ද එක්ස්-ෆයිල්ස් (වාරය 10)

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි දසවන කථාවාරය 2016 ජනවාරි 24 දින සිට එක්සත් ජනපදය තුළ ෆොක්ස් නාළිකාව ඔස්සේ විකාශය අරඹන ලදී. කථාංග හයකින් සමන්විත මෙම කථාවාරය 2016 පෙබරවාරි 22 දින අවසන් විය. මෙම කථාවාරය නවවන වාරය (2001 – 02) විකාශය වී වසර දාහතරකට පසුව සහ ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් (2008) චිත්‍රපටයෙන් වසර හතකට පසුව විකාශය වූවකි. මෙහි නැවත ස්ථාපිත ෆෙඩරල් විමර්ශන කාර්යාංශ (FBI) නියෝජිතයන් වන ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි) සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) විසින් පාරභෞමික ජීවීන්ගේ පැවැත්ම සහ ඔවුන් රජය සමග දක්වන සම්බන්ධතාව අනාවරණය කරගන්නා අයුරු නිරූපණය වේ.

ද එක්ස්-ෆයිල්ස් (වාරය 10)
The X-Files Season 10 DVD.png
ඩීවීඩී සහ බ්ලූ-රේ කවරය
ප්‍රධාන රංගනයඩේවිඩ් ඩචොව්නි
ගිලියන් ඇන්ඩර්සන්
මිච් පිලෙගි
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.6
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවජනවාරි 24, 2016 (2016-01-24) – පෙබරවාරි 22, 2016 (2016-02-22)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 9
පසු →
වාරය 11
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ද_එක්ස්-ෆයිල්ස්_(වාරය_10)&oldid=417060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි