විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 30
නොවැම්බර් 30: බාර්බේඩෝස් රාජ්‍යයේ නිදහස් දිනය (1966)
- 1782 – ඇමරිකානු විප්ලවීය යුද්ධය:එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය අතර මූලික සාම ගිවිසුම පැරිසියේදී අත්සන් කරනු ලැබේ.
- 1872 – එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර පළමු ජාත්‍යන්තර පාපන්දු තරඟය පැවැත්වුණි.
- 1961 – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3 වැනි මහලේකම්වරයා ලෙස ඌ තාන් (සේයාරුව) දිවුරුම් දෙයි.
- 1967 – දකුණු යේමනය එක්සත් රාජධානියෙන් නිදහස් ලැබෙයි.
- 1984 – දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මානවලට ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ අතර එහිදී පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2004 – ඉන්දුනීසියාවේ සුරකර්තා නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: නොවැම්බර් 29 – නොවැම්බර් 30 – දෙසැම්බර් 1