කොන්ෆියුසියස් ධර්මය

කොන්ෆියුසියස්වාදය යනු දාර්ශනික සහ සදාචාරාත්මක-සමාජ දේශපාලනික ඉගැන්වීම් මත පදනම් වූ පද්ධතියකි. එය ඇතැම් විට ආගමක් ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රි.පූ. 771-476 අතර කාලයේ දී, චීන දාර්ශනික කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551–479) ගේ ඉගැන්වීම් අනුව කොන්ෆියුසියස්වාදය වර්ධනය වී ඇත.

කොන්ෆියුසියස් ධර්මය
චීන නම
චීන 儒家
Literal meaning "Ru scholars' school"
Vietnamese name
Vietnamese Nho giáo
Korean name
Hangul 유교
Hanja 儒教
Japanese name
Kanji 儒教
Kana じゅきょう

අතීතයේ දී චීනය, තායිවානය, ජපානය, කොරියාව, වියට්නාමය, හොංකොං, මැකාවු සහ සිංගප්පූරුව ආදී රටවල් සහ ඒවායේ සංස්කෘතීන් කොන්ෆියුසියස්වාදයෙන් බෙහෙවින් ආභාෂය ලබා ඇත. 20 වන සියවසේ සිට පමණ කොන්ෆියුසියානු බලපෑම බෙහෙවින් අඩු වී ඇත. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ දී වූ හැන් බෙදා වෙන්කිරීම මගින් බුදු දහමේ සහ තාඕ දහමේ වන විමුක්තිදායක මූලධර්ම හරහා බුද්ධිමය ජීවිතයකට මග විවර කර දෙන ලදී.

කොන්ෆියුසියස් සංස්කරණය

 
කොන්ෆියුසියස්, circa 1770.

කොන්ෆියුසියස් උපත ලැබුවේ ක්‍රි.පූ. 551 දී ලු ප්‍රාන්තයේ (වර්තමාන ෂන්තුන්ගේ පළාතේ) ය. පළමුව ඔහු එම ප්‍රාන්තයේ ඉඩම් අධ්‍යක්ෂ ධූරය දැරීය. අනතුරුව ඔහුට එම ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති ධූරය දක්වා උසස්වීමක් ලැබුණි. ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් කොන්ෆියුසියස් දැක් වූ උනන්දුව ගැන අධිරාජ්‍යයා අකැමැත්තක් දැක්වීම නිසා ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය. ඉන් පසු අවුරුදු 13 ක් තිස්සේ ධර්මය දේශනා කරමින් ඔහු තැනින් තැන සංචාරය කළේ ය. ඔහු අනුගාමිකයන් විශාල පිරිසක් ඇති කර ගැනීමට සමත් විය. ක්‍රි.පූ. 479 දී ඔහු මිය ගියේය.

කොන්ෆියුසියස්ගේ ඉගැන්වීම් සංස්කරණය

කොන්ෆියුසියස් මනුෂ්‍ය ස්වභාවය අධ්‍යයනය කිරීමේ ශ්‍රේෂ්ටයෙකු විය. චීනය මහත් ව්‍යසනවලට පත් වූ අවස්ථාවල දී ඒවාට හේතු වූ කරුණු පිළිබඳව අධ්‍යයනය කළ ඔහු විශ්වාස කළේ සදාචාරාත්මක ප්‍රතිපත්ති හා සමාජයීය ආචාර ධර්ම අනුගමනය නොකිරීම එවැනි තත්ත්වයන් උද්ගත කිරීමට තුඩු දී ඇති බවයි. ඒ නිසා මුතුන් මිත්තන් වන්දනා කිරීම, ළමයින්ගේ ධාර්මිකභාවය, අධිකාරීන්ට ගරු කිරීම වැනි පැරණි චාරිත්‍ර වාරිත්‍ර යළි ඉස්මතු කොට යහපත් සමාජයක් ගොඩනැගීමට ඔහු උත්සාහ කළේය. පාලකයන් සහ පාලිත ජනතාව අතරත් සියළු යහළු යෙහෙළියන් අතරත් සහජීවනය ගොඩනැගීමට ඔහු යත්න දැරීය. සෑම තරාතිරමකම සිටින මිනිසුන් සඳහා ඔහු සමාජ හර පද්ධතියක් නියම කළේය. යහපත් ආචාර ධර්ම, නිහතමානී බව, වගකීම් වෙනුවෙන් ඇප කැප වීම සහ අන්‍යයන් කෙරෙහි විශ්වාසය සහ ශක්තිය පැතිරවීම වැනි කරුණු කොන්ෆියුසියස්ගේ ඉගැන්වීම් අතර ප්‍රධාන තැනක් ගත්තේ ය. "අන් අයකු ඔබට කරනු දැකීමට ඔබ අකැමැති යම් දෙයක් වේ නම් එය ඔබ ද අන් අයට නොකරන්න" යනු, සමාජ චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙන් කොන්ෆියුසියස්ගේ වැදගත්ම නියමය විය.

කොන්ෆියුසියස්ට පෙර චීනයේ ආගම සහ දර්ශනය සංස්කරණය

ස්වභාවික වස්තූන් වන්දනාකිරීම චීනයේ ප්‍රචලිතව පැවති ආදිතම ආගම විය. ඊළඟට මළගිය මුතුන් මිත්තන් වන්දනා කිරීම ආරම්භ විය. සෑම නිවසකම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ මුතුන් මිත්තන් වන්දනා කළහ.

කොන්ෆියුසියස්වාදයේ බලපෑම් සංස්කරණය

සියවස් ගණනාවක් තිස්සේ චීන ජාතිකයන්ගේ සිරිත් විරිත් හැඩගැස්වීමෙහි ලා කොන්ෆියුසියස්ගේ ඉගැන්වීම් විශාල බලපෑමක් කර ඇත. කොන්ෆියුසියස් විසින් ලියන ලදැයි හෝ ඔහු විසින් සංස්කරණය කරන ලදැයි සැළකෙන කෘති පහක් නිසා ඔහුගේ කිර්තිය වැඩිදියුණු විය. සියවස් කීපයක් තිස්සේ උගතුන්ගේ මහත් සම්භාවනාවට ලක් වූ කොන්ෆියුසියස් පසුව දේවත්වයෙහි ලා සලකනු ලැබුණි. නමුත් ෂින් රාජවංශයට අයත් ෂි-හුඈන්ග්-ති, තමා විශ්ව අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශ කර ගනිමින් පැරණි චීන සාහිත්‍ය කෘති විනාශ කළ අතර කොන්ෆියුසියස්ගේ ඇතැම් කෘතීන් ද වැඩවසම් මුහුණුවරක් ගත් බව පවසා විනාශ කළේ ය.

ආශ්‍රිත ග්‍රන්ථ සංස්කරණය

  • Billioud, Sebastien; Joel Thoraval (2015). The Sage and the People: The Confucian Revival in China. Oxford University Press. ISBN 0190258144. {{cite book}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  • Craig, Edward (1998), Routledge Encyclopedia of Philosophy, Volume 7, Taylor & Francis,  
  • Elman, Benjamin A. (2005), On their own terms: science in China, 1550–1900, Harvard University Press,  
  • Haynes, Jeffrey (2008), Routledge handbook of religion and politics, Taylor & Francis,  
  • Creel, Herrlee G. Confucius and the Chinese Way. Reprint. New York: Harper Torchbooks. (Originally published under the title Confucius—the Man and the Myth.)
  • Fingarette, Herbert. Confucius: The Secular as Sacred ISBN 1-57766-010-2.
  • Gunn, Geoffrey C. (2003), First globalization: the Eurasian exchange, 1500 to 1800, Rowman & Littlefield,  
  • Ivanhoe, Philip J. Confucian Moral Self Cultivation. 2nd rev. ed., Indianapolis: Hackett Publishing.
  • Nivison, David S. The Ways of Confucianism. Chicago: Open Court Press..
  • Sinaiko, Herman L. (1998), Reclaiming the canon: essays on philosophy, poetry, and history, Yale University Press,  
  • Xinzhong Yao (2000) An Introduction to Confucianism. Cambridge: Cambridge University Press.
  • Littlejohn, Ronnie (2010), Confucianism: An Introduction, I. B. Tauris,  
  • Qingsong Shen, Kwong-loi Shun. Confucian Ethics in Retrospect and Prospect. Council for Research in Values & Philosophy, 2007. ISBN 1565182456
  • Billioud, Sébastien. Carrying the Confucian Torch to the Masses: The Challenge of Structuring the Confucian Revival in the People's Republic of China. On: OE 49 (2010)
  • Chen, Yong. Confucianism as Religion: Controversies and Consequences. BRILL, 2012. ISBN 9004243739
  • Clart, Philip. University of Missouri-Columbia. Confucius and the Mediums: Is There a "Popular Confucianism"?. On: T'uong Pao LXXXIX. Brill, Leiden, 2003.
  • Fan Lizhu, Chen Na. The Religiousness of "Confucianism" and the Revival of Confucian Religion in China Today. On: Cultural Diversity in China 1: 27-43. De Gruyter Open, 2015. ISSN 2353-7795, DOI: 10.1515/cdc-2015-0005
  • Fan Lizhu, Chen Na. Revival of Confucianism and Reconstruction of Chinese Identity. Paper presented at: The Presence and Future of Humanity in the Cosmos, ICU, Tokyo, 18–23 March 2015. (a)
  • Payette, Alex. Shenzhen's Kongshengtang: Religious Confucianism and Local Moral Governance. Part of: Role of Religion in Political Life, Panel RC43, 23rd World Congress of Political Science, 19–24 July 2014.
  • Tay, Wei Leong. Kang Youwei: The Martin Luther of Confucianism and His Vision of Confucian Modernity and Nation. In: Haneda Masashi, Secularization, Religion and the State, University of Tokyo Center for Philosophy, 2010.
  • Joseph A. Adler. Confucianism as a Religious Tradition: Linguistic and Methodological Problems. Kenyon College, 2014.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කොන්ෆියුසියස්_ධර්මය&oldid=351836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි