ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Lankaart, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 11:08, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply

පරිශීලක:Lankaart වෙතය,
විකිපීඩියාවෙන් පිටත ඔබගේ පෞද්ගලික දිවියෙහි තොරතුරු ඔබ රිසි නම් ඔබගේ පරිශීලක පිටුවෙහි, එනම් මෙහි දැක්විය හැක. ඔබ විසින් තෝරාගෙන ඇති අන්වර්ථ හෝ නියම හෝ පරිශීලක නාමය භාවිත කරමින් සිදු කල සංස්කරණ එම නාමයට අනුයුක්තව විකිපීඩියාව තුල සටහන් වෙයි. මෙයින් පිටත ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරක් සංස්කරණ සාරාංශයක් තුල හෝ ගැබ් කිරීම යුතු නොවේ; රීති ප්‍රකාර නොවේ. ඔබගේ සමහරක් සිංහල භාවිතයන් සාවද්‍ය වෙයි. මෙකල මෙහි කුප්‍රකට අයෙකු වෙතද සමගාමී භාවිතයන් පවතියි. අවධානය යොමු කරන්න.
කිසියම් ලිපියක අග ඔබ පිළිබඳ පෞද්ගලික තොරතුරු බැනරයක් දුටිමි. එය රීති විරෝධී වන බැවින් වහා ඉවත් කරගන්න.
ඔබගේ පෞද්ගලික වෙබ් අඩවි වල විකිපීඩියා ලාංඡනය භාවිතා කිරීමද නීති විරෝධී වෙයි. මෙය හිමිකම් කඩ කිරීමකි. එයද වහා ඉවත් කරගන්න. තුති. ---ශ්වෙත (talk) 11:21, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply
ශ්වෙත නිවැරදියි. ඔබේ තොරතුරු ඔබේ පරිශීලක පිටුවට එක කරන්න. අන් විකි පිටුවලින් එය ඉවත් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 11:30, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply


ඔබ සැමගේ අදහස් වලට ගරැ කරමි. විකිපීඩියාවට ආගන්තුක බැවින් ඔබේ සහය උදක්ම පතමි... (Lankaart (talk) 18:17, 16 අප්‍රේල් 2011 (යූටීසී))Reply

ආයුබෝවන් සංස්කරණය

ප්‍රිය සොයුර, ඔබ විකිපීඩියාවට පැමිණ ඇති බව දුටුවේ දැන්. ඉතා ම සතුටුයි. ඔබේ දැනුම, උද්‍යෝගය හා භාෂා හැකියාව විකිපීඩියාවට සම්පතක්. ඔබට විශේෂයෙන් ඉටු කළ හැකි දෑ අතර ලාංකීය නාට්‍ය කලාවට සම්බන්ධ ලිපි දියුණු කිරීම, විකිමීඩියා ගොනු එකතුව වෙත ශ්‍රී ලංකාවේ නාට්‍ය, නාට්‍යකරුවන් හා මෙරට නාට්‍ය ශාලාවලට අදාළ ඡායාරූප එක් කරගැනීම ආදිය මගේ සිහියට ආවා. සේයාරූ එක් කරන විට creative commons හෝ වෙනත් නිදහස් බලපතක් යටතේ ඒවා ලබාගැනීම වැදගත්. අදාළ නාට්‍යකරුවන් හෝ ඡායාරූප ශිල්පීන්ගෙන් ඒවා එම බලපත් යටතේ ඉල්ලාගැනීමට ඔබට හැකි නම් අගෙයි. පුවත්පත් හා වෙනත් ස්ථානවල ඡායාරූප ශිල්පීන් සියලු හිමිකම් අවුරා පළ කොට තිබෙන සේයාරූ එක් කිරීමෙන් වළකින්න. එහෙත් ඔබට පුද්ගලික ව ම ඇතැම් original ඡායාරූප ලබාගත හැකි වෙතියි මම කල්පනා කරනවා. එක කරුණක්: වේදිකා නාට්‍ය පිළිබඳ ඔබ ආරම්භ කර ඇති ලිපිය වඩා විශ්ව ව්‍යාපී ලිපියකට යි සුදුසු. ඒ සඳහා ආදර්ශයක් ලෙස ඉංග්‍රීසි විකිපීඩියාවේ තිබෙන මේ ලිපිය හා එහි ලේඛන ශෛලිය විමසා බලන්න [Stage Play http://en.wikipedia.org/wiki/Stage_play] එම ලිපියට ඔබ විසින් සම්බන්ධ කරනු ලැබ ඇති සෙසු ලිපි බොහෝ විට "ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව" සම්බන්ධ ප්‍රධාන ලිපියක උපකොටස් හැටියටත් වෙනම ලිපි හැටියටත් වර්ධනය කළ හැකි යි. තරමක් කල් ගත වන වැඩක් වුවත් බොහෝ ප්‍රයෝජනවත් දෙයක්. ඔබ සංස්කරණය කරන ලිපිවල අගට ඔබේ නම හෝ විස්තර ඇතුළත් කිරීම අවශ්‍ය නැහැ. ලිපිය සංස්කරණය කළේ කවුද යන්න ලිපියක "ඉතිහාසය නරඹන්න" යන ටැබය ක්ලික් කිරීමෙන් ඕනෑම කෙනෙකුට දැකගත හැකි යි. විකිපීඩියාවේ ස්වරූපය පිළිබඳ මූලික අදහසක් ගැනීම සඳහා [විකිපීඩියා පංචස්තම්භ http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F:%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7] පිටුව ද බලන්න. ඔබේ කටයුතු සම්බන්ධයෙන් විකිපීඩියාව තුළ හටගෙන ඇති "කලබලය" ගැන කලබල නොවනු මැනැවි. එය මෙහි දැනට පවතින වෙනත් අර්බුදයක සන්දර්භය තුළ ඔබව වරවා වටහාගැනීමෙන් හටගත්තක් මිස අනෙකක් නො වන බව මගේ විශ්වාසය යි. ඉවසීමෙන් රැඳී සිටින්න. --Anandawardhana (talk) 05:06, 16 අප්‍රේල් 2011 (යූටීසී)Reply



කලාවේ නාමයෙන් ආයුබෝවේවා සංස්කරණය

ඔබට ස්තුතියි Anandawardhana මම ගොඩාක්ම අලුත්. ඒත් වැරදි වැරදි හරි ඉදිරියට යන්න කැමතියි ඔබ සහය දෙනවානම්. අනික මම පිංතුර උඩුගත කරන විදිහ පවා නොදන්නා අයෙක්. කරැනාකර මට එය උගන්වන්නේ නම් මැනවි - (Lankaart (talk) 18:17, 16 අප්‍රේල් 2011 (යූටීසී))Reply

http://si.wikipedia.org/wiki/විශේෂ:උඩුගත_කිරීම භාවිතා කරන්න. -- බිඟුවා සාකච්ඡාව 02:44, 17 අප්‍රේල් 2011 (යූටීසී)Reply
නව පරිශීලක Lankaart
talk මම ගරු කරන විකිපීඩියානුවෙක්. ඔහු ඔබ ගැන තබා ඇති බලාපොරොත්තු අනුව ඔබ සුවිශේෂී හැකියාවන් ඇති අයෙක් බව හැඟුනි.
විකියට නවක ඔබට උදවු කරන්න කැමතියි. වෙලාව ලැබෙන විදියට උදවු කරන්නම්.
Singhalawap (talk) 03:20, 17 අප්‍රේල් 2011 (යූටීසී)Reply
ඔබගේ පරිශීලක පිටුවෙහි ස්වභාවය නිසාත් (විශේෂයෙන් ඔබ අළුත් නිසා), ඔබගේ රැ/රු ගැටළුව නිසාත්, ඔබගේ සංස්කරණ රටාව නිසාත් ඔබ වෙනත් විකිපීඩියානුවෙකුගේ බහු ගිණුමකැයි සිතුවෙමි. අනෙකුන් එසේ නොවේ යැයි සිතන නිසා විකි සම්ප්‍රදාය අනුව එසේම යැයි මමද සිතමි. එහෙත් ඔබ ගැන අවධානයෙන් සිටිමි. පළමුව ඔබගේ රැ/රු ගැටළුව නිරාකරණය කරගන්න. දෙවනුව විකිපීඩියා:විකිපීඩියාව කුමක් නොවන්නේද යන්න බලන්න. මෙහි විකිපීඩියාව දැන්වීම් පලකිරීමේ හෝ ප්‍රචාරයන් කිරීමේ (advertising & propaganda) මාධ්‍යයක් නොවේ. යන්න ගැන අවධානය යොමුකරන්න. ඔබගේ පෞද්ගලික වෙබ් අඩවි, බ්ලොග් ගැන විස්තර විකිය තුල ප්‍රදර්ශනය කරමින් ඒවා ගැන ප්‍රචාරයක් විකිය මගින් ලබාගැනුමට උත්සාහ කරන්න එපා. තුති. --- ශ්වෙත (talk) 04:20, 17 අප්‍රේල් 2011 (යූටීසී)Reply


තැබූ විශ්වාසය සුරකිමි දිවිහිමියෙන් සංස්කරණය

තුති මල් ඔබ වෙත

බිඟුවා
ශ්වෙත
Anandawardhana
Singhalawap


පලමුව දිරි දුන් සැමට තුති. මා මාගේ බ්ලොග් අඩවියේ සබැදියක් විකිපීඩියාවේ පල කළේ වෙනත් වංචනික අරමුණකින් නොවන බව සදහන් කිරීමට කැමැත්තෙමි. විකි ආකෘතිය පිලිබද මනා වැටහීමක් නොතිබූ බැවින් එය සිදු කලද එහි ඇති වරද හදුනාගෙන ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට අවස්ථාවක් කර ගැණිමටද කැමැත්තෙමි. :Anandawardhana මාගේ නාට්‍ය පිලිබද දැනුම පිලිබද තැබූ විශ්වාසයට තුති. මාද තවමත් අධ්‍යයන ශීෂ්‍යයකු බැවින් මා ලබාගන්නා දැනුම නීත්‍යනූකුල අයුරින් අනෙක් අය වෙත බෙදා දීමට කැමැත්ත මත, විකිපීඩියා සිංහල අධ්‍යයන අංශයට පිවිසුනෙමි. මේ දිනවල මාගේ අධ්‍යයන කටයුතු වල පරීක්ෂණ යෙදී ඇති බැවින් එය නිමවූ සැනින් විකිපීඩියාවට ගොඩ වෙමි. ලාංකේය ජනතාවට සිංහල බ්ලොග් කරණය හදුන්වා දුන්නේ ඔබ වැනි නිර්මාණාත්මක තරුණ තරුණියන් බව සැමවිටම සිහියට නැගේ.. විකිපීඩියා වැනි දැවැන්ත ව්‍යාපෘතියක සිංහල උරුම පංගුකරරුවන් වීමට මා වැනි දුහුනකුට වුව වරම් ලැබුනේ ඔබ වැනියන් කරන ලද දැඩි කැපකරීම් නිසා බව හගිමි... අධ්‍යයන විකිපීඩියානුවකු ලෙසට පැමිණි මා සාදරයෙන් පිලිගෙන නිවැරදි මග තබන්නට දායක වූ සියල්ලන්ටම තුති පුදා පිං දෙමි..

එලෙසම මා හට පිංතුර උඩුගත කිරීමට අවකාශ ලබා ‍දෙන්නේ නම් මැනවි (Lankaart (talk) 05:13, 17 අප්‍රේල් 2011 (යූටීසී))Reply

young boy තරුණයා තරැණයා නොවේ young girl තරුණිය තරැණිය නොවේ heritage උරුමය උරැමය නොවේ . මේ ගැන අවධානය යොමු කරන්න. ---- ශ්වෙත (talk) 06:21, 17 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ස්තූතියි. එය මා නිවැරදි කලා.. එලෙසම මා හට පිංතුර උඩුගත කිරීමට අවකාශ ලබා ‍දෙන්නේ නම් මැනවි. (Lankaart (talk) 07:17, 17 අප්‍රේල් 2011 (යූටීසී))Reply

බ්ලොගය ගැන විස්තර ඔබගේ පිටුවෙහි දැක්වීමේ වරද නිවැරැදි කරගත් බවක් නොපෙනේ. --- ශ්වෙත (talk) 08:58, 17 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ශ්වෙත ඔබ පවසන කරුණ මා හට නොතේරුණු බැවින් ඒ පිලිබදව මා දැනුවත් කරන්නේ නම් මැනවි (Lankaart (talk) 19:17, 18 අප්‍රේල් 2011 (යූටීසී))Reply

නොනවතින ගමනක ඇරඹුම සංස්කරණය

පලමුව Anandawardhana ට මාගේ ස්තුති පූර්වක කෘතඥතාවය. "ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව" සම්බන්ධ ප්‍රධාන ලිපියක උපකොටස් හැටියටත් වෙනම ලිපි හැටියටත් වර්ධනය කළ හැකි යි යන ඔබේ අදහසට අනුව කලා ද්වාරයේ නාට්‍ය හා රංග කලාව නමින් පිටුවක් [1] ආරම්භ කළෙමි.

ඉඩකඩ ඇති පරිදි එය යාවත්කාලීන කිරීමට අදිටන් කර ගතිමි. මේ සදහා මා පෙළඹවූ ඔබ සැමට අනේක වාරයක් පිං. පිංතුර උඩුගත කරන අයුරු පිලිබද අපැහැදිලි තැන් ඇත. දැනුවත් කරන්නේ නම් මැනවි. --Lankaart (talk) 08:13, 17 අප්‍රේල් 2011 (යූටීසී)Reply

පින්තූර උඩුගත කිරීම ගැන දැන් වෙන ම ඉතා සවිස්තර ලිපියක් පරිවර්තනය කිරීම ආරම්භ කර තිබෙන බව දුටුවා. එය මේ ගැන වඩා හොඳ විස්තරයක් සපයනවා. දැනට මේ බලන්න: [2] මා හිතන්නේ මෙය මෙය මුල් වර කරන විට ටිකක් අමුතු වැඩක් තමයි. මමත් බිඟුවා ඇතුළු වෙනත් පරිශීලකයින්ගේ උදව්වෙන් තමයි කීප වරක් ම පින්තූර එක් කිරීමේ ක්‍රම තේරුම් ගත්තෙ. මේ උඩුගත කිරීමේ දී එය එක් කළ යුතු උචිතතම ස්ථානය වන්නේ විකිමීඩියා ගොනු එකතුව යි. ඒ සඳහා ඔබට එහි ගිණුමක් තිබිය යුතු යි. දැන් ඔබේ සිංහල විකිපීඩියා ගිණුම පහසුවෙන් ම ගෝලීය ගිණුමක් වශයෙන්(ඒ කියන්නේ සෙසු විකිමීඩියා ව්‍යාපෘතිවලට ලොග් වීම සඳහා වූ ගිණුමක් වශයෙන් උපයෝගී කරගන්න පුළුවන්. මේ ස්ථානයට ගොස් එය නිසි පරිදි සකසා ගන්න: මගේ අභිරුචි > ගෝලීය ගිණුම් තත්වය එය නිසි පරිදි සකස් කළ විට මේ ගිණුම සංයුක්ත කෙරුණු ගිණුමක් බවට පත් වෙනවා.[3] ඉන් පසු මේ මූලික පියවර [4] අනුගමනය කිරීම සෑහෙනවා. මේ කතාවත් "ග්‍රීක් වගේ" පේන්න ඉඩ තියෙනවා, මොකද මටත් මුල දී පෙනුණේ එහෙමයි, දැනටත් සමහර වෙලාවට ඕක පැටලෙනවා. ගැටලුවක් වුණොත් ආයෙත් අහන්න. පලපුරුදු අය උදව් කරාවි. දැනට අර ලිපියත් බලන්න. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Anandawardhana (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

පරිශීලක සාකච්ඡාව:උකුස්සා සංස්කරණය

Massage you have kept in the පරිශීලක සාකච්ඡාව:උකුස්සා page is highly controversial. It is against the fundamentals of wikipedia. This is obviously due to your non-experience in wikipedia. So I suggest you to contribute to wikipedia and try learn about wikipedia than requesting others to do things & trying to use contents from wikipedia for your personal publications. Singhalawap (talk) 02:04, 19 අප්‍රේල් 2011 (යූටීසී)Reply


ස්තුතියි.. ඒත් ඔය ටික සිංහලෙනුත් කියන්න පුලුවනි නං ශෝක් පරිශීලක:Lankaart

පුලුවං. My sinhala typing is slow. That is the reason I type in English in talk pages. I use that time for content development.
Singhalawap (talk) 14:58, 19 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Lankaart&oldid=327522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි