කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ හත් වැනියට දිගම ගංගාව වෙයි. මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි[1][2]. බටහිර චීනයේ කිංහයි පළාතේ බයාන් හාර් කඳුවලින් ආරම්භ වන එය, චීනයේ පළාත් නමයක් හරහා ගලා ගොස් බොහායි මුහුදට වැටෙයි. කහ ගංගා ද්‍රෝණියට කි.මී. 1900 (සැ 1180)ක නැගෙනහිර-බටහිර පළලක් ද කි.මී. 1100 (සැ 684)ක උතුරු-දකුණු පළලක් ද ඇත. මුළු ද්‍රෝණි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 742,443 (වර්ග සැ 290,520)කි.

කහ ගඟ (හොවැං හෝ)
ප්‍රධාන නගර හරහා කහ ගඟේ වත්මන් ගමන් මග
ප්‍රභවයබයාන් හාර් කඳු, කිංහයි පළාත
මෝයබොහායි මුහුද
ද්‍රෝණියේ පිහිටි රටවල්මහජන චීන ජනරජය
දිග5,464 km (3,395 mi)
ප්‍රභවයේ උස4,500 m (14,800 ft)
Avg. discharge2,571 m3/s (90,800 cu ft/s)
ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය752,000 km2 (290,000 sq mi)

පැරැණි චීනයේ වඩාත්ම සශ්‍රීක ප්‍රදේශය වූ මෙහි ද්‍රෝණිය චීන ශිෂ්ඨාචාරයට නිජබිම වූ නිසා කහ කඟ "චීන ශිෂ්ඨාචාරයේ තොටිල්ල" ලෙස ද හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් ගඟේ පහළ ප්‍රදේශයේ උස් බව හේතුවෙන් නිරන්තර ගංවතුරු උවදුරු ඇතිවීම නිසා "චීනයේ ශෝකය" වැනි දුක්බර නම් ද මෙයට පටබැඳී ඇත[3].


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කහ_ගඟ&oldid=250756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි