පේරාදෙණිය විශ්වවිද්‍යාලය
මහ නුවර පිහිටා ඇති රජයේ විශ්වවිද්‍යාලක්, ශ්‍රි ලංකාව
(පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලයක් වේ. මෙය 1942 වර්ෂයේ ආරම්භ කළ අතර එය ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 2 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 2466 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [1]
![]() පේරාදෙණිය විශ්වවිද්‍යාලය Crest | |
ආදර්ශ පාඨය | සාර්වස ලෝකනම් ශාස්ත්‍රම් (සංස්කෘත) |
---|---|
පිහිටුවන ලද්දේ | 1942 University of Ceylon, 1972 University of Sri Lanka, Peradeniya Campus, 1978 University of Peradeniya |
වර්ගය | පොදු |
කුලපති | මහාචාර්ය පී. ඩබ්. එපාසිංහ |
උපකුලපති | මහාචාර්ය උපුල් දිසානායක |
පරිපාලන කාර්ය මණ්ඩලය | 1,168 |
ශිෂ්‍යයන් | 11,065 |
උපාධි අපේක්ෂකයා | 9,605 |
පශ්චාත් උපාධි අපේක්ෂකයා | 1,440 |
පිහිටීම | පේරාදෙණිය, ශ්‍රී ලංකාව |
අධ්‍යයන මණ්ඩප | Suburban 700 Hectares |
වර්ණ | රන්වන් සහ දුඹුරට හුරු රතුපාට |
අනුබද්ධ කිරීම | Association of Commonwealth Universities |
වෙබ් පිටුව | www.pdn.ac.lk |
දළ විශ්ලේෂණය සංස්කරණය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පීඨ 9 කින්ද,(අලුතින් එක්කල ව්‍යවහාරික වෛද්‍ය විද්‍යා පීඨයද ඇතුලත්ව) පශ්චාත් උපාධි ආයතන 2 කින්ද, මධ්‍යස්ථාන 10කින්ද, අධ්‍යයනාංශ 71කින්ද යුක්ත වෙයි. මෙහි සිසුන් 12,000 ක් පමණ වෛද්‍ය, කෘෂි විද්‍යා, විද්‍යා, කලා, ඉංජිනේරු, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, සත්ව විද්‍යා සහ සම සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල ඉගෙනුම ලබති.[2][3]