මානස් ලබුෂේන් (දකුණු අප්රිකානු (ඇෆ්රිකාන්ස්) ඉසිරැවීම: /ලබස්ක්හ්ක්නි/, /lʌbəˈskʌxni/; ඕස්ට්‍රේලියානු ඉසිරැවීම: /ලැබෂෙයින්/, /læbəˈʃeɪn/)[1] (උපත: 1994 ජූනි 22) යනු දෑබැඳි වැ ඕස්ට්‍රේලියානු දෑ පිලට හා දෙ‍්සීය වැ කුවින්ස්ලන්තය වෙනුවෙන් තරඟ කරන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හේ ප්‍රාන්ත ක්‍රිකට්වලැ දී ග්ලැමෝගනය වෙනුවෙන් ද බිග් බෑෂ් ලීගයේ දී බ්‍රිස්බේන හීට් වෙනුවෙන් ද තරඟ කරයි. 2022 ජූනිය වත, අයිසීසීයේ ටෙස්ට් පිතිහරඹ ශ්‍රේණිගත කිරීම් අනුවැ ලොවැ නම්වර 2 ටෙස්ට් පිතිකරුවා වූයේ ලබුෂේන් යැ.

මානස් ලබුෂේන්
මානස් ලබුෂේන් 2012 අළු බඳුන අතරතුරැ හෙඩිංලිහි දී
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමානස් ලබුෂේන්
උපත22 ජුනි 1994 (1994-06-22) (වයස 29)
ක්ලෑර්ස්ක්ඩොර්ප්, නෝත් වෙස්ට් ප්‍රොවින්සය, දකුණු අප්‍රිකාව
පිතිකරන විලාසයදකුණත් හුරු
පන්දුයැවීම් විලාසයදකුණත් හුරු පා දඟ
දකුණත් හුරු මඳ වේග
භූමිකාවමුල් පෙළ පිතිකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2014/15–presentQueensland
2016/17–presentBrisbane Heat
2019–presentGlamorgan
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Test ODI FC LA
තරග 26 20 113 62
රැස් කල ලකුණු 2,390 646 8,388 2,041
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 54.31 34.00 45.58 34.59
100ඒවා/50ඒවා 6/13 1/4 22/44 2/16
වැඩිම ලකුණු 215 108 215 135
යැවුනු පන්දු 1,068 143 5,633 718
කඩුළු 13 2 75 11
පන්දු යැවීමේ සාමාන්‍යය 50.23 80.50 47.21 70.18
ඉනිමකදී කඩුළු පහක් 0 0 0 0
තරගයකදී කඩුළු 10 ක් 0 0 0 0
හොඳම පන්දු යැවීම 3/45 2/19 3/35 3/46
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 22/– 8/– 101/– 27/–
මූලාශ්‍රය: ESPNcricinfo, 2022 29 June

2019 අගෝස්තුවේ දී, ස්ටීව් ස්මිත් වෙනුවට තරඟ කරමින්, ටෙස්ට් ක්‍රිකට් තරඟයකැ දී කම්පනයට පත් වූවකුගේ ආදේශකයෙකු බවට පත් වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වූයේ ලබුෂේන් යැ. ලබුෂේන් 2019 වසරේ ටෙස්ට් තරඟවලැ වැඩිතම ලකුණු ලද්දේ වී යැ. හේ එ වසර තුළැ අයිසීසී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල සිව් වන තැන දක්වා ඉහළ නැඟී අතර ඒ තැන් 106 කින් ඉහළ යෑමකි. [2] 2020 ජනවාරියේ දී, දෑබැඳි ක්‍රිකට් කවුන්සිලය විසින් "අයිසීසී වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා" ලෙස ලබුෂේන් නම් කැරුණි. පෙබරවාරියේ දී ඕස්ට්‍රේලියාවේ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ද, [3] [4] අප්රේලයේ දී "විස්ඩන් ක්‍රිකට'ස් ඇල්මනාකයේ " වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනාගෙන් අයකු ලෙස ද ඔහු නම් විණ. [5] [6]

ළමාවිය සංස්කරණය

ලබස්ක්හ්ක්නි දකුණු අප්රිකාවේ නෝත් වෙස්ට් (වයඹ) ප්‍රොවින්සියේ ක්ලෑර්ස්ක්ඩොර්පයේ (Klerksdorp) දී දකුණු අප්රිකානු දෙමව්පියනට දා වැ උපත ලැබී යැ. පියාට පතල් කමෙහි රැකියාවක් ලැබීමෙන් පසු ඔහුගේ පවුල 2004 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ ඔහුට වයස අවුරුදු 10 දී වන අතර ලබුෂේන් බ්‍රිස්බේනයේ රජයේ උසස් පාසලට ඇතුළත් වී යැ. ඔහු ඇෆ්රිකාන්ස් බස බෙණෙමින් හැදී වැඩුණු අයකු වූ අතර ඉංගිරිසි සුරු ලෙස හැසිරැවීමට හැකි වූයේ ඕස්ට්‍රේලියාවට ගිය පසු වැ යි. [7] 2010 නොවැම්බරයේ දී චැනල් 9 වෙනුවෙන් හොට් ස්පොට් අධෝරතු කැමරාකරුවකු ලෙස තමා බ්‍රිස්බේනයේ "ද ගැබා" පිටියේ සේවය කළ හ යි ද , 2010-11 අළු බඳුන තරඟාවලියේ දී පීට සිඩ්ල් සිය ස-විසි වැනි උපන්දින දා කඩුලු තෙයක් ලබාගැන්ම දුට හ යි ද ඔහු විසින් 2021 දී හෙළි කැරුණි. [8]

දේසීය තරඟ දිවිය සංස්කරණය

දකුණත්-හුරු පිතිකරුවකු වන ලබුෂේන් කුවින්ස්ලන්තය වෙනුවෙන් වයස 12න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ මට්ටමින් ක්‍රීඩා කළ අතර 2012-13 දෑ සුරුතාවැලේ දී පිලෙහි නයුව දැරී යැ. [9] [10] බ්‍රිස්බේන ශ්‍රේණි ක්‍රිකට්වලැ දී හේ ඊස්ට්ස්-රෙඩ්ලන්ඩ්ස් දෙසිති ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරයි. [11] හේ 2013 ඩෙවෝන් ප්‍රිමිය ලීගයේ ප්ලයිමවුතය වෙනුවෙන් ද 2014 දී කෙන්ට් ප්‍රිමිය ලීගයේ සැන්ඩ්විච් ටවුන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ද ලෙස එංගලන්ත ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩා කළේ දෙපිල මැ වෙනුවෙන් මනා වැ ලකුණු ලබාගනිමිනි. [12] [13]

කුවින්ස්ලන්ත ඇකඩමිය සඳහා එක් වරක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු වැ, ලබුෂේන් සිය පළමු පෙළ ක්‍රිකට් ඇරැඹූයේ 2014-15 ෂෙෆීල්ඩ් පලිහ වාරයේ පළමු වටයේ දී දකුණු ඕස්ට්‍රේලියාවට එදිරි වැ ඇඩිලේඩ ඕවාලයේ දී යැ. ජෝ බ'න්ස් සමඟ පිතිහරඹය අරඹමින්, හේ කුවින්ස්ලන්ත පළමු ඉනිමේ දී ලකුණු 83ක් රැස්කළ අතර, නික් ස්ටීවන්ස් සමඟ සිව් වැනි කඩුල්ලට ලකුණු 99ක සබැඳියාවෙක් ගොඩනැඟී යැ . [14] පසු වැ 2014-15 වාරයේ දී, ඉන්දියාවට එදිරි වැ 'ද ගැබා'හි පැවැති දෙ වැනි ටෙස්ට් තරඟයේ දී, ලබුෂේන් ඕස්ට්‍රේලියානු දෑ පිල සඳහා ආදේශක පන්දු රකින්නකු ලෙස යොදාගැනිණ. එහි දී හේ ෂෝට් ලෙග්හි සිටැ ඉපහළින් ආ උඩපන්දුවක් රැකී යැ.[15]

ලබුෂේන් 2015 ඔක්තෝම්බරයේ දී කුවින්ස්ලන්තය වෙනුවෙන් සිය පළමු 'ලිස්ට් ඒ' තරඟයට ක්‍රීඩා කළ අතර ඊළඟ මාසයේ දී සිය කුළුඳුල් පළමු පෙළ සියය රැස් කළේ සිය අට වැනි ෂෙෆීල්ඩ් පළිහ තරඟයේ දී ලකුණු 112ක් රැස්කරමිනි. ඔහු 2016 එක්දින කුසලානයේ දී පිතිහරඹ සැමැනිය 45ක් සමඟ ලකුණු 273ක් රැස් කළ අතර "තරඟාවලියේ ක්‍රීඩකයා" ලෙස ද නම් කැරැණි. [16]

2017 සැප්තැම්බරයේ දී, කුවින්ස්ලන්තය හා ක්‍රිකට් ඕස්ට්‍රේලියා එකොළොස්ස හා අතර 2017 එක්දින කුසලාන තරඟයකැ දී, පන්දු රකින්නන් විසින් පිතිකරුවන් රැවැටුම නවතනුව අලුතින් හඳුන්වා දුන් නිය යටතේ දඬුවම් ලත් පළමු පන්දු රකින්නා බවට ඔහු පත් වියැ. කව'සයේ සිටැ පන්දුවක් රැකීමට ලබුෂේන් පැන්න නමුදු, එය කළ නොහැකි වුව ද කඩුලු රකින්නා වෙතට පන්දුව විසි කරනා බවක් මවා පෑයේ සිය පිලට ලකුණු පහක දඩුවමක් ලබාදෙමිනි.

2017-18 ෂෙෆීල්ඩ් පළිහ තරඟවාරයේ දී කුවින්ස්ලන්තයේ වැඩිම ලකුණු ලද්දේ වීමෙන් පසු වැ ඔහු ක්‍රිකට් ඕස්ට්‍රේලියාව විසින් ඔවුනගේ "වසරේ ෂෙෆීල්ඩ් පළිහ පිල"ට නම් කැරුණි.

ප්‍රාන්ත කඩුලු පන්දු (ක්‍රිකට්)     සංස්කරණය

2019 අප්‍රේල්යේ දී, ලබුෂේන් 2019 ඉංග්‍රීසි ක්‍රිකට් වාරය සඳහා ග්ලැමෝගන ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමඟ ගිවිසුම් අත්සන් කළේ යි. හේ සිය පළමු ප්‍රාන්ත සුරුතා වාරයේ මුල් පළමු පෙළ තරඟ හතරේ දී සියයන් තුනක් ද ඇතුළු වැ ලකුණු 1,114ක් රැස් කළ අතර ඉන් එකක් ග්ලැමෝගන දෙවැනි කඩුල්ලට වැඩිතම වූ ලකුණු 291ක සබැඳියාවෙක් ගොඩනඟමින් සසෙක්සයට එදිරි වැ රැස් කළ ඒ වත සිය වැඩිතම වූ ලකුණු 182 වියැ. හේ තරඟ දහයකට පමණක් ක්‍රීඩා කළ ද ප්‍රාන්ත සුරුතාවැලේ දෙ වැනි කොටසේ දෙ වැනි වැඩිම ලකුණු ලද්දේ වී, එක් ඉනිමකට ලකුණු 61.89ක සැමැනියක් සමඟින් සිය නම ග්ලැමෝගනයේ පිතිහරඹ සැමැනියේ ඉහළින් මැ තැබී යැ. පන්දු යැවීමේ සැමැනිය 38.11ක් සමඟින් කඩුලු 19ක් ද දවා ගැන්මට හේ සමත් වී යැ. 2019 අළු බඳුනේ ඔහුගේ දස්කම්වලින් පසු වැ එ මැ නොවැම්බරයේ දී, හේ ඊළඟ වාර දෙක සඳහා ග්ලැමෝගනය සමඟ නැවැත ගිවිසුම් අත්සන් කළේ යැ.

කොවිඩ්-19 වසංගතය හෙය වූයෙන් 2020 වාරය කඩාකප්පල් වීමෙන් පසු 2020 ජුනියේ දී ලබුෂේන් ගේ ගිවිසුම අමතර වාරයක් සඳහා දිගෑදිණ. [17]

දෑබැඳි තරඟ දිවිය සංස්කරණය

2018-19 පාකිස්තානයට එදිරි වැ 'එඅඑරා'යන්හි (UAE) දී සංස්කරණය

2018 සැප්තැම්බරයේ දී, ඔහු පාකිස්තානයට එදිරි තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට නම් කැරුණි. හේ 2018 ඔක්තෝම්බර 7 වන දා පකිස්තානයට එදිරි වැ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය කුළුඳුල් ටෙස්ට් තරඟයට පිවිසි අතර, පළමු ඉනිමේදී පන්දු දෙකකින් දැවී ගිය අතර දෙ වන ඉනිමේදී ලකුණු 13ක් ලබා ගති. එ මැ තරඟයේ දී කඩුලු දෙකක් ද දවා ගැනුමට හේ සමත් වී යැ. මයිකල් හසී ඔහුට හිමි කොළ පැහැ හිස්වැස්ම (බැගී ග්‍රීනය) ලබා දුනි. දෙ වැනි ටෙස්ට් තරඟයේ දී හේ තවත් කඩුලු 5ක් දවා ගනිමින් ලකුණු 25ක් සහ 43ක් ලබා ගෙනැ ඔස්ට්‍රේලියාවේ දෙ වැනි ඉනිමේ වැඩිම ලකුණු ලද්දේ වී යැ. [18]

ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට හා එදිරි වැ 2018-19 ඕස්ට්‍රේලියාවේ දී සංස්කරණය

එයට පසු වසරෙහි පිලේ ඉන්දු සංචාරයට පෙරැ 2018 දෙසැම්බරයේ දී ඕස්ට්‍රේලියානු එක්දින දෑබැඳි සංචිතයට මානස් නම් විණි. ඒ, වසර මුලැ දී සැරි සරු ඉන්දියානුවනට එරෙහි වැ සිව් වැනි ටෙස්ට් තරඟය සඳහා ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට පුදුම සහගත ලෙසැ එක් කිරීමට පෙරාතුව යි. ඔහු පිතිකරු අනුපිළිවෙලෙහි අංක තුනට පන්දුවට පහර දීමට තෝරා ගැනුණු අතර, එ මැ තිරව්ව "දැඩි විවිසුවට" ලක් වියැ. [2] [19] [20] ඔහු සිය එකම ඉනිමේ දී ලකුණු 38ක් ලබා ගත් අතර ගිමේ අවසනැ ශ්‍රී ලංකාවට එරෙහි වැ පැවැති ටෙස්ට් තරඟ දෙක සඳහා පිලෙහි රඳවා ගැනුණි. [21]

2019 එංගලන්තයේ අළු බඳුන සංස්කරණය

 
2019 අළුබඳුන තරඟාවලියේ දී ලබුෂේන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවට පහරදෙමින්

ප්‍රාන්ත ක්‍රිකට්වල ග්ලැමෝර්ගන් සඳහා හොඳ මුල් සමයක් පෙන්නුම් කිරීමෙන් පසු වැ, [22] ඔහු එංගලන්තයේ 2019 අළු බඳුන තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට නම් කැරුණි. 2019 අගෝස්තු 18 වන දා, දෙ වැනි ටෙස්ට් තරඟයේ පස්වන දා, ලබුෂේන් ස්ටීව් ස්මිත් වෙනුවට ආදේශ කැරුණි. පෙර දා ස්මිත් කම්පනයකට ලක්වීමෙන් පසු වැ - දෑබැඳි ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි වෙනසකින් පසු වැ ටෙස්ට් තරඟයකැ දී කම්පනයට ආදේශක වූ පළමු ක්‍රීඩකයා බවට පත්වියැ. මෙ සේ ක්‍රීඩකයින් ආදේශ කිරීම "එකිනෙකාට සමාන" ආදේශකයක් ලෙසැ හැඟැවෙන අතර, එය ඔහු "ඉතා බැරෑරුම් ලෙස ගත්" භූමිකාවක් වියැ. හේ ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ වැඩිතම වූ ලකුණු 59ක් ලබා ගත් අතර, තුන්වැනි ටෙස්ට් තරඟයට ස්මිත් එක් නො වීම හේතුවෙන් තෝරා ගන්නා ලදුව ඕස්ටේ‍්‍රලියානු ඉනිම දෙකේ මැ වැඩිම ලකුණු ලද්දේ වෙමින්, “වෙසෙසින් මැ නො බා, නො පසුබට හා නැණවත්” ලෙස විසිතුරු කැරුණු පිතිහරඹයක් දැක්වී යැ. [23] එංගලන්තය සිය පළමු ඉනිමේදී ලකුණු 67කට දැවී ගිය පසු, පිළිමලු පිල ඔවුනගේ එක් ඉනිමකැ දී ලබාගත් මුළු ලකුණු පමණට වඩා වැඩි ලකුණු රැස් කිරීම් 2ක් තරඟයකැ දී ලබාගත් ටෙස්ට් ඉතිහසේ පස්වැනි පිතිකරුවා බවට ලබුෂේන් පත් වියැ.

2019-20 ඕස්ට්‍රේලියාවේ දී පකිස්ථානට හා නවසීලන්තයට එදිරි වැ සංස්කරණය

එළැඹුණු ගිමේ පකිස්තානුවන්ගේ සංචාරය සඳහා ලබුෂේන් ඕස්ට්‍රේලියානු පිලේ සිය තැන රඳවා ගත්තේ ගැබාහි දී තම කුළුඳුල් ටෙස්ට් සියය වුණු ලකුණු 185ක් රැස් කරමිනි. දෙසැම්බරයේ දී නවසීලන්තයට එරෙහි වැ පැවැති පළමු ටෙස්ට් තරඟයේ දී තෙ වැනි සියය ලබාගැනුමට පෙරැ ඔහු දෙ වැනි ටෙස්ට් තරඟයේ දී තවත් සියයක් රැස් කළේ යි. පිට පිට සියයේ තුනක් ලබා තිබූ ඔහු 2020 ඇරැඹීමට පෙරැ තම ඊළඟ ඉනිම් දෙකේ දී අඩ සියයන් සටහන් කළේ නවසීලන්තයට එරෙහි වැ සික්‍රිපියේ (SCG) දී පැවැති තෙ වැනි ටෙස්ට් තරඟයේ දී ලකුණු 215ක් ලැබැ සිය පළමු දෙ-සියය සටහන් කිරීමට පෙරාතු වැ යි. [24] හේ අගෝස්තුවේ දී කම්පන ආදේශකයෙකු ලෙස පෙනී සිටැ වසර තුළැ තම ටෙස්ට් ලකුණු 1,104 න් 975 ක් ලබා ගනිමින් වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලද්දා ලෙස 2019 අවසන් කළේ යැ. [2] [25] [26] වසර තුළැ දී ඔහු තැන් 106කින් ඉදිරියට පැමිණ අයිසීසී (ICC) ශ්‍රේණිගත කිරීම්වල සිව් වැනි තැනැ පසුවන පිතිකරුවා බවට පත් වියැ. [2] [25]

2019-20 ඉන්දියාවේ හා දකුණු අප්‍රිකාවේ සංචාර සංස්කරණය

2019 දෙසැම්බරයේ දී, ඔවුනගේ 2020 ඉන්දු සංචාරය සඳහා ඕස්ට්‍රේලියාවේ එදිජා (ODI) සංචිතයට ලබුෂේන් නම් කැරුණි. හේ ජනවාරි 14 වැනි දා සිය කුළුඳුල් එදිජා තරඟයට එක් වී යැ. ලබුෂේන් පිතිහරඹයේ හෝ පන්දු යැවීමේ හෝ නො යෙදුණු එ තරඟය ඔස්ට්‍රේලියාව කඩුලු දහයෙකින් දිනී. හේ තරඟාවලියේ ඉතිරි එක්දින තරඟ දෙකට ද ක්‍රීඩා කළ අතර තෙ වැනි තරඟයේ දී කුළුඳුල් එක්දින අඩ සියය රැස් කළේ යි.

ඔවුනගේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයේ රඳවාගැන්මෙන් පසු වැ, මාරතුවේ දී හේ සිය පළමු එක්දින සියය රැස් කළේ, තමා උපන් නගරය අසැ පෝචේෆ්ස්ට්රූම්හි දී ලකුණු 108ක් රැස් කරමිනි. [27] 2020 අප්රියේලයේ දී, ක්‍රිකට් ඕස්ට්‍රේලියාව, 2020-21 වාරයට පෙරැ, ප්‍රධාන නුබැඳුමක් (central contract) ලබුෂේන් හට පිරිනැමී යැ. 2020 ජූලි 16 වන දා, COVID-19 වසංගතයෙන් පසු එංගලන්තයේ සංචාරයකට පෙරැ, පුහුණුව ඇරැඹීම සඳහා 26 දෙනකුගෙන් යුත් මූලික ක්‍රීඩක සංචිතයකට ලබුෂේන් නම් කැරුණි. 2020 අගෝස්තු 14 වන දා, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තරඟවැල පැවැත්වෙන බව තිරැයුණු අතර, ලබුෂේන් ද සංචාරයට ඇතුළත් වියැ.

2020 ඕස්ට්‍රේලියාවේ නවසීලන්තය සංස්කරණය

2020 මාර්තු 13, 15 සහ 20 යන දිනවල පැවැත්වීමට නියමිත වැ තුබූ ටෙස්ට් තරඟාවලියෙන් පසුව නවසීලන්තය නැවැත ඕස්ට්‍රේලියාවට පැමිණියේ ය. ඕස්ට්‍රේලියාව පළමු තරඟය ලකුණු 71කින් දිනූ අතර, ලබුෂේන් ලකුණු 56 රැස් කළේ ය. කෙසේ වතදු, COVID-19 වසංගත සංචරණ සීමාවන් හෙයින් එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරව දෙ වැනි හා තෙ වැනි තරඟ අවලංගු වියැ.

2022 පෙබරවාරියේදී, ලබුෂේන් පකිස්ථානයට එරෙහිව එක් තරඟයක් සඳහා ඕස්ට්‍රේලියාවේ විස්සයි20 දෑබැඳි (T20I) සංචිතයට නම් වියැ. හේ 2022 අප්‍රේල් 5 වන දා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පකිස්තානයට එරෙහි ව සිය පළමු වි20ජා ට ක්‍රීඩා කළේ යි.

අත්කරගැනීම් සංස්කරණය

  • 2022 ජනවාරියේ වාර්ෂික අයිසීසී සම්මාන උළෙලේ දී, 2021 වසරේ අයිසීසී පිරිමි ටෙස්ට් පිලට ඇතුළත් වියැ.

තැනැති දිවිය සංස්කරණය

ලබුෂේන් 2017 දී සිය බිරිඳ වන රෙබෙකා හා විවා වී යැ. ඔවුන් සතු වැ 'මයිලෝ' නම් චොක්ලට් ලැබ්‍රඩෝරයකු සිටින අතර ඌ ගෙවතු ක්‍රිකට් ක්‍රීඩා කරමින් ලබුෂේන් ගේ ඉන්ස්ටග්‍රෑමයෙහි පෙනී සිටිනා බැව් පතළ කරුණෙකි.

වයස අවුරුදු 21 දී බැරිස්ටා පාඨමාලාවක් සපුරා ඇති ලබුෂේන් කෝපිවලට දැඩි ඇල්මක් දක්වයි. මානස් සිය වෙළෙඳ ශ්‍රේණියේ ලාමසෝකො (LaMarzocco) කෝපි යත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමඟ සංචාර සඳහා රැගෙන යාමට පසිඳු යැ. පාකිස්තාන සංචාරයේ දී මානස් තම පිල සඳහා කෝපි ඇට දහසුග්‍රෑම 30 ක් හා ඕට් කිරි ලීටර 1000 ක් ද රැගෙන ගියේ යි.

පිටියෙන් බැහැරි වැ, ලබුෂේන් සිය ගෙයි පිටුපසැ ඔහු විසින් මැ සාදාගත් ක්‍රීඩා තුළින් සිය පිතිහරඹ කුසලතා ඔප් නංවා ගැන්මට නම් දරයි. 2022 ඔස්ට්‍රේලියාවේ පාකිස්තාන සංචාරයට සූදානම් වත, ඔහු බ්‍රිස්බේනයේ සිය ගෙහි බැල්කනියේ ටේප් ඇලුමිනියම් කැබලි හා ලොහො තහඩු හා සහිත රබර පැදුරක් මතැ පිතිහරඹයේ යෙදී සිටිනු දැකැගත හැකි වියැ. [28]

දෑබැඳි සියයන් සංස්කරණය

අප්‍රේල් 2022 වත ලබුෂේන් විසින් ටෙස්ට් තරගවලැ දී 6ක් හා එදිජා තරඟවලැ දී එකක් ලෙසැ සියයන් රැස් කොටැ ඇති.

මානස් ලබුෂේන් විසින් ලබාගත් ටෙස්ට් සියයයන්
නැත. ලකුණු විරුද්ධව ස්ථානය දිනය ප්රතිඵලය
1 185   පකිස්තානය</img>  පකිස්තානය ගබ්බා, බ්‍රිස්බේන් නොවැම්බර් 21, 2019 ඕස්ට්‍රේලියාව දිනුවා
2 162   පකිස්තානය</img>  පකිස්තානය ඇඩිලේඩ් ඕවල් නොවැම්බර් 29, 2019 ඕස්ට්‍රේලියාව දිනුවා
3 143   නවසීලන්තය</img>  නවසීලන්තය පර්ත් ක්‍රීඩාංගනය , දෙසැම්බර් 12, 2019 ඕස්ට්‍රේලියාව දිනුවා
4 215   නවසීලන්තය</img>  නවසීලන්තය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනවාරි 3, 2020 ඕස්ට්‍රේලියාව දිනුවා
5 108   ඉන්දියාව</img>  ඉන්දියාව ගබ්බා, බ්‍රිස්බේන් ජනවාරි 15, 2021 ඕස්ට්‍රේලියාව පැරදුණා
6 103   එංගලන්තය</img>  එංගලන්තය ඇඩිලේඩ් ඕවල් දෙසැම්බර් 16, 2021 ඕස්ට්‍රේලියාව දිනුවා
මානස් ලබුෂේන් විසින් ලබාගත් එක්දින සියයයන්
නැත. ලකුණු විරුද්ධව ස්ථානය දිනය ප්රතිඵලය
1 108   දකුණු අප්‍රිකාව</img>  දකුණු අප්‍රිකාව සෙන්වෙස් පාර්ක්, පොචෙෆ්ස්ට්රූම් මාර්තු 7, 2020 ඕස්ට්‍රේලියාව පැරදුණා

යොමු කිරීම් සංස්කරණය

  1. How do you pronounce Labuschagne?
  2. 2.0 2.1 2.2 2.3 Australian Associated Press (30 December 2019) Marnus Labuschagne climbs 106 places in ICC Test batting rankings, The Guardian. Retrieved 5 January 2020.
  3. Caffrey, Oliver (11 February 2020). "Marnus Labuschagne wins Test player award". The Canberra Times. සම්ප්‍රවේශය 9 April 2020.
  4. Griffiths, Gareth (16 February 2020). "Marnus Labuschagne: Australia cricket award caps 'special' year". BBC Sport. සම්ප්‍රවේශය 9 April 2020.
  5. Forsaith, Rob (9 April 2020). "Wisden title an honour: Marnus Labuschagne". The Canberra Times. සම්ප්‍රවේශය 9 April 2020.
  6. Hashim, Taha (8 April 2020). "The summer that made Marnus Labuschagne a Wisden Cricketer of the Year". Wisden Cricketers' Almanack. සම්ප්‍රවේශය 9 April 2020.
  7. Craddock, Robert (27 October 2014) Former South African Marnus Labuschagne well-schooled for Sheffield Shield debut, The Daily Telegraph. Retrieved 1 November 2014.
  8. (in en) Australia's players remember the best Ashes deliveries | NuPure Top 10, https://www.youtube.com/watch?v=iz-Whq7ZgPs, ප්‍රතිෂ්ඨාපනය 2021-11-28 
  9. Teams Marnus Labuschagne played for, CricketArchive. Retrieved 4 January 2020. (subscription required)
  10. Redland cricket stars in state team, Redland City Bulletin, 13 December 2012. Retrieved 1 November 2014.
  11. Blues, Bulls call on debutants, Cricket Australia, 27 October 2014. Retrieved 1 November 2014.
  12. Plymouth old boy set for Australian Test debut against Pakistan, Devon Cricket Board. Retrieved 4 January 2020.
  13. Harvey, Richard (19 May 2014) Shepherd Neame Kent Cricket League Premier Division wrap, Kent Online. Retrieved 4 January 2020.
  14. Stevens ton revives Bulls after Sayers hat-trick, CricInfo, 31 October 2014. Retrieved 4 January 2020.
  15. Marnus Labuschagne reflects on THAT catch
  16. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ca11sep18 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  17. Webb N (2020) Marnus Labuschagne: Australia batsman signs for extra year with Glamorgan, BBC Sport, 19 June 2020. Retrieved 20 June 2020.
  18. 2nd Test, Australia tour of United Arab Emirates at Abu Dhabi, Oct 16-19 2018, CricInfo. Retrieved 2020-01-09.
  19. McGlashan A (3 January 2019) Labuschagne, Australia's unlikely No. 3, learns from Pujara, CricInfo. Retrieved 9 January 2020.
  20. Marnus Labuschagne Called Up As Australia Overhaul ODI Squad For India Tour, NDTV, 17 December 2019. Retrieved 9 January 2020.
  21. Marnus Labuschagne pens Glamorgan deal ahead of Ashes push, CricInfo, 2 April 2020. Retrieved 9 January 2020.
  22. Malcolm, Alex (7 May 2019) Labuschagne sparkles while Burns returns home, CricInfo. Retrieved 9 January 2020.
  23. Brettig, Daniel (24 August 2019) Marnus Labuschagne sets the example for Australia - and England, CricInfo. Retrieved 8 January 2020.
  24. Australia v New Zealand: Marnus Labuschagne makes 215 for hosts, BBC Sport, 4 January 2020. Retrieved 4 January 2020.
  25. 25.0 25.1 Australian Associated Press (31 December 2019) Labuschagne up 106 Test rankings spots in 2019, Sydney Morning Herald. Retrieved 9 January 2020.
  26. Top 10 batsmen with most Test runs in 2019, The Cricket Times, 31 December 2019. Retrieved 9 January 2020.
  27. Ramsay, Michael (8 March 2020). "Labuschagne century in vain as Proteas sweep Australia in ODI series". The Sydney Morning Herald. සම්ප්‍රවේශය 8 March 2020.
  28. "How a rubber mat and aluminium sheets are helping Marnus Labuschagne prepare for Pakistan tour". ABC News (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). 2022-02-21. සම්ප්‍රවේශය 2022-03-21.
"https://si.wikipedia.org/w/index.php?title=මානස්_ලබුශේන්&oldid=548602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි