මහා වල් පාත්ත ස්තූපය

මහා වල් පාත්ත ස්තූපය හෙවත් දැවැන්ත කැළෑ පාත්ත පැගෝඩාව (චීන: 大雁塔; පින්යින්: Dàyàn tǎ) යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ ෂාන්සි පළාතේ දකුණු ෂි'ආන්හි පිහිටි බෞද්ධ ස්තූපයකි. මෙය ඉදිවූයේ 652 ටෑං රාජවංශ සමයේ වන අතර මෙහි මුල් ගොඩනැගිල්ල මහල් පහකින් සමන්විත විය. 704දී වූ සේටියෑන් අධිරාජිනියගේ පාලන සමයේ මෙම ව්‍යූහය නැවත ඉදිවූ අතර එහි බාහිර ගඩොලු මුහුණත පිළිසකර කෙරුණේ මිං රාජවංශ සමයේ ය. මෙම ස්තූපය භාවිතයට ගැනුණු ප්‍රධාන අරමුණු වූයේ බෞද්ධ පරිවර්තකයකු සහ සංචාරකයකු වූ හියුංසාං විසින් ඉන්දියාවේ සිට චීනය වෙත රැගෙන ආ සූත්‍ර සහ බුදුන් වහන්සේගේ ප්‍රතිමා තැන්පත් කිරීමයි.

මහා වල් පාත්ත ස්තූපය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
මහා වල් පාත්ත ස්තූපය
"දැවැන්ත කැළෑ පාත්ත ස්තූපය" යන්න චීන අක්ෂරවලින්
Chinese大雁塔

වටපිටාව සහ ඉතිහාසය සංස්කරණය

මෙහි මුල් පැගෝඩාව ඉදිවූයේ ටෑංහි ගඔෂොං අධිරාජයාගේ (රා. 649–683) පාලන සමයේ ය. එවකට එහි උස 54 m (අඩි 177) විය.[1] තලන ලද පස් සහ බාහිර පාෂාණ මුහුණතකින් යුත් එම ඉදිකිරීම ඉන් දශක පහකට පසු ඇදවැටිණි. 704 වර්ෂයේ දී වූ සේටියෑන් නම් රජකරන අධිරාජිනිය විසින් මෙම ස්තූපය නැවත ඉදිකොට එයට අමතර මහල් පහක් එක් කරන ලදී.

1556 දැවැන්ත භූකම්පනයක් හේතුවෙන් ස්තූපයට දැඩිව හානි සිදුවූ අතර එහි උස මහල් තුනකින් අඩු විය. ඒ අනුව එහි වත්මන් උස වන මහල් සතක් දක්වා එය පත් විය.[2]

මෙම ව්‍යූහය බටහිරට මඳක් (අංශක කිහිපයක්) ආනතව පිහිටා ඇත. මෙයට සම්බන්ධ තවත් ගොඩනැගිල්ලක් වන 8වන සියවසේ ඉදිවූ ෂ්'ආන්හි කුඩා වල් පාත්ත ස්තූපයට 1556 භූමිකම්පාවෙන් එතරම් හානියක් සිදුනොවිණි (තවමත් ප්‍රතිසංස්කරණය කොට නොමැත).[2] මිං රාජවංශ (1368–1644) සමයේදී මහා වල් පාත්ත ස්තූපය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කෙරිණි. 1964දී එය නැවත පිළිසකර කෙරිණි. වර්තමානයේ මෙම ස්තූපයේ උස 64 m (අඩි 210) වේ. එහි මුදුනේ සිට මුළු ෂි'ආන් නගරයම මනාව දැකගත හැක.

මෙම කුළුණ දා චි'එන් විහාර සංකීර්ණය ඇතුළත පිහිටා ඇත . ෂි'ආන් මෙට්‍රෝහි 3වන තීරුවේ දා යැන් ටා ස්ථානයේ සිට මේ වෙත ළඟා විය හැක. මෙහි එක් පිවිසුමක් උතුරු චතුරස්‍රයේ ඊසානදිග අන්තයෙහි පිහිටා ඇත. මෙහි නව පිවිසුමක් උතුරු චතුරස්‍රයේ වයඹදිග අන්තයෙහි විවෘත කිරීමට නියමිත ය.

ගැලරිය සංස්කරණය

සටහන් සංස්කරණය

  1. Watson, 185.
  2. 2.0 2.1 Ingles (1982), 144.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Benn, Charles (2002). China's Golden Age: Everyday Life in the Tang Dynasty. Oxford: Oxford University Press.
  • Ingles, O.G. "Impressions of a Civil Engineer in China," The Australian Journal of Chinese Affairs (Number 7, 1982): 141–150.
  • Heng Chye Kiang. (1999). Cities of Aristocrats and Bureaucrats: The Development of Medieval Chinese Cityscapes. Singapore: Singapore University Press. ISBN 9971-69-223-6.
  • Watson, William. (2000). The Arts of China to A.D. 900. New Haven: Yale University Press. ISBN 0-300-08284-3.
"https://si.wikipedia.org/w/index.php?title=මහා_වල්_පාත්ත_ස්තූපය&oldid=418064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි