තෙල්දෙණිය යනු (ඉංග්‍රීසි:  Teldeniya) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ නගරයකි . දැනට කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිවූ වික්ටෝරියා ජලාශයට යටවී ඇත. දුම්බර මිටියාවතේ ඉතා සශ්‍රීක භූමි භාගයක පිහිටා තිබූ විශාල නගරයකි. 1982 ඇරඹි වික්ටෝරියා ව්‍යාපෘතිය නිසා නගරයේ ජනතාව ඉවත් කල අතර, ඔවුන් මහවැලි B, C ,H කලාප වල පදිංචි කර ඇත. තවත් පිරිසක් වික්ටෝරියා කලාපයේම පදිංචි වී සිටියි. මෙම නගරය වෙනුවට නව නගර තුනක් වික්ටෝරියා ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ අතර ඒවා දිගන, කුණ්ඩසාලේ හා කරල්ලියද්ද වේ. තෙල්දෙණියේ පෙර පැවති රාජ්‍ය ආයතන හා පාලනය සහිතව කරල්ලියද්ද නව නගරය වික්ටෝරියා ජලාශය ඉස්මත්තේ ඉදිකර ඇත. තෙල්දෙණිය යනු හුදෙක් මනක්කල්පිත නාමයක් වුවද, අද වන විට එම නම මහවැලි ජනපදයන් තුලත්, ජලාශය ඉස්මත්තේ ඇති පෙර පැවති නගරය ආශිතව තිබූ ගම්මාන හැඳිවීමටත් භාවිතා වනු දැකිය හැක. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ බසින කාලයේ පැරණි නගරයේ භාවිතා කල වානේ පාලම, විහාරස්ථාන ඇතුලු පැරණි නටඹුන් අදටත් දැකිය හැක.

තෙල්දෙණිය
නගරය
තෙල්දෙණිය is located in Sri Lanka
තෙල්දෙණිය
තෙල්දෙණිය
ඛණ්ඩාංක: 7°18′00″N 80°45′50″E / 7.30000°N 80.76389°E / 7.30000; 80.76389
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමහනුවර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)
"https://si.wikipedia.org/w/index.php?title=තෙල්දෙණිය&oldid=449204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි