තලෙයිබාන් විසින් සිදුකෙරෙන යුද්ධ අපරාධ
1990 ගණන් වලදී තලෙයිබාන් සංවිධානයෙහි සම්ප්‍රාප්තිය හා අනතුරුව තලෙයිබාන් විසින් සිදුකෙරෙන යුද්ධ අපරාධ අතර, එය විසින් ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය පවත්වාගෙන යන ලද කාලසීමාවෙහිදී සිවිල් වැසියන්ගේ බාහිරාධිකරණ මරාදැමීම ,[1][2]2010 ගණන් වලදී සිවිල් වැසියන් ක්‍රමානුකූල ලෙසින් මරාදැමීම සහ යුද්ධකාල ලිංගික ප්‍රචණ්ඩත්වය,[3][4] සහ 2021 තලෙයිබාන් ආක්‍රමණය අතරතුර සිවිල් වැසියන් ඝාතනයට ලක්කිරීම වෙයි.[5][6][7][8]
හේතූන්
සංස්කරණයසිවිල් වැසියන් මරාදැමීම, යම් සිරුරු කොටස් කපාදැමීම (නිද., නහය සහ කණ), හෝ සැලකිය යුතු හමුදාමය වටිනාකමක් රහිත එල්ලයන් වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකිරීම වැන්න ඔවුන්ගේ සාමාජිකයන්ට තහනම් කෙරෙන ප්‍රතිපත්ති තලෙයිබාන් සංවිධානය තුල නිල වශයෙන් පවතියි. එය විසින් නාමික ලෙසින් ස්වාධීන කොමිසම් සභා පත් කරමින් සහ ඔවුන්ගේ සාමාජිකයන් විසින් සිවිල් වැසියන්ට ප්‍රහාර සිදු කෙරෙන සිදුවීම් නිර්නාමික ලෙසින් වාර්තා කිරීමට දුරකතන අංක බෙදා හරිමින්, නීති උල්ලංඝනය කෙරූ බොහෝ සාමාජිකයන් නෙරපා හැරීම හෝ දැඩි දඬුවම් පැමිණවීම වැනි දේ සිදු කලහ. මෙම ප්‍රයත්නයන් තිබුණද, 2001 වසරෙහි සිට ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනක් තලෙයිබාන් ප්‍රහාර තුලින් මරා දැමුණු අතර, 2013 වසර තුලදී ඇෆ්ගන් සිවිල් අපතිකයන් අතරින් 74% ප්‍රමාණයක වගකීම් ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජාතීන්ගේ සහය මෙහෙය (UNAMA) විසින් තලෙයිබාන් සංවිධානය වෙත පවරන ලදි. මැක්ස් ඒබ්‍රහම්ස් පවසන්නේ, සංවිධානයෙහි කිපෙනසුළු ස්වභාවය නිසා අණදී පාලනය කිරීම පිළිබඳ විශාල නොහැකියාවකට තලෙයිබාන් නායකත්වය විසින් මුහුණ දෙන බව සහ එ.ජ. හමුදාවන් විසින් ඉහළ නිලයෙහි තලෙයිබාන් නිලධාරින් ඉලක්කගත මරාදැමීම් වලට ලක් කිරීම නිසා ලාබාල ආඥාපතීන් විසින් සිවිල් ජනගහණයට විරුද්ධව පහර එල්ල කිරීමෙහි වඩාත් නැඹුරුතාවයක් දක්වන බවයි. ඒබ්‍රහම් දුටුවේ සිවිල් වැසියන්ට උපද්‍රව පැමිණි විට තලෙයිබාන් බොහෝ විට ප්‍රහාරයෙහි වගකීම භාර නොගන්නා බවත්, සමහරවිට මරණ සංඛ්‍යාව ඉහළ නගින විට පෙරදී වගකීම භාර ගැනීමෙන් ඉවත් වන බවත්ය. [9]
සිවිල් වැසියන් බාහිරාධිකරණ ලෙසින් මරාදැමීම
සංස්කරණයඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය (1996–2001)
සංස්කරණය1988 අගෝස්තු 8 දිනදී, එය විසින් හමුදාමය ලෙසින් මසාර්-ඉ-ෂරීෆ් යටත් කරගැනීමෙහිදී, තලෙයිබාන් විසින් 10:30 පමණ සිට මධ්‍යහ්නය දක්වා සිවිල් වැසියන් වෙඩි තබා ඝාතනය කිරීම දිව කපා දැමීම ආදිය සිදු කල අතර, ඔවුන් බොහෝ ලෙසින් හසාරාවරු, සහ සමහරක් ටජීක්වරු සහ උස්බෙක්වරු වූහ. මෙම මරාදැමීම් අගෝස්තු 13 හෝ14 දක්වා දිගටම පැවතිණි.[1] තලෙයිබාන් විසින් 2000 මැයි සහ 2001 ජනවාරි තුල ජනසංහාර දියත් කෙරුණු අතර, ප්‍රාථමික වශයෙන් ඒවාට ගොදුරු වූයේ හසාරාවරුන්ය. 2000 මැයි මාසයෙහිදී රෙබාතා මංකඩ ජන සංහාරයෙහිදී, තලෙයිබාන් හමුදා විසින් ජනයා 31 දෙනෙක් මරා දැමුණු අතර, ඔවුන් අතරින් 26 දෙනෙක් "විශ්වාසවන්ත ලෙසින් සිවිල් වැසියන් බව " හියුමන් රයිට්ස් වොච් (HRW) විසින් හඳුනාගෙන ඇත. 2001 ජනවාරි 8 දින සිට ඇරඹි දින සතරක් තුලදී, තලෙයිබාන් හමුදා විසින් යකව්ලාං හී සිවිල් වැසියන් 170 දෙනෙක් වෙඩි කණ්ඩායම් මගින් වෙඩි තබා මරා දැමූහ.[2]
අවිගත් විපක්ෂය (2001–2021)
සංස්කරණය2010 වසරෙහිදී, තලෙයිබාන් විසින් කිසියම් පිළිවෙලකට ඇෆ්ගනිස්තානයෙහි සිවිල් වැසියන් ඝාතනය කරන ලද අතර, සාමාන්‍යයෙන් එහි පදනම වූයේ මෙසේ ගොදුරු වුනු තැනැත්තන් ඇෆ්ගන් රජයට පක්ෂපාතිවූ බව යන යාචනයයි. ක්ෂමා සංවිධානය විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක්වුනු මාධ්‍යවේදියෙක් පැවසුවේ තලෙයිබාන් සංවිධානය හා සමගින් සහයෝගයෙන් ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කල ගමක වැඩිහිටියන් ඝාතනය කල අතර මරණයෙන් පසුව "ඇමරිකානු ඔත්තුකරුවන්" බවට චෝදනා ලැබූ බවයි.[3]
2015 වසරෙහිදී කුන්දූස් හිදී, තලෙයිබාන් විසින් මැරිය යුතු සිවිල් වැසියන් දැක්වෙන මරණ ලැයිස්තුවක්– "ක්‍රියාකරුවන්, මාධයවේදීන් සහ සිවිල් සේවකයන්" භාවිතා කල අතර, ගෙයින්-ගෙට ගොස් සෝදිසි කිරීම් වලින් පසුව ඔවුන් මරා දැමූහ. තලෙයිබාන් හමුදා විසින් තුවාල ලැබූ කාන්තාවකගේ නිවසට ඇතුළුවී ඇයගේ හිසට මාරාන්තික වෙඩි පහර එල්ල කලහ.[4]
2021 තලෙයිබාන් ආක්‍රමණය
සංස්කරණය- මෙයද බලන්න: 2021 තලෙයිබාන් ආක්‍රමණය
2021 වසරෙහි පළමු අර්ධයෙහිදී, ඇෆ්ගනිස්තානයෙහි එක්සත් ජාතීන්ගේ සහය මෙහෙය (UNAMA) පරිදී සිවිල් වැසියන් 699 දෙනෙක් මරා දැමීම සඳහා තලෙයිබාන් හමුදා වගකිය යුතු වූ අතර[10][5] ඇෆ්ගන් ස්වාධීන මානව අයිතිවාසිකම් කොමිසම (AIHRC) පරිදී එම සංඛ්‍යාව 917ක් විය යුතුය.[6] UNAMA පරිදී, මැයි හා ජූනි මාස තුලදී, පුද්ගලික නිවෙස් සහ සිවිල් ගොඩනැගිලි විනාශ කිරීම සහ කොල්ලකෑමෙහි සිද්ධි අතරින් "අතිමහත් බහුතරයක්" සඳහා තලෙයිබාන් වගකියයුතු විය.[10][5] එජ සහ අනෙකුත් රටවල් ඉතිරි සේනාංකයන් රටෙන් ඉවත් කරගැනුම 2021 වසරෙහි මුලදී ආරම්භ කලහ.
2021 මැයි 12 දිනදී, ඇෆ්ගනිස්තානයෙහිදී එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් සඳහා පරිවර්තකයෙක් ලෙසින් මාස 16 ක් සේවය කල සොහෙයිල් පාර්දිස්, තලෙයිබාන් විසින් ඔහුගේ මෝටර් රථයෙන් පිටතට ගෙන හිස ගසා මරා දැමිණි.[7]
ජූනි 16 දිනදී, දල්වාද් අබාද් හිදී, ඇෆ්ගන් විශේෂ හමුදා කොමාන්ඩෝවරු 22 ක් තලෙයිබාන් වෙත යටත්වීමට තැත් කිරීමෙහිදී මරාදැමුණහ. මෙම සිද්ධියෙහි වීඩියෝවක් පුළුල් ලෙසින් ප්‍රචාරය වුනු අතර සීඑන්එන් විසින් විකාශය කෙරිණි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙහි සමීරා හමිඩ් විසින් මෙම සිද්ධිය විස්තර කෙරුනේ "යටත්වන සොල්දාදුවන් අසංවේදී ලෙසින් ඝාතනය කිරීමක් – යුද්ධ අපරාධයක්" ලෙසිණි. ඇෆ්ගනිස්තානය සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණ පරික්ෂණය හී කොටසක් වශයෙන් මෙම සිද්ධිය විමර්ශනයට ලක් විය යුතු බවට ඇයගේ ඉල්ලීම විය.[11]
2021 ජූලි මසෙහිදී කැන්දහාර් හිදී, පළාත් මට්ටමෙහි රජයයන්හී සාමාජිකයන් සහ ඔවුන්ගේ ඥාතීන් බවට විචාරකයන් සහ ජනතාව විසින් විශ්වාස කරන පිරිසක් තලෙයිබාන් හමුදා විසින් බාහිරාධිකරණ ලෙසින් මරාදැමුණහ. HRW හී පැට්‍රීෂියා ගොස්මන් පවසා සිටියේ "මෙවන් දාමරිකකම් පිළිබඳ අනවධානයෙන් පසුවන තලෙයිබාන් ආඥාපතීන්ද යුද්ධ අපරාධයන්ට වග කිය යුතුය" යනුවෙනි. ඇය විසින් මෙම මරාදැමීම් විස්තර කෙරුණේ " ඉතා සුළු විවේචනයක් හෝ ප්‍රතිරෝධයක් හෝ ප්‍රචණ්ඩකාරී ලෙසින් මැඩීමට තලෙයිබාන් ආඥාපතීන් තුල ඇති ලැදියාව හුවා දැක්වීමක්" ලෙසිනි.[8][12] තලෙයිබාන් විසින් ජූලි මැදදී ස්පින් බොල්ඩක් යටත් කර ගැනුමෙහිදී අභිමත පරිදී සිර කර තැබූ සිවිල් වැසියන් ඇස්තමේන්තු ගත සංඛ්‍යාව 380[13] සිට 900 දක්වා වන අතර,[12] අභිමත පරිදී මරාදැමුණු සංඛ්‍යාව 40[14] සිට 100 දක්වා වෙයි.[13]
2021 ජූලි මුලදී මාලෙස්ටන් දිස්ත්‍රික්කයෙහිදී, තලෙයිබාන් බලකායන් විසින් සිවිල් වැසියන් මරාදමමින්, පුද්ගලික දේපළ කොල්ලකමින්, ඒවා ගිනිබත් කරමින්, කඩසාප්පු විනාශ කරමින් කොල්ල කෑහ.[15] 2021 ජූලි 4–6 අතරතුර මාලෙස්ටන් දිස්ත්‍රික්කයෙහි මැන්ඩේයාක්ට් හී, තලෙයිබාන් විසින් බාහිරාධිකරණ ලෙසින් හසාරාවරුන් නවදෙනෙකු මරා දැමිණි. හසාරාවරුන් පෙරදීද තලෙයිබාන් වෙතින් වධහිංසාවට ලක් වූහ.[16] තලෙයිබාන් ආරක්ෂක හමුදාවන් විසින් තිදෙනෙක් මරා දැමීමට පෙර මහත් වධයට ලක් කරනු ලැබූහ: වහීඩ් කාරාමාන්ගේ පාද සහ අත් කඩාදමා, ඔහුගේ හිසකෙස් උගුලුවා මුහුණට පහරදී තිබුණි; ජෆාර් රහීමි වෙත තදින් පහරදී ඔහුගේම උතුරුසළුවෙන් ගෙල හිර කර මරා දමා තිබුණි; සයිඩ් අබ්දුල් හකීම් හට පහරදී, ඔහුගේ අත් බැඳ දමා ඔහුගේ ලය පෙදෙසට වෙඩි තැබීමට පෙර ඔහුගේ පාද වල වෙඩි තබා තිබුණි. මේ තිදෙන මෙසේ මරා දමා තිබුණේ තලෙයිබාන් සෝදිසි මුරපොළකදී වන අතර අනෙකුන් මැන්ඩේයාක්ට් හිදී මරා දමා තිබුණි.[17]
ස්පින් බොල්ඩක් හිදී, 2021 ජූලි 15 දිනදී ඡායාරූප මාධ්‍යවේදී දානිෂ් සිද්දික්වී මරා දැමුණේ ඇෆ්ගන් ජාතික ආරක්ෂක හමුදාව (ANSF) සහ තලෙයිබාන් අතර වෙඩි තබා ගැනීම අතරතුර හෝ තලෙයිබාන් විසින් අල්ලා ගෙන මරා දැමීම නිසාය. ඔහුගේ දේහය විකෘති කර තිබූ අතර, ඔහුගේ මුහුණ හඳුනාගත නොහැකි තත්ත්වයට පත් කොට ඔහුගේ මුහුණ මත සහ පපුව මත ටයර් සලකුණු තිබුණි.[18]
2021 ජූලි 22 දිනදී, ජනප්‍රිය ප්‍රහස්‍ය නළුවෙකු වූ, "කාෂා ස්වාන්" ලෙසින් හැඳින්වුනු, නසාර් මොහමඩ්, තලෙයිබාන් විසින් කැන්දහාර් පළාතෙහිදී මරාදැමිණි .[8][19]
ජූලි අග භාගයෙහිදී, ෂකර්ඩරා දිස්ත්‍රික්කයෙහි ආරක්ෂක බලකායෙහි සාමාජිකයන් සතරදෙනෙක් සහ රෝහල් සේවකයෙක්, තලෙයිබාන් හමුදා විසින් වධහිංසා පමුණුවා මරා දැමිණි. එක් වින්දිතයෙකුගේ ඥාති සෙහොයුරෙක්, අබ්දුල් රහමන්, පැවසුවේ, වෙඩි තැබීමට ප්‍රථමයෙන් තලෙයිබාන් විසින් තම ඥාති සොහොයුරාගේ ඇස් සහ දිව ඉවත් කොට මෝටර් රථයක් ඔහු මතින් ධාවනය කල බවයි.[20] ඇෆ්ගන් හමුදාවන්හී ආඥාපතියෙක්වූ අබ්දුල් හමිඩ්, හැරාත් අසබඩදී තලෙයිබාන් විසින් ඝාතනය කරනු ලැබුවේ සිරභාරයට ගැනීමෙන් පසුවය.[21]
කාබුල්හී රජයෙහි මාධ්‍ය සහ තොරතුරු මධ්‍යස්ථානයෙහි ප්‍රධානී, දාවා ඛාන් මෙනාපාල්, අගෝස්තු 5 දිනදී ඝාතනය කිරීමෙහි වගකීම, 2021 අගෝස්තු 6 දිනදී තලෙයිබාන් හමුදා විසින් භාර ගන්නා ලදි.[22] මානව අයිතිවාසිකම් ක්‍රියාකරු ලාල් ගුල් ලාල් පැවසුවේ, එම දිනයෙහිදීම, සාරාන්ජ් පාලනය තලෙයිබාන් විසින් නතු කර ගත් විට, තලෙයිබාන් විසින් සොල්දාදුවන් 30 දෙනෙකු මරාදැමීම යුද්ධ අපරාධයක් බවයි. ටොලෝනිවුස් පරිදී, තලෙයිබාන් විසින් ඔවුන් මරාදැමීමට පෙර සමහරක් සොල්දාදුවන් හට වධහිංසා පමුණුවා ඔවුන්ගේ ඇස් උගුලුවා ඉවත් කරන ලදි. තලෙයිබාන් පැවසුවේ මෙම සොල්දාදුවන් මිය ගියේ සටනෙහිදී බවයි.[23]
2021 අගෝස්තු 21 දිනදී, වීඩියෝවක දැක්වුනේ, බාග්දීස් පළාතෙහි හිටපු පොලිස් ප්‍රධානී හජි මුල්ලා අචකාසෙයි වෙත තලෙයිබාන් සටන්කරුවන් විසින් කෙටි දුරක සිට වෙඩි තැබීමට පෙර ඇස් හා අතපය බැඳ තිබූ අයුරුයි.[24]
ලිංගික ප්‍රචණ්ඩත්වය
සංස්කරණය2015 වසරෙහිදී කුන්දූස් හිදී, තලෙයිබාන් හමුදාවන් විසින් සමූහ දූෂණයද සිදු කරමින් ස්ත්‍රීන් දූෂණය කලහ . කාන්තාවන්ට ප‍්‍රජනන සෞඛ්‍යය සේවා ලබා දීමෙහි වරදට, එක් කාන්තාවන් තලෙයිබාන් විසින් සමූහ දූෂණයට ලක් කොට මරා දැමිණි.[4]
නීතිමය විමර්ශන
සංස්කරණයජාත්යන්තර අපරාධ අධිකරණය
සංස්කරණය2017 සහ 2018 තුලදී වින්දිතයින් වෙතින් තොරතුරු රැස්කිරීම, විමර්ශනයක් ආරම්භ කිරීමට 2019 දී ඉල්ලා සිටීම, ඉල්ලා සිටීම නිෂ්ප්‍රභා කිරීම, සහ එම ඉල්ලීම නිෂ්ප්‍රභා කිරීම ඉවත දැමීම යන්නෙන් පසුව, ඇෆ්ගනිස්තානය තුල ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් විමර්ශනයක් සිදු කිරීමට 2020 වසරෙහිදී බලය පැවරිණි. විමර්ශනයෙහි සැලකිල්ල යොමුවූයේ තලෙයිබාන් සහ අනුබද්ධිත අවිගත් කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්තානයෙහි යුද්ධයෙහිදී සිදුකල යුද්ධ අපරාධ, ඇෆ්ගන් ජාතික ආරක්ෂක හමුදාව විසින් සිදුකල යුද්ධ අපරාධ, සහ එක්සත් ජනපද සන්නද්ධ හමුදා සහ එක්සත් ජනපද මධ්‍යම ඹත්තු සේවය (CIA) විසින් ඇෆ්ගනිස්තානයෙහි, පෝලන්තයෙහි, රුමේනියාවෙහි සහ ලිතුවේනියාවෙහි සිදුකල යුද්ධ අපරාධ යන දේ සන්දර්භයෙන්, 2003 මැයි 1 දින සිට සිදුවූ යුද්ධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳවයි.[25][26]
ඇෆ්ගන් ස්වාධීන මානව අයිතිවාසිකම් කොමිසම
සංස්කරණය2021 ජූලි 14 දිනදී තලෙයිබාන් විසින් ස්පින් බොල්ඩක් අල්ලාගැනුම විමර්ශනය කිරීමෙන් පසුව "විශ්වසනීය දේශීය මූලාශ්‍ර", සහ සාක්ෂිකරුවන් සහ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් හා පැවැති සම්මුඛ සාකච්ඡා අනුසාරයෙන් ඇෆ්ගන් ස්වාධීන මානව අයිතිවාසිකම් කොමිසම (AIHRC) විසින් කෙටි වාර්තාවක් ප්‍රකාශයට පත් කෙරිණි. AIHRC විසින් සොයාගත්තේ තලෙයිබාන් හමුදා විසින් ජාත්‍යන්තර මානවවාදී නීතියට පටහැනිව යමින් සිවිල් වැසියන් 40 දෙනෙකු මරා දමා පෞද්ගලික දේපොළ කොල්ල කෑ බවයි.[14]
මෙයද බලන්න
සංස්කරණය
ආශ්‍රිත
සංස්කරණය- ^ a b "III. ද ෆර්ස්ට් ඩේ ඔෆ් ද ටේක්ඕවර්". හියුමන් රයිට්ස් වොච්. 1998. 2021-06-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
- ^ a b "ඇෆ්ගනිස්තාන්– මැසකර්ස් ඔෆ් හැසාරාස් ඉන් ඇෆ්ගනිස්තාන් – සමරි". හියුමන් රයිට්ස් වොච්. 2001. 2021-06-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
{{cite web}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested (help) - ^ a b "තලෙයිබාන් ලීඩර්ස් ෂුඩ් බී ප්‍රොසිකියුටඩ් ෆො වෝ ක්‍රයිම්ස් ඉන් ඇෆ්ගනිස්තාන්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. 2010-08-10. 2020-12-04 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
- ^ a b c "ඇෆ්ගනිස්තාන්: හැරෝවිං අකවුන්ට්ස් ඉමර්ජ් ඔෆ් ද තලෙයිබාන්ස් රේන් ඔෆ් ටෙරර් ඉන් කුන්දුස්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. 2015-10-01. 2016-01-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
- ^ a b c "ඇෆ්ගනිස්තාන්– ප්‍රොටෙක්ෂන් ඔෆ් සිවිලියන්ස් ඉන් ආම්ඩ් කන්ෆ්ලික්ට් මිඩ්ඉයර් අප්ඩේට්: 1 ජැනුවරි ටු 30 ජූන් 2021" (PDF). UNAMA. 2021-07-25. 2021-07-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 2021-08-05.
- ^ a b "සමරි රිපෝට් ඔන් සිවිලියන් කැෂුවලටීස් ඉන් ද ෆර්ස්ට් සික්ස් මන්ත්ස් ඔෆ් 2021". ඇෆ්ගන් ස්වාධීන මානව අයිතිවාසිකම් කොමිසම. 2021-08-01. 2021-08-05 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
- ^ a b සිදූ, සන්ඩි; කෙරෙන්, ඇනා; රේගන්, හෙලන්; බිනා, අබ්දුල් බසීර් (2021-07-23). "ඇෆ්ගන් ඉන්ටර්ප්‍රිටර් ෆො යූඑස් ආමි වෝස් බිහෙඩඩ් බයි තලෙයිබාන්. අදර්ස් ෆියර් දේ විල් බී හන්ටඩ් ඩවුන් ටූ". CNN. https://edition.cnn.com/2021/07/22/asia/afghanistan-interpreters-taliban-reprisals-intl-hnk/index.html.
- ^ a b c "ඇෆ්ගනිස්තාන්: මවුන්ටිං තලෙයිබාන් රිවෙන්ජ් කිලිංස් – ඉන්සර්ජන්ට්ස් බීට්, එක්සිකියුට් පොපියුලර් කොමඩියන් ඉන් කන්ඩහාර්". හියුමන් රයිට්ස් වොච්. 2021-07-30. 2021-08-05 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
- ^ ඒබ්‍රහම්ස්, මැක්ස් (2018). රූල්ස් ෆො රෙබල්ස්: ද සයන්ස් ඔෆ් වික්ටරි ඉන් මිලිටන්ට් හිස්ට්‍රි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 157–160, 173–175. ISBN 9780192539441.
- ^ a b "නිව් UNAMA සිවිලියන් කැෂුවලිටීස් රිපෝට්: ද හියුමන් කොස්ට් ඔෆ් ද තලෙයිබාන් පුෂ් ටු ටේක් ටෙරිටරි". ඇෆ්ගනිස්තාන් ඇනලිස්ට්ස්. 2021-07-26. 2021-07-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
- ^ කොරෙන්, ඇනා; සිදූ, සැන්ඩි; ලිස්ටර්, ටිම්; බිනා, අබ්දුල් බසීර් (2021-07-14). "තලෙයිබාන් ෆයිටර්ස් එක්සිකියුට් 22 ඇෆ්ගන් කොමාන්ඩෝස් ඈස් දේ ට්‍රයි ටු සරෙන්ඩර්". සීඑන්එන්. https://edition.cnn.com/2021/07/13/asia/afghanistan-taliban-commandos-killed-intl-hnk/index.html.
- ^ a b ෂහීඩ්, අනිසා (2021-08-04). "තලෙයිබාන් කිල්ඩ් 'පොසිබ්ලි 800-900 පීප්ල්' ඉන් කැන්දහාර්: ටාඩින් ඛාන්". TOLOnews. https://tolonews.com/afghanistan-173981.
- ^ a b ෂාහීඩ්, අනිසා (2021-07-22). "සෝර්සස් අලෙජ් 100 සිවිලියන්ස් කිල්ඩ් ආෆ්ටර් ෆෝල් ඔෆ් ස්පින් බෝල්ඩක්". TOLOnews. https://tolonews.com/afghanistan-173674.
- ^ a b "වයලේෂන්ස් ඔෆ් ඉන්ටර්නැෂනල් හියුමනිටේරියන් ලෝ ඉන් ස්පින් බොල්ඩක් ඩිස්ට්‍රික්ට් ඔෆ් කැන්ඩහාර් ප්‍රොවින්ස්". ඇෆ්ගන් ස්වාදීන මානව අයිතිවාසිකම් කොමිසම. 2021-07-31. 2021-08-05 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-05.
- ^ රහිමි, සාහ්රා (2021-07-22). "'43 පීප්ල් කිල්ඩ් බයි තලෙයිබාන්' ඉන් ගස්නි, රෙසිඩන්ට්ස් ක්ලේම්". TOLOnews. https://tolonews.com/afghanistan-173736.
- ^ "ඇෆ්ගනිස්තාන්: තලෙයිබාන් 'ටෝචර්ඩ් ඇන්ඩ් මැසකර්ඩ්' මෙන් ෆ්‍රොම් හසාරා මයිනෝරිටි". බීබීසී නිවුස්. 2021-08-20. https://www.bbc.com/news/world-asia-58277463.
- ^ "ඇෆ්ගනිස්තාන්: තලෙයිබාන් රෙස්පොන්සිබ්ල් ෆො බෲට්ල් මැසකර් ඔෆ් හසාරා මෙන් – නිව් ඉන්වෙස්ටිගේෂන්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. 2021-08-19. 2021-08-20 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-20.
- ^ මාෂල්, මුජිබ් (2021-07-31). "බොඩි ඔෆ් රොයිටර්ස් ෆොටෝග්‍රෆර් වෝස් මියුටිලේටඩ් ඉන් තලෙයිබාන් කස්ටඩි, ඔෆීෂියල්ස් සේ". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2021/07/31/world/asia/danish-siddiqui-afghanistan-photographer.html.
- ^ අන්සාර්, මසූඩ් (2021-07-29). "ඊයූ සේස් ගවර්න්මන්ට් කාන්ට් ටෙල් මීඩියා වට් ද නැෂනල් ඉන්ටරෙස්ට් ඊස්". ටොලෝනිවුස්. https://tolonews.com/index.php/afghanistan/attack-mediajournalists-173812.
- ^ අන්සාර්, මසූඩ් (2021-07-23). "රෙසිඩන්ට්ස් ක්ලේම් තලෙයිබාන් කිල්ඩ් 5 පීපල් ඉන් කාබුල් ඩිස්ට්‍රික්ට්". ටොලෝනිවුස්. https://tolonews.com/afghanistan-173730.
- ^ සලෙහි, නසර් අහමඩ් (2021-07-31). "තලෙයිබාන් ගෙට්ස් ක්ලෝසර් ටු හැරාත් සිටි ක්ලෑෂර්ස් ඉන්ටෙන්සිෆයි". ටොලෝනිවුස්. https://tolonews.com/afghanistan-173868.
- ^ "හෙඩ් ඔෆ් ගවර්න්මන්ට්ස් මීඩියා, ඉන්ෆොමේෂන් සෙන්ටර් ඇසැසිනේටඩ්". ටොලෝනිවුස්. 2021-08-06. https://tolonews.com/afghanistan-174017.
- ^ "තලෙයිබාන් කැප්චර්ස් කැපිටල් ඔෆ් නිම්රෝස් ප්‍රොවින්ස්". ටොලෝනිවුස්. 2021-08-06. https://tolonews.com/afghanistan-174026.
- ^ https://www.news.com.au/world/middle-east/afghanistan-taliban-execute-police-chief-despite-promising-not-to-seek-retribution/news-story/7473f8a8c66ec8d87a502cdfa6186112
- ^ "ෆෝකස්: ඇලෙජ්ඩ් ක්‍රයිම්ස් අගේන්ස්ට් හියුමෑනිටි ඇන්ඩ් වෝ ක්‍රයිම්ස් කමිටඩ් ඉන් ඇෆ්ගනිස්තාන් සින්ස් 1 මේ 2003". ජාත්‍යන්තර අපරාධ අධිකරණය. 2019-04-09. 2019-04-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2019-04-09.
- ^ "අයිසීසී ඔතෝරයිසර්ස් ඉන්වෙස්ටිගේෂන් ඉන්ටු ඇලෙජ්ඩ් ඇෆ්ගනිස්තාන් වෝ ක්‍රයිම්ස්". Al Jazeera English. 2020-03-05. https://www.aljazeera.com/news/2020/03/icc-authorises-investigation-alleged-afghanistan-war-crimes-200305101406253.html.