සාකෙත ලෝකය (සංස්කෘත: साकेत) යනු වෛදික ලියවිලි වලට අනුව විශ්වයේ පරම පියා වන ශ්‍රී රාම දෙවිඳුන්ගේ ලෝකයයි. එය වෛකුන්ත ලෝකයේ ඉහළම ස්ථානයේ පවති. සාකෙත ලෝකය මනස සහ වචනය පරයන හෙයින් වාංමානෝගෝචර ලෙස හැඳින්වේ.

ධර්ම ග්‍රන්ථයන්ට අනුකූලව වෛකුන්තයන් 5ක් ගැන සඳහන් කොට ඇත. 1) ක්ෂීර සාගර, 2) රමා(ලක්ෂ්මී) වෛකුන්ත, 3) කාරණ වෛකුන්ත, 4) මහා වෛකුන්ත සහ 5) පරා වෛකුන්ත ලෙසිණි. මෙයින් පරා වෛකුන්තය යනු පරා විෂ්ණු හෙවත් පරම ඊශ්වර වන ශ්‍රී රාම දෙවිඳුන් වාසය කරන සර්ව උත්තරීතර ස්ථානයයි. මේ අයොධ්‍යා ධාමය සම්පූර්ණ විෂ්ණු ලෝකයේ මූලයයි. සර්වබලධාරි දෙවිඳුන්ගේ ශ්‍රී රාම ස්වරූපයේ වාසස්ථානයයි.

සර්වබලධාරී ශ්‍රී රාම දෙවිඳුන්ගේ සහ පරම ශක්ති සීතා දේවියගේ මෙම නිත්‍ය ස්ථානය නිත්‍ය අයෝධ්‍යාව සහ පරා අයෝධ්‍යාව ලෙසින්ද හඳුන්වනු ලබයි. සමස්ථ සංසාරයේ මූලය මෙය වන අතර යුගයක් යුගයක් පාසා ශ්‍රී රාම දෙවිඳුන් මනුෂ්‍ය අවතාරයෙන් දසරත රජුගේ පුත්‍රයා ලෙස මනු ලොව පහළ වන කල්හී අයෝධ්‍යා දාමයද ප්‍රකට වේ. අයෝධ්‍යා පුරය ගැන විශේෂයෙන්ම අථර්ව වේදය, උපනිශද්, රාමායණ සහ පුරාණ ග්‍රන්ථ තුළ සඳහන්ව තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=සාකෙත_ලෝකය&oldid=457467" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි