පින්නවල යනු ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පිහිටි ප්‍රදේශයකි. එය කොළඹ නගරයේ සිට කිලෝ මීටර 90 ක් පමණ දුරින් පිහිටයි. පින්නවල යනු ලංකාවේ තිබෙන ප්‍රධානම සංචාරක කලාප අතරින් එකකි. ලෝකෙටම එකක් පමණක් තිබෙන පින්නවල අලි අනාථාගාරය වගේම ලංකාවේ විශාලතම සහ එකම එළිමහන් සත්ව උදයානයද මෙහි පිහිටා තිබේ. පින්නවල ප්‍රදේශයට ලගාවීම ඉතා පහසුය. දුම්රියෙන් පමිනේනවානම් රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට ඇත්තේ කිලෝමීටර හතරක් පමණකි. එසේත් නැතිනම් කොළඹ නුවර මාර්ගය ඔස්සේ නුවර යන ඔබට කෑගල්ල නගර පසුවී කිලෝමීටර දෙකක් ගිය තැන හමුවන කරදුපන හන්දියෙන් වමට හැරී කිලෝමීටර හයක් ගිය තැන පින්නවල සංචාරක පුරවරයට පිවිසිමට ඔබට පුළුවන. පින්නවල අවට පිහිට තිබෙන තරු පන්තියේ සංචාරක හෝටල් සංචරකයනේ නෙත්සිත් පැහර ගැනීමට මෙන්ම ඒවාගේ ආහාරපාන හා පහසුකම් ගැන සංචාරකයන් මහත් ඉහලින් කතාකරති.පින්නවලට එන ඔබට එහි පාරසික සුන්දරත්වය සහ නවමු සංචාරක අද්දැකීම නැවුම් බවක් එක්කරාවී.

පින්නවල
නගරය
ඛණ්ඩාංක: 7°18′05″N 80°23′12″E / 7.3015°N 80.3867°E / 7.3015; 80.3867
රටශ්‍රී ලංකාව
පළාතsabaragamuwa
දිස්ත්‍රික්කයකෑගල්ල
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වෙලාව (UTC+5:30)
ශ්‍රී ලංකා තැපැල්70130[1]
පින්නවල පිහිටි අලි අනාථාගාරය

මේවාද බලන්න සංස්කරණය

  1. http://mohanjith.net/postal_codes/sabaragamuwa/ratnapura/70130-pinnawala.html
"https://si.wikipedia.org/w/index.php?title=පින්නවල&oldid=425456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි