මිං රාජවංශය

චීනයේ පැරණි රාජ්‍යය

මිං රාජවංශය හෙවත් මහා මිං 1368 වර්ෂයේ සිට 1644 චීනය පාලනය කළ රාජවංශය විය. ඒ මොංගෝලියානු යුවාන් රාජවංශය බිඳ වැටීමෙන් පසුවයි. එය හන්-චීන ජාතිකයන් විසින් චීනය පාලනය කරනු ලැබූ අවසන් රාජවංශය ද වෙයි. ප්‍රධාන අගනුවර වූ බෙයිජිං 1644 දී කැරලිකරුවන් (ෂුන් රාජවංශය පිහිටවූ ලී ශිචෙං හා පසුව මැන්චු චිං රාජවංශය) අතට පත් වුව ද මිං රජ පෙළපතේ සෙසු සාමාජිකයන් විසින් පිහිටුවන ලද කුඩා රාජ්‍යයන් දක්ෂිණ මිං යනුවෙන් 1662 දක්වා පැවතිණි.

මහා මිං

大明
1368–1662
1415 දී යොංලේ අධිරාජ්‍යයාගේ පාලන සමයේ මිං චීනය
1415 දී යොංලේ අධිරාජ්‍යයාගේ පාලන සමයේ මිං චීනය
1580 දී මිං අධිරාජ්‍යය
1580 දී මිං අධිරාජ්‍යය
අගනුවරනංජිං (යිංෂියාන් පළාත)
(1368–1644)[a]
බෙයිජිං (ශුන්ෂියාන් පළාත)
(1403–1644)[b][c]
නිල භාෂා(ව)මැන්ඩරින්
පොදු භාෂාවන්චීන
වෙනත් භාෂාතුර්කි, පැරණි උයිඝූර්, ටිබෙටියානු, මොන්ගෝලියානු, ජුර්චෙන් සහ වෙනත් භාෂා
ආගම
ස්වර්ග වන්දනාව, බුදු දහම, තාඕ ධර්මය, කොන්ෆියුසියස් ධර්මය, චීන ජන ඇදහීම්, ඉස්ලාම්, රෝමානු කතෝලික
රජයපරම රාජාණ්ඩුව
අධිරාජ්‍යයා 
• 1368 - 1398
හොංවු අධිරාජ්‍යයා
• 1402 - 1424
යොංල අධිරාජ්‍යයා
• 1572 - 1620
වංලි අධිරාජ්‍යයා
• 1627 - 1644
චොංශෙං අධිරාජ්‍යයා
ජ්‍යෙෂ්ඨ මහ ලේකම් 
• 1402 - 1407
ශිඒ ජින්
ඉතිහාසය 
• ස්ථාපිත කිරීම [1]
23 ජනවාරි 1368
• බෙයිජිං අගනුවර ලෙස තෝරා ගැනීම
28 ඔක්තෝම්බර් 1402
• බෙයිජිං බිඳ වැටීම
25 අප්‍රේල් 1644
• දක්ෂිණ මිං අවසාන වීම
1662
වර්ග ප්‍රමාණය
14506,500,000 km2 (2,500,000 sq mi)
ජනගහණය
• 1450
65,000,000
• 1500
125,000,000
• 1600
160,000,000
ව්‍යවහාර මුදලමුදල් නෝට්ටු
තඹ කාසි
රිදී ටයෙල්
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
යුවාන් රාජවංශය
පශ්චාත් ජිං
ෂුන් රාජවංශය
දක්ෂිණ මිං
පෘතුගීසි මකාඕ
වර්තමානයේ මෙය අයත් වන්නේචීනය
වියට්නාමය
රුසියාව
මිං රාජවංශය
Chinese明朝

හොංවු අධිරාජ්‍යයා (රාජ්‍ය. 1368 - 1398) ඍජු හා ස්ථාවර ක්‍රම්ව්වෙදයකට අනුව හැඩ ගැසුණු ස්වයංපෝෂිත ග්‍රාමීය ජන කොට්‌ඨාසයන්ගෙන් සැදුම් ලත් සමාජයක් නිර්මාණය කිරීමෙහි ලා පුරෝගාමී විය. එය ඔහුගේ අධිරාජ්‍යය සඳහා ප්‍රබල සෙබළ පිරිසක් පවත්වා ගෙන යාමට ඉවහල් විය. එම අධිරාජ්‍යයේ ක්‍රියාකාරී යුද සෙබළුන් සංඛ්‍යාව දස දහස ඉක්මවූ අතර නාවික හමුදා වරායන් ලොව විශාලතම ඒවා විය. රාජ සභාවේ පාලකවරුන්ගේ හා සෙසු ධනපතියන්ගේ බලය සීමා කිරීමට කටයුතු කළ ඔහු, තම පුතුන්ට චීනය පුරා වැඩ වසම් හා බලය පවරා දුන් අතර හුආං-මිං ශුෂුං නම් පාරම්පරික උපදෙස් මාලාවක් මගින් මාර්ගෝපදේශය ලබා දුන්නේය. එම වැඩපිළිවෙල අසාර්ථක වී ගියේ ඔහුගේ තරුණ අනුප්‍රාප්තිකයා වූ ජිඅංවෙන් අධිරාජ්‍යයා තම මාමවරුන්ගේ බලය සීමා කිරීමට උත්සාහ කළ නිසා ය. මෙය 1402 දී යන් කුමරු යොංල අධිරාජ්‍යයා ලෙස බලයට පත් කළ ජිංනාන් අරගලයට තුඩු දුන්නේය. යොංල අධිරාජ්‍යයා 'යන්' නගරයේ නම බෙයිජිං යනුවෙන් වෙනස් කර, තහනම් නගරය ඉදි කර, මහා ඇළ ප්‍රතිසංස්කරණය කළ අතර නිලධාරීන් පත් කිරීමේදී අධිරාජ්‍යයීය විභාග සඳහා ප්‍රමුඛ ස්ථානයක්‌ ලබා දීමට කටයුතු කළේය. ඔහුට පක්ෂපාතී වූ පාලකවරුන්ට ප්‍රත්‍යුපකාර කළ ඔහු, කොන්ෆියුසියානු වියත් පරිපාලන නිලධාරීන් එදිරිව සේවයේ යෙදවීය. ඔවුන්ගෙන් එක් අයෙක් වූ ශෙං හ අරාබිය හා අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරය තෙක් ඉන්දියන් සාගරයේ යාත්‍රා කළ ගවේෂණ චාරිකා හත සඳහා නායකත්වය ගෙන කටයුතු කළේය.

නව අධිරාජ්‍යයන් හා නව පාර්ශවයන් බලයට පැමිණීමෙන් අධික වියදම් කරවූ එවැනි දෑ අවම විය. 1449 ටුමු අර්බුදය හේතු කොටගෙන ශෙංටොං අධිරාජ්‍යයා නෙරපා හැරීමත් සමග ඒවා මුළුමනින්ම නවතා දමන ලදී. අධිරාජ්‍යයීය නාවික හමුදාව අභාවයට යාමට ඉඩ හැරිණි. අනිවාර්ය ශ්‍රමය යොදවා ගනිමින් ලිආඕඩොං බැම්ම ඉදි කෙරුණු අතර එකට සම්බන්ධ කිරීමෙන් හා බලකොටු තැනීමෙන් චීන මහා ප්‍රාකාරය වර්තමාන තත්වයට ගෙනෙනු ලැබිණි. මහා පරිමාණ ජන සංගණන දස වසරක් පාසා සිදු කෙරුණ ද, වැඩ රාජකාරි හා බදු මඟ හැරීමේ අදහසින් ඊට දායක නොවීම සහ එම සංඛ්‍යාලේඛන එක් රැස් කිරීම හා විශ්ලේෂණය කිරීම දුෂ්කර වූ හෙයින් නිශ්චිත තොරතුරු ලබා ගත නොහැකි විය. මිං අවසාන සමය වන විට ජනගහනය කෝටි 16 - 20 අතර පැවති බවට අනුමාන කෙරෙන නමුදු ගොවියන් සුළු සංඛ්‍යාවකින් අධික ලෙස බදු ඇය කර පියවා ගැනුණු අතර බොහෝ දෙනා නිල වාර්තාවලින් අතුරුදන් වූවා හෝ තම දේපළ හා ඉඩම් බදු මුක්තිලාභී පාලකවරුන්ට හා විහාරවලට පරිත්‍යාග කළෝය. ජපන් මුහුදු මංකොල්ලකරුවන්ගෙන් වෙරළ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හඉජින් නීති පනවනු ලැබූ නමුදු ඒවා තවත් ජාවාරම්කරුවන් හා මංකොල්ලකරුවන් බිහි වීමට තුඩු දුන්නනේය.

16වන සියවස පමණ වන විට යුරෝපීය වාණිජ ව්‍යාප්තිය - ගුඅංශෞ අසල මැකාඕ වැනි දූපත්වලට සීමා වුව ද - එනිසා දේශ-දේශාන්තර භෝග, ශාක හා සතුන් හුවමාරුව බෙහෙවින් ප්‍රචලිත විය. සිචුආන් අහාරවලට මිරිස් එක් වූ අතර බෙහෙවින් ඵලදායී වන ඉරිඟු හා අර්තාපල්, වගාව හඳුන්වා දීමෙන් දුර්භික්ෂ දුරු වී යාමෙන් ජනගහනය වර්ධනය විය. පෘතුගීසි, ස්පාඤ්ඤ හා ඕලන්ද වෙළඳ ව්‍යාප්තිය චීන නිෂ්පාදන සඳහා නව ඉල්ලුමක් නිර්මාණය කළ අතර ජපන් හා ඇමෙරිකානු රිදී මහත් ආදායමක්‌ විය. මෙය මිං ආර්ථිකය යළි පණ ගැන්වූ අතර අධික උද්ධමනයට ලක්‌ වීමෙන් මුදල් නෝට්ටු භාවිතය පිරිහිණි. වාණිජ කටයුතු සඳහා මෙබඳු ප්‍රමුඛස්ථානයක් ලබා දීම හා එමගින් බිහි වූ ධනවත් පන්තියට, සාම්ප්‍රදායික කොන්ෆියුසියානු ලබ්ධිකයෝ විරුද්ධ වූ අතර වං යංමිං විසින් හඳුන්වා දෙන ලද නූතනවාදී දර්ශනය ඊට සමීප ආකල්පයකට ඉඩ දිණි. ශං ජුශෙංගේ ප්‍රතිසංස්කරණ මුලින් සාර්ථක වුව ද පසුව අනර්ථකාරී වූයේ කුඩා හිම යුගය නිසා හට ගත් ආර්ථික පසුබෑමත් ගොවියන්ට බදු ගෙවීමට අවශ්‍ය වූ රිදී සැපයුම කපා හරින ලෙස ජපන් හා ස්පාඤ්ඤ වෙළඳ ප්‍රතිපත්ති වෙනස් වීමත් නිසා ය. අස්වනු හිඟය, ගංවතුර හා වසංගත හේතුවෙන් ලී ශිචෙං ඇතුළු කැරලිකරුවන් හමුවේ අධිරාජ්‍යය බිඳ වැටිණි. පසුව මැන්චු ජාතිකයන් හා ඔවුන්ගේ අෂ්ට ධජ සේනා විසින් චිං රාජවංශය පිහිටුවන ලදී.

ඉතිහාසය

සංස්කරණය

පිහිටුවීම

සංස්කරණය

අරගලය හා කැරලිකරුවන්ගේ එදිරිවාදී බව

සංස්කරණය

මොන්ගෝලියානු යුවාන් රාජවංශය (1271 - 1368) මිං රාජවංශය පිහිටුවීමට පෙර චීනය පාලනය කළේය. යුවාන් රාජවංශයේ පිරිහීමට හේතු වූ කරුණු නම්, හන්-චීන ජාතිකයන්ට ජාතිය මත පදනම් ව පිරිහෙළා කටයුතු කිරීම නිසා නොසන්සුන් බව මෙන්ම කැරලි ඇතිවීම, උද්ධමනයෙන් පීඩිත ප්‍රදේශවල ජනතාවගෙන් අධික ලෙස බදු ඇය කර ගැනීම, වාරිමාර්ග ව්‍යාපෘති අතහැර දැමීමෙන් කහ ගඟ උතුරා ගංවතුර ගැලීම ආදිය යි. එහි ප්‍රතිපලයක් වශයෙන් කෘෂිකර්මය හා ආර්ථිකය පිරිහුණු අතර, කහ ගඟේ වේලි ප්‍රතිසංස්කරණය කිරීමට ගෙනා දහස් සංඛ්‍යාත දුගියෝ කැරලි ගසන්නට වූහ. 1351 දී රතු ජටාධාරීහු ඇතුළු හන්-චීන ජාතික කණ්ඩායම් කැරලි ගැසූහ. රතු ජටාධාරීහු, සුදු පියුම් නම් ආගමික සංවිධානයක් හා සබැඳුණෝ වූහ. දිළිඳු දුගියෙකු ව ඉපිද බෞද්ධ භික්ෂුවක ව සිටි ශු යුඅංශං උපැවිදි වැ 1352 දී රතු ජටාධාරීන්ට එකතු විය. කැරලි නායකයෙකුගේ දියණියක විවාහ කර ගැනීමෙන් ඔහු ජනප්‍රියත්ව්යට පත් විය. 1356 දී ශු යුඅන්ශංගේ කැරලි කණ්ඩායම් නංජිං නගරය අත්පත් කර ගත් අතර, පසුව එය ඔහු විසින් මිං අධිරාජ්‍යයේ අගනුවර ලෙස පත් කර ගන්නා ලදී.

යුවාන් රාජවංශය පිරිහෙමින් පැවති අවධියක, දේශයේ පාලනය කිරීමේ හා නව රාජවංශයක් පිහිටුවීමේ අයිතිය දිනා ගැනීමට තරඟකාරී කැරලි කණ්ඩායම් සටන් වැදුණෝය. 1363 දී, ශු යුඅංශං සිය ප්‍රබල ප්‍රතිවාදියා වූ හන් කණ්ඩායමේ නායක චෙන් යෞලිඅං, පෝයං විලෙහි සටනේ දී පරාජය කළේය. මෙය ලොව විශාලතම නාවික සටනක් යැයි සැලකේ. ගිනි අවි සන්නද්ධ යුද නැව් භාවිතයෙහි ප්‍රසිද්ධ වූ ඔහුගේ, 200,000 පමණ මිං නාවිකයන්ට ඔවුන් මෙන් තුන් ගුණයකට වඩා විශාල වූ හන් කැරලි කණ්ඩායම පරාජය කිරීමට හැකි විය. එම ජයග්‍රහණය ඔවුන්ට ප්‍රතිපක්ෂ කැරලි කණ්ඩායම් විනාශ කළ අතර, ශු යුඅංශං නිතරඟයෙන් ම සරු සාර යැංශි ගංගා නිම්නයේ පාලන බලය ලබා ගනිමින් දකුණේ පාලන බලය තහවුරු කර ගත්තේය. රතු ජටාධාරීන්ගේ පාරම්පරික නායකයා 1367 දී මිය ගිය පසු, ඔහුගේ රාජප්‍රාප්තියට යන මගෙහි එරෙහි වීමට කිසිවෙකු නො සිටි හෙයින්, 1368 දී යුවාන් අගනුවර වූ දාදු නගරය ආක්‍රමණය කිරීමට සේනා යැවුයේ තමා අධිරාජ්‍යයීය අභිලාෂයන් මුදුන් පත් කර ගනිමිනි. අවසාන යුවාන් අධිරාජ්‍යයා උතුරින් පිහිටි ෂැංඩු වෙත පලා ගිය අතර දාදුහි යුවාන් මාළිගා විනාශ කිරීමෙන් පසු ශු යුඅංශං විසින් මිං අධිරාජ්‍යය හා රාජවංශය ස්ථාපනය කරන ලදී. දාදු නගරය බෙයිපිං ලෙස නම් කරන ලදී. ශු යුඅංශං, 'මහා රණකාමී' යන අරුතින් "හොංවු" යන නම සිය යුග නාමය ලෙස තෝරා ගත්තේය.

හොංවු අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමය

සංස්කරණය
හොංවු අධිරාජ්‍යයා (1368 - 1398)

හොංවු, රාජ්‍යයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට ක්ෂණික පියවර ගත්තේය. නංජිං වටා කිලෝමීටර් 48ක්‌ (සැතපුම් 30ක්‌) දිගින් යුතුයි පවුරක් ඉදි කර, රාජ මාළිගා හා රාජ්‍ය ශාලා ඉදි කළේය. මිං ඉතිහාසයේ සඳහන් වන පරිදි, 1364 තරම් මුල් කලක සිට ශු යුඅංශං සම්පාදනය කිරීමට ඇරඹූ දා මිං ලූ නම් නව කොන්ෆියුසියානු නීතී පද්ධතිය 1397 දී සම්පූර්ණ කෙරුණු අතර 653 වර්ෂයේ තාං නීතී පද්ධතියේ තිබූ ඇතැම් වගන්ති නැවත යොදා ගෙන තිබිණි. ඔහු, වෙඉසු නම් ක්‍රමවේදයකට අනුව සේනාවන් සංවිධානය කළ අතර, එය තාං අධිරාජ්‍යයේ (618 - 907) ෆුබිං ක්‍රමයට සමාන විය.

ආශ්‍රේයයන්

සංස්කරණය

http://en.wikipedia.org/wiki/Ming_Dynasty

  1. ^ Primary capital after 1403; secondary capital after 1421.
  2. ^ Secondary capital until 1421; primary capital afterwards.
  3. ^ The capitals-in-exile of the Southern Ming were Nanjing (1644), Fuzhou (1645–46), Guangzhou (1646–47), Zhaoqing (1646–52).
  1. ^ අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශ කිරීමට පෙර, 1364 වර්ෂයේ නංජිංහි දී ශු යුආන්ශං 'වු' දේශයේ රජු ලෙස ප්‍රකාශ කරන ලදී. එම රජය 'බටහිර වු' (西吳) යන නමින් හඳුන්වනු ලැබේ.
"https://si.wikipedia.org/w/index.php?title=මිං_රාජවංශය&oldid=473702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි