උතුරු ඇමෙරිකාව

මහද්වීපයක්
(උතුරු ඇමරිකාව වෙතින් යළි-යොමු කරන ලදි)

උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.

භූමිප්‍රමාණය24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
ජනගහණය528,720,588 (2008, 4 වැනියා)
ජනගහණ ඝණත්වය22.9/කිමී2 (59.3/වර්ග සැත) [1]
ජාතිකත්ව නාමයඋතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු[2]
රටවල්23
පරායත්ත රාජ්‍යයන්see List of North American countries
භාෂාඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා
වේලා කලාපUTC-10 to UTC
විශාලතම නගරList of cities[3]

වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).

මූලාශ්‍ර සංස්කරණය

  1. This North American density figure is based on a total land area of 23,090,542 km2 only, considerably less than the total combined land and water area of 24,709,000 km².
  2. American, Merriam-Webster OnLine.
  3. List based on 2005 figures in Table A.12, World Urbanization Prospects: The 2005 Revision, Department of Economic and Social Affairs, Population Division, United Nations. Accessed on line January 1, 2008.
"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_ඇමෙරිකාව&oldid=500555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි