රාම (සංස්කෘත:राम) යනු හින්දු ආගමේ උත්තරීතර දෙවියන් වන ශ්‍රී කෘෂ්ණ දෙවිඳුන්ගේම ප්‍රතිරූපයකි. විෂ්ණු දෙවිඳුන්ගේ 7වන අවතාරය ලෙස සැලකෙන එතුමා රාවණා රජු සංහාරය කිරීම සඳහා මනු ලොව ප්‍රකට විය. කෘෂ්ණ අවතාරයට පසුව වඩාත් ප්‍රචලිත මෙන්ම රාමායණය තුළ ප්‍රධාන චරිතය වන්නේද එතුමාය. ජෛන ලියවිලි වලද ශලාකපුරුෂයන් 63 දෙනාගෙන් අටවන බලභද්‍ර ලෙස රාම කුමරුන් සඳහන් කර ඇත.[4][5][6]

රාම (රාමචන්ද්‍ර)
විෂ්ණු දෙවියන්ගේ සත්වන අවතාරය, යහපත රැකීම, ධර්මය ස්ථාපනය.[1][2]
An image collage of Hindu deity Rama.jpg
හින්දු දෙවිකෙනකු වන රාමගේ ප්‍රතිමාකාරයන් විවිධ වේ
අනුබැඳියපරම බ්‍රහ්ම (වෛෂ්ණව ආගම), ත්‍රීමූර්ති, දේව, ත්‍රිදේව්
වාසභවනයඅයෝධ්‍යා, සාකෙත ලෝකය
ආයුධයදුන්න
වල්ලභයන්සීතා දේවිය
උත්සවරාම් නවාමි, දුශේරා[3]

රාම කුමරු උපත ලැබුවේ කෝසල රාජධානියේ පාලකයා වූ අයෝධ්‍යාවේ කෞශල්‍යා සහ සූර්‍ය වංශී දශරතට දාවය. ඔහුගේ සොහොයුරන් වන්නේ ලක්ෂ්මණ, භරත සහ ශතෘගණයි. පතිනිය සීතා දේවියයි. රාජකීය පවුලක උපත ලැබූ ඔවුන්ගේ ජීවිතය හින්දු ග්‍රන්ථවල විස්තර කර ඇත්තේ දුගී හා දුෂ්කර තත්වයන්ට පත් වීම, පිටුවහල් කිරීම, සදාචාරාත්මක ප්‍රශ්න සහ සදාචාරාත්මක උභතෝකෝටික වැනි අනපේක්ෂිත වෙනස්කම් මගින් අභියෝගයට ලක් වූ එකක් ලෙස ය.[7] ඔවුන්ගේ සියලු දුක් කම්කටොලු අතරින් වඩාත්ම කැපී පෙනෙන කාරණය නම් සීතා රාවණ නම් රාක්ෂස රජු විසින් පැහැරගෙන යාමයි. ඉන්පසු රාම සහ ලක්ෂ්මන් විසින් ඇයව නිදහස් කරගැනීමත්, කුරිරු රාවණ විනාශ කිරීමෙත් දැඩි අධිෂ්ඨානය පිළිබඳව රාමායණය තුළ විස්තර කරයි. රාම, සීතා සහ ඔවුන්ගේ සගයන්ගේ සමස්ත ජීවිත කතාවම පුද්ගලයෙකුගේ යුතුකම්, අයිතිවාසිකම් සහ සමාජ වගකීම් ගැන උපමානුසාරයෙන් කතා කරයි.

හින්දු ධර්මයේ වෛෂ්ණව නිකාය තුල රාමචන්ද්‍ර චරිතය වැදගත් ස්ථානයක් ලබා ගනී. දකුණු ආසියාව තුල ඉතා ප්‍රචලිත වීර කාව්‍යක් වන රාමායණය තුළ එන මුඛය චරිතයයි. රාමචන්ද්‍රගේ ජිවිත කතාව භාශා අලංකාර විවරණ සහ සාහිත්‍ය අතින් ඉතා උත්කෘෂ්ට ස්ථානයක් අත් කරගනි. [8][9][10]

නිරුක්තිය සහ නාමකරණයසංස්කරණය

"රාම" යනු සන්දර්භීය අර්ථ දෙකක් සහිත වෛදික සංස්කෘත වචනයකි. අථර්ව වේදයට අනුව "අඳුරු, තද පැහැති, කළු" සහ එය රාත්‍රිය යන අර්ථය ඇති "රාත්‍රි" යන යෙදුමට සම්බන්ධ වේ. වෙනත් වෛදික ග්‍රන්ථවල දක්නට ලැබෙන තවත් සන්දර්භයක මෙම වචනයේ තේරුම “ප්‍රසන්න, ප්‍රීතිමත්, ආකර්ශනීය, ලස්සන, සුන්දර” යන්න ලෙස සඳහන්ව ඇත.[11][12] මෙම වචනය සමහර විට විවිධ ඉන්දියානු භාෂාවන්හි සහ ආගම්වල උපසර්ගයක් ලෙස භාවිතා වේ, උදාහරණයක් ලෙස බෞද්ධ පාලි ග්‍රන්ථවල “රාම” සංයුක්ත වචනයට “මනස සුන්දර ලෙස ප්‍රසන්න කිරිම” යන හැඟීම එක් කරයි.[13]රාම නම් විෂ්ණු අවතාරය රාමචන්ද්‍ර (සුන්දර වූ), දශරති (දශරත රජුගේ පුත්‍රයා) සහ රාඝව (රඝු එනම් සූර්‍ය වංශයෙන් පැවතෙන්නා) ආදී වෙනත් නම් වලින් ද හැඳින්වේ.

උපතසංස්කරණය

සූර්‍ය/රඝු වංශයේ දශරත රජු සහ කෞශල්‍යා දේවියට දාව චෛත්‍ර මාසයේ නමවන දිනයේදීය. එම දිනය භාරතයේ රාම් නවමි ලෙසින් සමරනු ලබයි. දසරථ රජු කෝසල රාජධානියේ රජුයි. කොසල රාජධානිය බෞද්ධ හා ජෛන ග්‍රන්ථවල ද සඳහන් වේ.[14][15] රාමායණයේ ජෛන අනුවාදයක් වන විමලසුරි විසින් රචිත පෞම්චරියේද රාමගේ මුල් ජීවිතය පිළිබඳ විස්තර සඳහන් කරයි.

බාල කාලය, පවුල සහ මිතුරන්සංස්කරණය

රාමායණයේ බාල කන්ධයට අනුව රාම කුමරුන්ට ලක්ෂ්මණ, භරත සහ ශතෘගණ සොහොයුරන් තිදෙනෙක් විය. [16] වර්තමානයේ දැනට ශේෂව පවතින අත්පිටපත්වල තරුණ කුමාරවරු ලෙස ඔවුන්ගේ අධ්‍යාපනය හා පුහුණුව විස්තර කෙරේ.රාම නිරූපණය කරන්නේ ආචාරශීලී, ආත්ම දමනය සහිත, ගුණවත් තරුණයෙක් ලෙසයි.ඔහුගේ අධ්‍යාපනයට වේද, වෙදාංග මෙන්ම සටන් කලාවන්ද ඇතුළත් විය.[17]

රාම හැදී වැඩුණු වර්ශයන් පිළිබඳව තුල්සිදාස් විසින් රචිත "රාමාවලි" වැනි පසුකාලීන හින්දු ග්‍රන්ථ මගින් වඩාත් විස්තරාත්මකව විස්තර කෙරේ. නමුත් තුල්සිදාස්ගේ කවි වල, කෘෂ්ණගේ විහිළු සහගත සෙල්ලම් කරන බාහිර පෞරුෂයට වඩා රාම මෘදු හා යහපත් පෞරුෂයක් ඇත්තෙකි. සීතා සහ රාම මුණගැසෙන ජනක රජු විසින් සංවිධානය කරන ලද දුනු විදීමේ ස්වයම් වරයක් ගැන “රාමායණය” තුළ සඳහන් කරයි. රාම කුමරු තරඟයෙන් ජය ගන්නා අතර, සීතා සහ රාමගේ විවාහයට ජනක රජු එකඟ වේ. සීතා දේවිය රාම කුමරු සමඟ දශරත රජුගේ අගනුවර වෙත පිටත් වී යයි.

  1. Wendy Doniger (1999). [https://books.google.com/books?id=ZP_f 9icf2roC&pg=PA1134 Merriam-Webster's Encyclopedia of World Religions]. Merriam-Webster. පි. 1134. ISBN 978-0-87779-044-0. https://books.google.com/books?id=ZP_f 9icf2roC&pg=PA1134. 
  2. Editors of Encyclopaedia Britannica (2008). Encyclopedia of World Religions. Encyclopaedia Britannica, Inc.. පිටු 445–448. ISBN 978-1-59339-491-2. https://books.google.com/books?id=dbibAAAAQBAJ&pg=PA445. 
  3. Muriel Marion Underhill (1991). The Hindu Religious Year. Asian Educational Services. පිටු 75–91. ISBN 978-81-206-0523-7. https://books.google.com/books?id=Fb9Zc0yPVUUC. 
  4. King, Anna S. (2005). The intimate other: love divine in Indic religions. Orient Blackswan. පිටු 32–33. ISBN 978-81-250-2801-7. https://books.google.com/books?id=0FvH1aCXETwC. 
  5. Matchett, Freda (2001). Krishna, Lord or Avatara?: the relationship between Krishna and Vishnu. 9780700712816. පිටු 3–4. ISBN 978-0-7007-1281-6. https://books.google.com/books?id=1oqTYiPeAxMC. 
  6. James G. Lochtefeld (2002). The Illustrated Encyclopedia of Hinduism: N-Z. The Rosen Publishing Group. පිටු 72–73. ISBN 978-0-8239-3180-4. https://archive.org/details/illustratedencyc0000loch. 
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Brackney2013p238 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. Vālmīki; Robert P Goldman (Translator) (1990). The Ramayana of Valmiki: Balakanda. Princeton University Press. පි. 3. ISBN 9781400884551. https://books.google.com/books?id=DWX43jnbOngC. 
  9. Dimock Jr, E.C. (1963). "Doctrine and Practice among the Vaisnavas of Bengal". History of Religions. 3 (1): 106–127. doi:10.1086/462474. JSTOR 1062079. S2CID 162027021.
  10. Marijke J. Klokke (2000). Narrative Sculpture and Literary Traditions in South and Southeast Asia. BRILL. පිටු 51–57. ISBN 90-04-11865-9. https://books.google.com/books?id=fx3mpR4uKmkC&pg=PA51. 
  11. Monier Monier Williams, राम, Sanskrit English Dictionary with Etymology
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; parpola264 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. Thomas William Rhys Davids; William Stede (1921). Pali-English Dictionary. Motilal Banarsidass. පි. 521. ISBN 978-81-208-1144-7. https://books.google.com/books?id=0Guw2CnxiucC&pg=PA521. 
  14. A. W. P. Guruge (1991). The Society of the Ramayana. Abhinav Publications. පිටු 51–54. ISBN 978-81-7017-265-9. https://archive.org/details/trent_0116402264364. 
  15. John Cort (2010). Framing the Jina: Narratives of Icons and Idols in Jain History. Oxford University Press. පිටු 160–162, 196, 314 note 14, 318 notes 57–58. ISBN 978-0-19-973957-8. https://books.google.com/books?id=MDBpq23-0QoC. , Quote (p. 314): "(...) Kosala was the kingdom centered on Ayodhya, in what is now east-central Uttar Pradesh."
  16. James G. Lochtefeld 2002, p. 555.
  17. Roshen Dalal (2010). Hinduism: An Alphabetical Guide. Penguin Books. පිටු 326–327. ISBN 978-0-14-341421-6. https://books.google.com/books?id=DH0vmD8ghdMC. 
"https://si.wikipedia.org/w/index.php?title=රාම&oldid=473964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි