දකුණු ඇමරිකාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව

(දකුණු ඇමෙරිකාවේ රටවල් ලයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)

මෙය දකුණු ඇමරිකාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුවකි. සම්පූර්ණයෙන් පිළිගත් රාජ්‍යයන් සහ දකුණු ඇමරිකානු සහ දකුණු ඇමරිකානු නොවන රාජ්‍යයන්හී පරායත්ත භූමිප්‍රදේශ මෙයට ඇතුළත් වෙති. මෙම ලිපිය විසින් ස්වෛරී රාජ්‍යයන් 12 ක් සහ ස්වෛරී-නොවන භූමිප්‍රදේශ 4 ක් ලැයිස්තුගත කෙරෙයි.

දකුණු ඇමරිකාව මායිම් වන්නේ බටහිර දිශාවෙන් ශාන්තිකර සාගරය වෙතින් සහ උතුරු සහ නැගෙනහිර දිශාවෙන් අත්ලාන්තික් සාගරය වෙතිනි. උතුරු ඇමරිකාව සහ කැරිබියානු මුහුද වයඹ දිශාවෙන් පිහිටයි. පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 3.5% පමණ හෝ දළ වශයෙන් වර්ග කිලෝමීටර 17,840,000 (සතරැස් සැතපුම් 6,890,000) වන භූමිප්‍රමාණයක් දකුණු ඇමරිකාව සතු වෙයි. ද වර්ල්ඩ් ෆැක්ට්බුක් විසින් දැක්වෙන ඇස්තමේන්තු පරිදී, 2018 වසර වන විට, එහි ජනගහණය මිලියන 430 කට වඩා වැඩි වෙයි. භූමිප්‍රමාණය අනුව සැලකූ විට සියළු මහාද්වීප අතරින් සතරවන අනුස්ථිතිය ( ආසියාව, අප්‍රිකාව, සහ උතුරු ඇමරිකාවට පසුපසින්) දකුණු ඇමරිකාවට හිමිවන අතර ජනගහණය අනුව පස්වන ස්ථානය (ආසියාව, අප්‍රිකාව, යුරෝපය, සහ උතුරු ඇමරිකාවට පසුපසින්) එයට හිමිවෙයි. [1]

උතුරු සහ දකුණු ඇමරිකාව අතර දේශසීමාව පිහිටා ඇත්තේ පැනමා දේශසන්ධියෙහි කිසියම් ස්ථානයක වෙයි.සිතියම් පොත් සහ අනෙකුත් මූලාශ්‍ර තුල වඩාත් සුලභ ලෙසින් මෙම ස්ථානය ලෙසින් දැක්වෙන්නේ කොලොම්බියා–පැනමා දේශසීමාව ඔස්සේ දේශසන්ධිය හා දකුණු ඇමරිකා මහාද්වීපය හමුවන ස්ථානය වන ( ඩරියෙන් කපොල්ල බලන්න) ඩරියෙන් කඳු ජලාධාර ප්‍රදේශය වෙයි. සියළුම සිතියම් පොත් පාහේ පැනමාව දක්වන්නේ සමස්ත වශයෙන් උතුරු ඇමරිකාව සහ/හෝ මධ්‍යම ඇමරිකාව තුල පිහිටන රාජ්‍යයක් ලෙසිනි.[2]

ස්වෛරී රාජ්‍යයන් සංස්කරණය

ජාතික අභිරුචිය පරිදී එම ජන සමූහය අරභයා තීරණයන්ට එළඹෙමින් කිසියම් ජන සමූහයක් මත සඑල පරමාධිපත්‍යයක් දරන දේශපාලනමය සංගමයක් ස්වෛරී රාජ්‍යයක් ලෙසින් හැඳින්වෙයි.[3] මොන්ටිවිඩේයෝ සම්මුතිය පරිදී, ස්ථීර ජනගහණයක්, පැහැදිලි භූමිප්‍රදේශයක්, රජයක්, සහ අනෙකුත් රාජ්‍ය්‍යන් හා සබැඳියන්ට එළඹීමෙහි හැකියාවක් යන දේ රාජ්‍යයක් සඳහා තිබිය යුතු වෙයි.[4] මෙහි පහත දැක්වෙන රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සාමාජීකයන් වන අතර [5] දකුණු ඇමරිකානු රාජ්‍යයන්ගේ සංගමයෙහි වර්තමාන හෝ පැරණි හෝ සාමාජිකයන් වෙති. [6]

ධජය සිතියම කෙටි සහ විධිමත් නම් සහ, අයිඑස්ඕ කේත[7][8][9] දේශීය කෙටි සහ විධිමත් නම්
[7][8]
අගනුවර
[9][10][11]
ජනගහණය
[12]
භූමිප්‍රමාණය
[13]
 
 
ආර්ජන්ටිනාව 

ආර්ජන්ටිනා ජනරජය

ARG 
ස්පාඤ්ඤ: ආර්කෙන්ටීනා— රෙපූලිකා ආර්කෙන්ටීනා බුවනොස් අයිරස්

ස්පාඤ්ඤ: සිවුදර් දෙ බුවනස් අයිරෙස්
44,361,150 2,780,400 km2 (1,073,518 sq mi)
 
 
බොලිවියාව 

බොලිවියා බහුත්වජාතික රාජ්‍යය

BOL 
ස්පාඤ්ඤ: බොලීවියා— එස්ටාදෝ ප්ලුරිනැෂියොනල් ද බොලීවියා

ක්වෙච්වා: බුලීවියා

අයිමාරා: වුලීවියා
සුක්රෙ (නිල)
සහ ලා පස් (රජයෙහි අධිකාරි කේන්ද්‍රය)

ස්පාඤ්ඤ: සුක්රෙ[n 1]
11,353,142 1,098,581 km2 (424,164 sq mi)


සටහන් සංස්කරණය

  1. සුක්රෙ යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල අගනුවර වන අතර, ලා පස් යනු රජයෙහි අධිකාරි කේන්ද්‍රය.


ආශ්‍රිත සංස්කරණය

  1. ද නිව්යෝර්ක් ටයිම්ස් ගයිඩ් ටු එසෙන්ෂල් නොලේජ්: අ ඩෙස්ක් රෙෆරන්ස් ෆො ද කියුරියස් මයින්ඩ් (2වන ed.), නිව්යෝර්ක්: සෙන්ට් මාර්ටින්ස් මුද්‍රණාලය, 2007, p. 598, ISBN 978-0-312-37659-8, OCLC 173243876
  2. "නැෂනල් ජියෝග්‍රැෆික් එඩියුකේෂන්". ජාතික භූගෝලීය සංගමය. සම්ප්‍රවේශය 2011-05-12.
    නැෂනල් ජියෝග්‍රැෆික් ඇට්ලස් (ලිස්ට්). ජාතික භූගෝලීය සංගමය. 2010. p. 4.
    වෙබ්ස්ටර්ස් නිව් ජියෝග්‍රැෆිකල් ඩික්ෂනරි (ලිස්ට් ඇන්ඩ් මැප්). මේරියම්-වෙබ්ස්ටර් ඉන්කෝපරේටඩ්. 1984. pp. 856, 859.
    "ඇමරිකාස්" Standard Country and Area Codes Classifications (M49), United Nations Statistics Division
    "නෝර්ත් ඇමරිකා " සංරක්ෂණය කළ පිටපත 3 මාර්තු 2008 at the Wayback Machine Atlas of Canada
    නෝර්ත් ඇමරිකා ඇට්ලස් National Geographic
  3. ඇෂ්ලි, රිචඩ් කේ (1 ජූනි 1988). "අන්ටයිං ද සව්රින් ස්ටේට්: අ ඩබ්ල් රීඩිං ඔෆ් දි අනකී ප්‍රොබ්ලමටික්". මිලේනියම්- ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ස්ටඩීස්. සේජ් ජර්නල්ස් ඔන්ලයින්. 4 (2): 227–262. doi:10.1177/03058298880170020901. සම්ප්‍රවේශය 15 පෙබරවාරි 2012.
  4. "මොන්ටිවිඩේයෝ කන්වෙන්ෂන් ඔන් ද රයිට්ස් ඇන්ඩ් ඩියුටීස් ඔෆ් ස්ටේට්ස්". කවුන්සිල් ඔන් ෆොරීන් රිලේෂන්ස්. 26 දෙසැම්බර් 1933. සම්ප්‍රවේශය 15 පෙබරවාරි 2012.
  5. "යුනයිටඩ් නේෂන්ස් මෙම්බර් ස්ටේට්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 15 පෙබරවාරි 2012.
  6. "එස්ටාඩොස් මියැම්බරොස්" (ස්පාඤ්ඤ බසින්). සෙක්රටරියා ජෙනරාල් ඩ උනැසූර්. 27 ජූනි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 පෙබරවාරි 2012.
  7. 7.0 7.1 "‌ෆීල්ඩ් ලිස්ටිං :: නේම්ස්". මධ්‍යම තොරතුරු කාර්යාංශය. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2012.
  8. 8.0 8.1 "UNGEGN ලසිට් ඔෆ් කන්ට්‍රි නේම්ස්" (PDF). එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය. 2007. සම්ප්‍රවේශය 2011-02-24.
  9. 9.0 9.1 "ලිස්ට් ඔෆ් කන්ට්‍රීස්, ටෙරිටරීස් ඇන්ඩ් කරන්සීස්". යුරෝපා. 7 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2012.
  10. "‌ෙීල්ඩ් ලිස්ටිං :: කැපිටල්". මධ්‍යම තොරතුරු කාර්යාංශය. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2012.
  11. "UNGEGN වර්ල්ඩ් ජියෝග්‍රැෆිකල් නේම්ස්". United Nations Group of Experts on Geographical Names. 9 දෙසැම්බර් 2011. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2012.
  12. "කන්ට්‍රි කම්පැරිසන් :: පොපියුලේෂන්". මධ්‍යම තොරතුරු කාර්යාංශය. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2012.
  13. "ෆීල්ඩ් ලිස්ටිං :: ඒරියා". මධ්‍යම තොරතුරු කාර්යාංශය. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2012.