මොනිකා බේඩි (උපත ජනවාරි 18, හෝෂියර්පූර්, පන්ජාබය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියක සහ නිවේදිකාවකි. ඇය හින්දි සිනමාවට පිවිසයේ 1990 දශකයේ මැද කාලයේ ය. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ බිග් බොස් 2 තරගාවලියට සහභාගී වීමෙන් පසුව සහ 2013-2014 අතර කාලයේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ සරස්වතීචන්ද්‍ර හි ගුමාන් ලක්ෂ්මිනන්දන් ව්‍යාස් නැමැති එදිරිවාදී චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.

මොනිකා බේඩි
උපත18 ජනවාරි 1976 (1976-01-18) (වයස 48) [1]
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
රැකියාවසිනමා/රූපවාහිනී නිළිය
සක්‍රීය වසර1995–වර්තමානය
වෙබ් අඩවියmonicabedi.co.in

මුල්කාලීන සහ පෞද්ගලික දිවිය සංස්කරණය

බේඩි උපත ලැබූයේ ඉන්දියාවේ පන්ජාබයේ හෝෂියර්පූර් දිස්ත්‍රික්කයේ චබ්බේවාල් ගම්මානයේ ය. ඇය වෛද්‍ය ප්‍රේම් කුමාර් බේඩි සහ ශකුන්තලා බේඩි යන දෙපළගේ දියණිය වූවා ය. 1979දී ඇගේ දෙමාපියෝ නෝර්වේහි ඩ්‍රැමන් වෙත සංක්‍රමණය වූහ. ඉන්දියාවේ සිය උපාධි අධ්‍යයන කාලය අවසානයේ බේඩි එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වෙත සම්බන්ධ වූයේ සාහිත්‍ය වාග්පරිචය උදෙසායි. එයට සමගාමීව 1995දී ඇය විසින් සිය රංගන අධ්‍යාපනය දිල්ලි විශ්වවිද්‍යාලයේ දී සම්පූර්ණ කරගන්නා ලදී.[1]

වෘත්තිය සංස්කරණය

බේඩි ඇගේ ප්‍රථම චරිතය නිරූපණය කළේ තෙලිඟු භාෂා චිත්‍රපටයක් වූ තාජ් මහාල් (1995) තුළ ය. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඩී. රාමනායිදු විසිනි. රාමනායිදු විසින් ඇයව ඔහුගේ සිවයියා සහ Speed Dancer යන චිත්‍රපටවල රංගනය සඳහා ද දායක කරගෙන තිබේ.[2] ඇය බොලිවුඩ් ක්ෂේත්‍රය වෙත පිවිසියේ 1995දී සුරක්ෂා චිත්‍රපටය තුළිනි. මෙහි ඇය විසින් කිරන් නැමැති චරිතයක් නිරූපණය කරන ලදී.

බේඩි රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ බිග් බොස් දෙවන වරාය සඳහා තරගකාරිණියක ලෙස සහභාගී විය.[3] මීට අමතරව ඇය රියැලිටි වැඩසටහන් වන ජලක් දිඛ්ලා ජා 3 සහ දේසි ගර්ල් යන වැඩසටහන් සඳහා ද තරගකාරිණියක ලෙස සහභාගී වී තිබේ.

යුනිවර්සල් මියුසික්හි අධ්‍යාත්මීය සංගීත ඇල්බමයක් සඳහා ඇය "ඒක්ඕන්කාර්" ඛණ්ඩය ගායනා කළා ය.[4]

2012දී බේඩි පන්ජාබි චිත්‍රපටයක් වූ සිර්ෆිරේ සඳහා සිය රංගන දායකත්වය සැපයූවා ය. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ හර්ජාත් සිං රිකී විසිනි. මෙහි ඇය විසින් සිම්රන් නම් චරිතය නිරූපණය කරන ලදී.

2013දී බේඩි ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ සරස්වතීචන්ද්‍ර කතාමාලාවේ ගුමාන් ලක්ෂ්මීනන්දන් ව්‍යාස් නැමැති එදිරිවාදිනියගේ චරිතය නිරූපණය කළා ය. මෙම චරිතය හේතුවෙන් ඇය අතිශය ජනප්‍රිය්තවයට පත් විය. 2015දී ඇය බන්ධන් නැමැති රූපවාහිනී කතාමාලාව තුළ නාරායනි දේශ්පාණ්ඩේ නම් චරිතය නිරූපණය කළා ය. මෙය සී ටීවී නාළිකාවෙන් විකාශය විය.

චිත්‍රපට දායකත්වය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය භාෂාව චරිතය අධ්‍යක්ෂණය කළේ
1994 මේන් තේරා ආෂික් හින්දි
1995 තාජ්මහාල් තෙලිඟු
1995 සුරක්ෂා හින්දි කිරාන් රාජු මාවනි
1995 ආෂිකේ මස්තානේ හින්දි අජේ කාශ්‍යප්
1996 ඛිලෝනා හින්දි කාජල් දීපක් පාවර්
1996 සොග්ගඩි පෙල්ලම් තෙලිඟු තුලාසි මුත්‍යාලා සුබ්බයියා
1996 සුබාෂ් දෙමළ අනීතා ආර්. වී. උදයකුමාර්
1997 ඒක් ෆූල් තීන් කාන්ටේ හින්දි අනූප් මලික්
1997 ජීයෝ ෂාන් සේ හින්දි තලාත් ජානි
1997 තිර්ඡි තොපිවාලේ හින්දි සනම් ඔබරෝයි නන්දීම් ඛාන්
1997 සර්කස් සට්ටපාණ්ඩු තෙලිඟු සී. එච්. ශ්‍රීනිවාස්
1998 ජබාබ් දිහි බෙංගාලි {ෆෙර්දෞස් අහමද්} බංගලාදේශ සහ බටහිර බෙංගාල හවුල් නිෂ්පාදනයකි
1998 චරිදිකේ සංත්‍රාෂ් බෙංගාලි බංගලාදේශ චිත්‍රපටය අමින් ඛාන්
1998 සිවයියා තෙලිඟු ආර්. සුරේෂ් වර්මා
1998 චූඩලානි වුන්ඩි තෙලිඟු ගුණසේඛර්
1998 සංජීර් හින්දි
1999 කාලිචරන් හින්දි
1999 නන්නසේයා හුවේ කන්නඩ ඊ. චන්නගංගප්පා
1999 සිකන්දර් සදාක් කා ටී. එල්. වී. ප්‍රසාද්
1999 ජානම් සම්ජා කරෝ හින්දි මොනිකා
1999 කාල සාම්රාජ්‍ය හින්දි මොනිකා කේ. සිං
1999 Speed Dancer තෙලිඟු
1999 ලෝහ්පුරුෂ් හින්දි හර්ෂ් කින්නු
2001 ජෝඩි නම්බර් 1 හින්දි රින්කි ඩේවිඩ් ධවාන්
2001 ප්‍යාර් ඉෂ්ක් ඕර් මොහබ්බත් හින්දි මායා ධිලන් රජීව් රායි
2003 ටඩා[5] හින්දි සිසිර් ‍මිෂ්රා
2011 දේවදාසියින් කදෛ දෙමළ රේණුකා ස්වාති වර්මා, මුකේෂ් රිෂි
2012 පරිචය නේපාලි රේඛා
2012 හෘදෝයේ ලෙඛෝ නාම් බෙංගාලි
2012 සිර්ෆිරේ පන්ජාබි සිම්රන් හර්ජිත් සිං රිකී
2014 රෝමියෝ රන්ජා පන්ජාබි රීත් කොවුර් නවනියාත් සිං
2017 බන්ඩූකන් පන්ජාබි බාල්වින්දර් දල්ජිත් සිං බාට්

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය
2008 බිග් බොස් 2 ඇය ලෙසම
2009 ජලක් දිඛ්ලා ජා ඇය ලෙසම
2009 දිල් ජීතෙගි දේසි ගර්ල් ඇය ලෙසම
2013–2014 සරස්වතීචන්ද්‍ර ගුමාන් ලක්ෂ්මිනන්දන් ව්‍යාස්
2015 බන්ධන් නාරායනි දේශ්පාණ්ඩේ

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "The tale of Monica Bedi". Times of India. සම්ප්‍රවේශය 13 February 2013.
  2. "Monica Bedi makes Telugu producers wary". Times of India. සම්ප්‍රවේශය 13 February 2013.
  3. IANS (2008-09-06). "Monica Bedi bids adieu to Bigg Boss". Sify. සම්ප්‍රවේශය 2011-09-20.
  4. "Monica Bedi turns singer!". Times of India. සම්ප්‍රවේශය 13 February 2013.
  5. [1]

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Bigg Boss 2 සැකිල්ල:Jhalak

"https://si.wikipedia.org/w/index.php?title=මොනිකා_බේඩි&oldid=606114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි