ප්‍රනාබ් මුඛර්ජි
ප්‍රනාබ් කුමාර් මුඛර්ජී (/prənəb kʊmɑ:r mʉkhərdʒiː/; 1935 දෙසැම්බර් 11) යනු 13 න් වන සහ වත්මන් ඉන්දියාවේ ජනාධිපතිවරයා වේ. ඔහුගේ ධූර කාලය 2012 වසරේ ජූලි මස සිට ඇරඹුණි. දශක 6ක් පුරා විහිදුනු පුළුල් දේශපාලන අත්දැකීම් සහිත ඔහු ඉන්දියානු ජාතික කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකවරයෙකු හා ඉන්දියානු රජයේ අමාත්‍යධූර ගණනාවක් හොබවා ඇති දේශපාලඥයෙකුද වේ. 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට පෙරාතුව ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස 2009-2012 අතර කාලය තුල කටයුතු කරන ලදී.
ගරු ප්‍රනාබ් මුඛර්ජි | |
---|---|
![]() | |
13න් වන ඉන්දියාවේ ජනාධිපති | |
නිලයට පත්වූයේ 25 ජූලි 2012 | |
Prime Minister | මන්මෝහන් සිං නරේන්ද්‍ර මෝදි |
උප ජනාධිපති | මොහමඩ් හමිඩ් අන්සාරි |
පූර්වප්‍රාප්තිකයා | ප්‍රතිභා පටිල් |
මුදල් අමාත්‍යවරයා | |
පදවිය දැරීම 24 ජනවාරි 2009 – 26 ජුනි 2012 | |
Prime Minister | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | මන්මෝහන් සිං |
අනුප්‍රාප්තිකයා | මන්මෝහන් සිං |
පදවිය දැරීම 5 ජනවාරි 1982 – 31 දෙසැම්බර් 1984 | |
Prime Minister | ඉන්දිරා ගාන්ධි රජීව් ගාන්ධි |
පූර්වප්‍රාප්තිකයා | ආර්. වෙන්කටරාමන් |
අනුප්‍රාප්තිකයා | වී. පී. සිං |
ආරක්ෂක අමාත්‍යවරයා | |
පදවිය දැරීම 22 මැයි 2004 – 26 ඔක්තෝම්බර් 2006 | |
Prime Minister | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | ජෝජ් ෆර්නැන්ඩස් |
අනුප්‍රාප්තිකයා | ඒ. කේ.ඇන්තනි |
භාහිර කටයුතු පිළිබද අමාත්‍යවරයා | |
පදවිය දැරීම 24 ඔක්තෝම්බර් 2006 – 22 මැයි 2009 | |
Prime Minister | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | මන්මෝහන් සිං |
අනුප්‍රාප්තිකයා | එස්. එම්. ක්‍රිෂ්ණා |
පදවිය දැරීම 10 පෙබරවාරි 1995 – 16 මැයි 1996 | |
Prime Minister | පී. වී. නරසිංමා රාඕ |
පූර්වප්‍රාප්තිකයා | දිනේෂ් සිං |
අනුප්‍රාප්තිකයා | සිකන්දර් බාට් |
සැළසුම් කොමිසමේ උප සභාපති | |
පදවිය දැරීම 24 ජුනි 1991 – 15 මැයි 1996 | |
Prime Minister | පී. වී. නරසිංමා රාඕ |
පූර්වප්‍රාප්තිකයා | මොහාන් ධාරියා |
අනුප්‍රාප්තිකයා | මධූ දාන්දවාටේ |
ලෝක් සභා නායක | |
පදවිය දැරීම 22 මැයි 2004 – 26 ජුනි 2012 | |
Prime Minister | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | අතල් බිහාරි වජ්පායී |
අනුප්‍රාප්තිකයා | සුෂිල් කුමාර් ෂින්ඩේ |
රාජ්‍යසභා නායක | |
පදවිය දැරීම ජනවාරි 1980 – 31 දෙසැම්බර් 1984 | |
Prime Minister | ඉන්දිරා ගාන්ධි |
පූර්වප්‍රාප්තිකයා | කේ. සී. පාන්ට් |
අනුප්‍රාප්තිකයා | වී. පී. සිං |
ලෝක් සභා සාමාජික ජන්ගිපූර් වෙනුවෙන් | |
පදවිය දැරීම 10 මැයි 2004 – 26 ජුනි 2012 | |
Prime Minister | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | අබ්දුල් හස්නත් ඛාන් |
අනුප්‍රාප්තිකයා | අභිජිත් මුඛර්ජි |
පුද්ගලික තොරතුරු | |
උපත | ප්‍රනාබ් කුමාර් මුඛර්ජී 11 දෙසැම්බර් 1935 මිරාති, බ්‍රිතාන්‍ය බෙංගාලය, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
මරණය | 31 අගෝස්තු 2020 නව දිල්ලිය, ඉන්දියාව |
දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය (1969–86; 1989–2012) |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | රාෂ්ඨ්‍රීය සමාජ්වාදී කොංග්‍රසය (1986–89) |
කලත්‍රයා(යන්) | සුව්රා මුඛර්ජී (m. 1957-2015) |
දරුවන් | අභිජිත් ෂර්මිස්තා ඉන්ද්‍රජිත් |
නිවහන | රාෂ්ඨ්රපති භවන් |
උගත් ශාස්ත්‍රාලය | කල්කටා විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
1969 වසරේදී, එවක අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිගේ සහය සමග කොංග්‍රසයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ අසුන රාජ්‍ය සභාවට තේරී පත්වීම, මුඛර්ජීගේ දේශපාලන දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් සේ සැළකේ. හිමිකරගත් ජනප්‍රසාදයත් සමග ඔහු, ඉන්දිරා ගාන්ධිගේ 1973 කැබිනෙට්ටුවේ තවත් එක් විශ්වාසදායී අමාත්‍යවරයෙකු බවටද පත්විය. 1975-77 සමයේ ඉන්දියාවේ හටගත් මතභේදාත්මක අභ්‍යන්තර අර්බුදයේදී අනෙකුත් සමහර කොංග්‍රස් නායකයින්ට සේ ඔහුටද චෝදනා එල්ල විය.
ඉන්දිරා ගාන්ධි මැතිණියගේ පුත් රජීව් ගාන්ධිගේ අග්‍රාමාත්‍ය සමය තුලදී, මුඛර්ජී කොංග්‍රසය තුල පසෙකට තල්ලු කරනු ලැබ තිබුණි. 1984 වසරේ ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයෙන් පසු ඇගේ තනතුරට පත්වීමට සුදුසු පුද්ගලයා වන්නේ අත්දැකීම් මද රජීව් ගාන්ධි නොව තමන් බව ඔහුගේ දර්ශනය වී තිබීම ඊට හේතු විය. කෙසේ නමුදු බල අරගලය හමුවේ තම ස්ථානය රැකගැනීමට අපොහොසත් වූ ඔහු රශ්ත්‍රීය සමාජ්වාදී කොංග්‍රසය නමින් ස්වකීය දේශපාලන පක්ෂයක් ගොඩ නගාගත් අතර එම පක්ෂය 1989 වර්ෂයේදී, රජීව් ගාන්ධි සමග පොදු එකඟතාවයකට එළැඹීමෙන් අනතුරුව, කොංග්‍රසය හා ඒකාබද්ධ කෙරුණි. 1991දී පී. වී. නරසිංමා රාඕ විසින් ඔහු ඉන්දීය සැළසුම් කොමිසමේ ප්‍රධානියා ලෙස හා 1995දී ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිණ.
කොංග්‍රසය මූලික කොට ගත් එක්සත් ප්‍රගතිශීලී සන්ධානය (UPA) 2004 වසරේදී බලයට පත්වීමෙන් අනතුරුව, ප්‍රථම වරට මුඛර්ජී ලෝක් සභාවේ අසුනක් දිනාගන්නා ලදී. 2012 වසරේදී ඉල්ලා අස්වන තුරු ඔහු ඉන්දියාවේ මන්මෝහන් සිං රජයේ දෙවැනියා ලෙස ක්‍රියාකරන ලදී. 2012 ජූලි මසදී එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ ඔහු ජනපතිවරණයේදී 70% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් සිය ප්‍රතිවාදියා වූ පී. ඒ. සංමා පහසුවෙන් පරාජයට පත් කොට, ඉන්දියාවේ 13න් වන ජනාධිපතිවරයා බවට පත්විය.
මුල් අවධියසංස්කරණය
බෙංගාලයේ (වර්ථමානයේ බටහිර බෙංගාලය) බිර්භම් දිස්ත්‍රික්කයේ මිරාතිහී, බෙංගාලි බ්‍රාහ්මී පවුලකට දාව[1] ප්‍රනාබ් මුඛර්ජී උපත ලැබීය. ඔහුගේ පියා ඉන්දීය නිදහස් අරගලයේ ක්‍රියාධරයෙකු හා 1952-1964 කාලය තුල බටහිර බෙංගාල ව්‍යවස්ථාදායක සභාවේ, ඉන්දියානු ජාතික කොංග්‍රස් නියෝජිතයෙකු විය. ඔහුගේ මව රාජලක්ෂ්මී නම් වූවාය.[2][3][4]
සිය මූලික අධ්‍යාපනය සූරි හී සූරි විද්‍යාසගර් විද්‍යාලය වෙතින් හැදෑරූ ඔහු, පසුව කොල්කටා විශ්වවිද්‍යාලයට ඇතුලත්ව[5] දේශපාලනවේදය හා ඉතිහාසය වෙනුවෙන් වූ එම්ඒ උපාධිය හා නීති පීඨයෙන් එල්එල්.බී උපාධිය හිමිකරගන්නා ලදී.[3]
ඉන්දීය ජනපති ලෙසසංස්කරණය
2012 ජුනි 15 වනදා එක්සත් ප්‍රගතිශීලී සන්ධානය යටතේ මුඛර්ජී ඉන්දීය ජනාධිපතිධූර අපේක්ෂකවරයා ලෙස නම් කෙරුණි.[6][7] 2012 ජූලි 19 වනදා ජනපතිවරණය පැවැත්වීමත්, 22වනදා ප්‍රතිපල නිකුත් කිරීමත් සිදුවිය. මෙහිදී ජනාධිපති අපේක්ෂකයෝ 81දෙනෙකු නාමයෝජනා ඉදිරිපත් කොට තුබුනද ඉන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පී. ඒ. සංමාගේ නාම යෝජනාව හැරුණු විට අනෙකුත් යෝජනා ප්‍රතික්ෂේප විය.[8] 2012 ජුනි 28 වනදින ජනපතිධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ඉල්ලුම් කිරීම වෙනුවෙන් මුඛර්ජී එම මස 26වන දිනදී එවක රජයෙන් ඉල්ලා අස්විමට කටයුතු කරන ලදී.
ජනපතිවරණයේදී ඔහු 713,763 මනාප ප්‍රමාණයක් හිමිකරගනිමින්, 315,987ක මනාප ප්‍රමාණයක් හිමිකරගත් සංමා අභිබවා ඉන්දීය ජනපතිධූරයට තේරී පත්විය.[9]
පුද්ගලික දිවියසංස්කරණය
ප්‍රනාබ් මුඛර්ජී 1957 ජූලි 13 වන දිනදී, බංග්ලාදේශයතුලදී උපත ලත් සුර්වා මුඛර්ජී හා විවාහ වන ලදී. සුර්වා වයස අවුරුදු 10දී ඉන්දියාවේ කොල්කටා වෙත සංක්‍රමණය වූ කාන්තාවක් බැව් පැවසේ.[10] ඇය 75වන වියේ 2015 අගෝස්තු මස 18 වන දිනදී හදවත් රෝගයක් හේතුවෙන් මිය යන ලදී.[11] ඔවුනට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක වේ.
මූලාශ්‍රසංස්කරණය
- ↑ "ප්‍රොටොකෝල් ටු කීප් ප්‍රසිඩන්ට් ප්‍රනාබ් ඕෆ් පූජා කස්ටම්ස්". හින්දුස්ථාන් ටයිම්ස්. 11 October 2011. Retrieved 12 July 2012.
- ↑ "හූ ඉස් ප්‍රනාබ් මුඛර්ජි?". එන්ඩීටීවී. 15 June 2012. Retrieved 11 July 2012.
- ↑ 3.0 3.1 "Biography". ප්‍රනාබ් මුඛර්ජී. Archived from the original on 4 September 2010. Retrieved 11 July 2012.
- ↑ "අබවුට් ප්‍රනාබ් මුඛර්ජී" (PDF). Europe.eu. 22 June 2012. Retrieved 11 July 2012.
- ↑ "ශ්‍රී ප්‍රනාබ් මුඛර්ජී". ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා. Archived from the original on 2011-05-14. Retrieved 11 July 2012.
- ↑ ප්‍රභූ, චවුලා. "ප්‍රනාබ් නොමිනේටඩ් ආෆ්ටර් මුලයම්-සෝනියා සීක්‍රට් මීට්". Retrieved 4 July 2012.
- ↑ "යන්ට් බිගින්ස් ෆෝ හෙඩ් ඔෆ් ස්ටේට්". යාහූ නිව්ස් ඉන්ඩියා. 3 January 2012. Retrieved 29 June 2015.
- ↑ "ප්‍රනාබ් මුඛර්ජී, සංමා ෆයිනල් කැන්ඩිඩේට් ෆෝර් ප්‍රෙස් පෝල්ස්". Daily News and Analysis. 4 July 2012. Retrieved 4 July 2012.
- ↑ "සීඑන්එන්අයිබීබී බ්ලොග්". 22 July 2012. Retrieved 22 July 2012.
- ↑ http://www.thedailystar.net/newDesign/news-details.php?nid=268437
- ↑ http://timesofindia.indiatimes.com/india/Suvra-Mukherjee-President-Pranab-Mukherjees-wife-passes-away/articleshow/48524004.cms