වෛශාලී (පුරාතන නගරය)

ඉන්දියාවේ බිහාරයේ පුරාතන නගරය

වෛශාලී හෙවත් වේශාලී යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වර්තමාන බිහාර් ප්‍රාන්තයේ පිහිටි නගරයකි. පුරාවිද්‍යා අඩවියක් ද වේ. මෙය තීර්හුත් කොට්ඨාසයට අයත් ය.[1]

වෛශාලී
විශාලා
නගරය
වෛශාලී හි අශෝක ස්තම්භ ශීර්ෂය
වෛශාලී හි අශෝක ස්තම්භ ශීර්ෂය
වෛශාලී is located in ඉන්දියාව
වෛශාලී
වෛශාලී
වෛශාලී is located in බිහාරය
වෛශාලී
වෛශාලී
ඉන්දියාවේ බිහාරය තුළ පිහිටීම
ඛණ්ඩාංක: 25°59′N 85°08′E / 25.99°N 85.13°E / 25.99; 85.13ඛණ්ඩාංක: 25°59′N 85°08′E / 25.99°N 85.13°E / 25.99; 85.13
රටඉන්දියාව
ප්‍රාන්තයබිහාර්
දිස්ත්‍රික්කයවෛශාලී
භාෂා
 • නිලමෛථිලි, හින්දි, උර්දු
වේලා කලාපIST (UTC+5:30)

ආදිතම සමූහාණ්ඩු අතුරින් එකක් වන ක්‍රි.පූ. 6වන සියවසේ පැවති වජ්ජි සමූහාණ්ඩුවේ (වෘජ්ජි මහාජනපදය) අගනගරය වූයේ වෛශාලියයි. ක්‍රි.පූ. 483 පමණ ගෞතම බුදුන් වහන්සේ සිය මහා පරිනිර්වාණයට පෙර අවසන් ධර්ම දේශනය සිදුකළේ ද, අනතුරුව ක්‍රි.පූ. 383 කාලාශෝක රජ සමයේ දෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ ද මෙම නගරයේ ය. වෛශාලිය බෞද්ධයන්ට මෙන්ම ජෛනයන්ට ද ආගමික වශයෙන් වැදගත් නගරයකි.[2][3][4] අශෝක ස්‍තම්භ අතුරින් වඩාත් හොඳින් සංරක්ෂණය වී ඇති ස්තම්භයක් මෙහි පිහිටි අතර, එහි මුදුනෙහි තනි ආසියානු සිංහ රුවක් දක්නට ලැබේ (26°00′51″N 85°06′33″E / 26.014162°N 85.109220°E / 26.014162; 85.109220).

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Tirhut Division". tirhut-muzaffarpur.bih.nic.in. සම්ප්‍රවේශය 26 December 2019.
  2. Bindloss, Joe; Sarina Singh (2007). India: Lonely planet Guide. Lonely Planet. p. 556. ISBN 978-1-74104-308-2.
  3. Hoiberg, Dale; Indu Ramchandani (2000). Students' Britannica India, Volumes 1-5. Popular Prakashan. p. 208. ISBN 0-85229-760-2.
  4. Kulke, Hermann; Dietmar Rothermund (2004). A history of India. Routledge. p. 57. ISBN 0-415-32919-1.

වැඩිදුර කියවීමට සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය


  1. Sunakkhatta Sutta - To Sunakkhatta
  2. Maha-sihanada Sutta - The Great Discourse on the Lion's Roar''


සැකිල්ල:Vaishali district topics

සැකිල්ල:Tirhut Division topics

"https://si.wikipedia.org/w/index.php?title=වෛශාලී_(පුරාතන_නගරය)&oldid=468298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි