ආචාර්ය ජයලත් මනෝරත්න

කලා සූරී කලා කීර්තී කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් ම‍නෝරත්න ( සිංහල-කෙසෙල්ගස්පේ ජයලත් මනෝරත්න, 1948 ජූනි 12-2020 ජනවාරි 12) කලාකරුවාණන්, ජයලත් මනෝරත්න ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඔහු ශ්‍රී ලාංකීය සිනමා, වේදිකා නාට්‍ය හා ටෙලිදර්ශන යනාදියෙන් සම්මානලාභී නළුවෙකි. ඔහු වෘත්තියෙන් කථිකාචාර්යවරයෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකයෙක් විය. නාට්‍යයේ සිට හාස්‍යය දක්වා ඉතාමත් බහුනිපුණැති නළුවෙකි වන මනෝරත්නයන් ඕ.සී.අයි.සී, ජනාධිපති, සරසවි, රයිගම් ටෙලීස්, සුමති සහ රාජ්‍ය සාහිත්‍ය හා නාට්‍ය උළෙලවල සම්මාන දිනාගත්තේ ය. සොක්‍රටීස් සහ ඩවිට්වාහි ඔහුගේ රංගනය වෙනුවෙන් 1991 සහ 1992 දී දිගින් දිගටම හොඳම නළුවා විය. ඔහු ශ්‍රී ල‍ාංකීය වේදිකාවේ ආධිපතයය දැරූ නළුවන් පස් දෙනාගෙන් එක් අයෙකු ලෙස විචාරකයින් විසින් සලකනු ලැබේ.

ජයලත් මනෝරත්න
උපත කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න

1948 ජූනි 12,

දෙහිපේ, නුවරඑළිය

ශ්‍රී ලංකාව.

විපත 2020 ජනවාරි 12

(වයස 71)

අපේක්ෂා රෝහල,

මහරගම,

ශ්‍රී ලංකාව.

ජාතිය ශ්‍රී ලාංකීය
වෙනත් නම් මනෝ
අධ්‍යාපනය පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය
උසස් අධ්‍යාපනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

රැකියාව නාට්‍ය රචක, නළු, ගායක
රංගන කාල සීමාව 1970-2019
කලත්‍රයා තමරා ජයන්ති(එම්.1979)
දරුවන් 02
දෙමව්පියන් මනතුංග ‍පෙරේරා (පියා)

ලීලා පෙරේරා (මව)

සම්මාන හෙ‍ාඳම නළුවා

හොඳම සහාය නළුවා

හොඳම ප්‍රහසන නළුවා

වෙබ් අඩවිය http://jayalathmanoratne.org/


පෞද්ගලික ජීවිතය

සංස්කරණය

මනෝරත්නයන් දරුවන් හය දෙදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් පුතණුවන් ලෙස ජූනි මස 12 වන දින නුවරඑළිය, දෙහිපේ දී උපත ලැබුවේ ය. ඔහුගේ පියා වන කෙසෙල්ගස්පේ මනතුංග පෙරේරා ලොරි රථ රියදුරෙකු වූ අතර අගලකොටුවේ හේරත් මුදියන්සේලාගේ ලීලා කුමාරි වන මව ගෘහණියක් විය. ඔහු දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයේ සහ පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදෑරුවේ ය. මෙතුමාට මනතුංග සෙනෙවිරත්න, මනතුංග ‍විජේරත්න, සහ මනතුංග ආරියරත්න ලෙස සහෝදරයන් තිදෙනෙක් ද, ඉන්දිකා කුමාරි සහ මල්ලිකා කුමාරි ලෙස සහෝදරියන් දෙදෙනෙක් ද සිටී.

කුඩා අවධියේ දී, ඔහුගේ සංගීත ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්ද මහතාණන්, ඔහුගේ හැකියාවන් හඳුනාගෙන රංගනයෙන් සහ ගායනයෙන් ඉහළට යන්නට ඔහුව දිරිගැන්වුවේ ය. ඔහු තම පාසල් අවධියන් හි, අධ්‍යාපන මෙන් ම බාහිර ක්‍රියාකාරකම්වලද යෙදුණු අතර, සිංහල සාහිත්‍ය සංගමයේ ලේකම් (1965 ), රඟහල සම්මුතියේ සභාපති (1966 ), සිංහල සංගමයේ සභාපති (1967-68) සහ නාට්‍ය කණ්ඩායමේ හා ගන්ධර්ව සභාවේ සාමාජික (1969) යනාදියෙහි නිරත වී සිටියේ ය. 1965-66 දී, මනෝරත්නයන් පිරිමි නේවාසිකාගාරයෙහි ශිෂ්‍ය නායකයා විය. 1996 දී, ඔහු විද්‍යාලීය අන්තර් මළල ක්‍රීඩා ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨතම වටිනාම ක්‍රීඩකයා බවට පත් විය.

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා භූගෝල විද්‍යාව, සිංහල සහ බෞද්ධ ශිෂ්ඨාචාරය යන විෂයන්ගෙන් ඔහුගේ ද්වීතියික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මඟ පෙන්වීම යටතේ නාට්‍යය හැදෑරීම ඉදිරියට ගෙන ගොස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. මනෝරත්නයන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තම විශාරද උපාධිය ද ලබා ගත්තේ ය. 1995 දී, පළමු පෙළ සාමාර්ථයක් සමඟ උපාධිය ලබාගත් එකම පශ්චාත් උපාධිධාරියා ඔහු විය. 2013 දී, ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තම ගෞරව උපාධිය ලබාගත්තේ ය. 1981 දී, ඔහු කොළඔ විශ්වවිද්‍යාලයෙන් ග්‍රාමීය සංවර්ධන බාහිර ඩිප්ලෝමාව සම්පූර්ණ කළේ ය.

ඔහු 1979 සිට මරණය දක්වා තමරා ජයන්ති සමඟ විවාහ වී සිටියේ ය. එම දෙපළට එක් දියණියක්, එනම් උත්පලා ඉන්දීවරී සහ එක් පුතෙකු, එනම් භානුක ප්‍රබුද්ධ වේ. උත්පලා දියණිය, ශිවන්ක පෙරේරා සමඟත්, භානුක පුතණුවන්, හිරණ්‍යා දුලාෂිණි ගමාරියා සමඟ ද විවාහ විය.   

වේදිකා නාට්‍යය වෘත්තිය

සංස්කරණය

රාජ්‍ය නාට්‍ය සම්මාන උෙළල[සංස්කරණය]

සංස්කරණය

1974 රතු හැට්ටකාරි හොඳම නළුවා

1985 පුත‍‍්‍ර සමගම හොඳම නළුවා

1988 තලමාල පිපිල හොඳම නළුවා

1988 තලමාල පිපිල හොඳම අධ්‍යක්ෂවරයා

1988 තලමාල පිපිල හොඳම පිටපත

1990 සොක‍්‍රටීස් හොඳම නළුවා

1991 ද්විත්ව හොඳම නළුවා

1993 ඇන්දරෙලා හොඳම පිටපත

1995 ඇන්දරෙලා හොඳම නාට්‍යය

1996 ගුරු තරුව හොඳම පිටපත

1966 දී, මනෝරත්නයන් පාසල් සිසුවෙකු ලෙස රඟපෑම ආරම්භ කළ අතර, වාර්ෂික පළාත් අන්තර් පාසල් නාට්‍ය තරඟාවලියෙහි අවසන් වටයට තේරීපත් වූ, අෂ්ප ගුඩුන්ග් වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසියේ ය. ඔහු සමස්ත ලංකා අන්තර් පාසල් තරඟාවලියෙහි හොඳම ඉදිරිපත් කිරීම‍ට හිමි සහතිකය ද දිනාගත්තේ ය.

සරත්චන්ද්‍රයන්ගේ මඟපෙන්වීම යටතේ මනමේ, සිංහබාහු වැනි නාට්‍යයන්හි සුළු චරිත රඟ දැක් වූ මනෝරත්නයන්, ප්‍රේමතී ජයති සෝකෝ, සංගීත නාටක නාට්‍යයේ උද්දල බමුණා චරිතයත් සමඟ ප්‍රධාන ධාරාවේ රංගන දිවියකට අවතීර්ණ වුවේ ය. මෙම නාට්‍යය රඟ දක්වන අතරතුර ඔහුට තම අනාගත බිරිඳ, තමරා ජයන්ති හමු විය. මනෝරත්නයන් රැකියාවක් ලබාගැනීම සඳහා නුවරඑළිය කච්චේරියට ගිය අතර, එවකට ඔහු සරත්චන්ද්‍රයන්ගේ රත්තරන් සහ එලෙ‍ාව ගිහින් මෙලොව ආවා යන නාට්‍යයන්හි ප්‍රතිනිර්මාණයන් නිෂ්පාසනය කළේ ය. ඔහු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ, සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, සහ හෙන්රි ජයසේන යන ප්‍රධාන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරුන් පස්දෙනා යටතේම කටයුතු කර ඇත.

1980 දී, ඔහු මහ ගිරි දඔ නාට්‍යය නිෂ්පාදනය කළේ ය. ඔහුගේ එකම පරිවර්තන නාට්‍යය පැමිණියේ 1985 දී නිෂ්පාදනය කළ පුත්‍ර සමාගම හරහා ය. එය ඇලෙක්සැන්ඩර් වැම්පිලෝව්ගේ වැඩිමහල් පුතු නැමැති රුසියානු නාට්‍යයේ පරිවර්තනයකි. 1988 දී ඔහු ජනප්‍රිය නාට්‍යයක් වන, තලමල පිපිලා නාට්‍යය සහ පසුව 1993 දී, අන්දරේලා නාට්‍යය, මනෝරත්නයන්ගේ පළමු වාර්තාමය භූමිකාව ද ගෙන එයි. 1966 දී, ඔහු ගුරු තරුව ද පසුව 1998 දී සඳගිර නාට්‍යය ද නිෂ්පාදනය කළේ ය. කනේරු මල් (2000), ලෝකය තනි යායක්(2005), මකර රිමෙක් (2007), සුදුරෙදි හොරු(2008), බුරුව මහත්තයා(2012), සෙල්ලම් නිරිඳු (2013) සහ හඳ නිහඬ (2016) ඇතුළු බොහෝ ප්‍රභේදවල නාට්‍යය ඔහු විසින් අඛණ්ඩව වසර 26ක කාලයක් තුළ නාට්‍යය 15කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇත.

එතැන් සිට ජයලත් මනෝරත්නයන් නාට්‍යය 80ක් රඟ පෑ අතර ඔහුගේම නාට්‍යය එකොළසක් අධ්‍යයක්ෂණය කළේය. 1995 දී, ඔහුගේ අන්දරේලා නාට්‍යය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් අතර පසුව 1996දී, ගුරු තරුව නාට්‍යය රාජ්‍ය සම්මානය දිනා ගත්තේ ය. විවිධ කාල පරිච්ඡේදයන් හා ගැටළු පිළිඹිමු කරන නාට්‍යය අටක එකතුවක් විදහා දක්වන, මනෝරත්නයන් විසින්ම නිෂ්පාදනය කළ, දවස් පහළොස්දාහක් නැමැති නාට්‍ය උත්සවය 2014 වසරේ දී මනෝරත්නයන් රඟ දැක්වී ය. ලෝකය තනි යායක්, සෙල්ලම් නිරිඳු, තලමල පිපිලා, බුරුව මහත්තයා, ගුරු තරුව,අන්දරේලා සහ පුත්‍ර සමාගම යනාදිය මෙම රඟමඩලයන් අට වේ.

 

(අහස් මාළිගා,අන්දරේලා,අෂ්ප ගුඩුන්ග්,බුරුව මහත්තයා,ගුරු තරුව,ලෝකය තනි යායක්, සුදුරෙදි හොරු, සෙල්ලම් නිරිඳු, හඳ නිහඬ,කනේරු මල්, යාත්‍රා, වෙස්සන්තර, සුභසාධක, සුද්දෙක් ඔබ අමතයි, තවත් උදෑසනක් යනාදිය ජයලත් මනෝරත්නයන්ගේ විශිෂ්ඨ ගණයේ වේදිකා නාට්‍යයන්ගෙන් කිහිපයකි.)

ටෙලිදර්ශන

සංස්කරණය


ජයලත් මනෝරත්නයන් සිය ටෙලිනාට්‍ය ජීවිතය පරාක්‍රම නිරිඇල්ලගේ ඇබැද්දිය නාට්‍යයත් සමඟ ආරම්භ කළේ ය. පසුව ඔහු දූ දරුවෝ, සිංදුයි බිංදුයි, ගම්පෙරළිය වැනි බොහෝ කථාමාලා හරහා සිය හැකියාව ප්‍රදර්ශනය කළේ ය. ඔහු බෝඩිම සහ පසුව රම්‍ය සුරම්‍ය යන ප්‍රහසන භූමිකා තුළ ජනප්‍රිය විය. 2005 දී ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍යය ඉතිහාසයේ ප්‍රථම වරට මනෝරත්නයන් ඔහු විසින්ම අධ්‍යයක්ෂණය කොට තිර රචනය කළ තුන්පත් රටාවක ලස්සන නැමැති ටෙලි නාට්‍යයේ ත්‍රිත්ව භූමිකාවක් රඟ දැක්වූවේ ය. 2006 දී ඔහු මගේ කවිය මට දෙන්න කතා මාලාව අධ්‍යයක්ෂණය කළේය. රංගනයට අමතරව මනෝරත්නයන් සෙක්කු ගෙදර, රන්සිරිගේ සංග්‍රාමය, මගේ කවිය මට දෙන්න, තුන්පත් රටාවක ලස්සන, ඊයේ අද සහ හෙට, තාත්තේ අපි ආවා වැනි බොහෝ ටෙලිනාට්‍යය කතාමාලා අධ්‍යයක්ෂණය කළේ ය. එමෙන්ම ඔහු බාප්පාගේ පැමිණීම, ඇගේ අවුරුද්ද, රාජ තුන් කට්ටුව, නිදහස, සීට්ටුව, දෙන්නා දෙමහල්ලෝ, සතුරු මිතුරු, දුප්පතුන් ද ආදරය කරති, සන්තාපය සහ බුද්ධ පුත්‍ර වැනි ඒකල කතාංග ටෙලිනාට්‍යය ද අධ්‍යයක්ෂණය කළේ ය.

(බුමුතුරුණු, දෙවනි යුද්ධය, ගම්පෙරළිය, හත් පණ,මං නැතිදා, මිනිස්සු, කන්දෙ ගෙදර,රම්‍ය සුරම්‍ය, වීදුරු මල්, වළාකුළු, වර්ණ, වැටත් නියරත්, සූරිය කුසුම,සිංදුයි බිංදුයි, මැණික් නදිය ගලා බසී යනාදිය ජයලත් මනෝරත්නයන්ගේ ටෙලිදර්ශන කිහිපයකි.)

චිත්‍රපටකරණය

සංස්කරණය

1979 දී, මනෝරත්නයන් තිලකේ හා තිලකා යන චිත්‍රපටයේ සුළු චරිතයකින් තම සිනමා ජීවිතය ආරම්භ කළේ ය. පසුව ඔහු 1979 දී ටයිටස් තොටවත්ත විසින් අධ්‍යයක්ෂණය කළ හඳයා චිත්‍රපටය හරහා වෘත්තීය සිනමා රංගනයට පිවිසියේ ය. එතැන් සිට ඔහු නාට්‍යය ප්‍රේමණීය, ත්‍රාසජනක හා ප්‍රහසන යන බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 30කට වැඩි ප්‍රමාණයක රඟ දැක්වූයේ ය. නාට්‍යය වෘත්තීය කෙරෙහි මනෝරත්නයන්ගේ ඉමහත් දායකත්වය හේතුවෙන් ඔහු කලා සූරි හා කලා කීර්තියෙන් පිදුම් ලබන්නෙක් විය. මනෝරත්නයන්, සූරිය අරණ, හෝ ගානා පොකුණ, බේරුන්ද පක්ෂියා හා වැලපටලා ඇතුළු ඔහුගේ කැපී පෙනෙන ඇතැම් චිත්‍රපටයන්හි බොහෝ අවස්ථාවල දී ඔහු හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා ලෙස සම්මාන ලැබුවේ ය.

සම්මාන හා ගෞරව පිරිනැමීම

සංස්කරණය

මනෝරත්නයන් දේශීය වේදිකා නාට්‍යය උත්සවයන්හි සහ රූපවාහිනී උත්සවයන්හි රංගනයට මෙන් ම අධීක්ෂණයට ද සම්මාන කිහිපයක් දිනා ඇත.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන - ඔහුගේ අන්දරේලා සහ ගුරු තරුව පොත් සඳහා ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන ලදී.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය සඳහා ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා පිටපත නියම කර ඇත.

රෝගී තත්වය සහ මරණය

සංස්කරණය

ජයලත් මනෝරත්නයන් දිගු කලක සිට මොළයේ පිළිකාවකින් පීඩා වින්දේ ය. 2018 නොවැම්බර් මස 13 වන දින, ප.ව. 2.00 ට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර මොළයේ ගෙඩියක් සඳහා ශල්‍යකර්මයකට භාජනය විය. ශල්‍යකර්මයෙන් පසුව ඔහු දිගටම නාට්‍යයන්හි වැඩ කළේ ය. එහි දී අසනීප තත්වය නරක අතට හැරුණේ ය. 2019 මැද භාගයේ සිට ඔහු දිගටම මහරගම අපේක්ෂා පිළිකා රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තේ ය. 2020 ජනවාරි මස 12 වන දින ජයලත් මනෝරත්නයන් ප්‍රතිකාර ලබමින් සිටියදීම ජීවිතක්ෂයට පත් විය. 2020 ජනවාරි මස 15 වන දින අවසන් කටයුතු සිදුකර බොරලැස්ගමුවේ දී දේහය ආදාහනය කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ආචාර්ය_ජයලත්_මනෝරත්න&oldid=482825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි