Dhammika111
ආයුබෝවන්!
සංස්කරණයආයුබෝවන් Dhammika111, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --L Manju (talk) 09:46, 20 ජනවාරි 2016 (යූටීසී)
දෙමළ නිජබිම් මිත්යාව සහ බෙදුම්වාදී අභියෝගය
සංස්කරණයබෙදුම්වාදී අභියෝගය ජය ගන්න නම් දෙමළ නිජබිම් ඉතිහාසය පරාජය කළ යුතුයි
පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ බෙදුම්වාදය පිළිබඳව සිංහල ජනයා තම මතය පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත. එසේ වුවත් ආර්. සම්බන්ධන්, සී. වී. විග්නේෂ්වරන් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් තවදුරටත් තම ස්ථාවරයේ කටයුතු කරමින් ෆෙඩරල් රාජ්‍යයක් තුළ උතුර සහ නැෙඟනහිර භූමියේ දෙමළ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ දරන අයුරු දැක ගත හැක. එම අභියෝගය ජය ගතහැකි ආකාරය පිළබඳව අප විමසා සිටියේ පේරාදෙණිය විශ්වවිiාලයේ දර්ශන අංශයේ හා මනෝවිiා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මහතාගෙනි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වීරවර්ධන මහතා එම අභිගෝයග ජය ගත යුතු ආකාරය පැහැදිලි කළේ මෙසේය.
ප‍්‍රශ්නය – උතුර නැගෙනහිර ගැටලූව විවිධ පාර්ශ්ව නොයෙක් දෘෂ්ටිකෝණයන්ගෙන් අර්ථ දක්වනවා. ‘සිංහල හඬ‘ සංවිධානය ඒ ගැටලූව හඳුනා ගන්නේ ‘දෙමළ ඊළාම් නිජබිම් ප‍්‍රශ්නය’ ලෙසයි. එහි විශේෂත්වය කුමක්ද?
පිළිතුර – ඔව්. ජ. වි. පෙ. මෙය හඳුනා ගන්නේ ජාතික ගැටලූව ලෙසයි. රාජ්‍ය නොවන සංවිධානවලට එය ජන වාර්ගික ගැටලූවක්. මේ හඳුනාගැනීම් දෙක වැරදියි. මෙතන ජාතීන් දෙකක් නැහැ. දෙමළ ජනවර්ගය ජාතියක් ලෙස හැඳින්වීම වැරදියි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළ සිංහල ජාතියට, සංක‍්‍රමණිකයන් සහ ආක‍්‍රමණිකයන් ලෙසට මෙරටට ආපු ජනවර්ග සමාන කරන්න බැහැ.
ඒ වගේම ඓතිහාසික දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවතියාය යන මතවාදය පදනම් කර ගෙන උතුර නැගෙනහිර ගැටලූව ඇති වී තිබෙන නිසා තමයි අපි මෙම ප‍්‍රශ්නය දෙමළ නිජබිම් ප‍්‍රශ්නය යනුවෙන් හඳුන්වන්නේ.
ප‍්‍රශ්නය – උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ නිජභූමියක් පැවතියේ නැතැයි ඔබ කියන්නේ කවර පදනමකින්ද?
පිළිතුර – අභිලේඛන, කාසි, සාහිත්‍ය මූලාශ‍්‍ර ඇසුරින් බැලූවම ලංකාවේ කිසිම ප‍්‍රදේශයක දෙමළ නිජභූමියක් පැවතුණු බවට සාධක නැහැ. ඒ කියන්නේ ඒ මූලාශ‍්‍රවලට අනුව වෙනත් පළාත්වල තිබුණු ශිෂ්ටාචාරයම තමයි, ඒ පළාත්වලත් තිබිල තියෙන්නේ. ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියමයි.
අභිලේඛන මූලාශ‍්‍ර ගත්තොත් දැනට හමුවන අභිලේඛනවලින් ආනෙයිකෝට්ටේ ලෝහ මුද්‍රාව, කදුරුගොඩ මැටි බඳුන් කැබැල්ල, වල්ලිපුරම් රන්පත, කදුරුගොඩ අත්තානි කණුව සහ තුනුක්කායි සෙල්ලිපිය යන ඒවා සිංහල ප‍්‍රාකෘතවලින් සහ ඒ ඒ යුගවලට අයත් සිංහල භාෂාවෙන් ලියවුණ ඒවා. අරම්කැලේ සහ මැදගොඩ සන්නස්වල සඳහන් වනවා වීදාගම හිමියන් යාපාපටුනට වැඩ ෂඪ වන බුවනෙකබාහු රජුට ධර්මය දෙසුවා කියලා. දෙමළ භාෂාවෙන් රචිත ශිලා ලේඛන 05ක් තියෙනවා යාපනයෙන් හමු වුණු. ඒවායෙන් එකක් ඉරාජරාජපුර හෙවත් මාතොට (මන්නාරම) ගැන සඳහන්වන නිසා ඒක ඒ ප‍්‍රදේශයෙන් ගෙන එන්න ඇති. කෙසේ වෙතත් කයිට්ස් හි ඇති දෙමළ ශිලා ලේඛන දෙකත්, යාපන කොටුවේ ශිලා ලේඛනයත් පිහිටුවලා තියෙන්නේ 11 වැනි සියවසේදී ලංකාව ආක‍්‍රමණය කළ රාජරාජ චෝල සහ රාෙඡ්න්ද්‍ර චෝල කියන දෙමළ රජවරුන්ගේ සෙන්පතිවරු. කයිට්ස්වල තිබිලා දැනට නාගදීපයේ කෝවිලකට ගෙන ගොස් ඇති ශිලා ලිපිය දෙමළ එකක් වුවත් ඒක පිහිටුවල තියෙන්නේ මුළු සිංහලයම පාලනය කළ ෂ වන මහ පැරකුම්බා රජු විසින්. දෙමළ කියන්නේ ඒ කාලයේ කලාපයේ ජාත්‍යන්තර භාෂාව. ඒ නිසයි ඒක දෙමළ බසින් ලියල තියෙන්නේ. යාපනය නගරයෙන් හමු වූ අනෙක් ශිලා ලිපිය දෙමළ බසින් ලියපු එකක් වුවත් ඒක පිහිටුවල තියෙන්නේ IV වැනි මහ පැරකුම්බා රජතුමා.
මේ ශිලා ලිපි මගින් මහාවංශයේ සඳහන් ඉතිහාසයමයි පැහැදිලි කෙරෙන්නේ. ක‍්‍රි. ව. 10වැනි සියවස වන තුරු යාපනයේ තිබුණේ සිංහල පාලනයක්. එතෙක් යාපනයෙන් හමුවන සෙල්ලිපි සිංහල ඒවා. ඊට පස්සේ දෙමළ ආක‍්‍රමණිකයන් ලංකාව අල්ලා ගන්නවා. ඒ කාලේ පිහිටවපු සෙල්ලිපි තුන දෙමළ ඒවා. ඊට පස්සේ දෙමළ ආක‍්‍රමණිකයෝ පලවා හැර ලංකාව එක්සේසත් කළා ෂ වන මහ විජයබාහු රජු. ඊට පස්සේ හමුවන අභිලේඛන ඇතැම් ඒවා සිංහල. ඇතැම් ඒවා සිංහල පාලකයන් පිහිටවපු දෙමළ සෙල්ලිපි.
ඉතිං මේ ඉතිහාසයම තමයි නාණක හා දේශීය විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍රවලිනුත් තහවුරු කෙරෙන්නේ. ඒනිසා යාපනයේ දෙමළ නිජභූමියක් පැවතුණාය කියන එක අමූලික බොරුවක්. ඒ බොරුව මත පදනම්වෙලා තමයි, මේ ජාතිවාදී, බෙදුම්වාදී, ත‍්‍රස්තවාදී ව්‍යාපාර කටයුතු කරන්නේ.
ප‍්‍රශ්නය – දෙමළ නායකයන් මුළු උතුර නැගෙනහිර දෙපළාතම ඔවුන්ගේ නිජභූමිය යෑයි පවසනවා. ඔබ පවසන්නේ යාපනය ඔවුන්ගේ නිජභූමිය නොවන බවයි. එසේනම්, ඉතිරි ප‍්‍රදේශවල නිජ භූමියක් තිබුණාද?
පිළිතුර – කිසිසේත්ම නැහැ. ඔවුන් පවසන්නේ යාපනය ඔවුන්ගේ නිජභූමියේ කේන්ද්‍රස්ථානය කියලයි. ඔවුන්ගේ අගනුවර එහි පැවැති බවයි. යාපනයේ දෙමළ නිජභූමියක් නොතිබුණ බව තහවුරු කළොත් අනෙකුත් ප‍්‍රදේශ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
දෙමළ ඊළාම් සංකල්පය තහවුරු කිරීම සඳහා භාවිත කෙරෙන ‘යාල්පාන වෛපවමාලෙයි’ නම් කෘතිය පිළිබඳ මෙම කෘතිය තුළ විවේචන එල්ල වෙනවා. මොකක්ද මේ ‘යාල්පාන වෛපවමාලෙයි’ කෘතිය…?
එය තමයි දෙමළ ජාතිවාදීන්ගේ පැරණිම කෘතිය. ඒක ලිව්වෙ මයිල්වාගනම් පුලවර් නම් වියතෙකු විසින් 1736දී. එවකට යාපනේ ලන්දේසි පාලකයා තමයි ජාන් මක්කාර්. එයා තමයි ඒක ලියන්න ආරාධනා කළේ. මෙම කෘතිය මගින් ඔහු ප‍්‍රකාශ කළේ විජය රජතුමා දෙමළ කෙනෙක් බවයි. ඊට පස්සේ හිටියෙත් දෙමළ රජවරු. ඒ නිසා ලංකාව දෙමළ රටක් කියලයි ඔහු එහි සඳහන් කළේ. ඊට පසුව සයිමන් කාසිචිට්ටි වගේ අයත් මේ මතය ප‍්‍රකාශ කළා.
ඊට පස්සේ එස්. ජෝන් වී. සදාසිවපිල්ලේ, සී. රාසනායගම්, සී. බි‍්‍රටෝ, ඒ. මුත්තුතම්බිපිල්ලේ, පොන්නම්බලම් අරුණාචලම්, සචි පොන්නම්බලම්, සී. සුන්දරලිංගම්, වැනි දෙමළ ජාතිවාදී වියතුන් ඊනියා දෙමළ නිජභූමියක් ගැන විවිධ කෘති සහ ලිපිලේඛන ලියල තියෙනවා. මොවුන් අතරින් වැඩි දෙනෙක් දෙමළ ක‍්‍රිස්තියානි අය.
ඒත් වැදගත්ම දේ තමයි, මේ දෙමළ ජාතිවාදී වියතුන් ඉදිරිපත් කරන කරුණු සංගත නොවීම. යාල්පානම් වෛපවමාලයේ දෙමළ නිජභූමියක් ගැන කියල නැහැ. ඒ කෘතියේ සඳහන් වන්නේ මුල්ම කාලෙ ලංකාවෙ හිටියෙ වැදි ජනතාවයි, වන සතුනුයි විතරයි කියල. ඊට පසු විජය රජු විසින් සිංහල බෞද්ධයෝ ලංකාවේ පදිංචි කළා කියල එහි දැක්වෙනව. යාපනේ හිටියෙත් සිංහලයො විතරයි. දෙමළ ජනයා සංක‍්‍රමණය වුණේ ඊට පස්සේ කියල එහි කියවෙනව. ඒ ආකාරයට සංක‍්‍රමණය වූ දෙමළ නායකයන්ගේ නම් සහ ඔවුන් යාපනයට ඇවිල්ල පදිංචි වූ ගම්වල නම් පවා එහි සඳහන් වී තිබෙනව. ඉතින් යාල්පාන වෛපව -මාලයෙනුත් පැහැදිලි වන්නේ ලංකාවේ දෙමළ නිජභූමියක් තිබුණෙ නැහැ කියලයි.
ප‍්‍රශ්නය – යාපනයේ ස්වාධීන රාජධානියක් පැවතුණු බව ඉතිහාසයේ සඳහන් වෙනව. එය දෙමළ රාජධානියක්ද? නැද්ද?
පිළිතුර – කාලිංග මාඝ පලවා හැර රට එක්සේසත් කරපු දෙවැනි පැරකුම්බා රජුට රටම එක්සේසත් කරන්න බැරි වුණා කියලයි මට හිතෙන්නේ. මේ කාලෙදි තමයි ස්වාධීන රාජධානියක් යාපනේ ඇති වෙන්නෙ. මෙහි පාලකයෝ වුණේ ආරිය චක‍්‍රවර්තීවරු. ‘ආරිය‘ කියන අභිධානය දෙමළ රජවරු භාවිත කළ එකක් නොවෙයි. පරණවිතාන මහතාට අනුව යාපනයේ රජ පරපුර ඇරඹෙන්නේ ගණ්ඩ ගෝපාලගෙන්. ඔහු කාලිංග මාඝගෙ පුතෙක්. කාලිංග මාඝ කියන්නේ සිංහල රජ පවුලට සම්බන්ධකම් තිබුණු පරපුරක කෙනෙක්. නිශ්ශංකමල්ල රජු වගේම ඔහුත් කාලිංග වංශිකයෙක්. ඒ වුණාට සිංහල කිරීටයට උරුමයක් තිබුණු කෙනෙක්.
ඔරිස්සාවේ හතිගුම්පා සෙල්ලිපියට අනුව ‘ආරිය‘ කියන අභිධානය භාවිත කරල තියෙන්නෙ කාලිංග වංශිකයෝ. දෙමළ රජවරු එය භාවිත කළ බවට සඳහනක් නැහැ. මෙරට පැරණිම දෙමළ ඉතිහාස කෘතියේ තියෙන්නේ යාපනේ බහුතරය වූ සිංහල බෞද්ධයෝ වන්නියට හා උඩරටට පලවා හැරියේ සංකිලි රජතුමා කියල. ඒ වන තෙක්ම යාපනයේ බහුතරය සිංහල බෞද්ධයෝ. ඒනිසා යාපන රාජ්‍යයේ රජවරු දෙමළ නෙමෙයි නම්, එහි ජනතාව දෙමළ නෙමෙයි නම්, ඒක දෙමළ රාජ්‍යයක් වෙන්න බැහැනේ.
ඒ විතරක් නෙමෙයි, යාපනයේ සිටි සිංහලයෝ නිරතුරුවම ආර්ය චක‍්‍රවර්ති පාලනයට එරෙහිව සටන් කළා. එහෙම සටන් කරපු පුංචි බණ්ඩා, විජයබාහු සහ බුවනෙකබාහු (සපුමල් කුමරු) වැනි සිංහල නායකයො ගැන මයිල්වාගනම් පුලවර් සඳහන් කරල තියෙනවා. සපුමල් කුමාරය තමයි ඔය නල්ලූර් දේවාලය, කතරගම දෙවියන් උදෙසා ගොඩනංවල තියෙන්නෙත්.
ප‍්‍රශ්නය – මෙරට ඉතිහාසය නිවැරදිව සඳහන් කෙරුණු කෘති දෙමළ බසින් මෙතෙක් පළවී නැද්ද?
පිළිතුර – මෙතෙක් පළ වෙලා නැහැ. නමුත් දෙමළ විද්වතෙක් හිටිය මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලා කියල. එතුමාගෙ ආචාර්ය උපාධි නිබන්ධයේ සඳහන් වෙනව ක‍්‍රි.ව. 13 වැනි සියවසට පෙර ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස තිබුණු බවට සාක්ෂි නැහැ කියල. එහි සාරාංශයක් ඔහු රාජකීය ආසියාතික සමිතියේ, ලංකා ශාඛාවේ සඟරාවට ලියූ ලිපියකත් සඳහන් වෙනව. දැන් එතුමා ඉන්නේ ඔස්ටේ‍්‍රලියාවේ. එතුමා මෑතකදී ලියූ ලිපියකින් පෙනීයන්නේ ඔහුත් තම මතය වෙනස් කරගෙන කියලයි. එතුමත් දැන් වැඩ කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ කෙනෙක් හැටියට බවයි පෙනෙන්නේ.
ඒ අඩුව පුරවන්න තමයි අපි අපේ කෘතිය දෙමළ භාෂාවටත් පරිවර්තන කළේ. රජය මැදිහත් වෙලා මේ රටේ ඇත්ත ඉතිහාසය කියවන්න දෙමළ ජනතාවටත් ඉඩ ප‍්‍රස්ථා විවර කර දිය යුතුයි.
ප‍්‍රශ්නය – සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, දෙමළ ජනතාව වෙනම රටක් ඉල්ලන්නට හේතු වූ බව ඇතැමුන් පවසනවා…
පිළිතුර – සිංහල කියන්නෙ අනාදිමත් කාලයක ඉඳල මේ රටේ රාජ්‍ය භාෂාව. එහෙත් අවශ්‍ය කරන තැන්වලදී දෙමළ භාෂාවෙනුත් රජයේ ආඥා පනවා තිබෙන බව නාගදීප ශිලා ලිපියෙන් පැහැදිලි වෙනව. කිසිම දවසක දෙමළ භාෂාව අතීතයේදී මෙරට රාජ්‍ය භාෂාව වෙලා තිබුණෙ නැහැ. ක‍්‍රි. පූ. යුගයේ ඉඳල ක‍්‍රි.ව. 1815 වන තෙක්ම ලංකාවේ රාජ්‍ය භාෂාව වුනේ සිංහල භාෂාව. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි පාලන කාලවලදී මුළු ලංකාවටම බලපාන පරිදි ඔවුන් ගිවිසුම් අත්සන් කළේ ඔවුන්ගේ භාෂාවලින් සහ සිංහල භාෂාවෙන්. 1956දී සිංහල රාජ්‍ය භාෂාව කිරීම මගින් කළේ සිංහල භාෂාවට හිමි තැන ලබා දීමක්. ඒකෙන් කොහොමද දෙමළ ජනයාට සහ දෙමළ භාෂාවට අසාධාරණයක් වෙන්නේ.
අනෙක් කරුණ තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න බොහෝ කලකට පෙරයි දෙමළ උගත්තු දෙමළ නිජ භූමියක් තිබුණ කියල ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කළේ. අනෙක දැන් සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක්. 1968දී පනතකින් දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් බවට පත් කළා. 1972 ව්‍යවස්ථාවටත් ඒක ඇතුල් කළා. ප‍්‍රශ්නය ඇති වුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා නම්, දෙමළත් රාජ්‍ය භාෂාව වුනාම ප‍්‍රශ්නෙ විසඳෙන්න එපැයි. මෙතැන තියෙන්නෙ අද ටිකක්, හෙට ගොඩක් කියන ප‍්‍රතිපත්තියට අනුව ඔවුන් වැඩ කිරීමයි. ඔවුන් බොහොම වේගයෙන් වෙනම රාජ්‍යයකට අවශ්‍ය පදනම සකස් කර ගනිමින් සිටිනව. ඒකට ජගත් අධිරාජ්‍යවාදීන් උදව් කරනව. කරුණු හරිහැටි නොදන්න අනුවණ සිංහල නායකයෝ කිසිවක් නොදැන මේවට උඩගෙඩි දෙනව. අධිරාජ්‍යවාදී රටවල් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් පොම්ප කරල ඔවුන්ට අවශ්‍ය පරිදි අපේ රටේ ජන මතය වෙනස් කරනව. කවදහරි වෙනම රටක් හැදුණොත් එදාට තමයි සැබෑ ගැටුම පටන් ගන්නේ. මීට කලිනුත් එළාර මහියංගණය දක්වාත්, රාජ රාජ චෝල කතරගම දක්වාත් අපේ රට පාලනය කළා. එදාට අපේ රට දැය සමය විනාශ වෙනව. ඒක වළක්වා ගන්නයි අපි කටයුතු කරන්නේ.
ප‍්‍රශ්නය – මෙවැනි කුඩා කෘතියකින් හා වාර්තා චිත‍්‍රපටයකින් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ දාර්ශනික පදනමට අභියෝගයක් එල්ල කළ හැකි යෑයි ඔබ විශ්වාස කරනවාද?
පිළිතුර – කෘතිය හා චිත‍්‍රපටය කුඩා වෙන්න පුළුවන්. ඒත් බෙදුම්වාදීන්ගේ සියලූ මතවාද පුස්සක් බව අපි පෙන්වල තියෙනව. අපේ පර්යේෂණ කටයුතු තවත් ඉදිරියට අපි කරගෙන යනව. අපිට කරුණු හොයල පොත් ලියන්න පුලූවන්. වාර්තා චිත‍්‍රපට, ප‍්‍රදර්ශන කුටි හදන්න පුලූවන්. මේවාට විශාල ශ‍්‍රමයක් ධනයක් සහ කාලයක් වැය වෙනව. මේ වැඬේට වෙනත් දේශමාමකයින්ගේ උපකාර අපට අවශ්‍යයි. කෘතිය සහ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න අපට වෙනත් සංවිධානවල උපකාර අවශ්‍යයි. සංවිධානය කරල ආරාධනා කළොත් මෙරට හෝ පිටරට ඕනෑම තැනකට අපි එන්න ලෑස්තියි.
– කථිකාචාර්ය සුමේධ වීරවර්ධන
සාකච්ඡා කළේ රුවන් ජයවර්ධන
ඉස්ලාමික මූලධර්මවාදීන් ඇල්ජීරියාව තුළ
සංස්කරණයඉස්ලාමය සහ ප්‍රචණ්ඩත්වය පිටුවට ඔබ කළ සංස්කරණය සම්බන්ධයෙනි. ඉස්ලාමය සහ ප්‍රචණ්ඩත්වය පිටුවේ සාකච්ඡාවට බදුන් වන්නේ ඉස්ලාමීය මූලාශ්‍ර තුළ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන තැන් හෙවත් එහි මතවාදී අංශය යි. ඔබ එක් කළ ඇල්ජීරියාවේ ඉස්ලාම් මූළධර්මවාදය පිළිබද තොරතුරු එහි ප්‍රායෝගික භාවිතය පිළිබදව යි. මේ නිසා ඔබ එක්කළ එම තොරුතුරු වෙන ම පිටුවකට හෝ සුදුසු වෙනත් ලිපියකට එක්කිරීම සුදුසු යැයි සිතමි. Sasithmadu (talk) 21:17, 7 මාර්තු 2020 (යූටීසී)
We sent you an e-mail
සංස්කරණයHello Dhammika111,
Really sorry for the inconvenience. This is a gentle note to request that you check your email. We sent you a message titled "The Community Insights survey is coming!". If you have questions, email surveys@wikimedia.org.
You can see my explanation here.
MediaWiki message delivery (talk) 18:53, 25 සැප්තැම්බර් 2020 (යූටීසී)
ඔබගේ ලිපිය අනුපිටපතකි
සංස්කරණයCopyright problems with රුසියානු ඉතිහාසය
සංස්කරණයHello. Concerning your contribution, රුසියානු ඉතිහාසය, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from https://hi-in.facebook.com/permalink.php?story_fbid=237573660979177&id=123988745671003. As a copyright violation, රුසියානු ඉතිහාසය appears to qualify for deletion under the speedy deletion criteria. රුසියානු ඉතිහාසය has been tagged for deletion, and may have been deleted by the time you see this message.
If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:
- If you have permission from the author, leave a message explaining the details at සාකච්ඡාව:රුසියානු ඉතිහාසය and send an email with the message to permissions-en wikimedia.org. See Wikipedia:Requesting copyright permission for instructions.
- If a note on the original website states that it is licensed under the CC-BY-SA license, leave a note at සාකච්ඡාව:රුසියානු ඉතිහාසය with a link to where we can find that note.
- If you hold the copyright to the material: send an e-mail from an address associated with the original publication to permissions-en wikimedia.org or a postal message to the Wikimedia Foundation permitting re-use under the CC-BY-SA and GFDL, and note that you have done so on සාකච්ඡාව:රුසියානු ඉතිහාසය.
However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. Shwetha (talk) 14:27, 15 අප්‍රේල් 2021 (යූටීසී)
Copyright problems with ඉන්දියානු ඉතිහාසය
සංස්කරණයHello. Concerning your contribution, ඉන්දියානු ඉතිහාසය, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from https://www.facebook.com/1385056545135105/posts/1958904121083675/. As a copyright violation, ඉන්දියානු ඉතිහාසය appears to qualify for deletion under the speedy deletion criteria. ඉන්දියානු ඉතිහාසය has been tagged for deletion, and may have been deleted by the time you see this message.
If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:
- If you have permission from the author, leave a message explaining the details at සාකච්ඡාව:ඉන්දියානු ඉතිහාසය and send an email with the message to permissions-en wikimedia.org. See Wikipedia:Requesting copyright permission for instructions.
- If a note on the original website states that it is licensed under the CC-BY-SA license, leave a note at සාකච්ඡාව:ඉන්දියානු ඉතිහාසය with a link to where we can find that note.
- If you hold the copyright to the material: send an e-mail from an address associated with the original publication to permissions-en wikimedia.org or a postal message to the Wikimedia Foundation permitting re-use under the CC-BY-SA and GFDL, and note that you have done so on සාකච්ඡාව:ඉන්දියානු ඉතිහාසය.
However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. Shwetha (talk) 14:36, 15 අප්‍රේල් 2021 (යූටීසී)
ඉක්මන් මකාදැමුමට -දේශපාලකයෝ- නම් කිරීම
සංස්කරණයමෙය ඔබ තැනූ පළමු ලිපිය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීමට මාර්ගෝපදේශනය ඔබ විසින් කිව යුතුව ඇත.
ලිපි තැනීමට සහය වීමට, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැක.
විකිපීඩියාවෙන් එය ඉක්මනින් මකාදැමිය යුතු යැයි ඉල්ලමින්, -දේශපාලකයෝ- තුල ටැගයක් බහා ලෑම සිදු කර ඇත. මෙය සිදු කර ඇත්තේ, ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G1 කොටස යටතේ වන්නේ, පිටුව තුල අර්ථවත් අන්තර්ගතය හෝ ඉතිහාසය නොමැති බව පෙනෙන අතර, බේරාගත නොහැකි තරමට එහි පෙළ ආකූල නිසා බැවිනි. ඔබ තැනූ පිටුව අත්හදා බැලීමක් නම්, ඔබ විසින් සිදු කිරීමට කැමති, කිසියම් ඉදිරි පර්යේෂණ සඳහා, වැලිපිල්ල භාවිතා කරන්න.
මෙම හේතුව නිසා මෙම පිටුව මකා දැමිය යුතු නොවේ යැයි ඔබ අදහස් කරන්නේ නම්, මෙම නම් කිරීම වැරදි බවට කියා පෑම සඳහා ඔබ විසින් පිටුව වෙත යෑමෙන් සහ "මෙම ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතැන ඔබන්න" ලෙසින් නම් කර ඇති බොත්තම එබීමෙන් එසේ කල හැක. මෙසේ කිරීමෙන් පැහැදිලි කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත්තේ මෙම පිටුව මකා දැමීම නොකල යුත්තේ ඇයිදැයි ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පිළිබඳවය. කෙසේවෙතත්, ඉක්මන් මකාදැමීම සඳහා පිටුවක් ටැග් කිරීමෙන් පසුව එය විගසින් ඉවත් කල හැකි බවට සිහි තබා ගන්න. ඔබ විසින්ම ඉක්මන් මකාදැමීමේ ටැගය ඉවත් නොකල යුතු නමුදු, විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අනුව යමින් තොරතුරු එක් කිරීමට නොපැකිලෙන්න. IDB.S (talk) 09:32, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)