබා ගැනීමට හෝ ප්‍රජාවේ තීරණයන් ක්‍රියත්මක කිරීමේ සහ සටහන් කර ගැනීමේ විකිපීඩියා ක්‍රියාවලියයි. පිටු හා මාධ්‍ය මකාදැමීමේ ක්‍රම කිහිපයක් විකිපීඩියා සතුව ඇත. සමහරක් අන්තර්ගතයන් ඉක්මන් මකාදැමීම සඳහා පාත්‍රවීමට සුදුසු කම් ලබති. අනෙකුත් ක්‍රමය වන්නේ, කිසිවෙකු විසින් දින හතක් තුල විරුද්ධත්වය පල නොකරන්නේ නම් පරිපාලකයෙකු විසින් යෝජනා ක්‍රියාවලිය ඔස්සේ අන්තර්ගතය මකාදැමිමයි.