බන්ධන් (ඉන්දියානු රූපවාහිනී කතාමාලාව)

බන්ධන් (බන්ධන් – සාරි උමාර් හුමේන් සන්ග් රෙහ්නා හේ)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී මාලා නාට්‍ය වැඩසටහනකි. 2014 සැප්තැම්බර් 16 දින විකාශය ආරම්භ වූ මෙම කතාමාලාව සී ටීවී නාළිකාව ඔස්සේ විකාශය කරන ලදී.[2] බන්ධන් යනු දර්පණ් නැමැති කුඩා දැරියක සහ ගනේෂ් නැමැති ඇගේ සොයුරා වටා ගෙතුණු කථා පුවතකි. ජනවාරි 27 දින මෙම කතාමාලාව තුළින් වසර 10ක් ඉදිරියට කථාව නිරූපණය කිරීම ආරම්භ විය. දර්පණ් රාඝව් නැමැති නොමඟ ගිය පුද්ගලයකු සමග විවාහ වෙයි. ඇයට සිය පවුල විනාශ වීමට හේතුවූ විශ්වාස් රාඕ පටෙල් නැමැති පුද්ගලයාව පරාජය කිරීමට සිදු වේ. ඇයට මෙය කළ හැකි ද? බන්ධන් මගින් මිනිසුන් සහ සතුන් අතර ඇතිවන බැඳීම මැනවින් ප්‍රදර්ශනය කරයි.

බන්ධන්
වැඩමටහනේ තේමා පාඨය
මෙලෙසද හැඳින්වේඒක් සේ භාලේ දෝ (සී අන්මොල්)
ප්‍රභේදයඉන්දියානු සෝප් ඔපෙරා
නාට්‍ය
තැනුවේස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්
අධ්‍යක්ෂණය කලේමුකේෂ් සිං
රාකේෂ් දුබේ
රඟපෑමඡාවි පාණ්ඩේ
මෘනාල් ජායින්
සුදේශ් බෙරී
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන161
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සිද්ධාර්ත් කුමාර් තේවාරි
රාහුල් තේවාරි
ගයාත්‍රි ගිල් තේවාරි
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනි. 21
නිෂ්පාදන සමාගමස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවසී ටීවී
රූප ආකෘතිය576i SDTV
1080i HDTV
මුල් ධාවනය16 සැප්තැම්බර් 2014 (2014-09-16) – 17 අප්‍රේල් 2015 (2015-04-17)
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

අලි පැටවකු අවභාවිතා කිරීම සංස්කරණය

මෙම වැඩසටහනේ නිර්මාතෘවරුන් ඉන්දියාවේ සත්ත්ව සුබසාධක මණ්ඩලයේ (AWBI) සහ සත්ත්ව අයිතිවාසිකම් සංවිධානයක් වන PETA ඉන්ඩියා සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා සුමන් නැමැති අලි පැටවා අවභාවිතා කිරීම හේතුවෙනි. මාධ්‍ය වාර්තාවන්ට අනුව, AWBI සහ PETA සංවිධාන විසින් පරීක්ෂණයක් මෙහෙයවූ අතර, එහිදී අනාවරණය වූයේ පසුතලයේ දී සුමන් නැමැති අලි පැටවාට සලකා ඇත්තේ අසතුටුදායක අයුරින් බවයි. සුමන් තුළ චර්ම රෝගයක් ද වර්ධනය වී ඇති අතර, අසාමාන්‍ය චර්යාවන් ද ප්‍රදර්ශනය කොට ඇත. වාර්තා අනුව පරීක්ෂකයන් ඉදිරිපිටදීම අලි හසුරුවන්නන් විසින් ඇයට කෙවිටකින් පහර දී ඇති අතර, ඇයට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට අවස්ථාව ලබා දී නැත. එසේම ඇයව නුසුදුසු ස්ථානයක ගාල් කොට ඇති අතර, ප්‍රමාණවත් පශු වෛද්‍ය පහසුකම් ද ලබා දී නොමැත. සුමන් නැමැති මෙම අලි පැටවාගේ වයස අවුරුදු තුනක් වූ අතර, ඇයව ඇගේ මවගෙන් වෙන් කිරීම ‘ආචාර ධර්මානුකූලව පටහැනි’ බව ද PETA සංවිධානය කියා සිටියි.[3]

ටයිම්ස් ඔ‍ෆ් ඉන්ඩියා පුවත්පතෙහි ප්‍රකාශිත ප්‍රවෘත්ති අනුව, AWBI මණ්ඩලය විසින් මෙම සත්ත්වයා යොදා ගැනීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලදී. අනතුරුව කතාමාලාවේ නිෂ්පාදකයින් බොම්බායේ මහාධිකරණය වෙත නඩුවක් ගොනු කරන ලදී. මෙම නඩුව විනිශ්චයට භාජනය වෙමින් පවතියි‍.[3]

PETA ඉන්ඩියා සංවිධානය මහාධිකරණයේ දී යෝජනා කළේ සුමන් නැවත අභයභූමියක් වෙත හඳුන්වා දිය යුතු බවයි.[4]

ප්‍රධාන චරිත සංස්කරණය

සහාය රංගනය

අන්තර්ජාතික විකාශය සංස්කරණය

පාකිස්ථානය තුළ ඒ-ප්ලස් එන්ටර්ටේන්මන්ට් නාළිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය වේ. මොරිෂස් තුළ මෙම වැඩසටහන MBC ඩිජිටල් 4 නාළිකාවෙන් විකාශය කෙරේ.

ශ්‍රී ලංකාව තුළ ටීවී දෙරණ නාළිකාව මගින් සිංහලට හඬකවන ලද මෙම කතාමාලාව අලි මල්ලියි මමයි යන තේමාව ඔස්සේ විකාශය කෙරේ.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 'Bandhan...' - new TV show delves on man-animal bond - The Times of India
  2. Zee launches new show on human-animal bonding - The Times of India
  3. 3.0 3.1 "AWBI in legalbattle over treatment of elephant on show's set". Times of India. 23 March 2015.
  4. "PETA urges Bombay HC to rehabilitate baby elephant seen in television show 'Bandhan". 19 March 2015.

බාහිර සබැඳි සංස්කරණය

{