ආයුබෝවන්! සංස්කරණය

හිතවත් Kapila 21, සිංහල විකිපීඩියා විශ්වකෝෂය‍ට ඔබව සාදරයෙන් පිළිගනිමූ! මෙහි ඇති දේ පරිශීලනය කිරීම‍ටත් සංවර්ධනය කිරීමටත් ඔබගේ දායකත්වය අපි අගය කරමු. පහත දැක්වෙන සබැඳි හරහා විකිපීඩියාව පිළිබඳ සහ ඒ හා සබැඳි තවත් තොරතුරු ඔබ‍ට ලබා ගත හැකිය. ඔබ‍ට මෙහිදී යම් ගැටලුවක් ඇසීම‍ට හෝ සහයක් අවශ්‍යනම් මාගේ සංවාද පිටුවෙහි එය සඳහන් කරන්න, නැතිනම් ඔබගේ සංවාද පිටුවේ ගැ‍ටලුව සඳහන් කර {{සහයවන්න}} ලෙස හෝ {{helpme}} ලෙස සඳහන් කරන්න. එවිට කිසියම් පරිශීලකයකු ඔබට නිසැකවම සහයවනු ඇත.


ආයුබෝවන්!

අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් ක‍ටයුතුකිරීම‍ට ඔබ‍ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා ක‍ටයුතු කිරීමේදී ඔබ‍ට සහයක් වනු ඇත. එවි‍ට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීම‍ට දායකවීම‍ට ඔබ‍ට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීම‍ටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහස‍ට අනතුරුව අවසානයේදී, මෙම ස‍ලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.

සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබ‍ටත් ආරාධනා! ----Ravindu Navin (talk) 09:11, 13 අගෝස්තු 2016 (යූටීසී)Reply

සීතාවක රාජසිංහ රජතුමා සංස්කරණය

"කොලඹ කොටුවෙ බලල් මසුත් ගිනි ගණන් වුණා පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා" කියල කවියක් අහල තියනව නේද..? මේ කියන්ට යන්නෙ කොළඹ කොටුවෙ බලල් මසුත් ගිනි ගණන් වුණ කාරණාව තමයි... ඒ කියන්නෙ අපේ ටිකිරි කුමාරයා එහෙම නැත්තං සීතාවක රාජසිංහ රජතුමා කොලඹ කොටුවෙ පරංගි බලකොටුව වටලපු කතන්දරේ... ඒ කාලෙ නිතර නිතරම අපේ රාජසිංහ රජතුමාගෙ සිංහල හමුදාවයි, පරංගි හමුදාවයි අතර යුද්ධ ඇති වුනා.. රාජසිංහ රජතුමාට ඕන කම තිබුනෙ පරංගින්ව මේ රටෙන් එහෙම පිටින්ම තුරන් කරලම දාන්ට.. ඉතිං එක වතාවක්... අපේ සිංහල හමුදාව පනස් දාහක්ම සූදානං කරගෙන රාජසිංහ රජතුමා පරංගින්ට පහර දුන්නා.. පරංගි පහු බැස්සා.... කොලඹ කොටුවෙ පරංගි කොටුවට වෙනකල්ම පරංගි පහු බැස්සා... තිස් දාහක් පරංගි සෙනග කොලඹ පරංගි බලකොටුව ඇතුලෙ.... පනස් දාහක් සිංහල සේනාව පරංගි බලකොටුව වටලලා... "රජතුමනි අපි දැන් කොටු පවුර බිදින්ටද..?" කියලා සේනාව ඇහුවාම රජතුමා කිව්වෙ.. "නෑ... දැන් අපි ඔවුන්ව දුර්වල කරන්ට ඕන... තිස් දාහක් සෙනගට කන්ට බොන්ට හිග වෙනකොට, කොටුව ඇතුලෙ හිර වෙච්ච මහ සෙනගට ලෙඩ රෝග හැදිලා වසංගත පැතිරෙන කොට, උන්ට බොන්ට වතුරවත් නැති වෙනකොට උන් අපට ඉබේ යටත් වේවි... එතකොට උන්ම ඇවිත් කොටු දොර අරීවි.." කියලා. ඔන්න ඔය විදිහට අපේ සිංහල සෙනග හාර මාසයක්ම කොලඹ කොටුව වටේ රැකවල් ලාගෙන හිටියා... කොටුව ඇතුලෙ හිර වෙලා උන්නු පරංගි සෙනගට කන්ට බොන්ට තිබුනු දේවල් ටිකින් ටික ඉවර උනා... පරංගි කොටුව ඇතුලෙ උන්නු බල්ලන්ව බලලුන්ව පවා මරලා මස් කන්ට පටන් ගත්තා... ඊටත් පස්සෙ.. ගිනි ගණන් දීලාවත් බලල් මසුත් හොයා ගන්ට බැරි උනාම මැරිච්ච මිනිස්සුන්ගෙ, අත දරුවන්ගෙ පවා මස් කන්ට පවා පරංගි පෙලඹුනා කියල පොත් පත් වල තියනව... ඔය කාලෙදි සිංහල සෙනගට කෑමෙන් බීමෙන් කිසිම අග හිගයක් තිබිලා නෑ.. රජතුමා මේ සටන පටන් අරගෙනම තියෙන්නෙ හටන් කරන සෙනගට අවුරුද්දක් පුරා උනත් කන්ට කෑම රැස් කරවලා තියලමයි... කොටුව ඇතුලට කොටු වෙච්චි පරංගි වතුර අරන් තියෙන්නෙ බේරෙ වැවෙන්... රජතුමා කලේ මේ බේරෙ වැවේ වතුර ටිකත් මුහුදට බැහැලා යන්ට ඇලක් කප්පවාපු එක... ඒ ඇලට තමා අද "සාන්තබස්තියම් ඇල" කියලා කියන්නෙ... ඉතිං අපේ සිංහල හමුදාව පරංගින්ව කොටුව ඇතුලට කොටු කරගෙන, හිර කරගෙන මාස හතරක් ඉදලා තියෙන්නෙ නිකම්මත් නෙවෙයි ... පරංගින්ට මර උණ ගැනෙන්ට වද දීලත් තියෙනවා.. පරංගින්ට තිබුනු තුවක්කු කාලතුවක්කු දිහා හොදට බලලා හෙම අපේ රාජසිංහ රජතුමා දක්ෂ ශිල්පීන් රැස් කරවලා පරංගින්ගෙ ආ‍යුධ වලටත් වඩා හොද කාල තුවක්කු හෙම තැනෙව්වලු නෙව.... ආයෙ ඉතිං දඩු මොනර පවා හදාපු ජාතියකට ඔය තුවක්කු බටයක් හදා ගන්න එක මහ කජ්ජක්‍ යැ .. ඉතිං ඔය ආයුධ වලින් තියාපු වෙඩි හෙණ හඩ වගේලු... අපේ හේවායො විඩින් විඩේ කොටුව ඇතුලට මේවයින් වෙඩි තිබ්බලු... පරංගි හිස් හැරුණු අත දුවනවාලු... රාජසිංහ රජතුමාට උන්නලු "ව්‍යාධ" කියල දුනුවායො පිරිසකුත්... ඉලක්කෙට විදින්ට අති දක්ෂයොලු... මේ දුනුවායො කොටුවෙ හතරකොන අටලු වල ඉදන් ගිනි පන්දම් දවටාපු ඊතල ඉලක්ක වලට විද්දලු.... කොටුව ඇතුලෙ තැනින් තැන ගිනි ඇවිලුනාලු... මේ දුනුවායොම හොදට ඉලක්කෙ බලල ගිනි ඊතල යවල පරංගින්ගෙ වෙඩි බෙහෙත් ගබඩා පවා පිපිරෙව්වලු... ඉතිං පරංගි ගෝවෙන් යුධ ආධාර ඉල්ලුවා... ආධාරත් අරන් ගෝවේ ඉදන් ආපු එක නැවක් රාජසිංහ රජතුමාගෙ නාවික හමුදාවට අහු වුනා... අපේ සිංහලයො මුහුදෙ දරුනු සටන් කරල ගෝවෙන් ආපු ඒ නැව ගිල්ලුවා... ඒත් ඊට පස්සෙ ගෝවෙන් එවාපු යුධ නැව් ගිල්ලවන්ට තරම් හොද යුධ නැව් අපේ රාජසිංහ රජතුමාට තිබුනෙ නෑ... නිම්මි මුදිතා හේරත් සොයුරියගේ පලකිරිමකින්

  (//කොලඹ කොටුවෙ බලල් මසුත් ගිනි ගණන් වුණා//
මෙතන “ගිණි ගණන්“ කියල හැදින්වීමේ “මිළ අධික“ කියන එකට වඩා වෙනස් අර්ථයක් තියනව කියලා. (ගිනි) කියන්නේ පෘතුගීසි යුගයේ ලංකාවේ භාවිතා වුණු මුදල් ඒකකයක්. (ගිනි මස්ස) කියලත් හදුන්වලා තියනවා. සමහර විට සාමාන්‍ය ජනයා අතර තිබුණු ව්‍යවහාර මුදල් ඒකක වඩා වැඩි වටිනාකමක් තිබුණු විශේෂ මුදල් ඒකකයක් වෙන්න ඇති. ඒ ගැන අන්තර්ජාල සෙවුමකදී ලැබුණු තොරතුරුයි මේ 

//ගිනි මස්ස- ලෝරන්ස් ශාන්තුවරයා ගිනි මස්ස උඩ පිලිස්සි මිය යාම හේතුවෙන් එය ස්මරණයකිරිමට එම කාසිය නිකුත් කරණ ලදි. බටහිර ජාතින් නිකුත් කරණ ලද පළමු සමරු කාසියවේ. කාසිය නිකුත් කරන ලද වර්ෂය, ගිණිමැස්සක සලකුණ ප්‍රතිකාල් රාජ්‍ය ලාංජන සහිතව CL,GA යන අක්ෂරද සදහාන් කරඇත.//

ඒ වගේම බ්‍රිතාන්‍යයන් විසින් (Guinea) නම් කාසි විශේෂයක් භාවිතා කරල තියනවා. (Guinea 1 ක වටිනාකම රන් අවුන්ස බාගයකට සමානයිලු.. ගිනි ගණන් නේන්නම් Guinea කියන ඉංග්‍රීසි වචනය අපේ ව්‍යවහාරයට එන්න ඇති “ගිනි“ වෙලා.. ඕන දෙයක් අපේ වහරට හරවගන්න අපේ ඈයො හරි දස්සයිනේ.. අල්මාරිය, කැබිනෙට්ටුව, හෙප්පුව, සෙක්කුව, සේප්පුව (ඇයි හුචක්කුව :D ) මේවත් පරංගි බසෙන් අපේ ව්‍යවාහරයට ආව ඒව තමා. දොයිතු (Duits),තුට්ටු (Stuivers) පනම, පගෝදිය, වගේ මුදල් ඒකකත් යටත් විජිත සමයේ භාවිතා වෙලා තියනවා....

  එකල සීතවක රාජසිංහ නරපතියාගේ යුද හමුදාව පුහුනු කළ එක් ස්ථානයක් තමයි දැන් බියගම නම් ග්‍රාමය, ඒ ගමේ තේරුම "භීත ග්‍රාමය" = බියගම. යුද හමුදාව පුහුණුවීම් කෙරෙන අවස්ථාවන්හිදි එම ග්‍රාම්යට පිටස්තර අයට ඇතුල්විමට පවා ඉඩනොදුන් බව ම විසින් අසා ඇත .

Copyright problems with කඩොල් ඇතා සංස්කරණය

 

Hello. Concerning your contribution, කඩොල් ඇතා, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from https://www.facebook.com/permalink.php?story_fbid=149563462293900&id=127515247832055. As a copyright violation, කඩොල් ඇතා appears to qualify for deletion under the speedy deletion criteria. කඩොල් ඇතා has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. Shwetha (talk) 04:48, 17 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Kapila_21&oldid=406448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි